Media Unit Ridee Viharaya

Media Unit Ridee Viharaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Media Unit Ridee Viharaya, Media/News Company, Rideevihara Mawath, London.

19/01/2026
ඓතිහාසික රිදී විහාරස්ථානයේ පොත් ලබාදීමේ උත්සවය - 2025කුරුණෑගල-රිදීගම ඓතිහාසික රිදී විහාරස්ථානයේ භාරකාර පූජ්‍ය තිබ්බටුවාව...
28/12/2025

ඓතිහාසික රිදී විහාරස්ථානයේ පොත් ලබාදීමේ උත්සවය - 2025

කුරුණෑගල-රිදීගම ඓතිහාසික රිදී විහාරස්ථානයේ භාරකාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේගේ උදාර සංකල්පයකට අනුව ඇට්ලස් ඇක්සීලියා සමාගම හා එක්ව වාර්ෂිකව සිදුකරන පාසල් දරුවන් 3000ක් සඳහා පාසල් අභ්‍යාස පොත් ලබාදීමේ සමාරම්භක උත්සවය මෙවරත් විසිතුන්වන(23) වරට 2025 දෙසැම්බර් මස 21 පසුගිය ඉරිදා උදෑසන ඓතිහාසික රිදී විහාරස්ථානයේදී පැවැත්විණි.

මේ සදහා ඇට්ලස් සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂක ගරු අසිත සමරජීව මැතිතුමන් ප්‍රමුඛ ඇට්ලස් සමාගමේ කාර්යය මණ්ඩලයේ මහත්ම මහත්මීන් සම්බන්ධ වූ අතර මෙහිදී ඓතිහාසික රිදී විහාරස්ථානයේ දායක ගම්වල දරුවන් සඳහා පමණක් අභ්‍යාස පොත් ලබාදීම සිදුකරන ලදී.

මෙම වැඩසටහන යටතේ අම්පාර, කෑගල්ල වැනි දිවයින පුරා විවිධ ප්‍රදේශ වල තෝරා ගත් දරු දැරියන් සදහා අධ්‍යාපන උපකරණ ලබා දීම ඉදිරි කාලය තුල සිදු කිරීමට නියමිතයි.

ඡායාරූප : රිදී විහාර මාධ්‍ය ඒකකය

ප්‍රංශයේ සිට රිදී විහාරස්ථානයට පැමිණි සංචාරකයින් පිරිසක් විසින් පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑමේ හදිසි ආපදා තත්ත්වයෙන් ...
06/12/2025

ප්‍රංශයේ සිට රිදී විහාරස්ථානයට පැමිණි සංචාරකයින් පිරිසක් විසින් පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑමේ හදිසි ආපදා තත්ත්වයෙන් අවතැන් වූ අපේ ම ජනතාව වෙනුවෙන් බෙදා දීම සදහා මුදල් සහ වියළි භාණ්ඩ පරිත්‍යාග කිරීම කුරුණෑගල-රිදීගම ඵෙතිහාසික රිදී විහාරස්ථානයේ භාරකාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ වෙත සිදු කෙරිණි.

පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑමේ හදිසි ආපදා තත්ත්වයෙන් අවතැන් වූ අඹකොටේ අවට පවුල් 30ක අවතැන් වූ ජනතාව සඳහා වියළි ආහාර ද...
06/12/2025

පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑමේ හදිසි ආපදා තත්ත්වයෙන් අවතැන් වූ අඹකොටේ අවට පවුල් 30ක අවතැන් වූ ජනතාව සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම කුරුණෑගල-රිදීගම ඵෙතිහාසික රිදී විහාරස්ථානයේ භාරකාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් පසුගිය දෙසැම්බර් 02 දින සිදුකෙරිණි.

පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑමේ හදිසි ආපදා තත්ත්වයෙන් නාය යෑමට ලක්වූ අලවතුගොඩ රඹකේ ඇළ ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව සඳහා ප...
06/12/2025

පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑමේ හදිසි ආපදා තත්ත්වයෙන් නාය යෑමට ලක්වූ අලවතුගොඩ රඹකේ ඇළ ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව සඳහා පානීය ජලය, සහල් ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම කුරුණෑගල-රිදීගම ඵෙතිහාසික රිදී විහාරස්ථානයේ භාරකාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් පසුගිය නොවැම්බර් 30 දින සිදුකෙරණි.

මෙම අනතුරින් අවාසනාවන්ත ලෙස මියගිය පිරිස 20ක් සහ අතුරුදහන් වූ පිරිස 50කට අධික වේ.

පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑමේ හදිසි ආපදා තත්ත්වයෙන් අවතැන් වී දෙල්විට විද්‍යාලයේ තාවකාලිකව රැඳී සිටින ජනතව සඳහා අවශ්...
06/12/2025

පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑමේ හදිසි ආපදා තත්ත්වයෙන් අවතැන් වී දෙල්විට විද්‍යාලයේ තාවකාලිකව රැඳී සිටින ජනතව සඳහා අවශ්‍ය පානීය ජලය, සහල් ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය, ⁣ඖෂධ ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීම කුරුණෑගල-රිදීගම ඵෙතිහාසික රිදී විහාරස්ථානයේ භාරකාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් පසුගිය නොවැම්බර් 30 දින දෙල්විට විද්‍යාලයේදී සිදුකෙරණි.

පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑමේ හදිසි ආපදා තත්ත්වයෙන් අවතැන් වූ දැදුරු ඔය අවට ජනතාව සඳහා පානීය ජලය,අහාර පිසින ස්ථාන සද...
06/12/2025

පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑමේ හදිසි ආපදා තත්ත්වයෙන් අවතැන් වූ දැදුරු ඔය අවට ජනතාව සඳහා පානීය ජලය,අහාර පිසින ස්ථාන සදහා සහල් ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය, අවතැන් ස්ථාන වල නවාතැන් ගන්නා පුද්ගලයින් සදහා රෙදි ලබාදීම කුරුණෑගල-රිදීගම ඵෙතිහාසික රිදී විහාරස්ථානයේ භාරකාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් පසුගිය නොවැම්බර් 29 දින සිදුකෙරණි.

අද දිනට (නොවැ.05) යෙදී තිබූ කුරුණෑගල-රිදීගම ඓතිහාසික රිදී විහාරස්ථානයේ 2025 වාර්ෂික කඨින චීවර පූජෝත්සවය ⁣බැතිමතුන් විශාල...
05/11/2025

අද දිනට (නොවැ.05) යෙදී තිබූ කුරුණෑගල-රිදීගම ඓතිහාසික රිදී විහාරස්ථානයේ 2025 වාර්ෂික කඨින චීවර පූජෝත්සවය ⁣බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

අද අළුයම කඨින චීවරය වඩමවාගත් පෙරහර ඓතිහාසික රිදී විහාරයේ බස්නායක නිළමේතුමන්ගේ නිවසේ සිට හිමිදිරි අළුයම උත්කර්ෂවත්ව කස, ගිණිබෝල, වෙස් නර්ථන සහ අලි ඇතුන් පිරිවරාගෙන රිදීගම නගරය හරහා වීදි සංචාරය කරමින් රිදී විහාරස්ථානය වෙත ලඟ වීමෙන් අනතුරුව එම කථින චීවර වස්ත්‍රය සකස් කිරීම සඳහා පූජ්‍ය හෙම්මාතගම පියදස්සී හිමිපාණන් වහන්සේ වෙත බාර දෙන ලදී.

ඉන් අනතුරුව අද දහවල් සංඝයා වහන්සේලා හැත්තෑ නමක් (70) විෂයෙහි පැවැත්වූ සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව චීවර පූජාව සහ ආනිශංස ධර්ම දේශනාව සිදු කරමින් කඨින පිංකම නිමාවට පත්විය.

ඡායාරූප : රිදී විහාර මාධ්‍ය ඒකකය

ඓතිහාසික රිදී විහාරයේ කඨින චීවර පූජා මහෝත්සවය 2025අද දිනට (නොවැ.05) යෙදී තිබෙන ඉල් පුන් පොහොය දින කුරුණෑගල-රිදීගම ඓතිහාස...
05/11/2025

ඓතිහාසික රිදී විහාරයේ කඨින චීවර පූජා මහෝත්සවය 2025

අද දිනට (නොවැ.05) යෙදී තිබෙන ඉල් පුන් පොහොය දින කුරුණෑගල-රිදීගම ඓතිහාසික රිදී විහාරස්ථානයේ 2025 වාර්ෂික කඨින චීවර පූජෝත්සවයේ කඨින චීවරය වඩමවාගත් පෙරහර ඓතිහාසික රිදී විහාරයේ බස්නායක නිළමේතුමන් චූලා බංඩාර ගුණතිලක මැතිතුමන්ගේ නිවසේ සිට හිමිදිරි අළුයම උත්කර්ෂවත්ව කස, ගිණිබෝල, වෙස් නර්ථන සහ අලි ඇතුන් පිරිවරාගෙන රිදීගම නගරය හරහා වීදි සංචාරය කරමින් රිදී විහාරස්ථානය වෙත ලඟ වීමෙන් අනතුරුව එම කථින චීවර වස්ත්‍රය සකස් කිරීම සඳහා පූජ්‍ය හෙම්මාතගම පියදස්සී හිමිපාණන් වහන්සේ වෙත බාර දෙන ලදී.

විහාරස්ථානය අවට ප්‍රදේශවාසීන් විසින් කඨින පෙරහැර වෙනුවෙන් දන්සැල් ද සංවිධානය කර තිබිණු අතර කඨින චීවර පෙරහර අවසානයේදී පෙරහරේ ගමන් ගත් ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියට අයත් මියන් රාජා හස්තියාට රිදී විහාරයේ භාරකාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ නායක හිමිපාණන් වහන්සේ විසින් පලතුරු ලබාදීමද සිදු කෙරිණි.

Address

Rideevihara Mawath
London
600040

Alerts

Be the first to know and let us send you an email when Media Unit Ridee Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media Unit Ridee Viharaya:

Share