The Genius An Educational & News Magazine, sharing IQ & General Knowledge on all the aspects in the universe, h

28/06/2025
21/06/2025
මොකද්ද මේ ගුවන් යානයක කළු පෙට්ටිය?━━━━━━━━━━ ✈️🔥🛩️🛫🤔🗃️කළු පෙට්ටිය නැත්තම් Black Box කිව්වම අපිට එක් වරම මතක් වෙන්නේ ගුවන...
15/06/2025

මොකද්ද මේ ගුවන් යානයක කළු පෙට්ටිය?
━━━━━━━━━━ ✈️🔥🛩️🛫🤔🗃️

කළු පෙට්ටිය නැත්තම් Black Box කිව්වම අපිට එක් වරම මතක් වෙන්නේ ගුවන් යානා අනතුරක්. ගුවන් අනතුරක් යනු සුළු පටු දෙයක් නොවේ. අනතුරට හේතුව වහා සොයාගත යුතුය නැතහොත් එක් ගුවන් යානයක් අනතුරට පත් හේතුව තවත් අනතුරු රාශියකට මුල විය හැකිය. කළු පෙට්ටියේ මුලික කාර්ය ගුවන් ගමනක සියලුම දත්ත එකරැස් කල සුරැකිව ගබඩා කරගැනීමයි.

✅ ඇත්තටම බ්ලැක් බොක්ස් එක කළුද?
───────────────────── ☉

කළු පෙට්ටිය කිව්වට කළු නැහැ, ගුවන් ගමන් වල මුල් කාලයේදී යානා වල ඉලෙක්ට්‍රොනික උපාංග සියල්ලම පාහේ හැඳින්වීමට 'බ්ලැක් බොක්ස්' යන නම භාවිත වුණේ ඒවායේ ක්‍රියාකාරිත්වය පිලිබඳව අවබෝධයක් නැති බැවින්. බ්ලැක් බොක්ස් යන්න පටබැදුණු නමක් පමණක් වන අතර මෙය දීප්තිමත් ගිනි ප්‍රතිරෝධක (Fire Resistant) තැඹිලි පැහැයකින් වර්ණ ගන්වන්නේ අනතුරකින් පසුව පහසුවෙන් සොයා ගැනීමට හැකි වීමටයි.

✅ කළු පෙට්ටියේ ඉතිහාසය
───────────────────── ☉

ගුවන් යානා ඉතිහාසයේ මුල් දශක 5 ක පමණ කාලයේ සිදු වූ අනතුරුවලට හේතු සෙවීම ඉතාමත් අපහසු කාර්යයක් වුණා. ඇසින් දුටු සාක්ෂි ලැබුණත් එම සාක්ෂි අනතුරට හේතුව සෙවීමේදී ඉටුකලේ ඉතාමත් සීමිත කාර්යයක්.

1950 දශකයේ සිද්ධ වුණු අනතුරු මූලික කරගෙන ඕස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් වොරන් (David Warren) විසින් ගුවන් නියමු කුටියේ සිදුවන කතා බහ වාර්තා කිරීමට සහ ගුවන් යානයේ උපකරණ (Instruments) අධීක්ෂණය සඳහා නිපදවන ලද නිර්මාණය වර්තමාන බ්ලැක් බොක්ස් දක්වා විකාශනය වී ඇත.

1960 දී සිදුවූ අනතුරක් පාදක කරගෙන රටක් වශයෙන් පළමු වරට ඕස්ට්‍රේලියාව සියලුම වාණිජ ගුවන් යානා සඳහා මෙම පද්ධතිය අනිවාර්ය කෙරුණා. වර්තමානය වන විට මගීන් ගෙන යන සහ සියලුම වාණිජ ගුවන් යානා අනිවාර්යෙන් (Compulsory Requirement) මෙම පද්ධතියෙන් සමන්විත විය යුතුය.

✅ Black Box එකෙන් එක්රැස් කරන දත්තයන් මොනවද?
───────────────────── ☉

සාමන්‍ය මගී ගුවන් යානයක බ්ලැක් බොක්ස් එකක ප්‍රධාන කොටස් දෙකක් තියනවා. ඒවායේ කාර්යයන් එකිනෙකට වෙනස්.

