Tharux

Tharux Storytelling | Videography | cooking | Entertaining
I’m THARUx
නැවතුමක් නොදැන ඇවිදමි…..
🇨🇦🇱🇰🇸🇦
(8)

ඇය මා හට......ඇස් දෙකෙන් ම බලන්න ඕනේ උන කෙනෙක් .අතින් අල්ලන් කතා කරන්න ආස උන කෙනෙක්. ඇය වෙනුවෙන් Documentary එකක් කරන්න ...
08/20/2026

ඇය මා හට......

ඇස් දෙකෙන් ම බලන්න ඕනේ උන කෙනෙක් .
අතින් අල්ලන් කතා කරන්න ආස උන කෙනෙක්.
ඇය වෙනුවෙන් Documentary එකක් කරන්න ඕනේ කියල
හිතුන කෙනෙක්...

ඒ තරම්
වාසනාවක් මට නැති නිසාම....

නුබ වෙනුවෙන් මෙසේ ලියමි.......

මම සින්දු අහන්න ගත්‍ත මුල්ම කාලයේ ඉදන්
ඇගේ ගීත
හරිම ආසාවෙන්
ඇසූ කෙනෙක්....

පාසල් කැඩෙට් බෑන්ඩ් එකෙන්
පවනෙහි ගීත ඇසෙද්දී
හරිම කුතුහලෙන් අහපු කෙනෙක්

කොලඹ ඉදන් කුරුනෑගලට
මහ රෑ ජාමෙට බස් වල බිම ඉදන්
ගෙදර යද්දී...
ඇගේ හඩින් ඇසනු පවන
කනේ ගහන්
එක දිගටම අහපු කෙනෙක්....

ප්‍රේරේම කරන කලක
නුබේ හඩින් ඇසුනු
සමහර ලස්සන පද පේලි...

අකුරු කරන් ප්‍රේරේම වන්තියට
යැවූ කෙනෙක්....

"කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඞි හින්දා"

මට මහ පාලුවක් දැනෙනවා.....

නුබ ඇසින් දැක නොමැති ව උවද
හඩින් දැනී ඇති හෙයින්
මා නුබ වෙනුවෙන්
කදුලින් අඩවන් වූ
දෙනෙත් අතැතිව
මෙය ලියා
තබමි.....

සුභ ගමන්.....
නන්දා මාලනියනි...!

THARUx

08/11/2026

බර්ග් ලේක්.... | berg lake Hike
කැනඩාවේ ලස්සනම Hike එක
berg Lake Hike Canada

ඔයාල මේ දකින්නේ ලොකුම ලොකු ග්ලැසියර් එකක්.ගොඩක් අය කියන විදියට මේක තමා කැනඩාවේ තියන ලස්සනම Hike එක.  Vlog on Youtube - T...
08/08/2026

ඔයාල මේ දකින්නේ ලොකුම ලොකු ග්ලැසියර් එකක්.
ගොඩක් අය කියන විදියට මේක තමා කැනඩාවේ තියන ලස්සනම Hike එක.

Vlog on Youtube - THARUx

The most beautiful hike in Canada
Berg lake hike .

මට හිතෙනව ජීවිතේ වෙන හැම දෙයක්ම connected කියලා.

පුන්චි කාලේ අම්මට බොරු ගනන් කියලා හොරෙන්ම සල්ලි එකතු කරන් ගත්ත Backpack . රට ඉදන් ආපු පරන අමුතු jacket වලට ආස උන , කිසිම අදහසක් නැතුව ඒවා පාවිච්චී කරපු මම. ජීවිතේ කවදාවත් ඒ දේවල් අර්තයක් ඇතිව පාවිච්චී කරයි කියලා හිතුවෙ නෑ..

මේ hike එකේදි කාරනා දෙකකට මට ඇඩුන....

එකක් අමාරු උනා...

දෙවනි කාරනේ මේකේ ලස්සන දැකල...

