Aus life with RO

Aus life with RO Experiences of Australia life by Ronithi . Author - " සරල මං"

07/06/2024

Your dream job awaits! GV Health has a number of exciting, challenging and rewarding opportunities currently available. This week we are seeking:

🏥 Theatre Technician #971
🧑‍⚕️Associate Nurse Unit Manager #1001
👩‍⚕️Registered Nurse #1005
👨‍⚕️Registered District Nurse #734
🗣️ Speech Pathologist #567
🫀 Sonographer #931
👂Occupational Therapist #578
💪 Physiotherapist #742

Plus many more! To view our current vacancies, please visit https://careers.gvhealth.org.au/

අද හරි සතුටු දවසක් නිසා ඒ කාරණාව ඔයාලා එක්ක බෙදාගන්නම හිතුණා. මේ සතිය ඔස්ට්‍රේලියාවේ Harmony week එක සමරනවා. ඒ වෙනුවෙන් ...
19/03/2024

අද හරි සතුටු දවසක් නිසා ඒ කාරණාව ඔයාලා එක්ක බෙදාගන්නම හිතුණා.

මේ සතිය ඔස්ට්‍රේලියාවේ Harmony week එක සමරනවා.
ඒ වෙනුවෙන් දරුවන්ගේ පාසැලේත් වැඩසටහන් කීපයක් ම සංවිධානය කර තිබුණා.

තමන්ගේ සංස්කෘතික අංගයක් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙන බව සති දෙකකට කලින් දෙමාපියන්ව දැනුවත් කලා.
සාමාන්‍යයෙන් මම නම් ,මේ වගේ කලාතුරකින් ලැබෙන අවස්ථා මඟ අරින්නේ නැහැ.

ඒ නිසාම දුව එක්ක දරුවන්ට කරන්න පුළුවන් යැයි හැඟෙන පුංචි නැටුමක් අපි දෙන්නා පුහුණු වුණා.

අද තමයි දවස.

දරුවන් විසිපහකින් යුතු කණ්ඩායම් දෙකක් වෙලාවන් දෙකකදී මට ලැබුණා.

ඒ අය එක්කලා අර නැටුම කරන්න තමයි මට තිබුණේ.
ඉතාම ඉක්මනින් දරුවන් නැටුමේ පියවර ටික අල්ල ගත්තා . අවසානයේ ඔවුන් තනියම ඒක ඉදිරිපත් කලා.

සමහර දරුවන් ට මෙහි යූටියුබ් ලින්ක් එක අවශ්‍ය යැයි කියූ නිසා මේ සම්බන්ධයෙන් හිටපු ගුරුතුමා ඒ ලින්ක් එක සටහන් කර ගත්තා .

අපි ඉදිරිපත් කලේ තැන තැන රවුමට ගීතය අදාල සරල පියවර සහිත නැටුමක්.
දරුවන් බොහෝ දෙනෙක් නැටුම රසවින්දා.

අපේ දුව ඇර ලංකාවේ කවුරුත් ඒ අතර හිටියේ නැහැ.

විවිධ රටවල දරුවන් ඔවුන්ට හැකි විදියට අපේ තාලයට පාද තිබ්බා. ගොඩක් දෙනා මේක අගය කලා.
ඉතින් මේ සතුට බෙදාගන්නම හිතුණා.

ලංකාවෙන් එනකොට අරගෙන ආ එකම සාරිය අවුරුද්දකට පස්සේ හරි ඇඳගන්න ලැබීමත් සතුටක්.
කාටහරි හිතෙයි ඒක මහ විකාර වැඩක් කියලා ,
නමුත් වෙනත් රටක අපේ වැඩකට ඉඩ ලැබෙනවා නම් අවස්ථා අපි උපරිමයෙන් ලබාගන්නම ඕන කියලා මම හිතනවා.

නැටුම කරන දරුවන් ෆොටෝ ගන්න / වීඩියෝ කරන්න තහනම් නිසා අපේ පින්තූර දානවා 🤪

Aus life with RO

10/02/2024
අලුත් රටක වියදම් අවම කරගැනීම සඳහා මම යොදාගන්නා ක්‍රම වලින්෴෴෴෴෴෴අපි එළවළු මස් මාළු බිත්තර පළතුරු ආදිය මිලට ගන්නේ සතියකට ...
18/01/2024

අලුත් රටක වියදම් අවම කරගැනීම සඳහා මම යොදාගන්නා ක්‍රම වලින්෴෴෴෴෴෴

අපි එළවළු මස් මාළු බිත්තර පළතුරු ආදිය මිලට ගන්නේ සතියකට වරක්.
සතියට කීවාට දවස් 6- 8-10 වගේ වෙන අවස්ථා ද තියෙනවා.

