Navodi Luwis Hewa

Navodi Luwis Hewa Unleash the power of your true nature...

30/10/2025

එක දවසක් හරි ,හරියට ජීවත් වෙන්න ...

28/10/2025

නම,ගම, ආගම, සංස්කෘතිය, නම්බු නාම වල ඉදන්, ගණන් කරන්න බැරි රෙදි ගොඩක් ඇදන්, ජීවිතය බර කරන් මේ යන ගමනේ තේරුම මොකද්ද කියලා හිතල බලන්න...

ඉපදුණ දා ඉදන් අපිට අන්දලා තියෙන ඇදුම් ගොඩ, එකින් එක ගලවලා නිදහස් වෙන්න...

සතුටින් සැහැල්ලුවෙන් ඉන්න...

19/10/2025

තරහ එක්ක රණ්ඩු වෙන්නෙ නැතුව, තරහ එන වෙලාවට ඔයාගෙ ඇතුළට අවධානය දීලා බලන් ඉන්න, තරහ ඔයාට කියලා දෙන කතාව.

තරහ නැති කරන්න ට්‍රයි කරනවට වඩා, ඒ කතාව , ඔයාගේ ඇතුල වැඩ කරන විදිහ බලන්න.

Don't be angry with Anger

Don't try to fight Anger. When anger arises, just focus on whats going on your inner world. Be aware of the stories your mind is telling you, the additional emotions it brinh up.

You will learn a lot about anger and about yourself by being aware of this inner story.

Navodi Luwis Hewa
19/10/2025

12/10/2025

ප්‍රශ්න එන එක හැමෝටම පොදුයි. ප්‍රශ්න නැති ජීවිතයක් නැහැ.
ඒත් අපි ප්‍රශ්න වලට මුහුණ දෙන විදිහ, ඒව එක්ක deal කරන විදිහ එකිනෙකාට වෙනස්. මේ වීඩියො එකෙන් පොඩ්ඩක් කතා කරනවා, ප්‍රශ්න දිහා බලන්න වෙනස් ක්‍රමයක්.

Navodi Luwis Hewa
12/10/2025
Yakkala Srilanka

11/10/2025

හැම දෙයක්ම ඒවා තියෙන්න ඕන විදිහට තියෙනවා. Just as it is.

අපේ මනස ඇවිත් අපිට කතා නොකියන කම්, හැම දෙයක්ම perfect.
මේක තේරුම් අරන් දේවල් කලොත්, අපිට පුලුවන් රිලැක්ස් එකේ එදිනෙදා ජීවිතය අත් විදින්න.

ෆුල් සීරියස් ගන්න දෙයක් නැහැ කිසිම දේක..හැම දෙයක්ම perfectly වෙන්න ඕන විදිහට,තියෙන්න ඕන විදිහට සිද්ද වෙනවා.

Navodi Luwis Hewa
11/10/2025
Yakkala Srilanka

09/10/2025

අපි ටියුන් වෙලා ඉන්න ෆ්‍රීකුවන්සි එකට අදාල ස්ටේෂන් තමයි අපට අහුවෙන්නෙ.
අපි ටියුන් වෙලා ඉන්නේ දුකට,අසතුටට, අතෘප්තිකර භාවයට නම්, අපිට ගොඩ නැගෙන සිතුවිලි, පෙනන ඇසෙන දැනෙන දේවලුත් අපිට අත්දකින්නේ ඒ හා සමානවයි.

System එක වැඩ කරන හැටි ඉගෙන ගෙන, සතුටින් සැහැල්ලුවෙන් හොඳටකාලා බීලා ජීවිතය උපරිමයෙන් රස විදින්න..

Navodi Luwis Hewa
09/10/2025

06/10/2025

මනසේ අවුල්, ප්‍රශ්න විසදගන්න ක්‍රම

අපිට ප්‍රශ්නයක් අවුලක් ආවම , අපි ඒව එක්ක deal කරන ක්‍රම ගණනාවක් තියෙනවා. අපි එක්කෝ positive thinking , දර්මය, වෙනත් ඉගැන්වීම් , උපදෙස් වගේ දේවල් වල උදව්වෙන් ඒ ප්‍රශ්න ගැටලු වලින් අපේ මනස නිදහස් කරගන්න
බලනවා.
මේ techniques හොඳයි...අපිට තාවකාලිකව මනස නිරවුල් කරගන්න.
ඒත් මීටත් වඩා ටිකක් එහාට ගිහින්, අපිට පුලුවන් මේවා එක්ක සාර්ථකව deal කරන තවත් ක්‍රම ගැන හොයා බලන්න.

