02/02/2025
මේ ඉන්නේ කියාරා අද්වානි. අද බොලිවුඩ්වල ඉන්න සුන්දරම තාරකාවක්. වයස අවුරුදු 33 යි. ✨Kiara Advani Age 33 (born 31 July 1991)
ඇය ඉන්දියාවම හදුනාගන්නේ එම් එස් දෝණි මූවී එකෙන්.
ඒ මූවි එක තිරගත වෙද්දී ඇයට අවුරුදු 20 යි. ෂුටින් යද්දී අවුරුදු දහනමයයි.
එදත් ඇගේ මුහුණේ හරි අන්කොමන් ලස්සනක් තිබුණා. ඒ එදානේ. මේ මෙදානේ.
ඔය දැන් දකුණු පස පින්තූරයේ ඉන්නෙත් කියාරා අද්වානීම තමයි. නමුත් අවුරුදු විස්සේදී නෙමෙයි. අවුරුදු 33 දී. දැන් කියාරා මැරිකරලත් ඉන්නේ. සිද්ධාර්ත් මල්හෝත්රව. එයා මුම්බායම වර්ණවත් කරපු මනමාලියක් වුනා. ඇය ගැන ලෝකයම එදා කතාවුණා. සුරූපී ඉන්දියන් කුමාරිකාවක් වගේ එදා ඇය උන්නේ.
ඉතින් ලස්සනම කතාවක් වුනත් ටික ටික ෆේඩ් වෙනවානේ නේද? ඒක සිහින කුමාරියන්ටත් පොදුයිනේ....
ලෝකයේ හරි නූගත් ජනතාවක් ඉන්නවනේ. එයාලා හිතන දෙයක් තියෙනවානේ. මොකක්ද දන්නවද ඒ? බොලිවුඩ් තාරකාවන් ලස්සන වෙන්නේ ප්ලාස්ටික් සැත්කම්වලින් කියලා. ඉන්ජෙක්ෂන් වලින් කියලා. ඉතින් ඒ නූගත්කම එයාලට දෙන්න. සුන්දරත්වය කියන දේ එහෙමම ප්ලාස්ටික් සැත්කම්වලින් ගන්න බෑ. ඒකට වෙනම මහන්සියක් කැපවීමක් සහ දියුණු ක්‍රමවේදයක් ඕන. ඒක අද බොලිවුඩයේ ඉන්න නූතන තාරකාවන් හොඳින්ම තේරුම් අරන් ඉන්නේ.
ඒ නිසාම එයාලා ඇන්ටි ඒජින් ස්කින් කෙයා සත්කාර පටන් ගන්නේ විස්සෙන් විසිදෙකෙන්. දියුණු විද්‍යාත්මක ශාරීරික අභ්‍යාස කරන්න පටන් ගන්නේ ඒ වයසෙන්මයි. එහෙම වුණාම අවුරුදු 50 වුනත් ලස්සනට ඉන්න පුළුවන් කියලා අද පරපුර තේරුම් අරන් ඉන්නවා. එහෙම නොවුණාම තමයි බොටොක්ස් මුහුණට එන්නත් කරගෙන හොන්කොන් මුහුණුවලින් තරු ඉන්නේ. මේ අය ඊට වඩා දියුණු පරපුරක්. ඒ නිසාම අද ඔවුන් පාන්දර හතරේ සිට ඉතාමත්ම දියුණු ක්‍රමවේදයක් සහ වෘත්තීමය පුහුණුවක් යටත් ශාරීරික අභ්‍යාස කරනවා. ඒ වගේම හරිම ක්‍රමයට ස්කින් කෙයා රුටින් එකක් කරනවා. දවසින් දෙකෙන් සුදුවෙන්න එයාලා හිතන්නේ නෑ. සති දෙකෙන් මුහුණේ ලප කැලැල් යවන්න බෑ කියලා මේ අය දන්නවා. අත් දෙපා ක්‍රිම් පාටකට සිනිඳු බටර් පැහැයකට ගන්න විද්‍යාත්මක ස්කින් කෙයා රුටින් එකක් ඕන කියලා එයාලා දන්නවා.
ඉතින් කියාරා අද්වානි වුනත්, අනන්‍යා පාන්ඩේ වුනත්, ජාන්වී කපූර් වුනත් ක්‍රිතී සාන්න් වුනත් එහෙමයි.
ඉතින් අපිත් ඔයාලට කියන්නේ ජීවිතය ගැන සුන්දරත්වය ගැන දියුණු විද්‍යාත්මක ක්‍රමයකට හිතන්න. මේ දේවල් තවත් සෑහෙන කාලයක් ගිහින් පටන් ගන්නේ නැතුව අදම පටන් ගන්න. ලස්සනට ඉන්න. ඒක ඔයාගේ සමස්ථ පෞරුෂයට හරි එකතුවක් කරනවා. ❤️✨ #ජීවිතයටමමහරිආදරෙයි advani