වැඩ කරන ස්ථානය නිවසට පයින් යන දුරින් නිසා වැඩ කරන දවස් වලට ග්‍රොසරි ගිහින් නැහැ. නගරය තියෙන්නේ වෙනම පැත්තක සහ ලංකාවේ වගේ මංසන්ධි වල පාර අයිනේ කඩපොලවල් මෙහෙ නැහැ.
තැපැල් කන්තෝරු එක්ක පොඩි ග්‍රොසරියක් තියෙන මාවත් තිබුණත් අපේ හරියට එහෙම නැති නිසා නිතරම යැවෙන්නේ නැති වීමත් නිකරුණේ මුදල් නාස්තිය වළක්වනවා.

ගන්නා දේවල් වලින් මුලින්ම කල් ඉකුත් වීම පෙන්වන එළවළු මුල් දවස් වලත් අනික්වා පසුවටත් විදියට පිළියෙල කරනවා මිසක් පෙර සටහන් කල meal plans මම ළඟ නැහැ.

බඩු මිලට ගන්න ගියාම සමහර එළවළු වර්ග සැපයුම බහුල නම් මිල වඩාත් පහළ ගිහින් තියෙනවා නම් එයින් වැඩිපුර ගන්නවා.
ගෙනත් විවිධ ක්‍රම වලට පිළියෙල කරනවා.

පළතුරු ත් වාරයේ බහුල ඒවා ගන්න නිසා ඒකෙනුත් මිල අඩු කරගන්න යම් බලපෑමක් තියෙනවා.

නිවාඩු දවස් සහ වැඩ යෙදෙන දවස් කලින්ම දන්නවා වුණත් ,
සැලසුම් කරන දිනයටම බඩු ගන්න යන්න නොහැකි වුණොත් කියලා ටිකක් වැඩිපුර දේවල් ගෙනත් තබා ගැනීමත් කරනවා. දරුවන්ට කන්න ඕන වෙන වාර ගණන අපිට වගේ නෙවේනේ .

නිවාඩු කාලේ නිසා අපි හතරදෙනාම බඩු ගන්න එක්ව යන නිසා,
දරුවන්ට කැමති දේවල් එක්කෙනාට තුන ගානේ තෝරාගන්න අවස්ථාව තියෙනවා. ( toffee packets / gummy packets .. ice lolly packets ...etc )

නිවාඩු කාලේ නෙවේ නම් ඒ දෙන්නා නැතුව අපි දෙන්නා පමණක් ග්‍රොසරි බඩු ගන්න යන නිසා යන්න කලින් දාට අවශ්‍ය දේවල් අහලා අරගෙන එනවා.

අපි බොහෝදුරට මේ වැඩය කරන්නේ සතියේ දවසක පැයක් දෙකක්.
සෙනසුරාදා සහ ඉරිදා වැඩ කරන දවස් නොවේ නම් ගෙදර ම විවේකෙන් ඉන්න හෝ ගමනක් යන්න යොදාගන්නවා මිසක් ශොපිං යන්න යොදාගන්නෙ නැතිම තරම්.

සෑම සතියකම වාගේ අලුත් food item එකක් මේ ලැයිස්තුවට එක් කරගැනීමත් මම කරනවා.

අලුත් රටක නිසා ඉන්නා කාලයේ අත් හදාබැලීම් කරන්න ඕනනෙ.

මාසෙකට වරක් වගේ mexican , arabic , indian , chinese , italian ect.. පිළියෙල කල කෑම වර්ගයකද රස බලනවා.

ලැයිස්තුවක් නැතුව සූදානමක් නැතුව බඩු ගන්න යන අය අවසානයේ ,
"ගත්ත දේකුත් නැහැ, සල්ලි වලට මොකක් වුණාද මන්දා කියලා කියනවා මම අහලා තියෙනවා.

නමුත් අපි කරන සෑම දෙයක්ම කල් ඇතුව සූදානම් වුණාම එහෙම හිතන්න වෙන්නෙ නැහැ. කරන දේ ගැන හරි තෘප්තිමත් බවක් දැනෙනවා.
වියදම් කිරීම වුණත් තෘප්තිමත්ව කරන්න පුළුවන් . නැත්නම් හිතේ අමාරුව විතරයි.

මාස කීපයකින් මේවා විශ්ලේෂණය කර බලන්න බිලේ ෆොටෝ එකක් අරගෙන තියාගන්නවා.
ඒවා නැවත පරික්ෂා කිරීමෙන් වියදම් රටාව සහ වෙනස් කරගන්න ඕනෑ තැන් තියේ නම් හඳුනාගන්න පහසු වෙනවා.

