Samadhi Meditation Center

Samadhi Meditation Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Samadhi Meditation Center, Digital creator, 80 Brackens Lane, Alvaston, Derby.

17/01/2026

What are other examples of religious coexistence?

17/01/2026
දුරුතු පොහොයේ වැදගත්කම ..🌸🌼1. බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිද...
02/01/2026

දුරුතු පොහොයේ වැදගත්කම ..🌸🌼

1. බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම.

2. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම.

3. බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම.

4. බුදුන් වහන්සේ දහසක් ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම.

5. බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම.

උදාවන දුරුතු පුර පසළොස්වක පොහොය දිනයට ශාසන ඉතිහාසය තුළ ඉතා වැදගත් තැනක් හිමි වෙයි. බුදුරජාණන් වහන්සේ විසින් උරුවෙල් දනව්වේ සිටි දහසක් වූ තුන්බෑ ජටිල පිරිස දමනය කරනු ලැබීමෙන් පසුව ප්‍රථම වරට ලංකාවට වැඩමවීම හා එහිදී යක්ෂ ගෝත්‍රිකයින් දමනය කිරීම කේශ ධාතු නිධන්කොට මහියංගණ දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහ රජු ගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ දහසක් රහතන් වහන්සේලා ද සමඟ රජගහ නුවරට වැඩමවීම, මිය ගිය ඤාති පේ‍්‍රතයන්ට පින් අනුමෝදනා කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු මහියංගණ චෛත්‍යය අසල දී රජ බවට පත් කරවීම යනාදිය දුරුතු පොහොය දිනය හා සබැඳි ඓතිහාසික සිදුවීම් අතර ප්‍රමුඛස්ථානයෙහිලා සැලකිය හැකි ය.

☸️ යක්ෂ නාග අසමගිය දුරු කිරීම

බුද්ධත්වයෙන් නව වැනි මාසයේ දී දුරුතු පුර පසළොස්වක පොහොය දිනෙක බුදුරජාණන් වහන්සේ මහියංගණයෙහි මහවැලි ගඟ අසබඩ යොදුන් තුනක් දුරින් පිහිටි මහානාග වනෝද්‍යානයට වැඩම කරවීමේ පුවත මහාවංසයෙහි පළමු පරිච්ඡේදයෙහි දැක්වෙන්නේ මෙසේ ය.

බොධිතො නවමෙ මාසෙ
ඵුස්සපුණ්ණමියං ජිනො
ලංකාදීපං විසොධෙතුං
ලංකාදීප මුපාගමි

එදින මහානාග වනෝද්‍යානයෙහි යක්ෂ ගෝත්‍රිකයන් ගේ මහා සමුළුවක් පැවතිණ. ඒ වන විට ලක්දිව ඉතා බලසම්පන්න ව සිටියේ රාවණ සමයේ සිට පැවත ආ යක්ෂ ගෝත්‍රිකයින් ය.

මෙරට ප්‍රාග් ඓතිහාසික පුරවැසියන් ලෙස හඳුන්වා දිය හැකි වන්නේ නාග ගෝත්‍රිකයන් ය. මෙම දෙපිරිස අතර කාලාන්තරයක පටන් පැවැති අසමගිය දුරු කිරීම බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රථම ලංකාගමනයෙහි ප්‍රධාන අරමුණ විය. මේ සඳහා ලක්දිවට වැඩමවන ලෙස බුදුරජාණන් වහන්සේට ඇරයුම් කළේ සුමන සමන් දිව්‍යරාජයා වන බව ද බෞද්ධයෝ විශ්වාස කරති.

☸️ මහියංගණ සෑය ඉදිකිරීම

දැනට මහියංගණ චෛත්‍යය පිහිටි ස්ථානයෙහි පත්කඩය අතුරා වැඩසිටි බුදුරජාණන් වහන්සේ යක්ෂ සේනාව දමනය කිරීම සඳහා ධර්මය දේශනා කළ හ. එම බණ ඇසු ඉතා විශාල පිරිසක් ධර්මාවබෝධය ලැබූහ. යක්ෂ ගෝත්‍රිකයන් රුදුරු ගති පැවතුම් ඉවතලා යහපත් පිරිසක් බවට පත්වීම ද මෙහිදී ඉතා වැදගත් වෙයි.

