Kandy Hanthana

Kandy Hanthana සයිප්‍රස් වල ඉන්න ආදරණීය ශ්‍රි ලාංකිකයන්ගේ.. ආදරණිය නවාතැන..

09/06/2026

Kandy එක්ක සයිප්‍රස්

ග්‍රීක් වාක්‍ය දෙක තුනක්
09/06/2026

ග්‍රීක් වාක්‍ය දෙක තුනක්

අද කරලියට ගේන්නේ සයිප්‍රසයේ ශ්‍රී ලාංකික  සංගීත රිද්මයට ..තම විදුලි ඕගනය හරහා ලොකු මෙහෙවරක්  කරපු ඇත්තෙක්ව..ඒ තාරක සද රු...
08/06/2026

අද කරලියට ගේන්නේ සයිප්‍රසයේ ශ්‍රී ලාංකික සංගීත රිද්මයට ..තම විදුලි ඕගනය හරහා ලොකු මෙහෙවරක් කරපු ඇත්තෙක්ව..
ඒ තාරක සද රුවන්..
ගොඩක් විස්තර දන්නේ නෑ..දන්න ටික ලියන්නම්..මොකද ඔච්චර සයිප්‍රසයේ ඉදලත් අඩුම තරමේ ඉන්න තැනක් වත් දන්නේ නෑ..හම්බුනත් හම්බෙන්නේ අපි දෙන්න ශෝ වලදී විතරයි..දවස් දෙක තුනක්ම හිතාගෙන උන්නා ඉන්ටර්වීව් එකක් ගන්න ඔනී කියලා..කෝ ඉතින් කැන්ඩියට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ වගේ කොහොම හරි ඒක මිස් උනා..ඉතින් මන් දන්න දා ඉදලම වගේ සයිප්‍රසයේ තියන ගොඩක් මියුසිකල් ශෝෂ් වලදි එයාගේ see shine සංගීත කන්ඩායමත් එක්ක වැඩ පෙන්වන නිරහංකාර නායකයෙක්..වාදකයෙක්..
තමන්ගේ පාඩුවේ පවුලත් රැකගෙන ..බෑන්ඩ් එකත් රැකගෙන ලොකු ගමනක් ගියා ..(ඇත්තටම සයිප්‍රසයේ ජොබ් එකත් කරන අතරේ ..ලැබෙන සුළු විවේකයෙන් practice කරල බෑන්ඩ් එකක් ඉස්සරහට අරගෙන යනවා කියන්නෙ ලොකු අභියෝගයක්..) කොහොම උනත් ලොකු ගමනක් ගියා කිව්වොත් මන් හරි..අනික සයිප්‍රසයේ අවුරුදු ගම්මානයේ බැක් කරන්නේ මෙයාගේ බෑන්ඩ් එකම තමයි ඉතින්...ඒක ශ්‍රී ලාංකික යන් වෙනුවෙන් කරන ලොකු කැප කිරීමක්...කොහොම උනත් සින්ග් කරනවා නම් දැකල නෑ..හැබැයි දවසක් සුනිල් එදිරිසිංහගේ මගේ අමල් බොසෝ සිංදුව නම් නියමෙට කිව්ව..ඒ විඩියො එක මන් හිතන්නේ මගේ අතින් delete වුනා ..ඉතින් Mr.තාරක සදරුවන් ..මෙන්න අපේ 💕 හදවතේ ගැබුරින්ම නැගෙන ආචාරය .. ..දක්ශයාට දක්ශයා කියන්නත්..වැඩ්ඩාට වැඩ්ඩා කියන්නත්..අපි දෙපාරක් හිතන්නේ නෑ..ජයෙන් ජයම වේවා..එහෙනම් කොල්ලෝ අපි ගියා..
පසුව ලියමි.
මේක දාන්න උන්නේ ගිය සතියේ.ඒත් මලිත් පොස්ට් එකක් දාලා තිබ්බ නිසා දැම්මෙ නෑ

07/06/2026
06/06/2026
04/06/2026

කැන්ඩි එක්ක ගී හතයි මල් හතයි

03/06/2026

කැන්ඩි එක්ක ගී හතයි..මල් හතයි..

