19/06/2025
දවස් දෙකකට කලින් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් කොන්දේසි විරහිතව යටත් වෙනු කියල ඉරානයට තර්ජනයක් කලා.ලංකාවෙ හිටියනන් ගෙදර යතුරවත් දෙන්නෙ නැති වයසක හිටියත් 87 වියැති අයතුල්ලා කොමේනි ඊයේ රෑ Hypersonic SEJJI මිසයිල වලින් ඒ ප්‍රකාශයට උත්තර දුන්නා.ඊශ්‍රායලයේ සිටින අපේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා වේවා.
යුද්ධය මිලේච්වයි.ඒ වගේම දේශපාලනිකයි.ඒ නිසා වයසක මිනිහෙක් ලෝකය විනාශ කරනවා කියන ගැලරි කතාවට උඩින් දිවෙන ලෝකයෙන් වසන් වූ කතාවක් ඔවුන්ටත් කියන්ඩ තියෙනවා.
ඉරානයේ අනාගතය සහ ඓතිහාසික පර්සියන් ගෞරවය අද රැදී තිබෙන්නෙ මේ වයසක මනුස්සයා අතේ.ඔහුත් එක්ක සිටි බොහෝ දෙනෙක්ව මරුවා සමග යැවීමට ඊශ්‍රායලය මේ වන විටත් කටයුතු කර අවසන්.
හුඟක් අය හිතාගෙන ඉන්නෙ ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් වල ඊශ්‍රායලයට ත්‍රස්තවාදීන් එල්ල කරපු ප්‍රහාරයත් එක්ක තමයි ඊශ්‍රායල් පලස්තීන ඉරාන ගැටලුව පටන් ගත්තේ කියල.
නෑ ඒකට ලොකු ඉතිහාසයක් තියෙනවා. නාසි හිට්ලර් විසින් දෙවන ලෝක යුද්ධයේදී යුදෙව්වන් සමූල ඝාතනය කරා.නමුත් යුද්දෙන් හිට්ලර් පැරදුනාට පස්සේ ඉතුරු උන යුදෙව්වන්ට වාසස්ථානයක් නිජබිමක් ඕන උනා. බටහිර මැදිහත් වෙලා බටහිරට දුරින් එවකට එංගලන්ත යටත් විජිතයක්ව තිබූ යුදෙව්වනුත් යම් ප්‍රමාණයක් ජීවත් වුන පලස්තීනය නැමති රාජ්‍ය තුළ යුද වින්දිත බහුතර යුදෙව්වන්ව පදිංචි කළා.ඔවුන් ඒ සදහා එක්සත් ජාතීන්ගේ සම්මුතීන් පවා බිද දැම්මා.ගැටලුව පටන් ගත්තේ එදා ඉඳන්.
ඊශ්‍රායලය තමගෙ නිජ භූමිය ස්ථාවර කරගන්න සිදුකල සෑම උත්සහයකදීම නැත්තන් සෑම යුද්ධයකදීම ඊට ප්‍රතිවිරුද්ධව අන්තවාදී ත්‍රස්තවාදයත් ගොඩ නැගුනා.පෝෂණය වුණා.මැද පෙරදිග අනෙක් රටවල පලස්තීනයට පිටු පානකොට පලස්තීනය සමග මුල ඉදන්ම සිටියේ මේ වයසක සීයාගෙ රටයි.ඔවුන් එහෙදී බාවිතා කල යුද උපක්‍රම සහ කණ්ඩායම් කොතරම් සාධාරණද මානුෂිකද කියලා අනාගතය විසින් උත්තරයක් ලබාදේවි.
බටහිර විසින් ඇති කළ මේ ඓතිහාසික ප්‍රශ්නය නිසා විනාශ වුණේ ඔවුන්ගේ බලවත් රාජ්‍යයන්ට පිටින් ජීවත් වුන සිය දහස් ගානකගේ අහිංසක ජීවිත.
