Walk With RAMA

Walk With RAMA Official Web - https://www.rameshsilva.com/

YouTube - https://www.youtube.com/c/WalkWithRAMA/featured Walk With RAMA
( Ramesh Rushantha Silva )

පළමුව මා අභිමානවත් ශ්‍රී ලාංකික පුරවැසියෙක්.රටේ හදවත වන කොළඹ නගරය මා ඉපදුණු හැදුණු වැඩුණු තැනයි.කොළඹ නගරයේ කීර්තිමත් විදුහලක් වන ඉසිපතන විදුහල,ජීවිතයට පාර කියූ පින් බිමයි.
මිනිසෙකු වැඩියෙන්ම සතුටු වන දෙයක් ඔහුගේ හෝ ඇයගේ රාජකාරිය වන්නේ නම් ඒ ඉතාම කලාතුරකින්. ජීවිතේ වැඩියෙන්ම සතුටු වන ක්‍රීඩාව සහ සංචාරය වෘත්තිය ජීවිතයේ කොටසක් බවට පත් කරගනිමින් 2005 වර්ෂයේ දී මා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියා.එතැන් සිට

වසර 15 කට වැඩි වෘත්තීය ජීවිතය තුළ මා ලැබූ අත්දැකීම් අප්‍රමාණයි.ලෝකයේ සුන්දරම නගරවල මං මාවත්වල,වෙරළේ ඇවිද යාමට මා වාසනාවන්ත වුණා.එමෙන්ම මා වඩාත්ම ආදරය කරන ජල ක්‍රීඩාවන්හි නිපුණත්වයට පත් වෙමින් වෘත්තීමය වශයෙන් ජල ක්‍රීඩාව හැදෑරීමට හැකියාව ලැබුණා.ලොව පුරා පවතින කුතුහලය දනවන මිල කළ නොහැකි විවිධ ජල ක්‍රීඩා ඉසව්වන්හි වික්‍රාමාන්විත අත්දැකීම් සම්භාරයක් මා සතුයි.උසස් තාක්ෂණය උපයෝගී කරගනිමින් විවිධ වර්ගයේ ජල ක්‍රීඩාවන් සඳහා සහභාගී වීමට තරම් මා වරප්‍රසාදිත වුණා.
මගේ රටේ සුන්දරත්වය මා මෙතෙක් ගොස් ඇති ලෝකයේ කිසිම රටකට දෙවැනි වන්නේ නැහැ.රට වටා ඇති නිල්වන් මුහුදු තීරය මගේ රටේ වටිනාම සම්පත බව ඔබ දන්නවා.ජලයෙන් වට වී සිටින ජාතියක් ලෙස අපට කළ හැකි දේ බොහෝමයි.අපේ මුහුද වසර පුරා ඕනෑම කාලයක ඕනෑම මුහුදු ක්‍රීඩාවක් සඳහා සුදුසු වීම අප ලද ආශිර්වාදයක්.
මගේ රටේ සුන්දර මුහුදේ ද එවැනි වික්‍රමාන්විත පෙළහර සිදුවනු දැකීම මා නිරතුරු දකින සිහිනයක්.ඒ වෙනුවෙන් මා දන්නා දේ මගේ මිනිසුන්ට ඉගැන්වීමට ඕනෑම මොහොතක මා සූදානම්.මා යන මාවතේ තවත් එක් අයෙකු හෝ පැමිණෙනු දැකීම තරම් සතුටක් තවත් තිබිය නොහැකි බව මගේ හැඟීමයි.එන්න යන්න, මං ඔබට පාර කියන්නම්.

ශ්‍රී ලංකාවේ මුදල් පරිණාමය ☺️💞​ලංකාවේ මුදල් ඉතිහාසය වසර 2000කට වඩා ඈතට දිව යන අතර එය ප්‍රධාන අවධි කිහිපයකට බෙදිය හැකිය​ම...
10/04/2026

ශ්‍රී ලංකාවේ මුදල් පරිණාමය ☺️💞

​ලංකාවේ මුදල් ඉතිහාසය වසර 2000කට වඩා ඈතට දිව යන අතර එය ප්‍රධාන අවධි කිහිපයකට බෙදිය හැකිය

​මුල්කාලීන හුවමාරු ක්‍රම (කවුඩි සහ බහ්මී කාසි)
​ලෝහ කාසි භාවිතයට පෙර, කවුඩි කටු කුඩා ගනුදෙනු සඳහා භාවිතා විය. අනුරාධපුර යුගයේ මුල් භාගයේදී ඉන්දියාවෙන් පැමිණි "කහපණ" (Kahapana) හෙවත් හතරැස් රිදී කාසි භාවිතයට ගැනුණි.

