09/03/2025
2004 අවුරුද්දේ කැනඩාවේ වුන මේ සීන් එක ඇහුවොත් සිරාවටම ඔයා ගොඩක් ශොක් වෙනවා...
මට මේක මතක් වුනේ අද ලංකාවට අත්‍යාවශ්‍යම කරන පාතාලේ සාමජිකයින් සෙට් එකක්ම එකට අල්ලලා කියලා නිවුස් එක දැක්කාමයි.
මේ ස්ටෝරිය එක කැනඩාවේ 2004 අවුරුද්දේ වුන True story එකක්...
මේ කතාවේ කතා නායකයා වෙන්නේ මයිකල් බ්‍රිජ්ස් කියන අවුරුදු 22ක් වෙන කොල්ලා.. 2003 අවුරුදේදි පොරගේ ස්කූල් ලව් එක වුන එරීන් හිතුවේවත් නැති විදිහට අතුරුදහන් වෙනවා. මයිකල් ගොඩක් එයාගේ ගර්ල්ෆෙන්ඩ්ට ආදරේ කරපු නිසා මේ අතුරුදහන් වීම නිසා පොර ඉන්නේ ලොකු මානසික පිඩනයකින් . එරීන්ගේ දෙමාපියන් සහ පවුලේ අය පොලිසිය එක්ක ඇය සොයන්න මහන්සි වුනත් ඒක සාර්ථක වෙන්නේ නෑ. මුලදි පොලිසියට මයිකල් ගැන සැක හිතුන නිසා මයිකල්ගෙන් කට උත්තර ගත්තත් මයිකල් නිර්දෝශී බව ඔවුන්ට වැටහෙනවා.
මේ ප්‍රශ්න එක්ක මයිකල් හොඳටම අවුල් වෙලා ජොබ් එකත් නැතිවෙනවා. මයිකල් ටිකක් සැපට ඉන්න කැමති කොලෙක්. මේ නිසා මේ වුන ආර්ථික අපහසුතා නිසා මයිකල් තව තවත් අවුල් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අතර තුරයි ලොතරැයියක් වගේ දෙයකින් මයික්ට hockey match එකක් බලන්න ticket එකක් හම්බවෙන්නේ..මේ ටිකට් එකේ විශේෂත්වය තමයි ඒ hockey match එක බලන්න යන ගමනේ සියළු වියදම් මේ ටිකට් දුන්න සමාගමින්ම දැරීම.. මයිකල් සතුටින් මේ ගමන යන්නේ එයාගේ මානසික ව්‍යවුල් බවෙන් පොඩ්ඩක් හරි මිදෙන බලාපොරොත්තුවෙන්.
ඒ වගේන මේ මැච් එක බලන්න ඒ වගේ ටිකට් එකක් ඇදුන තව පිරිමිකෙනෙක් hockey match එක අතරතුරදී මයිකල්ට සෙට් වෙනවා. මේ අහම්බෙන් හම්බවුන මයිකල්ගේ යාළුවා ගොඩක් හොඳ සල්ලිකාරයෙක් කියලා මයිකල්ට තේරෙන්න යන්නේ ටික වෙලාවයි.
කොහොම හරි මයිකල් සහ මේ යාලුව දවස් කීපයකින් හොඳම යාළුවෝ බවට පත් වෙනවා. ඔහුත් දුප්පත් කොල්ලෙක් විදිහට ඉදලා මේ තරම් පෝසත් වුනේ ඔහු දැන් කරන ජොබ් එක නිසා බවත් මේ වෙනකොට මයිකල් ඉන්නේ අසරණ වෙලා නිසා පොරගේ බොස්ට කියලා මයික්ටත් වැඩ ටිකක් හොයලා දෙන්නම් කියලා මේ යාළුවා මයිකල්ට කියනවා.
ඒ අනුව යාළුවා මයිකල්ට ජොබ් එකක් සෙට් කරනවා.ඒ ඔහු දෙන පාර්සල් අදාල ස්ථානයට ගිහින් ඩිලිවරි කරන එක. ඒ වගේම ඒ පාර්සල් කඩලා බලන එක මයිකල්ට තහනම් වැඩක්. මයිකල් සල්ලි ඕන නිසා සහ ජොබ් එකකුත් ඕන නිසා රිස් එකක් තියාගෙබ පාර්සල් පරිස්සමින් ඩිලිවරි කරනවා..
කාලයක් යනකොට මයිකල්ට තෙරෙනවා තමන්ගේ යාළුවා කරන්නේ නීති විරෝධී වැඩක් බව. යාලුවාමේ තරම් සල්ලි හම්බකරන්නේ කුඩු බිස්නස් කරල වෙන්න ඇති කියලා මයිකල්ට තේරුනත් සල්ලි වලට තියෙන ආසාවට මයිකල් යාළුවා එක්ක මේ වැඩේ දිගටම කරගෙන යනවා.