කවදාවත් කරයි කියලා නොහිතපු දෙයක් උන මේක.
ජීවිතේ දැකපු අදහාගත නොහැකි පරිසර පද්ධතියක් ලගටම
මම ගියා.

දිය ඇලි 200 යක්වත් පහු කරන්න ඇති.

This Photo for a memory.

කැනඩාවේ ලස්සනම Hike එකක්  | Berg Lake Hike | 52km ජීවිතේ ගියපු පලවෙනි දිගම Hike එක. පුන්චි කාලේ තිබුන පොඩි පොඩි ආසාවල් ග...
08/08/2026

කැනඩාවේ ලස්සනම Hike එකක් | Berg Lake Hike | 52km

ජීවිතේ ගියපු පලවෙනි දිගම Hike එක. පුන්චි කාලේ තිබුන පොඩි පොඩි ආසාවල් ගොඩක අතුරුඵලයක් කියලමයි මට මේක හිතෙන්නේ...

ගමන අවසානයේ අපි 52km ඇවිදලා....
පැය 21 ඇතුලත.

මගේ ජීවිතේ දැනට යන්න ලැබුන ලස්සනම දෙයක් මේක.

ජීවිතේ ගියපු පලවෙනි දිගම Hike එක. පුන්චි කාලේ තිබුන පොඩි පොඩි ආසාවල...

06/03/2026

පිරිමියෙකු පරිනත වීම ! | man's maturity |

පිරිමියෙකු පරිනත වීම......! | man's maturity |හිත නිදහසේ ගිහින් බලන්න ......ලස්සන දෙයක් ලියලා එන්නආදරනීය හැමෝම වෙනුවෙන්....
06/01/2026

පිරිමියෙකු පරිනත වීම......! | man's maturity |

හිත නිදහසේ ගිහින් බලන්න ......
ලස්සන දෙයක් ලියලා එන්න
ආදරනීය හැමෝම වෙනුවෙන්....❤️

පිරිමියෙක් පරිනත වෙන්නපිරිමියෙක් පරිනත වෙන්න ජීවිත කාලෙන් බාගයක් යනවලු. එහෙමත් කෙනෙක්ගේ ගේ ජීවිතේ ඇතුලට එන මින.....

04/26/2026

කිචි කිචි ඩෙලිකා... 🚗 | අවුරුද්දේ ගෙවල් මාරුව.

සමහර දවස් අපහු අපහු ලැබෙනේ නෑ....

🇱🇰

04/17/2026

දඩබ්බර මිනිස්සූ…..

වයසින් පරිනත වෙද්දී
සන්සුන් උනාම
දුවන එක නවත්තනව.....
හැමදේම දිහා පරිස්සමට
බලන්න පටන් ගන්නවා......

🇱🇰

04/12/2026

කිරිබත් 🌾 | Milk rice

කිරිබත් නැත්තන් පිස්සූ වගේ...!

පේනවට වඩා සමහර දේවල් ගැබුරු වෙන්න පුලුවන්.

කිරිබත් කියන්නේ මතක ගොඩක්. හිතේ තිබ්බ ඔක්කොම කිවුවා. කිරිබත් වලට එච්චර ආදරෙයි මන්. කාලෙත් එක්කම මතක අස්සේ ඉදන් මම අද තනියම කිරිබත් හදාගෙන කනවා...
ලංකාවේ කෙනෙක් කිරිබත් හදන්න දන්නේ නෑ කිවුවම වෙලාවකට දුකත් හිතෙනව..

ඉතින් මේ විඩියෝව අවුරුද්ද වෙනුවෙන් කාටම හරි වැදගත් වෙයි කියලා හැදුව..

සුබ අලුත් අවුරුද්දක් වේවා...! 2026


04/08/2026

වහින දවසක.....
බිශාල් එක්ක ලෑම්බ්....⛈️

The day we got rain
end of winter
I was Eating lamb with Bishal

🇱🇰

Address

Banff, AB

Alerts

Be the first to know and let us send you an email when Tharux posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tharux:

Share

Category