​අනුරාධපුර සහ පොළොන්නරු යුගය (රන් මස්ස සහ තඹ මස්ස)
​රන් මස්ස (Gold Massa): අනුරාධපුර යුගයේ අවසාන භාගයේදී ඉතා වටිනා රන් කාසි භාවිතා විය.

​ පොළොන්නරු යුගයේදී මහා පරාක්‍රමබාහු, ලීලාවතී රැජින වැනි පාලකයන් තඹ කාසි නිකුත් කළහ. මේවායේ එක් පසෙක "ශ්‍රී ලංකා විභූ" ලෙස සටහන් කර තිබීම විශේෂත්වයකි.

​මහනුවර යුගය (රිදී රිදී සහ පනම්)

​රිදී රිදී (Larin): මේවා කොක්කක හැඩය ගත් අතර "කොකු සල්ලි" ලෙසද හැඳින්වේ.
​පනම්: කුඩා රවුම් කාසි වර්ගයක් ලෙස මහනුවර යුගයේදී ජනප්‍රිය විය

​යටත් විජිත යුගය (ලන්දේසි සහ බ්‍රිතාන්‍ය බලපෑම)

​ලන්දේසි යුගය: ලන්දේසීන් විසින් "දුයිතු" (Challies) කාසි හඳුන්වා දුන් අතර, අදටත් අප ව්‍යවහාර කරන "සල්ලි" යන වචනය බිහිවූයේ මෙම "චලීස්" (Challies) යන වචනයෙනි.

​බ්‍රිතාන්‍ය යුගය

මුලින්ම බ්‍රිතාන්‍ය පවුම් භාවිතා වූ අතර, 1870න් පසු වර්තමාන රුපියල් සහ සත ක්‍රමය නිල වශයෙන් ආරම්භ විය.

​ නූතන යුගය (ශ්‍රී ලංකා රුපියල)

​1950 දී ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමෙන් පසු, ලංකාවටම ආවේණික වූ නෝට්ටු සහ කාසි නිකුත් කිරීම ආරම්භ විය.

ඔබ කවදාහරි දවසක ගුවන්යානයක ගමනක් ගිහින් තියනවද? එහෙම ගිහින් නැතත් මේ මගී ගුවන් යානය​ක ඉන්ධන ටැංකිය කොතනද ඇත්තෙ කියලා හිත...
10/04/2026

ඔබ කවදාහරි දවසක ගුවන්යානයක ගමනක් ගිහින් තියනවද? එහෙම ගිහින් නැතත් මේ මගී ගුවන් යානය​ක ඉන්ධන ටැංකිය කොතනද ඇත්තෙ කියලා හිතිලා නැද්ද? ✈️⛽

ගුවන් යානයක ගිහින් තියන කෙනෙක් නම් ඔබ ගුවන් යාන​යේ ජනේලයෙන් එළිය බලාගෙන යද්දී, ඒ ලොකු තටු (Wing) දිහා බලලා තියෙනවද? බැලූ බැල්මට මේ​ක නිකන්ම නිකන් යකඩ තහඩු ගොඩක් වගේ පෙනුණත්, මේ​ක ඇතුළේ හැංගිලා තියෙන්නේ ගුවන් සේවා ඉතිහාසයේ තියෙන පුදුම සහගතම ඉංජිනේරු රහසක්!

Boeing 747 වගේ අතිදැවැන්ත ගුවන් යානයකට තෙල් ගැහුවාම, ඒ තෙල් වල බර විතරක් කිලෝග්‍රෑම් 180,000ක් විතර වෙනවා. (ඒ කියන්නේ වැඩුණු අලි 40කගේ විත​ර බරක්!) මේ මහා බර තියෙන තෙල් තොගය පුරවන්නේ යානයේ යට තියෙන ලොකු ටැංකියකට නෙවෙයි, අර සිහින් දිග තටු ඇතුළට!