✈️ ෆ්ලයිට් ඩේටා රෙකොඩර්
(Flight Data Recorder- FDR)

FDR එකේ කාර්ය වෙන්නේ ගුවන් යානයේ එංජින් පරාමිතීන්, ගමන් කරන උස, වේගය, දිශානතිය වැනි දත්ත ඇතුළු විවිධ පරාමිතීන් (18-1000+) ගුවන් ගමන ආරම්භයේ සිට අවසානය දක්වා ගබඩා කරගැනීමයි.

මුල් යුගයේදී දත්ත පටිගත වුණේ චුම්භක පටවලට. (කැසට් ටේප් වැනි) පසුව ඩිජිටල් තාක්ෂණය සමග මුසුව වැඩි දියුණු වුණා. අනතුරකට පසුව මෙහි ඇති දත්තයන් විශ්ලේෂණයෙන් අදාළ ගුවන් ගමන පරිගණක ආධාරයෙන් නැවතත් සැකසිය හැකියි. මේ නිසා ඉතාමත් පහසුවෙන් අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ හැසිරීම සොයාගත හැකියි.

✈️ කොක්පිට් වොයිස් රෙකොඩර්
(Cockpit Voice Recorder- CVR)

CVR එකේ කාර්ය වෙන්නේ ගුවන් නියමු කුටිය තුල සිදුවන සංවාදයන් රෙකෝඩ් කරගැනීමයි. නියමුවන් සහ ගුවන් ගමන් පාලන මධ්‍යස්ථාන සමග සිදුවන සංවාද, නියමුවන් සහ අනෙකුත් කාර්යය මණ්ඩලය සමග සිදුවන සංවාද ආදිය මීට ඇතුලත්.

ඒ විතරක් නෙවේ එංජින් වලින් නැගෙන ශබ්දය, ගුවන් යානයේ රෝද පහළට, ඉහළට එසවීම් වැනි ශබ්ද වුණත් රෙකෝඩ් වෙනවා. ඉතා පොඩි ශබ්දයකට වුණත් ගුවන්වයානා අනතුරකදී ඉතා විශාල කාර්යක් ඉටු කල හැකියි.

✅ ගුවන් යානයක කළු පෙට්ටිය ස්ථාන ගත කරන්නේ කොහෙද?
───────────────────── ☉

FDR සහ CVR බොහෝ ගුවන් යානා වල ස්ථාන ගත කරන්නේ පිටුපස කොටසට (Tail Section) වෙන්න. එයට හේතුව අනතුරකින් ආවම හානියක් වෙන්නේ පිටුපස කොටසට නිසා.

✅ ජලයෙන් පිරි පෙදෙසකට කඩාගෙන වැටුනොත් කොහොමද හොයාගන්නේ?
───────────────────── ☉

මේ උපකරණ දෙකම සමගම ජලය තුලදී ක්‍රියාත්මක වෙන බීකන් (Under Water Locator beacon) එකකුත් තියනවා. ජලය මත අනතුරකදී මෙම උපකරණය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර එයින් නිශ්චිත සංඛ්‍යාතයක් ඔස්සේ අඛණ්ඩව තරංග නිකුත් කරනවා. විශේෂ උපකරණයක් මගින් මෙම නිකුත් කරන තරංග ඔස්සේ කළු පෙට්ටියේ ස්ථානය සොයගත හැකියි. අඩි 14,000 ක තරම් ජලය තුලදී වුණත් මෙම උපකරණය ක්‍රියාමත්මක වෙනවා. මෙහි ඇති බැටරියේ ආයු කාලය සක්‍රිය වී දින 30 ක් දක්වා පමණක් බැවින් ඊට පසු තරංග විමෝචනය වීම නවතී.

