Aussie life

Aussie life my life in Australia ❤💐🥰
🇦🇺🇱🇰
(1)

මෙහෙදි මට මිස් වෙනම දෙයක් තමා fruit &nut ice cream. ලංකාවෙ තියන රහට ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රිම් මට මෙහෙ මේ අවුරුදු ගානටම...
13/08/2025

මෙහෙදි මට මිස් වෙනම දෙයක් තමා fruit &nut ice cream. ලංකාවෙ තියන රහට ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රිම් මට මෙහෙ මේ අවුරුදු ගානටම ලැබිලා නෑ.රෙසිපි එකක් හොයාගෙන කොහොමහරි හැදුවා බොලේ 🥰❤️ සත්තයි ලංකාවෙ ඒ අයිස්ක්‍රිම් එකේ රස බිංදුවක් වත් අඩු නැතුව මේකේ තියනවා.
මම
✍️ Su Aussie life

ජීවිතය ඇතුලේ අපි සතුට හොයන විදිහ හරිම වෙනස් පොඩ්ඩක් හිතලා බලන්නකෝ.සමහරු කැමතියි හුඟාක් සල්ලි එකතු කරන්න සමහරු කැමති හුඟා...
12/08/2025

ජීවිතය ඇතුලේ අපි සතුට හොයන විදිහ හරිම වෙනස් පොඩ්ඩක් හිතලා බලන්නකෝ.සමහරු කැමතියි හුඟාක් සල්ලි එකතු කරන්න සමහරු කැමති හුඟාක් දේපල එකතු කරන්න තව සමහරු කැමතියි නිවාඩුවකට හොටෙල් එකට ගිහිල්ලා දවස ගෙවන්න එතකොට තව සමහරු කැමතියි කැලෑවකට ගිහිල්ලා කෑම්පින් වගේ කරන්න. තව සමහරු කැමතියි ගෙදරම එළියෙ පික්නික් එකක් දාලා සතුටු වෙන්න.
ඉතිං අපේ අවශ්‍යතා අපේ ආසාවල් අපි ජීවිතේ විඳින විදිය එකිනෙකාට විවිධාකාරයි.හැබැයි අපිට සමහර වෙලාවට හිතෙන්නෑ ඒ හැම අවශ්‍යතාවයක්ම හැදිලා තියෙන්නෙ අපි ජීවත්වෙන ජීවන රටාව සහ අපේ පරිසරය අනුව කියලා. පොඩ්ඩක් හිතලා බලන්නකෝ සමහරු කැමතියි නිවාඩු දවසකට හොටේල් එකකට ගිහිල්ලා සැප පහසුව හොඳ කෑම වේලක් කාලා එදා රෑට හොටෙල් එකේ නැවතිලා දවස ගෙවන්න. මොකද අපි ගෙදර ඉන්නකොට දවස පුරාම කරන්නේ උයන එක,ගෙදර වැඩ කරන එක එතකොට සමහර අතිශය සුඛෝපභෝගී දේවල් අපිට ගේ ඇතුලේ නෑ. නමුත් වෙන රටක ජීවත් වෙන කෙනෙක් බලන්නේ ගෙදරින් එලියට ගිහිල්ලා කොහේ හරි කැලෑවක හරි ගඟක් ආශ්‍රිතව හරි කෑම්පින් එකක් වගේ ස්වභාව දහම එක්ක දවස ගෙවන්න. ඒකට හේතුව හිතලා බැලුවොත් ඒ අය දවස පුරාම ජීවත් වෙන්නේ හැම දේකින්ම සපිරුනු ගෙයක් ඇතුලේ කොන්ක්‍රීට් වනාන්තර වගේ සමහර වෙලාවට සැප පහසුකම් තිබ්බට පරිසරය, ස්වභාව දහම ඒ තුළ නෑ . ඉතින් ඒ නිසා තමයි එයාලා නිවාඩුවක් ලැබිච්ච ගමන් ඇලක් දොළක් කැලෑවක් හොයාගෙන දුවන්නෙ.කෑම බීම ගැන හිතන්නකෝ සාමාන්‍ය රටක ජීවත් වෙන මිනිස්සු කැමතියි එලියට ගියහම හැම් බේකන් චීස් පුඩින් කන්න. නිතර කන්න නොලැබෙන දේවල් කන්න ඒත් ඒවා හැමදාම කන සමහර මිනිස්සු කැමතියි එළියට ගියාම පොල් රොටියක් එක්ක ප්ලේන්ටියක් බීලා ජීවිතය විඳින්න .මේ රටවල් ඇතුලේ අපි මොනතරන් නම් ගමේ කෑම හොයනවද?දෙල් පොලොස් වරකා දැක්කම අපිට දිව්‍ය ලෝකේ දැක්ක වගේ.
ඉතින් ඔයාලට තේරෙනවද මේ හැම දෙයක් ඇතුලෙම තියෙන්නෙ තමන්ට ජීවිතේ මිස්වෙන කොටසක් හොයන එක කියලා.මේක ඇතුළට ආදරය වුණත් දාන්න පුළුවන්. අපි මේ දන්න දවස ඉඳන් දුව දුව හොයන්නේ අපට අපේ ජීවිතේ මිස් වෙච්ච දේවල්.හැබැයි මිනිස්සු විදිහට අපි එක දෙයක් තේරුම් ගන්න ඕන. ජීවිතේ නොලැබිච්ච දේවල් ලැබිලා ලැබිල එක තැනකදී අපි එකෙන් සෑහීමකට පත්වෙලා නවතින්න ඕන. එහෙම නොවුණොත් මේ දුවන දිවිල්ල කොයි වෙලේවත් නවතින්නෙ නෑ.හැම මනුස්සයටම ඇති කියලා හිතෙන තැනක් තියෙන්න ඕනා.ඒකට අපි කෝටිපතියො වෙන්න ඕන නෑ.තමන්ට සුව පහසුව ජීවත් වෙන්න අවශ්‍ය කරන මූලිකම දේවල් සපිරුන තැනදිම අපි දිනල ඉවරනෙ.මොකද ඕනවට වඩා සල්ලි පස්සේ දේපළ පස්සේ යාන වාහන පස්සේ දුවන ජීවිතේ හරිම මහන්සියි. ඒ වගේම මානසික පීඩාවක් ගෙන දෙනව.එනිසා තමන් මහන්සි වෙලා උපයගෙන යම්කිසි ස්ථාවරතවයකට ආවට පස්සේ ඒක තමන්ගේ පවුලට තමන්ට ජීවත් වෙන්න ඇති කියලා හිතිච්ච තැනදී මිනිස්සුුන් වහාම නවතින්න ඕන(ඇති කියල හිතෙන තැන එකිනෙකාට සාපේක්ෂයි හොදේ 😄). නැවතිලා එතන ඉඳන් ජීවිතේ ඉතුරු ටික ලස්සනට සකසුරුවමෙන් විදින්න ඕන. එහෙම නොවුනොත් වෙන්නේ මැරෙනකම්ම රේස් එකක් දුවන අස්සයෝ වගේ වෙන්න වෙන එක.නැවතිලා බලද්දි කෙලින් ඉන්නවත් පනක් නෑ
මම
✍️ Su Aussie life