බැලූ බැල්මට මේක මහ මෝඩ වැඩක් වගේ පේන්න පුළුවන්. මොක​ද යානයේ මැද කොච්චර ඉඩ තියෙනවද? ඇයි එහෙම ආරක්ෂිත තැනක තියන්නේ නැතුව තටු ඇතුළටම මේ තෙල් පුරවන්නේ? අපි කතා කරමු ඒ පිටිපස්සෙ තියන ඉංජිනේරු විද්‍යා​ව ගැන. 🌍🔧

ගොඩක් අය හිතන්නේ යානයේ මැද මගීන්, බඩු බාහිරාදිය සහ අනිත් පද්ධති වලින් පිරිලා තියෙන නිසා, ඉඩ ඉතුරු කරගන්න තෙල් ටික තටු ඇතුළට දැම්මා කියලා. මේ කතාවේ පොඩි ඇත්තක් තියෙනවා. යානයේ මැද තියෙන හැම ඝන මීටරයක්ම කියන්​නේ සල්ලි. ඒ ඉඩ තෙල් වලට දුන්නොත් මගීන් ගෙනියන්න තියෙන ඉඩ අඩුවෙනවා. ඒ වගේම තටු ඇතුළේ වෙනම ටැංකි හදන්නේ නැතුව තටුවම ටැංකියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. 🤔

හැබැයි මේවා එහෙම කරන්​න ප්‍රධානම හේතු නෙවෙයි! ඉඩ ප්‍රශ්නයක් විතරක් තිබුණා නම් ඉංජිනේරුවන්ට තිබුණා තෙල් ටැංකිය යානයේ පිටිපස්සට හරි වෙන තැනකට හරි දාන්න. හැබැයි මේක ඉඩ ගැන ප්‍රශ්නයක් නෙවෙයි, මේක ටොන් ගාණක් බර දියරයක් අහසේ පියාසර කරන යානයක් ඇතුළේ බැලන්ස් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයක්!

ඕනම ගුවන් යානයක වැදගත්ම දේ තමයි "Center of Gravity" (CG) හෙවත් ගුරුත්ව කේන්ද්‍රය. මේක ඉස්සරහට ගියොත් යානයේ ඉදිරිපස කොට​ස ඉහළ​ට උස්සන්න ගොඩක් අමාරු වෙනවා. පස්සට ගියොත් යානය අස්ථායී වෙලා පාලනය කරන්න බැරි වෙනවා. ⚖️

මගීන්ගේ බර වගේ නෙවෙයි, තෙල් කියන්නේ දිගටම ටික ටි​ක පිච්චිලා යන දෙයක්. පැය 12ක ව​ගේ ගමනක් යද්දී ටොන් 100කට වඩා තෙල් පිච්චිලා යනවා. ඉතින් මේ තෙල් ටැංකිය යානයේ ඉස්සරහ හරි පිටිපස්සේ හරි තිබුණා නම්, තෙල් අඩුවෙන්න අඩුවෙන්න යානයේ එක පැත්ත​ක බර වෙනස් වෙලා, බැලන්ස් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. පයිලට්ලට හැමතිස්සෙම යානය කන්ට්‍රෝල් කරන්න වෙනවා.

හැබැයි ගුවන් යානය​ක තටු පිහිටලා තියෙන්නේ යානයේ ගුරුත්ව කේන්ද්‍රය සහ උඩුකුරු තෙරපුම හැදෙන තැනට කිට්ටුවෙන්මයි. ඒ නිසා තටු වලින් තෙල් කොච්චර අඩු වුණත් යානයේ බැලන්ස් එකට ඒක ලොකුවට බලපාන්නේ නෑ. ඒ වුනාට මේකත් එක හේතුවක් විතරයි.

