19/03/2024
අද හරි සතුටු දවසක් නිසා ඒ කාරණාව ඔයාලා එක්ක බෙදාගන්නම හිතුණා.
මේ සතිය ඔස්ට්‍රේලියාවේ Harmony week එක සමරනවා.
ඒ වෙනුවෙන් දරුවන්ගේ පාසැලේත් වැඩසටහන් කීපයක් ම සංවිධානය කර තිබුණා.
තමන්ගේ සංස්කෘතික අංගයක් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙන බව සති දෙකකට කලින් දෙමාපියන්ව දැනුවත් කලා.
සාමාන්‍යයෙන් මම නම් ,මේ වගේ කලාතුරකින් ලැබෙන අවස්ථා මඟ අරින්නේ නැහැ.
ඒ නිසාම දුව එක්ක දරුවන්ට කරන්න පුළුවන් යැයි හැඟෙන පුංචි නැටුමක් අපි දෙන්නා පුහුණු වුණා.
අද තමයි දවස.
දරුවන් විසිපහකින් යුතු කණ්ඩායම් දෙකක් වෙලාවන් දෙකකදී මට ලැබුණා.
ඒ අය එක්කලා අර නැටුම කරන්න තමයි මට තිබුණේ.
ඉතාම ඉක්මනින් දරුවන් නැටුමේ පියවර ටික අල්ල ගත්තා . අවසානයේ ඔවුන් තනියම ඒක ඉදිරිපත් කලා.
සමහර දරුවන් ට මෙහි යූටියුබ් ලින්ක් එක අවශ්‍ය යැයි කියූ නිසා මේ සම්බන්ධයෙන් හිටපු ගුරුතුමා ඒ ලින්ක් එක සටහන් කර ගත්තා .
අපි ඉදිරිපත් කලේ තැන තැන රවුමට ගීතය අදාල සරල පියවර සහිත නැටුමක්.
දරුවන් බොහෝ දෙනෙක් නැටුම රසවින්දා.
අපේ දුව ඇර ලංකාවේ කවුරුත් ඒ අතර හිටියේ නැහැ.
විවිධ රටවල දරුවන් ඔවුන්ට හැකි විදියට අපේ තාලයට පාද තිබ්බා. ගොඩක් දෙනා මේක අගය කලා.
ඉතින් මේ සතුට බෙදාගන්නම හිතුණා.
ලංකාවෙන් එනකොට අරගෙන ආ එකම සාරිය අවුරුද්දකට පස්සේ හරි ඇඳගන්න ලැබීමත් සතුටක්.
කාටහරි හිතෙයි ඒක මහ විකාර වැඩක් කියලා ,
නමුත් වෙනත් රටක අපේ වැඩකට ඉඩ ලැබෙනවා නම් අවස්ථා අපි උපරිමයෙන් ලබාගන්නම ඕන කියලා මම හිතනවා.
නැටුම කරන දරුවන් ෆොටෝ ගන්න / වීඩියෝ කරන්න තහනම් නිසා අපේ පින්තූර දානවා 🤪
Aus life with RO