✅ ගුවන් අනතුරකදී කළු පෙට්ටියට හානි නොවන්නේ ඇයි?
───────────────────── ☉

බ්ලැක් බොක්ස් එක ඉතාමත් රළු පාරිසරික තත්වයන් වලදී හානි නොවෙන්න තමයි නිර්මාණය කරලා තියන්නේ. ඉතා ශක්තිමත් පිටත ආවරණය වානේ හෝ ටයිටේනියම් ලෝහයෙන් තනා ඇත. උෂ්ණත්වය 1100 C° දක්වාත් (මිනිත්තු 30 දක්වා), ජල පීඩනය අඩි 20,000 ක ගැඹුරක් දක්වාත්, අනතුරකදී ඇතිවන අධික කම්පනයෙන් සිදුවන හානිය වළක්වා ගනිමටත් හැකිවන අයුරින් නිර්මාණය කර ඇත.

ගුවන් යානා ඉතිහාසයේ හේතු නොමැතිව වැළලී යන්නට තිබුණු බොහොමයක් අනතුරු වලට පාදක වූ කරුණු කාරණා සොයාගැනීම කළු පෙට්ටිය නිසා හැකියාව ලැබුණා. ඒ වගේම ඒ නිසා රැකුණු ජීවිත ගණන අපමණයි.

©️ උපුටා ගැනීම 🌷
Darshana Ukuwela මුහුණු පොතෙන්

14/06/2025
12/06/2025
11/06/2025
07/06/2025
03/06/2025
30/05/2025
‼️කොවිඩ් නව වෛරසය ඉතාමත් දරුණුයි... කැස්සක් නැත, උණ නැත, එය සන්ධි වේදනාව, ශරීර දුර්වලතාවය, ආහාර රුචිය නැතිවීම නව වෛරසය...
30/05/2025

‼️කොවිඩ් නව වෛරසය ඉතාමත් දරුණුයි... කැස්සක් නැත, උණ නැත, එය සන්ධි වේදනාව, ශරීර දුර්වලතාවය, ආහාර රුචිය නැතිවීම නව වෛරසයේ විශේෂත්වයයි.. මරණ අනුපාතය වැඩිය. අන්තයට යාමට අඩු කාලයක් ගත වේ. සමහර විට රෝග ලක්ෂණ නොමැත... අපි පරිස්සම් වෙමු... එය පෙනහළු වලට කෙලින්ම බලපායි. උණ නොමැති රෝගීන් ගණනාවක් මම දැක ඇත්තෙමි, නමුත් එක්ස් කිරණ වාර්තාවකින් පෙන්නුම් කරන්නේ මධ්‍යස්ථ පපුවේ නියුමෝනියාවයි. එයින් අදහස් කරන්නේ වෛරසය කෙලින්ම පෙණහලු වලට පැතිරීම වෛරස් නියුමෝනියාව හේතුවෙන් උග්‍ර ශ්වසන අපහසුතාවයක් ඇති කරන බවයි! මෙය උග්‍ර හා මාරාන්තික වීමට හේතුව පැහැදිලි කරයි...
ප්‍රවේශම් වන්න, ජනාකීර්ණ ස්ථාන වලින් වළකින්න... මුහුණු ආවරණයක් පැළඳ ගන්න... නිතරම අත් සෝදන්න..

මෙය පළමු එකට වඩා මාරාන්තිකයි. එබැවින් අපි ඉතා පරිස්සම් විය යුතු අතර * සෑම පූර්වෝපායක්ම ගත යුතුය. *

කරුණාකර මිතුරන් හා පවුලේ අය අතර සුපරීක්ෂාකාරී සන්නිවේදකයෙකු වන්න... මෙම තොරතුරු ඔබටම තබා නොගන්න, එය ඔබගේ පවුලේ අය හා මිතුරන් සමඟ බෙදා ගන්න. කරුණාකර පරිස්සම් වී ආරක්ෂිතව සිටින්න!

✍️ Dr Ritesh Kumar, Pulmonologist
❤️copied ❤️

26/05/2025
15/05/2025

Adresse

Democratic Republic Of The

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque The Genius publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'entreprise

Envoyer un message à The Genius:

Partager