Suranjeewa Kodithuwakku

Suranjeewa Kodithuwakku I'm a man who seek my capacities

ආන්දන්කුලම ස්වාභාවික රක්ෂිතය (Andankulam Strict Nature Reserve / Nature Reserve) මෙය  ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටා...
28/05/2026

ආන්දන්කුලම ස්වාභාවික රක්ෂිතය (Andankulam Strict Nature Reserve / Nature Reserve)

මෙය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටා ඇති, පරිසර විද්‍යාත්මකව මෙන්ම ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ වටිනාකමක් උසුලන වැදගත් රක්ෂිතයකි. උතුරු පලාතේ ගිනිකොන මායිමට වන්නට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් සහ තඹලගමුව ප්‍රදේශවලට මායිම්ව .
​ පිහිටා ඇති මෙහි අර්ධ ශුෂ්ක හා වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර ලක්ෂණ දැකගත හැකිය.වියළි කලාපීය වනාන්තරවලට ආවේණික වීර, පලු, බුරුත, කලුවර සහ මී වැනි වටිනා දැවමය ශාක මෙන්ම ඖෂධීය ශාක රාශියක් මෙහි දැකගත හැකිය.ආසියානු අලියා (ශ්‍රී ලංකා අලියා), තිත් මුවා, ගෝනා, වල් ඌරා වලසා සහ දිවියා වැනි සතුන් විශේෂ ගනනාවකගේ වාසස්ථානයකි.
තවද මෙය ​නේවාසික මෙන්ම සංක්‍රමණික පක්ෂීන් විශේෂ රැසකගේ නවාතැනකි. රක්ෂිතය ආශ්‍රිතව ඇති කුඩා වැව් සහ ජලාශ හේතුවෙන් දියකාවුන්, පැස්තුඩුවන්, රාජාලියන් කොකුන් සහ පිළිහුඩුවන් වැනි දියබද පක්ෂීන් බහුලව ගැවසෙයි.


​මෙම වනාන්තර පද්ධතිය ප්‍රදේශයේ භූගත ජල මට්ටම පවත්වා ගැනීමට කුඩා වැව් පද්ධති සෘජුවම දායක වේ. එමඟින් රක්ෂිතයේ ශාක සහ සතුන් සඳහා අවශ්‍ය ජලය සැපයීමට විශාල පිටුවහලක් ලැබේ.
අනෙකුත් වියළි කලාපීය වනාන්තර මෙන්ම ආන්දන්කුලම රක්ෂිතය ද අනවසර දැව ජාවාරම්, හේන් ගොවිතැන සඳහා වනාන්තර එළිපෙහෙළි කිරීම් සහ දඩයම්කරුවන්ගේ බලපෑම් හේතුවෙන් තර්ජනයට ලක්ව ඇත.
​මෙම ප්‍රදේශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ නීතිමය වශයෙන් ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ එහි ඇති සුවිශේෂී පරිසර පද්ධතිය අනාගත පරපුර උදෙසා රැකගැනීමේ අරමුණිනි.

