Life in Ireland

Life in Ireland Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Life in Ireland, Digital creator, Kildare.

☘️ Life in Ireland | 🇱🇰 ➡️ 🇮🇪
සුන්දර අයර්ලන්තයේ සැබෑ අත්දැකීම් සොයා යන චාරිකාව.. 🇱🇰 From Sri Lanka to Ireland 🇮🇪
Explore the real beauty of Ireland with me! ☘️
🏠 Simple Life | 🌊 Beautiful Landscapes | 💯 Real Stories

මධ්‍යධරණී මුහුදට අයිති ඒජියන් මුහුදේ දියරැළි…අතීත ශිෂ්ටාචාරවල නොකියූ රහස් සඟවාගෙන, අදටත් ගැයෙන නිහඬ ගීතයක් වගේ… ඒ නිල් ප...
25/08/2026

මධ්‍යධරණී මුහුදට අයිති ඒජියන් මුහුදේ දියරැළි…
අතීත ශිෂ්ටාචාරවල නොකියූ රහස් සඟවාගෙන, අදටත් ගැයෙන නිහඬ ගීතයක් වගේ… ඒ නිල් පාට ඇහැට හරි සනීපයි නේද...?✨

𝑨 𝒔𝒆𝒂 𝒐𝒇 𝒃𝒍𝒖𝒆, 𝒂 𝒘𝒐𝒓𝒍𝒅 𝒐𝒇 𝒂𝒏𝒄𝒊𝒆𝒏𝒕 𝒔𝒆𝒄𝒓𝒆𝒕𝒔. 💙✨

තුර්කියේ Izmir නඟරයේ මහ විශාල ගොඩනැඟිලි,කුළුණු අතරින් දිළිසෙන හරි පුංචි පල්ලියකට මගේ හිත ඇදිලා ගියා..පුංචි වුණත් ලස්සන න...
25/08/2026

තුර්කියේ Izmir නඟරයේ මහ විශාල ගොඩනැඟිලි,කුළුණු අතරින් දිළිසෙන හරි පුංචි පල්ලියකට මගේ හිත ඇදිලා ගියා..පුංචි වුණත් ලස්සන නම් කිසිම අඩුවක් නෑ 🕌✨

නම Konak Mosque (Yalı Camii). 18 වැනි සියවසේ ඔටෝමාන් (Ottoman) ගෘහ නිර්මාණ ශෛලියේ අපූරු නිර්මාණයක්!
මේ පුංචි පල්ලියේ විශේෂත්වය තමයි, මේ පල්ලිය ඉදිකරවා තියෙන්නෙ කාන්තාවක් විසින් වීම.ඇය දානපති කාන්තාවක් (Ayşe Hanım)

ඉස්මීර් නගරයේ සුන්දරත්වය තවත් වැඩි කරන්න මේ පුංචි පල්ලියට පුළුවන් වෙලා තියෙන බව ඔයාලටත් පේනවා නේද? 🇹🇷

✨ 𝑨 𝒍𝒊𝒕𝒕𝒍𝒆 𝒑𝒊𝒆𝒄𝒆 𝒐𝒇 𝑶𝒕𝒕𝒐𝒎𝒂𝒏 𝒃𝒆𝒂𝒖𝒕𝒚 𝒊𝒏 𝑰𝒛𝒎𝒊𝒓. 🕌💙🇹🇷


24/08/2026

පෝසිලේන් බඳුනකට පණ දෙන තුර්කි කලාකාරුවන්ගේ අපූරු දක්ෂතාවය ඔයාලත් බලන්නකො එහෙනම්...!