ඔබ කවදාහරි Boeing 787 Dreamliner එකක් ව​ගේ අහසට යද්දී ජනේලෙන් මේ​කේ තටු දිහා බලලා තියෙනවද? ගොඩක් අය නැතුව ඇති. හැබැයි වෙන දේ මම කියන්නම්. බිම තියෙද්දී කෙලින් තිබුණ මේ ගුවන් යාන​යේ තටුව, අහසේ ඉහළ​ට යද්දී මීටර් 3ක් 4ක් විතර උඩට නැවෙනවා! 🏗️🛫

මේක වෙන්නේ මෙහෙමයි: යානය අහසට යද්දී, මුළු යානයේම බර (ටොන් 500ක් විතර) උස්සගෙන ඉන්නේ මේ තටු දෙකෙන්. මේ තටු මත වාතයෙන් ඇතිවෙන උඩුකුරු තෙරපුමෙන් තටු දෙක උඩට අදිනවා, හැබැයි යානයේ මැද තියෙන මහා බරෙන් (මගීන්, බඩු) යානය පල්ලෙහාට අදිනවා. මේක හරියට යකඩ කූරක් මැදින් අල්ලගෙන දෙපැත්තෙන් ලොකු බරවල් දෙකක් එල්ලුවා වගේ වැඩක්. මේ තෙරපුම වැඩි උනොත් තටු සහ යානය සම්බන්ධ වෙන තැන පුපුරලා යන්න පුළුවන්!

මෙන්න මෙතනදී තමයි තෙල් වල නියම වැඩේ පටන් ගන්නේ. තටු ඇතුළේ තියෙන ටොන් ගාණක් බර තෙල්, නිකන්ම නිකන් ඉන්ධන නෙවෙයි, ඒක "Counterweight" (ප්‍රති-බරක්) විදිහට වැඩ කරනවා! තටුව උඩට නැවෙන්න හදද්දී, තටුව ඇතුළේ තියෙන තෙල් වල බරෙන් ඒක පල්ලෙහාට ඇදෙනවා. මේකට ඉංජිනේරුවෝ ඉංග්‍රීසියෙන් කියන්නේ "Wing Bending Relief" කියලා.

මේ තෙල් බර නැත්නම්, ඉංජිනේරුවන්ට සිද්ධ වෙනවා තටු ත​ව ගොඩක් ඝනකමට, යකඩ ගොඩක් දාලා කැඩෙන්නෙ නැතිවෙන්​න හදන්න. එතකොට යානය බර වැඩිවෙනවා, තෙල් වැඩියෙන් පිච්චෙනවා. ඒ නිසා තෙල් තටු ඇතුළේ තියෙන එක, අහසේදී තටුව කඩාගෙන නොවැටී තියාගන්න සහ යානයේ අමත​ර බර අඩු කරන ලොකුම ඉංජිනේරු ආශ්චර්යයක්!

Boeing 737 වගේ යානයක ප්‍රධාන තෙල් ටැංකි 3ක් තියෙනවා (තටු දෙකේ දෙකයි, යානය මැද Center tank එකයි). මේ තෙල් ටික නිකන්ම ජෙට් එන්ජින් එකට යන්නේ නෑ. 💻🔄

ගුවන් යාන​ය ගමන පටන් ගත්තාම මුලින්ම පිච්චෙන්නේ Center tank එකේ තෙල්. ඇයි ඒ? යානය මැද තියෙන බර ටික ටි​ක අඩු කරලා, තටු වල තියෙන තෙල් බර ඒ විදිහටම තියාගන්නවා අර කලින් කිව්ව Wing Bending Relief එක දිගටම තියාගන්න.

ඒ විතරක් නෙවෙයි, Airbus A380 වගේ අතිදැවැන්ත යානාවල, පියාසර කරද්දී තෙල් ටික ඉස්සරහ ටැංකි වල ඉඳන් පිටිපස්සේ ටැංකියට පොම්ප කරනවා! මේක කරන්නේ යානයේ ගුරුත්ව කේන්ද්‍රය ටිකක් පස්සට අරන් ගිහින්, යානයට එන වායු ප්‍රතිරෝධය (Drag) අඩු කරලා තෙල් ඉතුරු කරගන්න. ඒ කියන්නේ තෙල් කියන්නේ නිකන්ම නිකන් ඉන්ධනයක් නෙවෙයි, පියාසර කරද්දී යානයේ හැඩය සහ බැලන්ස් එක වෙනස් කරන Dynamic Tool එකක්!

