Fiona

Fiona 💕🦋🤍
මේ ලියන්නෙ ඔයාට!
1111
(1)

10/05/2026

It’s all about the nature 💚

10/05/2026

A reader lives a thousand lives before he dies.” — George R.R. Martin
(And today, I started another one 📚)

26/04/2026

Sundays in Bologna
🌸🇮🇹

26/04/2026

Spring days

හය වන දිගහැරුම (ආත්මයේ ගිවිසුම) 🩸ඒ සීතල, අස්ථිමය දෑත් වලින් සහන්ව තදින් බිත්තියට තද කරද්දී, මගේ මුළු ශරීරයම වෙව්ලන්නට ගත...
06/12/2025

හය වන දිගහැරුම (ආත්මයේ ගිවිසුම) 🩸

ඒ සීතල, අස්ථිමය දෑත් වලින් සහන්ව තදින් බිත්තියට තද කරද්දී, මගේ මුළු ශරීරයම වෙව්ලන්නට ගත්තේ දරාගත නොහැකි භයකින්.
මාව මුලින්ම ග්‍රහණය කරගත්තේ සීතල අත් තුනකින්. ඒවා මගේ සමට කිඳා බසිමින්, මාව මහ ගුප්ත අන්ධකාරයකට ඇදගෙන යන්නට උත්සාහ කළා.

"සහන්!" මං කෑගැසුවා.

සහන්ගේ මුහුණ වේදනාවෙන් විකෘති වී තිබුණා.
ඔහුගේ කටහඬ යාන්තමින් ඇසුණා:

"සුදූ... මේ... මේක ඇත්තක් නෙවෙයි! මේක එයාගේ... එයාගෙ ඔලුවෙ තියෙන විකාරයක්!"

ඒත් එක්කම, අඳුරු කොරිඩෝරයේ ඈත කෙළවරින් තවත් කටහඬවල් දෙකක් ඇහෙන්න පටන් ගත්තා!

"ඇන්ජෙලෝ... ඔහුව අතාරින්න! ඔයාට එහෙම කරන්න බෑ!"

"ඔව්! එයා අපිට පොරොන්දු වුණා!"

අපි දෙන්නා හැරිලා බැලුවා. ඒ කටහඬවල් ආවේ පුස්තකාලය දෙසට විවෘත වූ දොරටුවෙන්!

එතන හිටියේ තවත් දෙදෙනෙක් ඒ වික්ටෝරියා සහ මාකෝ.
වික්ටෝරියා කියන්නේ මේ ගොඩනැගිල්ලේම පහළ මහලේ ඉන්න, හැමදාම සාද පවත්වන කෙනෙක්. මාකෝ ඇගේ පෙම්වතා. මේ දෙන්නාට මේ අවතාර සිදුවීම් ගැන කිසිම දැනුමක් තිබුණේ නැහැ.

ඔවුන් දෙදෙනාම ඇස් විශාල කරගෙන, බියෙන් දැඩි වී සිටියා. ඔවුන්ගේ ඇස්වල තිබුණේ අපට වඩා දරුණු වූ, අමනුෂ්‍ය භීතියක්.

"නෑ... ඔයාලා... ඇයි ඔයාලා ආපහු ආවේ!"

බිත්තියෙන් මතුවූ සීතල දෑතට අයිති සෙවණැල්ල, වේදනාවෙන් ගොරවන හඬක් නැඟුවා.

මාකෝ වික්ටෝරියාව පිටුපසට තල්ලු කරමින්, කෑගැසුවා: "ඇන්ජෙලෝ! ගිවිසුම කඩ කරන්න එපා! අපිට එයා ඕනේ! ඔයා අපිට පොරොන්දු වුණා!"

"ගිවිසුම? මොන ගිවිසුමක්ද?" මං කෑගැසුවා. මගේ සිත භීතියෙන් සහ ව්‍යාකූලත්වයෙන් පිරී තිබුණා.

"ඔයා... ඔයාලා... ඔයාලා හැමෝම එයාට ඕනේ!"

අත්වල ග්‍රහණය මගේ ශරීරය වටා තවත් තද වුණා. මට දැනුණා මගේ අස්ථි පවා ඇදෙනවා වගේ.