විශේෂයෙන්ම පහුගිය අවුරුදු විස්ස තුළ ගාසා සහ සහ බටහිර ඉවුරේදී විනාශ වුණ වයස අවුරුදු 15 ට අඩු පලස්තීන ළමයින්ගේ ජීවිත ගණන දෙවැනි වන්නෙ දෙවන ලෝක යුද්ධයෙන් විනාශ වූ ජීවිත සංඛ්‍යාවට පමණි.
මැද පෙරදිග තියෙන තෙල් වලට පෙරේතකමේ ඉන්න බොහෝ බටහිර රටවල් මේ ප්‍රශ්නයේදී මුනිවත රකිනවා.නමුත් රහසින් ඊශ්‍රායලයට උදව් කරනවා.කලාපයේ බලවතුන් විනාශ වුනාට පස්සේ බලවතුන් නැති මැද පෙරදිග තෙල් නිධානයට හිමිකම් කියාගෙන මිතුරු අරාබි රටවල උදව්වෙන් මැද පෙරදිග ආක්‍රමණයට ඔවුන් සූදානම් වන්නේ දැනට දශක කිහිපයක සිටයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මෙතනදී අවලංගු කාසියක් විතරයි.
රුසියාවේදී පෙරේදා ඒ කියන්නෙ ජූනි 17 වෙනිදා තිබ්බ ගෝලීය සංවාදයකදී හිටපු ජනාධිපති රනිල් කියනවා සාකච්ඡා මේසයට ඉරානය ඇවිල්ලා තියෙන මොහොතකදීත් G7 බටහිර රටවල් සහ ඇමරිකාව විසින් ඒ සාකච්ඡාවන් බිද දමා ඊශ්‍රායලය විසින් මේ ප්‍රහාරයන් මුලින්ම පටන් ගැනීම සාධාරණය කිරීම කොහෙත්ම යුක්ති සහගත නෑ කියලා.
එතනදී ලෝක සංවිධාන වල නායකයෝ බොහෝම නිහඩව ඒ කතාව අහගෙන හිටපු විදිහ ඒ වැඩසටහනේදී අපි දැක්කා.මේ විදියේ ප්‍රකාශයක් කරලා රනිල් ඊලගට යන්නෙ ප්‍රංශයට.මේ මාසෙම ජූනි 23 සහ 24 දෙදින තුල G7 සාමාජික ප්‍රංශ ජනාධිපති එම්රෝන් මාකෝනිගේ විශේෂ ආරාධනයක් මත රනිල්ට ප්‍රංශයේ ආර්ථික සමුළුවක් ඇමතීමට ප්‍රංශයට යන්න තියෙනවා.
ඔහු එතනදිත් මේ ප්‍රකාශය අනිවාර්යෙන්ම කරයි. වැඩේ තියෙන්නේ කිසිම රටක නායකයෙක් හෝ නියෝජිතයෙක් කොටින්ම මෝදිවත්, මෙහෙම කෙලින් ප්‍රකාශයක් කරන් නැතුව වංගු ගහද්දි රනිල් මූහුණට මුහුණ කරන මේ ප්‍රකාශයන් තුළ තියෙන මනුෂ්‍ය සාධාරණත්වයයි.
අන්තවාදී ගෝත්‍රිකවාදී ත්‍රස්තවාදය වගේම බටහිර රාජ්‍යයන් විසින් දුබලයින් යටපත් කිරීමත් මැදි මාවතේ මිනිස්සු විසින් ප්‍රතික්ෂේප කල යුතුමයි. ඊශ්‍රායලයේ ටෙලියාව් සහ ඉරානයේ ටෙහෙරාන් මේ මොහොතේදී යුද ගිනිදැල් වලින් ඇවිලෙද්දී සැබෑ සාමයක් සදහා යුක්ති සහගත මානුෂික හඬක් ගෝලීය දකුණේ සිට කවුරුන් හෝ නැගිය යුතුමය 👍