කිසිම මිනුමක් නැතුව පෝසිලේන් බඳුනේ පියන අතින්ම හරියටම ගාණට fix වෙන්න හදන හැටි ...👌🏻💗

𝑭𝒓𝒐𝒎 𝒂 𝒍𝒊𝒕𝒕𝒍𝒆 𝒃𝒂𝒍𝒍 𝒐𝒇 𝒄𝒍𝒂𝒚 𝒕𝒐 𝒂 𝒃𝒆𝒂𝒖𝒕𝒊𝒇𝒖𝒍 𝒎𝒂𝒔𝒕𝒆𝒓𝒑𝒊𝒆𝒄𝒆… ✨🤍🇹🇷

පුංචි ලස්සන වීදියකට හෙවණ දෙන හරි අපූරු මිදිවැල්.. !🍇😍මේ වීදියේ පාර දෙපැත්තේ පුංචි පුංචි කෑම කඩ වල ඉඳන් කෑම රසවිඳින අයට හ...
23/08/2026

පුංචි ලස්සන වීදියකට හෙවණ දෙන හරි අපූරු මිදිවැල්.. !🍇
😍

මේ වීදියේ පාර දෙපැත්තේ පුංචි පුංචි කෑම කඩ වල ඉඳන් කෑම රසවිඳින අයට හෙවණ දෙන්නේ මිදි වලින් පිරිලා තියෙන මෙන්න මේ වගේ මිදි වැල්.
මේ වීදියේ නම "Asmalı Mescit" වීදිය!
නමේ තේරුම මිදි වැල් සහිත කුඩා පල්ලිය කියන එක..
ඉස්සර මෙතන පල්ලියක් තිබිලා තියෙනවලු...!

තුර්කියේ ඉස්තාන්බුල් නඟරයේ හැම තැනකම පුංචි පුංචි රස කතා හැංගිලා තියෙනවා කියලා මට හිතුණා...🇹🇷🍇

𝑰𝒔𝒕𝒂𝒏𝒃𝒖𝒍, 𝒐𝒏𝒆 𝒍𝒊𝒕𝒕𝒍𝒆 𝒔𝒕𝒐𝒓𝒚 𝒂𝒕 𝒂 𝒕𝒊𝒎𝒆. 🍇💫

තුර්කියේ පුංචිම පුංචි කෝපි කෝප්පෙක හැංගිලා තියෙන ලොකු කතාවක් දැනගමුද..?තුර්කියේදී Turkish coffee ඉල්ලන ඕන කෙනෙක්ට මෙන්න ...
23/08/2026

තුර්කියේ පුංචිම පුංචි කෝපි කෝප්පෙක හැංගිලා තියෙන ලොකු කතාවක් දැනගමුද..?

තුර්කියේදී Turkish coffee ඉල්ලන ඕන කෙනෙක්ට මෙන්න මේවගේ පුංචි කෝපි කෝප්පයක් එක්ක පුංචි වතුර වීදුරුවක්, පැණිරස කෑමක් දෙන එක සිරිතක්.. මං මේක දැක්කම හිතුවා Espresso වගේ ඇති කියලා..
ඒත් මේක ඊට වඩා වෙනස්..
මේකේ හීනියට කුඩු කරපු කෝපි කුඩු තියෙන ගතියක් අපිට දැනෙනවා.සීනි දැම්මම හැබැයි බොන්න අමාරු නෑ..Strong කෝපි රසක් එන්නෙ..එයාලා අපෙන් මුලින්ම අහනවා සීනි දාලද ඕන කියලා..
ඒ ගැනත් රස කතාවක් තියෙනවා කියන්න..
සාමාන්‍යයෙන් කෝපි හැදුවට පස්සේ සීනි දාලා හැඳි ගෑවට, තුර්කියේ කෝපි හදන්නෙ රත් කරන්න කලින්ම සීනි එකතු කරලා. දාන සීනි ප්‍රමාණය අනුව ප්‍රධාන ක්‍රම 4කට හදනවා:

Sade: සීනි පොඩ්ඩක්වත් නැහැ (තද තිත්තයි).
Az şekerli: සීනි චුට්ටක් විතරයි.
Orta: මධ්‍යස්ථ පැණිරස (ගොඩක් අය බොන්නේ මේක).
Şekerli: හොඳටම පැණිරසයි.