දවස් දෙකකින් ආවේ මේ පැත්තට ලමායි 😊කම්මැලි හිතෙනවා සමහර වෙලාවට එහෙම වෙලේට ඉතින් ඔහේ ඉන්නවා.ඔන්න අද නම් අරන් ආවා මගේ දවස ග...
12/08/2025

දවස් දෙකකින් ආවේ මේ පැත්තට ලමායි 😊කම්මැලි හිතෙනවා සමහර වෙලාවට එහෙම වෙලේට ඉතින් ඔහේ ඉන්නවා.ඔන්න අද නම් අරන් ආවා මගේ දවස ගෙවුන හැටි ඔයාලා ඒක්ක බෙදාගන්න ❤
මම
✍️Su Aussie life

එක එක කාලවලට මට එක එක පිස්සුු හැදෙනවා. දැන් මේ ගොතන එක හැදෙන්න කලින් මට හැදුනේ රේසින් පිස්සුවක්. බලන්නකෝ ඒ කාලේ මං හදපු ...
09/08/2025

එක එක කාලවලට මට එක එක පිස්සුු හැදෙනවා. දැන් මේ ගොතන එක හැදෙන්න කලින් මට හැදුනේ රේසින් පිස්සුවක්. බලන්නකෝ ඒ කාලේ මං හදපු එක එක දේවල්.හැබැයි මේ ආසාවල් ටික කාලයයි ඊට පස්සේ වෙන දෙයක් කරන්න හිතෙනවා.මේවා ඉතින් ඔය යූටියුබ් එකක් බලලා අසාවට කරන දෙයක් මිසක් professional ඉගෙනගෙන කරන දේවල් නම් නෙමෙයි🙈😊❤️
මම
✍️Su Aussie life

ඊයෙ දවස ගෙවුන හැටි.මගේ වැඩ දවසක් නිසා හරි බිසී ඉතින් .ඉඩක් ලැබුන ගමන් ඔයාලා එක්ක මගේ දවස බෙදාගන්නවා 🥰😊     මම✍️Su Aussie...
07/08/2025

ඊයෙ දවස ගෙවුන හැටි.මගේ වැඩ දවසක් නිසා හරි බිසී ඉතින් .ඉඩක් ලැබුන ගමන් ඔයාලා එක්ක මගේ දවස බෙදාගන්නවා 🥰😊
මම
✍️Su Aussie life

Address

Melbourne, VIC

Telephone

+61402290151

Website

Alerts

Be the first to know and let us send you an email when Aussie life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share