
09/09/2025
පින්තූර කතාවක්..♥️🥰
පසුගිය සතියක දීර්ඝ සති අන්තයක මගේ ස්වාමිපුරුෂයා සමඟින් එකට වැඩ කරන අයත් සමඟ ට්‍රේලරය ක නැවතී නිවාඩුඅව ගත කිරීමට යන්නට අපි දෙදෙනාටම ආරාධනා ලැබුනා. ලහි ලහියේ ඇඳුම් කැඩුම්, කෑම බීම සහ තවත් අවශ්‍ය දේ අපේ වාහනයට පටවාගෙන, අපිට ලැබී තිබුණු ලිපිනය ඔස්සේ, පැය දෙකහමාරකට ආසන්න, කිලෝමීටර් 210 ක් පමණ පසුකරමින් ගමනාන්තයට ලඟා වුනා. පළමු වරට ලබන අත්දැකීමක් නිසා අපිත් ටිකක් කුතුහලයෙනුයි මේ තැනට ලඟා වුනේ. හියුරන් විල (Lake Huron) අසබඩ, ඉතා අලංකාර පරිසරයක පිහිටා තිබුණු මේ කුඩා කඳවුරු බිම විවිධාකාර මිනිසුන්ගෙන් පිරී පැවතුනා. සමහරක් පවුලේ සියලුම දෙනා සමඟ විත් ට්‍රේලර් වල නැවතී විනෝදයෙන් කාලය ගත කරන අයුරු දැක අපි සතුටට පත් වුනා. ජීවිතය හැමදාමත් ඒකාකාරි නොවිය යුතු බව ඒ අයගේ හැසිරීම, කතා බහ මෙන්ම ඔවුන් ඒ මොහොතේ සිටින සතුට දැක අපිට ඒත්තු ගියා. සමහර ට්‍රේලර් වල ජීවත් වන්නේ විශ්‍රාමික ජෝඩු. ඔවුන් ඉතා ආදරයෙන්, අත් පටලා, විවිධ දේ කතා කරමින් කුඩා පාරවල් වල සතුටින් ඇවිදින අයුරු අපි දුර සිට නරඹා සතුටු වුනා. මේ කුඩා 'ට්‍රේලර් ගම' ඒ දින කීපයේ අපට ගෙනාවේ අසීමිත සතුටක් වගේම සැනසීමක්. ඒ දින කීපය ජීවිතයේ අමතක නොවන මතක, අපේ මතක පොතට එකතු වුනා. 😊
මේ පින්තූර වලට කතා කරන්න පුළුවන් නම්, ඒ දින කීපයේ අපි හැමෝම ගත කල නිදහස, සතුට සහ අත්දැකීම් ගැන කෑ ගසා කියාවි..♥️