මගේ ග්‍රහණයෙන් මිදීමට උත්සාහ කරමින්, මං මගේ ශරීරය විද්‍යුත් කම්පනයකට ලක් කරමින් මගේ ඉතිරි ශක්තිය මුදා හැරියා. මගේ සිතේ තිබුණේ
සහන්ව නිදහස් කරගැනීමේ සිතුවිල්ල විතරයි. මගේ ආදරයේ බලය, ඒ අමනුෂ්‍ය බලවේගය සමග සටන් කළා.

නමුත් ඒ අමනුෂ්‍ය දෑත් මාව තවත් තදින් ඇදගත්තා.
ඒවා මගේ ඇඳුම් ඉරා දමමින්, මගේ සමටම ඇතුල් වෙන්න උත්සාහ කළා. මගේ මුළු සිරුරම නොපෙනෙන ලෙසින් රිදවමින් තිබුණා.

ඒ මොහොතේ, මගේ ඇස් ක්ෂණිකව සහන්ගේ මුහුණ මතට යොමු වුණා. එයාගේ ඇස්වල නැවතත් කළු පැහැය මතුවෙන්නට පටන් ගෙන තිබුණා.

"දැන් ඔයාට යන්න බෑ....මගේ ආදරය! ඔයා මගේ!"
සහන්ගේ කටහඬේ තිබුණේ සෙවණැල්ලේ කටහඬේ දෝංකාරයයි.

"නෑ! මං ඔයාගේ නෙවෙයි! ඔයා මගේ සහන්!"

මං මගේ ඉතිරිව තිබූ මුළු ආත්මයේ ශක්තිය යොදාගෙන, එයාගේ තොල් පෙති වෙතට ළං උනේ, උමතුවෙන් වගේ, හාදුවක් දෙන ගමන්.

මගේ ඒ වැළඳ ගැනීම නිසාම ඒ සෙවණැල්ලේ බලය මොහොතකට හෝ අඩාල උනා. සහන්ගේ කළු වූ ඇස්වලට මිනිස් ආත්මයක දීප්තිය ආයෙමත් ආවා!

සහන් වේදනාවෙන් කෑගැසුවා: "දුවන්න සුදූ! යතුර... යතුර දොරට දාන්න!"

මං මගේ දෑතින් මිදී, කොරිඩෝරයේ අවසානයේ තිබුණු යකඩ දොර ළඟට දිව්වා. මේ අතර, මාකෝ සහ වික්ටෝරියා දෙදෙනාම බිත්තියට තද වී කෑගසමින් සිටියා.

"උපකාර කරන්න! අපිට යන්න බෑ! ඇන්ජෙලෝ අපිට පොරොන්දු වුණා! ඔයා අපේ ආත්මය අරගන්න ඕනේ!" වික්ටෝරියාගේ කටහඬේ තිබුණේ බියට වඩා, ඉල්ලීමක්!

යතුර අගුලට දාන්නට උත්සාහ කරද්දී, මගේ අත වෙව්ලන්න ගත්තා.

එක්වරම, දොරටුවට උඩින් වූ බිත්තිය පුපුරලා, දරුණු, කළු පැහැති සෙවණැල්ලක් මා දිහාට එන්න උනා!

ඒක ලන්සා මහත්මියගේ වියරු රූපය!

"මං ඔයාට එන්න කිව්වේ නැහැ!"
ඇය විලාප තියමින්, මගේ උරහිස මතට ඇගේ රුදුරු නියපොතු එබ්බුවා!

මගේ කටින් දරුණු විලාපයක් පිටවුණා!

ඒ වේදනාවත් එක්කම, මගේ දෑතේ තිබුණු යතුර බිමට වැටුණා!

ඒ මොහොතේම, වික්ටෝරියා සහ මාකෝ දෙදෙනාම, බිත්තියට තද වී, කළු දුමාරයක් බවට පත් වුණා! ඔවුන්ගේ ආත්මයන්, ඒ අමනුෂ්‍ය බලවේගය විසින් උරා ගන්නවා මං දැක්කා! ඔවුන්ගේ වේදනාත්මක විලාප, කොරිඩෝරයේ දෝංකාර දුන්නා.

දැන් ඒ සෙවණැල්ලේ බලය තුන් ගුණයකින් වැඩි වෙලා!

"නෑ! යන්න දෙන්න අපිට!" මං කෑගැසුවා. මගේ මුළු ජීවිතයම මේ බිහිසුණු තත්පරයේ තීරණය වෙනවා!

