15/06/2020
මරණාසන්න අත්දැකීම් / near the death experience
==================================
NDE එහෙම නැත්තං මරණාසන්න අත්දැකීම් බොහෝ අය සලකන්නේ මරණින් මතු පැවැත්මක් තියෙනවා කියන්න සාධක හැටියට .නමුත් මේ පිලිබඳව විද්‍යත්මක පැහැදිලි කිරිම බලමු .
ඇත්තටම කිවොත් මේ ප්‍රකාශ කරන අය ඇත්තටම මියගිය අය නෙවෙයි . මරණාසන්න වි ජිවත් වෙන අයයි.
මේ අයගේ ප්‍රකාශයන්
1. මේ ලොකයෙන් අයින් වෙනවා යැයි හැගිම
2. ධනාත්මක විදියට එනම් සිතෙ සතුටක් හා වෙදනාවක් නොදැනිම
3. කොන්දෙසි විරහිත ආදරණිය හැගිම
4. ගුහාවක් දිගෙ යැම එලියක් පෙනිම
5. මියගිය අය මුණ ගැසිම සමහර විට ජිවත්ව ඉන්න අය පවා
6. තමන්ගේ ආගම අනුව දෙවියන් වැනි අය මුණ ගැසිම
7. ශරිරයෙන් ඉවත්වි ඇති බවක් හැගිම
8. ජිවිත සිදුවිම් දර්ශනය විම
Nde වල ඉතිහාසය
අතිතයෙ පවා මිනිස්සු මරණාසන්න අත්දැකීම් ගැන වාර්තා කරලා තියෙනවා .
1740 දි ප්‍රංශ හමුදාවේ වෛද්‍යවරයෙක් පොතක් පල කරලා තියෙනවා .
1968 දි celia green , out of the body experience නමින් සිදුවිම් 400 ක ප්‍රමාණයක් ඇතුලත් කර පොතක් පල කරලා තියෙනවා .
Nde සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පොත 1975 දි Reymond moody ගේ life after life පොතයි.
ඉතින් මේ nde එහෙම නැත්තං out of body experience ( OBE) ඇත්තද ? එමගින් මරණින් මතු පැවැත්මක් ඔප්පු වෙනවද ?
විද්‍යත්මක උත්තරය නම් කිසිසෙත්ම නොමැත යන්නයි. මේ පිලිබඳව පරික්ෂණ කරපු විද්‍යාඥයන් මෙහෙම වෙන්න හෙතු ගණනාවක් හොයාගෙන තියෙනවා .
අපගේ මොලයේ temporal lobe එක හා parietal lobe එක යන දෙකට අතර පිහිටා තියෙනවා temporoparietal junction (TPJ )කියන ප්‍රදේශය , ඉතින් මෙන්න මේ ප්‍රදෙශය තමයි OBE වලට හෙතුව , මෙන්න මේ ප්‍රදේශය විද්‍යුත් උත්තෙජණයක් මගින් උත්තෙජණය විමෙන් තමයි මිනිස්සුන්ට මේ out of body experience ඇති වෙන්නේ . ඉතින් ඇති වෙන ක්‍රම පිලිබඳව බලමු .
1. හෝමෝන ශ්‍රාවය
අධික ආතති තත්තවයකදි endorphin නිදහස් විම එමගින් වෙදනාව අඩු හැගිම සහ හොඳ හැගිම් ඇති විම
2. හෝමෝන අවහිර විම
Cortard delusion , parkinson වැනි රොග තත්ව වලදි හෝමෝන අවහිර විම නිසා obe ඇතිවේ.
3.කාබන් ඩයොක්සයිඩ් වැඩිවිම
රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් වැඩිවිම නිසා අපෙ දැකිමට බලපැම් කරයි . එලියක් දැකිම හා උමගකින් ගමන් කිරිම පෙන්නෙ මෙනිසයි.
4.ඔක්සිජන් අඩුවිම
මෙනිසා hallucinations ( මායාව ) තත්තවයක් ඇතිවේ. දෙවියන් මැරුන අය පෙනෙන්නේ මෙනිසයි.
5. Reaction to anesthetics
සිහි නැති විම සදහා දෙන බෙහෙත් වල ක්‍රියාකාරිත්වය නිසා hallucinations තත්තවයක් ඇතිවේ.
ඉතින් මේ මරනාසන්න අත්දැකීම් කියන්නේ සම්පුර්ණයෙන් මොලයේ ක්‍රියාකාරිත්වය නිසා සිදුවෙන දෙයක් මිසක් ඇත්තටම සිදුවන දෙයක් නෙවෙයි . ඇත්තටම මෙහෙම දෙයක් ඇතිවෙන එක හොදයි .මොකද එතකොට මරණය බොහොම හොඳ සාමකාමී හැගිමක් ඇතිවෙන දෙයක් හරිම ප්‍රසන්න එකක් විම ඇත්තටම හොදයි .
Indika Rathnayake විසින් ලියන ලදි