Navodi Luwis Hewa
06/10/2025

තමන්ව අමතක කරල ඉන්න...02/10/2025
02/10/2025

තමන්ව අමතක කරල ඉන්න...

02/10/2025

28/09/2025

අද අපි උදේට කන්න දෙයක් හොය හොය යනකොට, සෙට් වුනා කතා කරන්න හොඳ මාතෘකාවක්..චූන් පාන් ගෙඩියක් කන ගමන්, පොඩි කතාවක් කියන්නම්.

අපි කෙනෙක්ව දකින්නේ, හදුනාගන්නේ මනසේ දත්ත, රාමු , දෘශ්‍ටි, කොටු වලින්..ඒ ඔස්සේ අපේ මනසේ ගොඩ නැගෙන කතාවකින්. අපි ඇසුරු කරන්නේ මේ මනසේ කතාව.

ඒත් සමහර දේවල්, මනසට එයාගේ පුරුදු රාමු කොටු වලට දාගන්න බැහැ. අලුත්, වෙනස් දෙයක්..මීට කලින් දැකල නැති දෙයක් , unfamiliar දෙයක් දකින්න අහන්න ලැබෙන කොට ,මනසට සෙට් නැහැ. එයා ආස මොනා හරි ක්‍රමයකින් එයාගෙ කොටුවකට මේ අත්දැකීම දාගන්න.

නොදන්න දේවල් , වෙනස් දේවල්, අලුත් දේවල්...එක්ක ගැටෙන්නෙ ඒවා ප්‍රතික්ෂේප කරන්නේ ,තමන් ගේ මනසට ඒවා හදුනාගන්න , දෘශ්‍ටියකට රාමුවකට දාගන්න බැරිකම නිසයි.

තමන් ගේ මනසේ මේ නිර්මාණ වන හැටි දකින්න..එතකොට ඔයාට පුලුවන් විවුර්ත මනසකින් ලෝකය දකින්න.. අත්විදින්න..

Navodi Luwis Hewa
28/09/2025
Yakkala Srilanka

26/09/2025

මනසින්ම හදාගත් "මේ මොහොතක" "සිහියෙන් සිටීමට" උත්සහ ගැනීමේ මුලාව ගැන යමක්..

රිලැක්ස් එකේ ඉන්න , මං වගේ...Learn from me...Just relax to the max 🙃25/09/2025
25/09/2025

රිලැක්ස් එකේ ඉන්න , මං වගේ...

Learn from me...Just relax to the max 🙃

25/09/2025

24/09/2025

මැසේජ් එක ගන්න, මැසෙන්ජර්ව අමතක කරන්න| Don't judge the messege by the messenger

පණිවිඩයක් ඇහෙන කොට, ඒ පණිවිඩය හරියාකාරව decode කරගන්න පුලුවන් හැකියාව තරම් වටිනා skill එකක් තවත් නැහැ.

අපේ ඒ හැකියාව මොට වෙලා තියෙන ප්‍රධානම හේතුව තමයි, පණිවිඩය කියන කෙනා පිළිබඳ මූලිකව ගොඩනැගුන අදහස් සිතුවිලි දෘශ්‍ටි කෝණවලින්, අපි එයා දෙන පණිවිඩය judge කරන්න යෑම. එවිට අපට වෙන්නෙ , එයා දෙන නියම පණිවිඩය අමුවෙන්ම ගන්න බැරි වෙන එකයි.

හිතලා බලන්න...

Navodi Luwis Hewa
24/09/2025

Adresse

Frankfurt

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von Navodi Luwis Hewa erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Service Kontaktieren

Nachricht an Navodi Luwis Hewa senden:

Teilen

Kategorie