Aus life with RO

ආකල්ප කියන්නේ කුඩාම කාලේ පටන් හැදෙන දෙයක්! ළමයින්ට මූලිකවම වැටෙන අඩිතාලම තමයි ඒකට බලපන්නේ. එහෙම නැතුව ඉන්න රට නෙවේ. 😇කොය...
14/01/2024

ආකල්ප කියන්නේ කුඩාම කාලේ පටන් හැදෙන දෙයක්! ළමයින්ට මූලිකවම වැටෙන අඩිතාලම තමයි ඒකට බලපන්නේ.
එහෙම නැතුව ඉන්න රට නෙවේ. 😇
කොයිතරම් දියුණු රට වල වුණත් ළිං මැඩි මානසිකත්වය,
අනුන්ගේ දේවල් සෙවීම,
උපදෙස් දීම වගේ දේවල් අඩුවක් නැත්තේ "පුරුද්ද "ලොකු නිසා

Aus life with RO

ඔන්න හෑල්ලක් ලියන්න යන්නේ ගෙවල් ගැන . අපි ඔස්ට්‍රේලියාවට ඇවිත් මාස දහයක් නිසා මම හිතුවා ගෙවල් ගැන යමක් ලියන්න . අපිට මුල...
13/01/2024

ඔන්න හෑල්ලක් ලියන්න යන්නේ ගෙවල් ගැන .

අපි ඔස්ට්‍රේලියාවට ඇවිත් මාස දහයක් නිසා මම හිතුවා ගෙවල් ගැන යමක් ලියන්න .

අපිට මුලින්ම රෝහලෙන් free accomodation ලැබුණු නිසා ඒකෙ ඉන්නා ගමන් තමයි
රෙන්ට් එකට ඉන්න ගෙවල් බලන්න පටන් ගත්තේ .

ගෙවල් වල inspection date & time එක දුන්නාම අපි දෙන්නත් මාරුවෙන් මාරුවට කීපයක් ම බලන්න ගියා .
මෙහෙ රීජනල් කියලා නැහැ , දිග පෝලිම් තියෙනවා.
ඕවගෙන් අපිට priority ලැබෙන්නේ නැහැ ඉතින්.

ඒ වගේම තමා සමහර ගෙවල් හරිම අවුල්. බිත්ති පුපුරලා, heating system වැඩ නැහැ. Bathroom ඉඩ මදි . ගෙවල් සීල් නැහැ.
ගේ පොඩී garden එක හරිම ලොකුයි. සමහර streets වල ඉන්න බැහැ. පිලිපීන අය වැඩී. ඒ අය ටිකක් අපිරිසිදු සහ කලබලකාරී කෑකෝ ගහමින් ඉන්නා අය .. ඉන්දියන් අය වැඩිපුර ඉන්නා හරියත් අවුල්.

ඕවා තේරුම් ගන්න පුළුවන් වුණේ inspections කීපයකටම අපි දෙන්නා වෙන වෙනම ගියාට පස්සේ.

ගෙවල් අඩුකම එක්ක අපේ අවශ්‍යතා ගැනත් බලන්න ඕනනෙ.
පාසැලට සහ රෝහලට පයින් යන දුර( අඩුම පාසැලට නම් අනිවාර්යයෙන්ම )
ඉන්න පුළුවන් street එකක් ( සමහර ඉන්දියන් / පිලිපීන අය අඩු)
කුඩා garden එකක් - අපි ඉන්නේ ගෝල්බන් ගඟ ගලා යන පැත්තක නිසා මේ හරියට නැතුව ගඟ පටන් ගන්නා ප්‍රදේශයට වැස්සත් මෙහෙ යටවෙන හරියක් තියෙනවා.
ඒ නිසා ඒ වගේ streets මඟ ඇරලා ගෙවල් බැලුවා වගේම ගං වතුර එක්ක සර්පයින් ගෙවල් වලට එන බවට නිතරම council එකෙන් warnings දෙන නිසා ගෙවත්තක් නැති තැනක් සෙව්වා.
උදේ සූදානම් වෙනකොට ගැටලු ඇති නොවෙන්න two bathrooms සහ ළමයිනුත් එක්ක නිසා three bedrooms ගෙයක් තමයි අපි බැලුවේ.

එකිනෙකාට යන්න පුළුවන් budget එක අනුවත් මේවා වෙනස් වෙනවා.
ගෙදර rent එක , utility bills ආදිය ගැන මේක දික් වෙන නිසා තව කොටසකින් ලියන්නම්.

එතෙක් කැමති අයට පුළුවන් hospital accomodation එකේ සම්පූර්ණ විස්තරය මෙතනින් බලන්න . 👉 https://youtu.be/fjGMSYPnNWw?si=hRDBYCLX42S3fRv4

දැන් ඉන්න ගෙදර තමයි මේ.
ඒකේ one minute video එකකුත් තියෙනවා . නොබලපු කෙනෙක්ට බලන්න 👉 https://youtube.com/shorts/QVLTdQPo0fc?si=WjBZxyfMUXAl5lgY

Aus life with RO

මගේ හෑලිත් කියවන්න එපා 🤣
13/01/2024

මගේ හෑලිත් කියවන්න එපා 🤣

Address

Bourchier Street
Shepparton, VIC
3630

Opening Hours

Monday 9am - 5pm
Tuesday 9am - 5pm
Wednesday 9am - 5pm
Thursday 9am - 5pm
Friday 9am - 5pm
Saturday 9am - 5pm

Website

Alerts

Be the first to know and let us send you an email when Aus life with RO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aus life with RO:

Share