🌹 සයිප්‍රසයේ රෝස වගාවසයිප්‍රසය (Cyprus) රෝසමල් වගාව සඳහා ඉතා සුදුසු රටක්. විශේෂයෙන්ම කඳුකර සහ සිසිල් ප්‍රදේශවල රෝස වගාව ...
03/06/2026

🌹 සයිප්‍රසයේ රෝස වගාව
සයිප්‍රසය (Cyprus) රෝසමල් වගාව සඳහා ඉතා සුදුසු රටක්. විශේෂයෙන්ම කඳුකර සහ සිසිල් ප්‍රදේශවල රෝස වගාව සාර්ථකව සිදු කෙරේ.
1. දේශගුණය
මධ්‍යධරණී (Mediterranean) දේශගුණයක් ඇත.
උණුසුම් වියළි ගිම්හාන සහ මෘදු ශීත කාලය රෝස සඳහා සුදුසුය.
දිනකට පැය 6–8ක් හිරු එළිය ලැබීම වැදගත්.
2. පස
හොඳ ජලය බැස යන ලෝම පස (Loamy soil) වඩාත් සුදුසුය.
pH අගය 6.0 – 7.0 අතර වීම යහපත්.
3. ප්‍රසිද්ධ රෝස වර්ග
Damask Rose
Hybrid Tea Roses
Floribunda Roses
Climbing Roses
🌱 වගා කරන ආකාරය
හොඳ හිරු එළිය ලැබෙන ස්ථානයක් තෝරන්න.
පැළ අතර අඩි 2–3ක පරතරයක් තබන්න.
නිතිපතා ජලය ලබාදෙන්න, නමුත් ජලය රැඳී නොසිටිය යුතුය.
කාබනික පොහොර හෝ කොම්පෝස්ට් යොදන්න.
වියළුණු අතු සහ මල් කපා ඉවත් කරන්න.
🌹 රෝසමල් භාවිතය
සයිප්‍රසයේ රෝස මල් භාවිතා කර:
රෝස තෙල් (Rose Oil)
රෝස වතුර (Rose Water)
සුවඳ විලවුන්
ජෑම් සහ පැණි වර්ග
අලංකරණ කටයුතු
💰 ආදායම
රෝසමල් වගාවෙන්:
කැපුම් මල් විකිණීම
රෝස තෙල් නිෂ්පාදනය
රෝස වතුර නිෂ්පාදනය
සංචාරක ආකර්ෂණය සඳහා උද්‍යාන පවත්වාගෙන යාම
සයිප්‍රසයේ රෝස තෙල් සඳහා වැඩිපුර භාවිතා කරන්නේ Damask Rose වර්ගයයි. එය ඉතා ඉහළ වෙළඳ වටිනාකමක් ඇති සුවඳ රෝස වර්ගයක් ලෙස සැලකේ.

03/06/2026

කැන්ඩි එක්ක ගී හතයි ..මල් හතයි ..

01/06/2026

මංජු එක්ක සයිප්‍රසයේ මුහුදේ ..රවුමක්..මෙදා පාර පර්ල් කෲස් නැවෙන්.ජුලි.05 සන්ඩේ..අමුතුම වයිබ් එකක වෙනස්ම වෙනස් අත්දැකීමක් ..
වේලාසනින් කිව්වේ වේලාසනින් සෙට් වෙන්න ඕනි නිසා..

පසු සටහන එක ඇත්තියක් මට හැමදාම නෝක්කාඩු කියනවා මගේ විඩියො වල එයාල නෑ කියලා ..දැන් ඕන්න ඒ ඇත්තිටත් මේ video එකට මොනාහරි කියන්නම වේවි

Address

Ormidia

Website

Alerts

Be the first to know and let us send you an email when Kandy Hanthana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share