දවසක් යාළුවා මයිකල් එක්කම ගිහින් නොසිතූ මොහොතක ගෑණු ළමයෙක්ට හම්බවෙලා ඒ ගෑණු ළමයට මුහුණට පහරදීලා රහසේම ඒ ළමයා මරනවා දැකීමත් එක්කයි මයිකල්ට මේ කරන වැඩේ බරපතල කම තේරෙන්න පටන් ගන්නේ.. ඒත් මයිකල්ට දැන් මේ වැඩේ අත අරින්න බැරි. පොර නොසිතූ විදිහට පොරට මේ වැඩෙන් සල්ලි ලැබෙන නිසා .
ඔය අතරතුර මයිකල්ගේ යාළුවා මයිකල්ට කියන්නේ ඔහුගේ බොසාට මයිකල් හම්බවෙන්න ඕන බව. මයිකල් පාර්සල් ඇරලා බලන්නැතිව හොඳ විශ්වාසයෙන් ඒ පාර්සල් ඩිලිවරි කරන නිසා මයික්ට උසස් වීමක් දෙන්න බොසා හිතන් ඉන්න බව යාලුවා මයිකල්ට කියන්වා. ඒත් ඒ උසස්වීමත් එක්ක වගකීම් වැඩි නිසා මයිකල් තව එක කඩයිමක් පහු කරන්න ඕන බව යාළුවා කියනවා.. ඒත් ඒ කඩයිම ගැන යාළුවා මයිකල්ට කියන්නේ නෑ.
මේ වෙලාවේ මයිකල් යාළුවා පුදුම කරමින් එයා මීට අවුරුද්දකට කලින් සිදු කරපු රහසක් ගැන යාළුවට කියනවා. මේකත් එක්ක එයා ඒ කඩයිමත් සම්පූර්ණ කරලා බව යාළුවට වැටහෙනවා.
ඔන්න අනික් දවසෙ මයිකල් යාළුවාගේ බොසා හම්බවෙන්න හෝටලයකට යනවා. මේ වෙලාවට මයික්ගේ යාළුවත් එනවා . පස්සේ දෙන්නම කාමරයකට වෙලා බොස් එනකන් පොඩි චැට් එකක් දානවා. මේ අතර මයිකල්ගේ යාළුවා ආයෙත් මයිකල්ට කියන්නේ එයා කලින් දා කියපු අර පුදුම සහගත කතාව ආයෙත් වතාවක් කියන්න කියලයි.
මයිකල් ඒ කතාව ආයෙත් අකුරක් නෑර කියනවා. ඒ කතාව ඉවරවුනත් හරි යාළුවා බොස් ආපු බව කියලා කාමරේ දොර අරිනවා.
එතකොටයි මයිකල් දැන ගන්නේ ඔහුට කෙලවුන බව..
මේ කාමරයට එනේ යාළුවගේ බොස් නෙවෙයි පොලිස් නිළධාරීන් පිරිසක් වන අතර, මාස ගානක් මයිකල්ගේ හොඳම යාළුවා විදිහට ඉදලා තියෙන්නෙත් පොලිස් නිළධාරියෙක් බව මේ මොහොතේ මයිකල්ට තෙරෙනවා.
මයිකල් යාළුවාට කියපු රහස තමයි 2003 අවුරුද්දේ අතුරුදහන් වුන ඔහුගේ පෙම්වතිය වූ එරීන් මැරුවේ ඔහු බව. ඇයට ඔහුගෙන් වෙන් වන්නට ඕන බව කියූ නිසා ඇයට පහර දී මරා දමා පසුව පරණය මිනී වලකට දමා ඇයව වලදැමූ බව රහස විදිහට මයිකල් යාළුවාට එහෙමත් නැත්නම් පොලිස් නිලධාරියාට ප්‍රකාශ කර තිබුනා.
කොහොම හරි පොලීසියෙන් කරපු රඟපෑමට මයිකල් හොඳටම රැවටෙනවා. ෆ්‍රී ටිකට් දීපු වැඩේ කරල තියෙන්නෙත් රඟපෑමක් , ඒ වගේම මයිකල් අතෙ යවපු පාර්සල් වල තිබිලා තියෙන්නේ කුඩු කියලා මයිකල් හිතුවට ඒවායේ තිබිලා තියෙන්නේ දාන්‍ය ඇට වර්ග. ඒ වගේම යාළුවා කෙල්ලෙක් මරනවා වගේ පෙන්නලා තියෙන්නෙට් බොරුවක්. මේ සියළු රගපෑම් වලට අහුවෙන මයිකල් අවසානයේ ඔහුගේ පෙම්වතිය මැරූ වරදට හිරේ යනවා..
ඔන්න ඔහොමයි එරින්ගේ මිනීමරුවා කැනඩාවේ පොලීසිය විසින් සොයාගෙන තිබුනේ.
Mmp Ranaweera ✍️