Divesa

Divesa හඬ නැති මුවඟට කටහඬ
Voice for the voiceless
Independent News Paper

13/05/2025

ඔහුගේ ගීතයකින් එක වරක් හෝ ඔබ සැනසී ඇතිනම් ❤️ දාගෙන යන්න

13/05/2025

රටක් ආදරය කරන සහෝදර ත්‍රිත්වය ❤️

13/05/2025

ලක්‍ෂ 12ට Vitz කාර් දෙනව කියල අපි කියල නෑ…- ජනපති
වැඩි විස්තර :https://tinyurl.com/24e8968e

https://divesanews.com/index.php/2025/04/29/sksjsnebsjnews/
29/04/2025

https://divesanews.com/index.php/2025/04/29/sksjsnebsjnews/

සම සෞඛ්‍ය උපාධිධාරී එකමුතුව විසින් ඊයේ(28) මාධ්‍ය හමුවක් පැවැත්වුවා. 27 වැනිදා අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රධාන සෞඛ්.....

https://divesanews.com/index.php/2025/04/26/healthdepsrilanka/
26/04/2025

https://divesanews.com/index.php/2025/04/26/healthdepsrilanka/

එළඹෙන අප්‍රේල් 27 වැනිදා සම සෞඛ්‍ය උපාධිදාරීන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත තරඟ විභාගය පිලිබඳ අදහස් දැක්වීමේ මාධ්....

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල...
24/04/2025

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.

දළදා වන්දනා මෙහෙයුම් කමිටු තීරණ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වනවිටත් ලක්ෂ 4කට වඩා වැඩි සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින් එම තීරණය ගත් බවය.

තවදුරටත් සැදැවතුන් මහනුවර නගරයට ඇතුළු වුවහොත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් මෙම ඉල්ලීම සිදුකරන බව ද ඒ මහතා පැවසීය.

"ඇත්තටම අපි රටට ජනතාවට ඇත්ත කියන්න ඕනේ, මේ ඉන්න ලක්ෂ 4ක ජනතාව ගත්තොත් ඔවුන්ට දළදා වන්දනාව සිදුකර ගැනීමට තවත් දින 4ක් හෝ 5ක් ගත්වෙනවා. ඒ වගේම මහනුවර නගරය සීමා සහිතයි. නගරයට දරන්න පුළුවන් සීමාවක් තියෙනවා. දැනට ඉන්න ජනතාව හොඳටම ප්‍රමාණවත් මහනුවරට දරන්න. ඒ වගේම තමා අපි ආහාර පාන සැපයුවත් සනීපාරක්ෂක පහසුකම් සැපයීම කියන කාරණය තුළ දුෂ්කර තත්ත්වයක් තියෙනවා. තවදුරටත් ජනතාව මහනුවරට ආවොත් ඉදිරියේ දී සෞඛ්‍ය ගැටලු මෙන්ම විශේෂයෙන්ම ආපදා තත්ත්වයන් ඇතිවිය හැකියි. ඒ නිසා අපි ජනතාව ගැන හිතලා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා ජනතාවගෙන් නැවත දැනුම්දෙන තුරු මේ මහනුවර නගරයට එන්න එපා කියලා ඉල්ලීම් කරනවා."

මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පවසා සිටියේ මහනුවර නගරය තුළට තවත් ජනාතාව පැමිණියහොත් ඒ අයට පහසුකම් ලබාදීමට නොහැකි බැවින් කරුණාකර දළදා වන්දනාවට නැවත දැනුම්දෙන තුරු කිසිවෙකුත් නොපැමිණෙන ලෙසය.

UPDATE: ඩෑන් ප්‍රියසාද් මියගොස් නොමැති බව පොලිසිය පවසයි.වෙඩි ප්‍රහාරයකට ලක් වූ ඩෑන් ප්‍රියසාද් මියගිය බවට පෙර සඳහන් කළද ...
22/04/2025

UPDATE: ඩෑන් ප්‍රියසාද් මියගොස් නොමැති බව පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරයකට ලක් වූ ඩෑන් ප්‍රියසාද් මියගිය බවට පෙර සඳහන් කළද ඔහු තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළා.
කෙසේවෙතත් මෙම සිද්ධිය සිදුවූ විගස සිදුකල මාධ්‍ය ප්‍රකාශයේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ එම වෙඩි තැබීමෙන් ඩෑන් ප්‍රියසාද් නැමැත්තා මියගොස් ඇති බවයි.

මීට සුළු මොහොතකට පෙර ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර වෙඩිපහරක් එල්ලවී තිබෙනව.කොලොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ නිවසකදී මෙම වෙඩි ප්‍...
22/04/2025

මීට සුළු මොහොතකට පෙර ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර වෙඩිපහරක් එල්ලවී තිබෙනව.කොලොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ නිවසකදී මෙම වෙඩි ප්‍රහාරය සිදුවී තිබෙනවා. වෙඩි පහරින් අසාධ්‍ය තත්ත්වයට පත්වූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බවයි සඳහන් වන්නෙ.

ශුධෝත්තම පියාණන්ගේ දේහයේ ඡායාරූප පළමු වරට මාධ්‍යට...වතිකානුවේ කැසා සැන්ටා මාර්තා  දේවස්ථානයේදී එරට වේලාවෙන් ඊයේ රාත්‍රීය...
22/04/2025

ශුධෝත්තම පියාණන්ගේ දේහයේ ඡායාරූප පළමු වරට මාධ්‍යට...

වතිකානුවේ කැසා සැන්ටා මාර්තා දේවස්ථානයේදී එරට වේලාවෙන් ඊයේ රාත්‍රීයේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම තහවුරු කර උන්වහන්සේගේ දේහය මිනී පෙට්ටියේ තැන්පත් කිරීමේ චාරිත්‍රය සිදුකරන ලදී.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ත වී ඇති බව වතිකානුව වාර්තා කරනවා.අද පෙරවරුවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන...
21/04/2025

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ත වී ඇති බව වතිකානුව වාර්තා කරනවා.
අද පෙරවරුවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බවයි වතිකානුව නිවේදනය කරන්නේ.
මිය යන විට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 88 වන වියේ පසු වුණා.

Address

Melbourne, VIC

Alerts

Be the first to know and let us send you an email when Divesa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Divesa:

Share