Flickoo

Flickoo Welcome to Flickoo, your gateway to SL cinema, accessible to audiences worldwide

Press play on the holidays! 🎄 Wishing you a Merry Christmas and happy streaming....
24/12/2025

Press play on the holidays! 🎄 Wishing you a Merry Christmas and happy streaming....

පැවත්වීමට නියමිත 98වැනි ඇකඩමි සම්මාන උළෙලේ නිර්දේශයන්හි අවසන් තේරීම් ලැයිස්තූන් මේ වෙනකොට සැකසෙමින් පවතිනවා.ඒ අනුව "හොඳම...
17/12/2025

පැවත්වීමට නියමිත 98වැනි ඇකඩමි සම්මාන උළෙලේ නිර්දේශයන්හි අවසන් තේරීම් ලැයිස්තූන් මේ වෙනකොට සැකසෙමින් පවතිනවා.

ඒ අනුව "හොඳම විදෙස් භාෂාමය සිනමාපටය" සඳහා වූ සම්මානය වෙනුවෙන් ඉන්දියාවෙන් ඉදිරිපත්කල සිනමාපටය අවසන් 15 අතරට තේරී පත්වෙලා තියෙනව.

සිනමාපටය අධ්‍යක්ෂණය කල තමයි මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නෙ. 2025 වසරේ නිකුත් වූ සිනමාපට අතරින් ඔබ නැරඹිය යුතුම සිනමාපටයක් මේක.

අවසන් සිනමාපට පහලවේ ලයිස්තුව

1. “Belén” - ආජන්ටිනාව
2.“The Secret Agent” - බ්‍රසීලය
3. “It Was Just an Accident” - ප්‍රංශය
4. “Sound of Falling” - ජර්මනිය
5.“Homebound” - ඉන්දියාව
6. “The President’s Cake” - ඉරාකය
7.“Kokuho” - ජපානය
8. “All That’s Left of You” - ජෝර්දානය
9.“Sentimental Value” - නෝර්වේ
10. “Palestine 36” - පලස්තීනය
11. “No Other Choice” - දකුණු කොරියාව
12. “Sirât” - ස්පාඤ්ඤය
13.“Late Shift” - ස්විස්ටර්ලන්තය
14 “Left-Handed Girl” - තායිවානය
15. “The Voice of Hind Rajab” - ටියුනීසියා

@ Baiscope Zone

ලලිත් රත්නායකගේ රිවස්‍ටන් සිනමාපටය කේරළයේ ප්‍රදර්ශනය මධ්‍යම රජය විසින් වාරණය කිරීම සහ එය ඉවත් කිරීම!ඉන්දියානු මධ්‍යම රජය...
17/12/2025