සමහර වෙලාවට යානයක් ගුවන්ගත වෙලා ටික වෙලාවකින් මොකක් හරි දෝශයක් ඇවිත් ආයෙත් බස්සන්න වුණොත්, පයිලට්ලා කරන්නේ අහසේදීම තෙල් ටික එළියට විසි කරන එක (Fuel Dumping / Jettisoning). ⛽💧

මේකට හේතුව තමයි "Maximum Landing Weight" (උපරිම ගොඩබැස්සවීමේ බර). යානයක් උඩට යද්දී තියෙන බරින්ම ආපහු බස්සන්න බැහැ, මොකද ලෑන්ඩ් කරද්දී රෝද වලට එන තෙරපුම දරාගන්න බැරුව රෝද පුපුරලා, යානය ගුවන් පථයෙන් ඉවතට යන්​න පුළුවන්. ඒ නිසා බර අඩු කරගන්න අහසේදී තෙල් ටික විසි කරනවා. නැත්නම් තෙල් පිච්චිලා ඉවර වෙනකන්ම අහසේ කරකව කරකව ඉන්නවා. මෙහෙම එළියට දාන තෙල් බිමට එන්නේ නෑ, අඩි දහස් ගාණක් උඩදී මේවා වාෂ්ප වෙලා යනවා.

මේ ඔක්කොම කරලා යානය ලෑන්ඩ් කරද්දී පැයට කිලෝමීටර් 250ක විතර වේගයෙන් රෝ​ද පොළොවේ හැප්පෙනවා. යානයේ බර ටොන් 300ක් 400ක් විතර වුණත් අර පොඩි රෝද පුපුරන්නේ නෑ! 🛞💥

මේකට හේතු කිහිපයක් තියෙනවා.

රෝද ගණන: ලොකු යානාවල රෝද 14ක් 22ක් විතර තියෙනවා. ඒ නිසා බර බෙදිලා යනවා.

ටයර් එකේ නිෂ්පාදන වෙන​ස: මේවා සාමාන්‍ය රබර් නෙවෙයි. නයිලෝන්, වානේ සහ විශේෂ කෙඳි දාලා ලේයර් ගාණකට හදපු අතිශය ශක්තිමත් ටයර්.

නයිට්‍රජන්: ගුවන් යානා ටයර් වලට ගහන්නේ සාමාන්‍ය හුළං නෙවෙයි, නයිට්‍රජන්. මොකද සාමාන්‍ය වාතයේ තියෙන ජ​ල වාෂ්ප අඩි 30,000ක් උඩදී අංශක ඍ​ණ 50ට මිදිලා අයිස් වෙන්න පුළුවන්. ඒ වගේම බිමට බස්සද්දී රෝද වල උෂ්ණත්වය සෙල්සියස් 200ට විතර නගිනවා. නයිට්‍රජන් දැම්මාම මේ උෂ්ණත්ව වෙනස්වීම් වලට ටයර් එකේ පීඩනය වෙනස් වෙන්නේ නෑ, වතුර මිදෙන්නෙත් නෑ, ගිනිගන්න අවදානමකුත් නෑ. (මේ ටයර් වල පීඩනය 200 PSI විතර වෙනවා, ඒ කියන්නේ කාර් එකක වගේ 6 ගුණයක්!).

ගුවන් යානයක් කියන්නේ නිකන්ම නිකන් යකඩ කුරුල්ලෙක් නෙවෙයි. ඒකේ තියෙන හැම ඇණයක්ම, හැම හැඩයක්ම, තෙල් බිංදුවක් ගානේ දාලා, හදලා තියෙන්නේ අතිශය සංකීර්ණ ගණනය කිරීම් මත පදනම් වෙලයි. තටු ඇතුළේ තියෙන තෙල් ටැංකිය කියන්නේ මේ මහා යන්ත්‍රය අහසේ කඩාගෙන වැටෙන්නේ නැතුව තියාගන්න තියෙන ලොකුම රහසක්! 🌟

