24/06/2025
මතකනේ Titan submersible. ටයිටැනික් සුන්බුන් බලන්න යන අතරමගදි මුහුදේ අඩි 3,300 පමණ ගැඹුරෙදි පුපුරලා ගියේ. යාත්‍රාව දියත් කරලා විනාඩි 90 කට විතර පස්සේ පුපුරා ගිහිපු Titan යාත්‍රාවේ ඉදපු ධනවතුන් දෙදෙනෙක්, විශේෂඥයෙක් ඇතුලු පස්දෙනාම මිය ගියානේ. ඒ සිදුවීම උනේ 2023 අවුරුද්දේ මේ වගේ දිනවල. දවස් තිහිපයකට පස්සේ අද වගේ දවසක submersible එකේ සුන්බුන් සොයා ගන්කකම් මුළු ලෝකයේම අවධානය දිනාගත්ත සිදුවීමක් උනා ඒ අනතුර.
ඒ අනතුර වෙච්ච වෙලාවේ ගොඩාක් අය කියපු කතාවක් තමයි අනිවාර්ය්‍යෙන් මේ ගැන movie එකක් එයි කියලා. ඒ කිව්වා වගේම අනතුරට අවුරුදු දෙකක් පිරෙන්න ඕන්න මෙන්න තියෙද්දි Netflix වලට මේ ගැන Documentary එකක් ආවා. Titan: The OceanGate Disaster නමින්. ගොඩක් අය ඒක බලලා තිබුනි වගේම ඒ ගැන ගොඩක් තැන්වල කතා බහ කරලා තිබුනා. ඒ documentary එකට අනුව නම් ඒ ගමන තනිකරම OceanGate එකේ අයිතිකාරයා වෙච්ච ස්ටොක්ටන් රෂ්ගේ හිතුවක්කාරකමට ගිහිපු ගමනක්. පුපුරනවා කියලා දැන දැනම ගිහිපු ගමනක්.
ඒක බැලුවම තේරෙන දෙයක් තමයි Titan submersible එක කියන්නේ company එකේ CEO ඇරෙන්න එතනින් පහල හිටපු සියළුම දෙනා විරුද්ධ වෙද්දි කියාත්මක කරපු ව්‍යාපෘතියක්. මට තේරෙන්නනැතතේ එහෙම කම්පැණි දුවන්න පුළුවන්ද. අයිතිකාරයා වැඩක් කරද්දි එතනින් පහල ඉන්න සේරම ඒකට විරුද්ධ වෙනවා නම් කොහොමද ඒ කම්පැණියක් පවතින්නේ. රෂ්ගේ තිබුනු උද්ධච්චකමත් මෝඩකමත් නිසා කිසි කෙනෙක් කියපු දෙයක් තඹේකට මායිම් නොකර ගිහිපු ගමනක් ඒක.
ඒ documentary එකට අනුව Titan එක ඔය ගමන යන්න කලින් පරීක්ෂන චාරිකා 80 ක් කරලා තියනවා. ඒ හැම එකකින්ම වගේ ඔප්පු වෙලා තියනවා ඒ යානය හදලා තියන කාබන් ෆයිබර් ඕනෑම වෙලාවක පුපුරලි යන්න පුළුවන් කියන එක. නමුත් ඒ වාර්ථි කිසිවක් ගණන් නොගෙන තමයි රෂ් මේ ගමන ගිහින් තියෙන්නේ. මිනිහට ඕනෑ වෙලා තියනවා එලොන් මස්ක් වගේ අමුතු ජාතියේ මිනිහෙක් වෙන්න. අන්තිමට ඒ ගමන ඉවර උනේ අත්ලාන්ත්ක් සාගර පතුලේ කුඩු සාඩින් වෙලා. ලෝකේ කිසිම තැනක කාබන් ෆයිබර් ඔච්චර ගැඹුරකදි, ඔච්චර පීඩනයකදි පරික්ෂා කරලා බලපු වාර්ථාවක් නෑ. එහෙම තියෙද්දි මරණය අතේ තියාගෙන ගිහිපු ගමනක් තමා ඔය.