ලලිත් රත්නායකගේ රිවස්‍ටන් සිනමාපටය කේරළයේ ප්‍රදර්ශනය මධ්‍යම රජය විසින් වාරණය කිරීම සහ එය ඉවත් කිරීම!
ඉන්දියානු මධ්‍යම රජයේ තොරතුරු සහ විකාශන අමාත්‍යාංශය විසින් තමයි ඉන්දියාව තුල තිරගත කෙරෙන සියලුම සිනමාපට සඳහා අවැසි Censor Exemption Certificate නිකුත් කිරීම සිදු කරන්නෙ. ඉන්දියානු සිනමාපටයක් විකාශය වීම ආරම්භයේදී මේ සහතිකය ඔබට දැකගැනීමට ලැබෙනව. එය නොමැතිව සිනමාපටයක් ප්‍රදර්ශනය කිරීම නීති විරෝධී වෙනවා.
ලලිත් රත්නායකගේ රිවස්ටන් සිනමාපටය පහුගිය දවසකදි කේරල අන්තර්ජාතික සිනමා උළෙල සඳහා නිල වශයෙන් තෝරාගෙන තිබුනා.
නමුත් එක්වරම, "මහජන සාමය, වාර්ගික සහ ආගමික ආරක්ෂාව, අධිකරණයට අපහාස කිරීම සහ විදෙස් සබඳතා සුරක්ෂිත කරගැනීම..." ආදී කරුණු යටතේ, මෙම රිවස්ටන් සිනමාපටය ඇතුළු සිනමාපට 19ක් සඳහා වාරණයක් පනවනු ලැබුවා. Police Encounter (ආයුධ පෙන්වීමට රැගෙන යාම) සිදුවීමක් ඇසුරින් තමයි මේ සිනමාපටයේ කතාව ගලායාම සිදුවන්නේ.
නමුත් මෙම සිනමාපටය, ශැංහයි ආදී ජාත්‍යන්තර සිනමා උළෙවල් රැසකදී මෙන්ම පසුගිය නොවැම්බර් මස පැවති කොල්කටා අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රදර්ශනය කර සම්මාන දිනාගනු ලැබුවා. එමෙන්ම චෙන්නායි අන්තර්ජාතික සිනමා උලෙලේදී මෙය ප්‍රදර්ශනය කිරීම සඳහා අවැසි සහතිකය ලබාගෙන තිබූ අතරවාරයකදි තමයි කේරළයට පමනක් මෙසේ වාරනයක් පැනවී තිබුනේ.
එමනිසා මධ්‍යම රජය කෙසේ කීවද මෙම සිනමාපටය තම සිනමා උළෙලහි ප්‍රදර්ශනය කරන බව කේරළ ප්‍රාන්තයේ සංස්කෘතික ඇමතිවරයා දැඩිව ප්‍රකාශ කර තිබුනා.
ඉතිං එලෙසින් ලද දේශපාලන බලපෑම්, සිනමා උළෙලේ සංවිධායකයින්ගේ සහ සිනමා ක්ෂේත්‍රයේ විවිධ පුද්ගලයින්ගෙන් ලද ඉල්ලීම් අනුව රිවස්ටන් සිනමාපටය සඳහා පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.
කේරළ සිනමාපට නරඹා ඇති ඔබ දන්නවා ඇති ඔවුන් සිනමාපටයක් නිර්මාණයක් ලෙස පමනක් සලකමින් තම නිර්මාණකරුවන් සඳහා ලබා දී ඇති නිදහස. මලයාළම් සිනමා කර්මාන්තයේ පිබිඳීමට එය මහත් රුකුළක් බවට පත්වුණා.
මෙම සිනමාපටය සමග, තවත් සිනමාපට 19ක් සඳහා මෙම වාරණය පනවා තිබුනා.

@ Baiscope Zone

විනිශ්චය අවි-නිශ්චිතය !ජනවාරි 9 - නිශ්චිතයි !!🤟Father - ෆාදර් Sinhala Movieජනවාරි 09 වන දා සිට දිවයින පුරා සිනමාහල්වල.. ...
15/12/2025

විනිශ්චය අවි-නිශ්චිතය !
ජනවාරි 9 - නිශ්චිතයි !!🤟

Father - ෆාදර් Sinhala Movie

ජනවාරි 09 වන දා සිට දිවයින පුරා සිනමාහල්වල..

💪❤️

36 වැනි සිංගප්පුරු අන්තර් ජාතික සිනමා උළෙලේ  Best Director සම්මානය ලලිත් රත්නායකට,  best performance සම්මානය මහේන්ද්‍ර ප...
10/12/2025

36 වැනි සිංගප්පුරු අන්තර් ජාතික සිනමා උළෙලේ Best Director සම්මානය ලලිත් රත්නායකට, best performance සම්මානය මහේන්ද්‍ර පෙරේරාට.

ප්‍රවීණ  ඉන්දීය නළු ධර්මේන්ද්‍ර අද (24) දිවියෙන් සමුගෙන තිබේ.මිය යන විට ඔහු අවුරුදු 89 වැනි වියේ පසු විය.මුම්බායි පිහිටි...
24/11/2025

ප්‍රවීණ ඉන්දීය නළු ධර්මේන්ද්‍ර අද (24) දිවියෙන් සමුගෙන තිබේ.
මිය යන විට ඔහු අවුරුදු 89 වැනි වියේ පසු විය.

මුම්බායි පිහිටි ඔහුගේ නිවසේදී ඔහු මියගොස් ඇති බව ඉන්දීය පුවත් පවසයි.
හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් පසුගිය දින කිහිපයේ ද ඔහු රෝහල් ගත කර තිබුණි.