මේකත් එක්ක Espresso එක්ක වගේම වතුර වීදුරුවක් දුන්නට ඒක දෙන්නෙ ප්‍රධාන හේතු තුනක් නිසා..ලොකුම හේතුව Turkish culture එකේ coffee එකට වතුර දීම සාම්ප්‍රදායික serving etiquette එකක්.
කෝපි බොන්න කලින් වතුර ටිකක් බිව්වම කෝපිවල රසය උපරිමෙන් රස විඳින්න ලේසියි..
කෝපි එක බීලා ඉවර වෙලා වතුර ටිකක් බිව්වම කෝපි එකේ කුඩු ගතිය,තිත්ත ගතිය නැති කරන්න ලේසියි..
ඉස්සර තුර්කියේ ගෙදරකට අමුත්තෙක් ආවම කෝපි එකයි වතුර එකයි මේ විදිහට පිළිගන්වනවලු..කෝපි බොන්න කලින් වතුර එක බිව්වොත්, ඒ කියන්නේ අමුත්තාට බඩගිනියි (එතකොට ගෙදර ගෘහණිය කෑම ලෑස්ති කරනවාලු). කෝපි එක විතරක් බිව්වොත්,අමුත්තාට බඩගිනි නැහැ කියන එක අදහස් වෙනවලු..

𝑨 𝒍𝒊𝒕𝒕𝒍𝒆 𝒄𝒖𝒑 𝒐𝒇 𝒄𝒐𝒇𝒇𝒆𝒆, 𝒂 𝒍𝒐𝒕 𝒐𝒇 𝑻𝒖𝒓𝒌𝒊𝒔𝒉 𝒄𝒖𝒍𝒕𝒖𝒓𝒆. ☕️🇹🇷✨

☕️ 🇹🇷

තුර්කි තේ එකටයි මේ ලස්සන හුරුබුහුටි තේ කෝප්පෙටයි හිත ඇදිලා ගියා...🥰තේ කියන්නේ ලංකාවේ ඉපදුණු අපිට නම් අමුතු දෙයක් නෙවෙයි ...
22/08/2026

තුර්කි තේ එකටයි මේ ලස්සන හුරුබුහුටි තේ කෝප්පෙටයි හිත ඇදිලා ගියා...🥰

තේ කියන්නේ ලංකාවේ ඉපදුණු අපිට නම් අමුතු දෙයක් නෙවෙයි තමයි…
හැබැයි තුර්කියේ මේ තේ කෝප්පය ගැන නම් හරි ලස්සන කතා ටිකක් තියෙනවා!

මේ තමයි තුර්කි තේ — Turkish Tea (Çay). 🇹🇷☕

තුර්කියේ තේ පිළිගන්වන්නේ මෙන්න මේ වගේ පුංචි ටියුලිප් මලක හැඩය ගත්තු කෝප්පෙක විතරයි..

මේ වීදුරුවට කියන්නේ “İnce belli” කියලා. ඒකේ තේරුමත් “සිහින් ඉණක් ඇති” කියන එක..

මේ හැඩේ නිසා අතට අල්ලන්නත් ලේසියි. ඒ වගේම වීදුරුවක් නිසා තේවල පාට හරි ලස්සනට පේනවා. ☕✨

තුර්කි තේ කියන්නෙත් එයාලගෙ සංස්කෘතියේම කොටසක්. ලංකාවෙ අපිට වගේම තමයි.
මේ තේ හදන පෝච්චියත් හරිම වෙනස් ..හරියට අපේ තේ පෝච්චි දෙකක් එක උඩ එක තියලා වගේ තේ පෝච්චියකින්..
උඩ පෝච්චියේ තේ කොළ දාලා තද තේ
කහට හදාගන්නවා. පහළ පෝච්චියේ උණු වතුර තියෙනවා.