වනාන්තර රක්ෂිත ප්‍රදේශය හෙක්ටෙයාර් 15,114 ක එනම් වර්ග කිලෝමීටර 150 කට ආසන්නදැවැන්ත වපසරියකින් යුක්ත වේ.
මෙම රක්ෂිත වනාන්තරයේ ප්‍රධාන කොටස ශ්‍රී ලංකාවේ මුලතිව් දිස්ත්‍රික්කයට (විශේෂයෙන්ම මාන්කූලම් සහ මැරිටයිම්පත්තුව ප්‍රදේශවලට මායිම්ව) සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උතුරු මායිම්වලට ව්‍යාප්ත වී පවතී.
වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර (Dry Mixed Evergreen Forest)ගණයට අයත් වේ.
වසරේ වැඩි කාලයක් වියළි දේශගුණයක් පවතින (Tropical dry savanna climate) කලාපයක පිහිටා ඇති බැවින්, මෙම පරිසර පද්ධතිය දැඩි නියඟයන්ට ඔරොත්තු දීමේ සුවිශේෂී හැකියාවකින් යුක්තය. මෙම රක්ෂිතය උතුරු සහ නැගෙනහිර පළාත් යා කරන ප්‍රධාන අලි සංක්‍රමණික තීරුවක් (Elephant Corridor) ලෙස ක්‍රියා කරයි. වන අලින් විශාල වශයෙන් මෙහි ගැවසෙන බැවින් වනාන්තරයේ පැවැත්මට එය අත්‍යවශ්‍ය සාධකයකි.
වීර, පලු, බුරුත, සහ දඩවැර (Drypetes sepearia) වැනි වියළි කලාපීය ශාක බහුලව දැකිය හැකිය.
මෙම වනාන්තර කලාපය සහ ඒ අවට ප්‍රදේශය ඓතිහාසික වශයෙන් ද වැදගත් වේ. විශේෂයෙන්ම ත්‍රිකුණාමලය දෙසට වන්නට පිහිටි ආන්දන්කුලම කඳු වැටිය ආශ්‍රිතව අතීත අනුරාධපුර යුගයට අයත් කටාරම් කෙටූ ලෙන් සහ පැරණි ආරාමික නටබුන් (වර්තමාන ආනන්දකුලම තිස්ස ආරණ්‍ය සේනාසනය) දැකගත හැකිය.
අනවසර එළිපෙහෙළි කිරීම් විවිධ සංවර්ධන ව්‍යාපෘති, කෘෂිකාර්මික කටයුතු සහ දේශපාලනමය මැදිහත්වීම් මත මෙම රක්ෂිතයේ විශාල වනාන්තර ප්‍රමාණයක් වරින් වර අනවසරයෙන් එළිපෙහෙළි කිරීමට ලක්ව ඇත.වනාන්තරයේ මායිම් අවහිර කරමින් සිදුකරන මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වර්තමානයේ මෙම කලාපය ආශ්‍රිතව ද අලි-මිනිස් ගැටුම් වර්ධනය වීමේ අවදානමක් මතුව තිබේ.

ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම ආන්දන්කුලම රක්ෂිතය නීතිමය වශයෙන් ආරක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කර නඩත්තු කරනු ලබයි.

ලිපිය සකස්කලේ

Suranjeewa Kodithuwakku

ඒකාලේ සිද්ද වෙච්ච කතාවක් මේ.....නියම වීරයෙක් කියලයි කියන්නේ.....අස්සයාගෙ පිටින් එයා ගමන් යයි.. ඒයාට කවුරුත් කිව්වේ කවුද ...
02/05/2026

ඒකාලේ සිද්ද වෙච්ච කතාවක් මේ.....
නියම වීරයෙක් කියලයි කියන්නේ.....
අස්සයාගෙ පිටින් එයා ගමන් යයි..
ඒයාට කවුරුත් කිව්වේ කවුද බෝයි….
අසාධාරණෙ මෙයාට පෙන්නන්න බෑ
ඇයි එයාට අසාධාරණෙ පෙන්නන්න බැරි? ඇහ්...හ්හග

"පරණ මතකයන් අලුත් කරමින් කවුද බෝයි නැවතත් තිරයට! 🎬🏜️

අපි පොඩිකාලෙ සිරස tv විකාශය වුනු සාධාරණය වෙනුවෙන් පෙනී සිටින, ජුන්ඩයියයි. මොටයියයි. සිමයියයි. බන්ඩයියයි හතර දෙනා හැමදාමත් අන්දවන කවුද බෝයි ගේ අලුත් TV Series එක මේ වසරේ නිකුත් වුණා. මම පොඩි කාලේ ඉඳන්ම මේ කාර්ටුන් එකේ ලොකු රසිකයෙක්. විශේෂයෙන්ම ඒ කාලේ නිර්මාණයේ තිබුණු හාස්‍යය සහ ක්‍රියාදාම මේ අලුත් නිර්මාණය තුළත් දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

කවුද තාමත් කවුද බෝයි ට ආදරේ? පල්ලෙහයින් comment එකක් දාගෙන යමු. 👇

මොකක්ද මේ අයන් බීම් කියන්නේ...? අයන් බීම් (Iron Beam) යනු ඊශ්‍රායලය විසින් නිපදවන ලද ලොව ප්‍රථම සහ බලවත්ම ලේසර් පාදක ගුව...
26/03/2026

මොකක්ද මේ අයන් බීම් කියන්නේ...?

අයන් බීම් (Iron Beam) යනු ඊශ්‍රායලය විසින් නිපදවන ලද ලොව ප්‍රථම සහ බලවත්ම ලේසර් පාදක ගුවන් ආරක්ෂක පද්ධතියයි. මෙය සම්ප්‍රදායික මිසයිල ආරක්ෂණ පද්ධතිවලට වඩා හාත්පසින්ම වෙනස් තාක්ෂණයක් භාවිතා කරමින් ක්‍රියාත්මක වේ.