එළැඹෙන දෙසැම්බර් 8 වන දිනට ඔහුට අවුරුදු 90 ක් සපිරෙන බව සඳහන් වේ.

1960 දී “දිල් බි තේරා හම් බි තේරේ” සමඟින් සිය මංගල දර්ශනය ආරම්භ කළ ධර්මේන්ද්‍ර, 1960 දශකයේ අන්පාද්, බන්දිනි, අනුපමා සහ ආයා සවන් ජූම් කේ වැනි චිත්‍රපටවලින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

පසුව ඔහු ෂෝලේ, ධරම් වීර්, චුප්කේ චුප්කේ, මේරා ගාඕන් මේරා දේශ් සහ ඩ්‍රීම් ගර්ල් හි ප්‍රධාන චරිත නිරූපණය කිරීමට සමත් විය.

ධර්මේන්ද්‍ර අවසන් වරට පෙනී සිටියේ ෂාහිඩ් කපූර් සහ ක්‍රිටි සැනොන් රඟපෑ Teri Baaton Mein Aisa Uljha Jiya චිත්‍රපටයේය.

ඔහුගේ මීළඟට තිරගත වීමටනියමිත සිනමා පටය වන්නේ අමිතාබ් බච්චන්ගේ මුනුබුරා වන අගස්ත්‍ය නන්දා ප්‍රධාන චරිතය රඟදක්වන “ඉකිස්” චිත්‍රපටයයි .
චිත්‍රපටිය දෙසැම්බර් 25 වනදා ප්‍රදර්ශනය කිරීමට නියමිත බව සඳහන් වේ.

21/11/2025

මාරියා - නොවැම්බර් 21 සිට දිවයින පුරා සිනමාහල්වල දී..

මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රනසිංහ, ප්‍රියන්ත සිරිකුමාර, අශාන් ඩයස්, දර්ශන් දර්මරජ්, දසුන් පතිරණ සහ සුරාන් දසනායක රංගනයක්, අරුණ ජයවර්ධන අධ්‍යක්ෂනයක්, ඉන්ද්‍රජිත් සිල්වා නිශ්පාදනයක්.

21/11/2025

මාරියා චිත්‍රපටය අද (නොවැම්බර් 21) සිට දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය වේ..

20/11/2025

Darshan Dharmaraj - Oscar

"මාරියා" නොවැම්බර් 21 දා සිට..
අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල රැසක් නියෝජනය කරමින් සම්මාන රැසකට හිමිකම් කියූ "මාරියා" චිත්‍රපටය නොවැම්බර් 21 සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය අරඹනවා.

මාරියා කියන්නෙ මහ මුහුද මැද දින ගණනාවක් තිස්සෙ අතිශය කටුක සහ බිහිසුණු අත්දැකීම් ගොන්නක් එක්ක රූගත කිරීම් කරන ලද නිර්මාණය...
19/11/2025

මාරියා කියන්නෙ මහ මුහුද මැද දින ගණනාවක් තිස්සෙ අතිශය කටුක සහ බිහිසුණු අත්දැකීම් ගොන්නක් එක්ක රූගත කිරීම් කරන ලද නිර්මාණයක්..

ඒ අත්දැකීම් පිළිබඳව රංගන ශිල්පී සුරන් දසනායක සමඟ කළ කතාබහ..

මාරියා චිත්‍රපටය නොවැම්බර් මස 21 වන දින සිට දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය වේ..

සම්පූර්ණ වැඩසටහන පළවෙනි කමෙන්ට් එකේ..

17/11/2025

Priyantha Siri Kumara - Benet

"මාරියා" නොවැම්බර් 21 දා සිට..

අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල රැසක් නියෝජනය කරමින් සම්මාන රැසකට හිමිකම් කියූ "මාරියා" චිත්‍රපටය නොවැම්බර් 21 සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය අරඹනවා.

15/11/2025

Dasun Pathirana - Malan

"මාරියා" නොවැම්බර් 21 දා සිට
අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල රැසක් නියෝජනය කරමින් සම්මාන රැසකට හිමිකම් කියූ "මාරියා" චිත්‍රපටය නොවැම්බර් 21 සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය අරඹනවා.

Address

London

Alerts

Be the first to know and let us send you an email when Flickoo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Flickoo:

Share