ඊගාව කොටසින්.
#සිංහලකතා 🇮🇹🗝️

06/12/2025

Love this Vibe

06/12/2025

Love this taste 🍊☕🍻

06/12/2025

Bologna 🇮🇹

පස් වන කොටස(නිරයේ වැළඳ ගැනීම) 🔥කළු සෙවණැල්ල මුළු කාමරය පුරා පැතිරෙමින්, අප දෙදෙනා වටා දැඩි ව වෙලෙද්දි, මට දැනුණේ මුළු ලෝ...
06/12/2025

පස් වන කොටස
(නිරයේ වැළඳ ගැනීම) 🔥

කළු සෙවණැල්ල මුළු කාමරය පුරා පැතිරෙමින්, අප දෙදෙනා වටා දැඩි ව වෙලෙද්දි, මට දැනුණේ මුළු ලෝකෙම මගේ ඔලුව උඩ කඩා වැටෙනවා වගේ. ඒ ග්‍රහණය, ශාරීරික වේදනාවට වඩා පුදුමාකාර මානසික පීඩනයක් ඇති කළා. මගේ පෙනහළුවල පවා, කැටි ගැහෙනව වගේ දැනුණා.

සහන් වේදනාවෙන් කෙඳිරි ගාමින්, තවමත් මගේ අත අල්ලාගෙන සිටියා. ඔහුගේ උරහිසෙන් කළු දුමාරය පිට වූ තැන, දැන් තිබුණේ ලේගලන වීදුරු කැපුමක් පමණයි.

"සුදූ... මේ... මේක අපේ වැරැද්දක් නෙවෙයි. මාව විශ්වාස කරන්න..." ඔහු මිමිණුවේ, බියෙන් ඇස් පියාගෙනයි.

මගේ ඇස්වලට කඳුළු කැට පිරෙද්දි මං දැඩිව ඔහුගේ අත අල්ලා ගත්තා. "මං දන්නවා මගේ රත්තරනේ... මං ඔයාව දාලා යන්නේ නෑ!"

ඒත් එක්කම, ඒ කළු හෙවනැල්ල තවත් අපිට ළං වුණේ හරියටම අන්ධකාරයේ බිහිසුණු ආත්මයක් වගේ. මගේ කන ළඟින් ආයෙමත් ඒ සීතල, ගැඹුරු ස්ත්‍රී කටහඬ ඇහුණා.

"උබේ ආදරය... මට එපා! මට ඕනේ උබව! උබ මාගේ!"

සහන්ගේ අත මගේ අතින් ලිස්සා යන්නට පටන් ගත්තා!

"නෑ!!! යන්න එපා!" මං වියරුවෙන් එයාගේ අත තදින් අල්ලා ගත්තා.

"සුදූ... මට... මට දැනෙනවා... කවුරු හරි මාව අදිනවා වගේ..." සහන් කෑගැහුව. ඔහුගේ මුහුණ බියෙන් විකෘති වෙලා තිබුණා.

ඒ කළු හෙවනැල්ල, අප දෙදෙනා අතරින් බේදයක් ඇති කරන්නට උත්සාහ කළා.
මට දැනුණා අපේ ආදරය, අපේ බැඳීම, විශාල නොපෙනෙන බලවේගයක් විසින් දෙකඩ කරන්න උත්සාහ කරනවා වගේ.

මං සහන්ගේ මුහුණ මගේ දෑතට ගත්තා. "මාව බලන්න සහන්! මාව බලන්න! ඔයා මගේ! අපි එකට ඉන්නවා! මේක හීනයක්! මේක නැති වෙලා යන්න ඕනේ!"

"මං ඔයාට ආදරෙයි මගේ පන වගේ!"

මගේ තොල් පෙති එයාගේ සීතල දෙතොල් හොයන් ගියේ ඉබේටම,

ඒත් එක්කම... මහ විශාල කම්පනයක් ඇති වුණා!

මට හිතුනෙ ඒ කළු සෙවණැල්ලට වඩා මගේ ආදරය ශක්තිමත්.

මොකද ඒ හෙවණැල්ල, වේදනාවෙන් විලාප තියන්නට පටන් ගත්තා!

"ආ...! ඇති! නවත්තපන්! මේක මගේ... මගේ..."