තේ හදලා දෙනකොට, ඒ තද තේ කහට ටිකක් වීදුරුවට දාලා, පහළ කොටසේ තියෙන උණු වතුර එකතු කරනවා.ඒකෙන් තමන් කැමති ගාණට තේ එකේ කහටයි පාටයි අඩුවැඩි කරගන්න පුළුවන්. ☕✨

කිරි දාලා බොන එක සාමාන්‍ය තුර්කි තේ සම්ප්‍රදායේ කොටසක් නෙවෙයි. සීනි කැමති අයට වෙනම දෙනවා.

තේ කියන්නේ රටවල් වෙනස් වුණත් මිනිස්සුන්ව එකට එකතු කරන ලස්සන මාධ්‍යයක්. ලංකාවේ ප්ලේන්ටියට වගේම, තුර්කියේ මේ 'Çay' එකටත් එයාලගේ මුළු සංස්කෘතියම බැඳිලා තියෙනවා!

𝑨 𝒍𝒊𝒕𝒕𝒍𝒆 𝒈𝒍𝒂𝒔𝒔, 𝒂 𝒘𝒉𝒐𝒍𝒆 𝒄𝒖𝒍𝒕𝒖𝒓𝒆. 🇹🇷☕✨

𝑻𝒖𝒓𝒌𝒊𝒔𝒉 𝑪̧𝒂𝒚 ❤️

සමහර රටවල් එක්ක බැඳුණු රස කෑම තියෙනවා… 🌍❤️ඒ වගේම රටවල් කීපයක රස එකතු වෙලා, ඒ කෑම තවත් රසවත් වෙන අවස්ථාත් තියෙනවා. 😍මේත් ...
22/08/2026

සමහර රටවල් එක්ක බැඳුණු රස කෑම තියෙනවා… 🌍❤️
ඒ වගේම රටවල් කීපයක රස එකතු වෙලා, ඒ කෑම තවත් රසවත් වෙන අවස්ථාත් තියෙනවා. 😍

මේත් ඒ වගේම රස කතාවක්…

“San Sebastian Cheesecake “තමයි මේකෙ නම.
සාමාන්‍යයෙන් තුර්කියේදී ඒකට උඩින් හොඳට melt කරපු බෙල්ජියම් Chocolate Sauce එකක් එක්ක තමයි රස බලන්නේ...ඒ රස ගැන ආයෙ අමුතුවෙන් වර්ණනා ඕනෙ නෑනෙ ඉතිං...

මේකේ නම ඇවිත් තියෙන්නේ ස්පාඤ්ඤයේ San Sebastián නගරයෙන්. 🇪🇸 හැබැයි අද වෙද්දි මේ cheesecake එක තුර්කියේ Istanbul නුවරේම ජනප්‍රිය dessert සංස්කෘතියේ කොටසක් වෙලා තියෙනවා. 🇹🇷

විශේෂයෙන්ම Galata Tower අවට පැරණි වීදි දිගේ ඇවිදගෙන යද්දි, එක එක ලස්සන cafés සහ dessert shops අතර San Sebastian Cheesecake එක නොදැක යන්න බැරි තරම්. 🥰

Spain 🇪🇸 නම දුන්නා…
Istanbul 🇹🇷 ඒක තමන්ගේම රස කතාවක් කර ගත්තා…
Belgium 🇧🇪 chocolate එක්ක ඒ රස දෙගුණ වුණා..

රටවල් තුනක රස එකතු වුණු Istanbul මතකයක්. ❤️🍰🇹🇷

𝑺𝒂𝒏 𝑺𝒆𝒃𝒂𝒔𝒕𝒊𝒂𝒏, 𝒃𝒖𝒕 𝒎𝒂𝒌𝒆 𝒊𝒕 𝑰𝒔𝒕𝒂𝒏𝒃𝒖𝒍!

Address

Kildare

Website

Alerts

Be the first to know and let us send you an email when Life in Ireland posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share