අයන් බීම් යනු කුමක්ද?

අයන් බීම් යනු අධි-ශක්ති ලේසර් කිරණ (High-Energy Laser - HEL) මගින් සතුරු ඉලක්ක විනාශ කරන පද්ධතියකි. ඊශ්‍රායලයේ Rafael Advanced Defense Systems ආයතනය මෙහි ප්‍රධාන නිපදවන්නා වන අතර, Elbit Systems ආයතනය මෙහි ලේසර් තාක්ෂණය සැපයීමට දායක වේ.

Rafael Advanced Defense Systems සමාගම කියන්නෙ ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක යුද්ධයේ අහසේ වික්‍රමයන් පෑ කෆීර් ප්‍රහාරක ගුවන් යානා නිපදවූ සමාගමයි.

භාවිතා වන තාක්ෂණය

* අධි-ශක්ති ලේසර් (HEL): මෙහිදී කිලෝවොට් 100 ක (100kW class) ශක්තියක් සහිත ලේසර් කිරණයක් භාවිතා කරයි.
* ඉලක්ක හඳුනාගැනීම: රේඩාර් පද්ධතියක් මගින් සතුරු ප්‍රහාරය හඳුනාගත් පසු, තාප කැමරා (Thermal camera) මගින් එම ඉලක්කය පසුපස හඹා යයි.
* නිරවද්‍යතාව: ලේසර් කිරණය කාසියක ප්‍රමාණයේ කුඩා ස්ථානයකට නාභිගත කර තත්පර කිහිපයක් රඳවා තැබීමෙන් ඉලක්කය විනාශ කරයි.
* Adaptive Optics: වායුගෝලීය බාධා මධ්‍යයේ වුවද ලේසර් කිරණය විසිරී නොගොස් ස්ථාවරව පවත්වා ගැනීමට මෙම තාක්ෂණය යොදාගනී.,

පද්ධතියේ ප්‍රධාන වාසි

* අඩු පිරිවැය: අයන් ඩෝම් (Iron Dome) පද්ධතියේ එක් මිසයිලයක් සඳහා ඩොලර් 50,000 ක් පමණ වැය වන අතර, අයන් බීම් මගින් එක් ප්‍රහාරයක් එල්ල කිරීමට වැය වන්නේ ඩොලර් කිහිපයක් පමණි.
* අසීමිත පතොරම් (Unlimited Magazine): විදුලිය පවතින තාක් කල් ඕනෑම වාර ගණනක් ප්‍රහාර එල්ල කළ හැකිය.
* වේගය: ලේසර් කිරණ ආලෝකයේ වේගයෙන් ගමන් කරන බැවින් ආලෝකයේ වේගයෙන් ඉලක්ක වෙත ළඟා වේ.
* අවම අතුරු හානි: මිසයිල කැබලි වැටීමෙන් සිදුවන හානි මෙහිදී අවම වේ.

අභියෝග සහ සීමාවන්
මෙම පද්ධතියේ ප්‍රධානතම අභියෝගය වන්නේ අයහපත් කාලගුණයයි. දූවිලි, වැලි කුණාටු, මීදුම, වර්ෂාව හෝ වලාකුළු පවතින විට ලේසර් කිරණයේ බලය අඩුවීම හෝ විසිරී යාම සිදුවිය හැකිය. එබැවින් මෙය ස්වාධීන පද්ධතියක් ලෙස නොව, අයන් ඩෝම් වැනි පද්ධති සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක වේ.
2025 වසරේ අගභාගයේදී අයන් බීම් පද්ධතිය ඊශ්‍රායල ගුවන් හමුදාව වෙත නිල වශයෙන් භාර දෙන ලද අතර, එය දැනටමත් ක්‍රියාකාරී මට්ටමේ පවතී.

17/03/2026

ඊශ්‍රායල් වල තියෙන විශාලතම විදුලි බලාගාරය වුණු හදේරා විදුලි බලාගාරයේ cooling system එකෙන් එන උණුවතුර නාන්න එන මෝරු බලන්න ගියා

ඒක අධි ආරක්ෂක ප්‍රදේශයක් නිසා ඒක ඇතුලේ ඡායාරූප සහ වීඩියෝ ලබා ගැනීමට ඉඩ දෙන්නේ නෑ. නමුත් තමන්ගේ දෑසින් නරඹන්න පුළුවන්

Address

Central Haderah
Haderah

Website

Alerts

Be the first to know and let us send you an email when Suranjeewa Kodithuwakku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share