ඊළඟ වතාවේ ගුවන් යානයකට නගිද්දී ඒ ජනේලෙන් පේන තටුව දිහා බලලා මේ පුදුම සහගත කතාව මතක් කරගන්න. මේ ලිපියෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තාද? ගුවන් සේවා තාක්ෂණය (Aviation technology) ගැන තව දේවල් දැනගන්න ඔයා කැමතිද? ඔයාගේ අදහස පල්ලෙහායින් Comment කරන්න. ඒ වගේම මේ ලිපියට Like එකක් දාලා, ලෝකයේ තියෙන අමුතු දේවල් ගැන හොයන්න ආස ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරන්න අමතක කරන්න එපා! ✈️👍💬

ලිපි ලියන මට ඔයාලගේ Comment ගොඩක් වටිනවා. ඒ නිසා එක තත්පර 10ක් වැය කරලා Comment එකක් දාගෙන යන්න!

Written By : Sulochana Dissanayake
Source : Internet, Aviation Articles

08/04/2026

බුදු සරණයි ජේසු .🙏🖤

WoW 🙏
04/04/2026

WoW 🙏

29/03/2026

Started the day at church, then enjoyed a peaceful wander around the Sunday market in La Ciotat. Sunshine, good vibes, and simple moments that make the day special . Happy Palm Sunday Everyone 🙏💚

28/03/2026

Crew Night Out

මේක ගොඩ දාන්න පුලුවන් අනුර කුමාර ජනාධිපති අනුර කුමාර මන්ත්‍රීගෙන් උපදෙස් ගත්‍තොත් පමනයි
23/03/2026

මේක ගොඩ දාන්න පුලුවන් අනුර කුමාර ජනාධිපති අනුර කුමාර මන්ත්‍රීගෙන් උපදෙස් ගත්‍තොත් පමනයි

21/03/2026

La Ciotat කියන්නේ France දකුණු වෙරළේ පිහිටි සුන්දර නගරයකි. French Riviera ප්‍රදේශයට අයත් මෙම ස්ථානය ලස්සන හා සන්සුන් වාතාවරණයකින් යුක්තය. මෙහි පැහැදිලි ජලය සහ රන්වන් වැලි වෙරළ සංචාරකයින්ට විශේෂ ආකර්ෂණයකි. Calanques National Park අසල පිහිටා ඇති නිසා ස්වභාවික සෞන්දර්යය තවත් වර්ධනය වේ.
පැරණි වරාය, කුඩා ගල් මාවත් හා සාම්ප්‍රදායික ආහාර රසවිඳීමට හැකි ස්ථාන මෙහි දැකගත හැක. විවේකයෙන් සතුටින් කාලය ගත කිරීමට La Ciotat ඉතා සුදුසු ගමනාන්තයකි.

මේ ඊයේ ලැසියෝටා නගරය දැක්ක විදිය . 👇

Walk With RAMA by Ramesh Rushantha Silva

ශ්‍රී ලංකා පොලිස් Social media ටීම් එක පට්ට. මිනිස්සු පට්ට විදිහට දැන් පොලීසියට ආදරේ කරන්න පටන් අරන්. Facebook එකේ මොකක්...
20/03/2026

ශ්‍රී ලංකා පොලිස් Social media ටීම් එක පට්ට. මිනිස්සු පට්ට විදිහට දැන් පොලීසියට ආදරේ කරන්න පටන් අරන්. Facebook එකේ මොකක් හරි නීති විරෝධි වැඩක් Share උනොත් පැය 24ක් යන්නත් කලින් වැරදිකරුවන් අත්අඩංගුවට ගන්නවා. අරන් ඒක Sri lanka police page එකේ දානවා. මේ වැඩේ නිසා දැන් ගොඩක් මිනිස්සු මහ පාරේ චන් ඩි වෙන්න.. මාර් ග නීති කඩන් න මාර ම බයයි. Sri lanka police Social media team එක වගේ ආදරණිය පිරිසක් ලංකාව ඇතුලේ පොලිසිවලත් හිටියනම් මිනිස්සු මීට වඩා ගොඩක් පොලීසියට ආදරේ කරයි .

Adresse

Sète

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Walk With RAMA publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Partager