බණ අසා සෝවාන් බවට පත් වූ සුමන සමන් දිව්‍ය රාජයා විසින් “ස්වාමීනි අපට පූජාර්හ වස්තුවක් දුන මැනවැ”යි, ආයාචනා කරන ලදී. බුදුරජාණන් වහන්සේ ඔහුට කේශ ධාතු මිටක් දී පෙරලා උරුවෙල් දනව්ව බලා වැඩම වූහ. ඉක්බිති සුමන සමන් දිව්‍ය රාජයා බුදුරදුන්ගේ කේශධාතුන් වහන්සේ ස්වල්පය රන් කරඬුවක තැන්පත් කොට සත් රියනක් උස සෑයක නිධන් කළේ ය. එම සෑය ඉදිකළේ එදා බුදුරදුන් ධර්මය දේශනා කරමින් වැඩ සිටි ස්ථානයේ ම ය. මෙසේ ලෝකයේ ප්‍රථම දාගැබ වූ මහියංගණ දාගැබ බුදුරදුන් ජීවමාන ව සිටියදී ම නිර්මාණය කොට පූජෝපහාර දැක්වීමේ ගෞරවය සුමන සමන් දිව්‍ය රාජයාට හිමි වෙයි.

මෙකී මහියංගණ සෑය හෙවත් මියුගුණ සෑය ලොව ප්‍රථම බෞද්ධ සංකේතය වන අතර, ප්‍රථම ථූප මූර්තිය ද වේ. මියුගුණ සෑය එදා පටන් යක්ෂ, නාග දෙපිරිස ගේ ම වන්දනාමානයට ලක් විය.

☸️ කඤ්චුක චෛත්‍යය

පසු කාලයක සැරියුත් මහරහතන් වහන්සේ ගේ අතවැසි වූ සරභූ රහතන් වහන්සේ විසින් කුසිනාරා නුවර පිරිනිවී බුදුරදුන් ගේ ශ්‍රී දේශය ආදාහනය කළ චිතකයේ ගී‍්‍රවා ධාතූන් වහන්සේ ගෙන නිධන් කොට මියුගුණ සෑය වටකොට දොළොස් රියන් චෛත්‍යයක් ඉදි කරන ලදහ. එය පළමු චෛත්‍යය වට කොට කළ හෙයින්”කඤ්චුක චෛත්‍යය” නම් විය.

පසුකාලීන ව දේවානම්පියතිස්ස රජු ගේ සොහොයුරකු වු උද්ධ චූලාභය රජු මහානුභාව සම්පන්න වූ මෙම මනෝහර මියුගුණ සෑය දැක බෙහෙවින් තුටුපහටු වී දොළොස් රියන් සෑය වසා තිස් රියන් කොට සෑයක් කරවීය. දුටුගැමුණුූ රජු එම තිස් රියන් සෑය වසා අසූ රියන් උස්කොට කඤ්චුක චෛත්‍යයක් කරවීය. ඉන් පසු නොයෙක් කාල පරිච්ඡේදවල දී ගරාවැටුණු මෙම චෛත්‍යය ධාතුසේන, සිරිසඟබෝ , අග්බෝ. පරාක්‍රමබාහු ආදි ශ්‍රේෂ්ඨ නරවිරුවන් විසින් ප්‍රතිසංස්කරණය කරවන ලදහ.මේ වනවිට ලෝකයා ගේ වන්දනාමානයට යෝග්‍ය වන අයුරින් මියුගුණ සෑයෙහි සියලු ප්‍රතිසංස්කරණයන් නිමකොට තිබේ. අද අප දකින මියුගුණ සෑය බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිහිපත් කරවන ප්‍රබලතම සාධකයක් වනු ඇත.

☸️ ප්‍රථම ආරාම පූජාව

ප්‍රථම ලංකාගමනයෙන් පසු බුදුරජාණන් වහන්සේ මගධයේ අධිපති බිම්බිසාර මහ රජු ගේ ආරාධනයෙන් උරුවෙල් දනව්වේ සිට දහසක් ජටිල රහතන් වහන්සේලා ද සමඟ රජගහ නුවරට වැඩම කළහ. "කිංසච්චගවේසී ව" සිටි සමයේ බිම්බිසාර මහ රජු කළ ඉල්ලීම ඉටු කිරීම එහි වැඩමවීමට හේතුවයි. එහිදී බිම්බිසාර මහරජු බුදුරදුන් හමුවීමට පැමිණියේ විසි දහසක් පමණ වූ පිරිසක් ද පිරිවරාගෙන ය. බුදුරදුන් රජු ප්‍රමුඛ පිරිසට ධර්මය දේශනා කළ අතර, මෙය බිම්බිසාර මහ රජුගේ ප්‍රාර්ථනා පහම ඉටු වූ අවස්ථාව විය. පසුව බිම්බිසාර මහරජු වේළුවනාරාමය බුද්ධ ප්‍රමුඛ මහ සඟනට පූජා කළේ ය. මෙම ප්‍රථම ආරාම පූජාවෙන් පසු වාසය සඳහා ආරාම පිළිගැනීම යෝග්‍ය බව බුදුරදුන් භික්ෂූන් වහන්සේලා සඳහා නියම කළේ ද මෙම දුරුතු මහේ දී ය.

තෙරුවන් සරණයි !

01/01/2026

Address

80 Brackens Lane, Alvaston
Derby
67037

Website

Alerts

Be the first to know and let us send you an email when Samadhi Meditation Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share