කාමරයේ බිත්ති වෙව්ලන්න ගත්තා. බිම තිබුණු කැඩුණු වීදුරු කැබලි ඉබේම උඩ පාවෙන්න උනා!

මං සහන්ගේ තොල්වලින් ඈත් වුණේ නැහැ. මං තවත් තදින් එයාට තුරුල් වුනේ ඇස්වලින් කදුලු කැට රූටද්දි.

මට දැනුණේ මගේ ශරීරය ඇතුළෙන් උණුසුම් ශක්තියක් පිට වෙනවා වගේ. ඒක ඒ කළු සෙවණැල්ලට විරුද්ධව සටන් කරනවා වගේ!

තව තවත් විශාල විලාපයක් දුන් ඒ සෙවණැල්ල, සුළි කුණාටුවක් වගේ ගුලි වෙන්නට පටන් ගත්තා. ඒක ගුලි වෙලා, බිත්තියේ තිබුණු කලු පැල්ලමට ඇතුල් වුණා!

සියල්ල සන්සුන් වුණා.

විදුලි පහන් ආයෙමත් දැල්වී නිවුණා.

මං සහන්ව අත්හැරියා. එයා වෙව්ලමින්, හුස්ම ගනිමින් සිටියා. එයාගේ ඇස්වල ගැබ්වෙලා තිබ්බෙ මං කවදාවත් දැක්කෙ නැති තරමෙ ආදරයක්.

"සුදූ... ඔයා... ඔයා මාව බේරගත්තා..."

මං නැගිටලා, කුස්සියේ දොරටුව ළඟට ගියා. ඒ කළු පැල්ලම තවමත් තිබුණා. ඒත් ඒක දැන් මුද්‍රා තබා ඇති බවක් දැනුණා.

"නෑ... ඒක ඉවර වුණේ නැහැ සහන්..." මං මිමිණුවා. "ඒක දැන් ඒ බිත්තිය ඇතුළේ හිර වෙලා. මේ ගේ... මේක සොහොන් බිමක්!"

මං කාමරයට ආපහු එද්දී, ඇඳ මත තිබුණු රතු අත් සලකුණ දිහා බැලුවා. ඒක මැකිලා ගිහින්!

ඒත් බිම කඩ වී ගිය පින්තූරය ගාව... කුඩා, පරණ යතුරක් තිබුණා! ඒක කිසිම දවසක අපේ ගෙදර තිබිලා නැහැ.

"මේ මොකක්ද?" මං යතුර අතට ගත්තා. ඒක අයිස් වගේ සීතලයි.

සහන් මගේ ළඟට ආවා. "ඒක... මේ ගෙදරට අයිති යතුරක් වෙන්න ඇති. හැබැයි අපි මේ යතුර දැකලා නෑ..."

ඒ යතුරේ තිබුණේ ඉතා පරණ ලෝහමය සුවඳක්. මං ඒක මගේ අතේ තදින් අල්ලා ගත්තා.

ඒ මොහොතේ... නිවසෙන් පිටත...

ගැහැනියකගේ වේදනාත්මක විලාපයක් ඇහුණා! ඒක හරිම දුරින් ඇහුණත්, හදවතට කිඳා බසින විලාපයක්.

"සහන්... ඒක... ඒක කවුද? එයාට රිදෙනවා..."

සහන් මාව තදින් අල්ලා ගත්තා. "අපි බලමු සුදූ. අපි මේ යතුර අරගෙන බලමු. සමහරවිට මේක මේකේ අවසානය වෙන්න පුළුවන්..."

අපේ බිය තවමත් ඉහළයි. ඒත් දැන් ඒ බියට කුතුහලයකුත් එකතු වෙලා. මේ ගේ තුළ තවත් මොනවා සැඟවී තිබෙනවද?

අපේ නිවසින් පිටතින් ඇසුණු ඒ ගැහැනු විලාපයත්, අතේ තිබෙන අයිස් සේ සීතල යතුරත් නිසා මගේ හද ගැස්ම වේගවත් වුණා. සහන් මාව තදින් තුරුල් කරගෙන, බියෙන් ගැහෙමින් සිටිනවා. මේ බිය උපදවන මොහොතේත්, ඔහුගේ ශක්තිමත් දෑත් මට දුන්නේ අනපේක්ෂිත සැනසීමක්.

"මං මේ යතුර දැකලා තියෙනවා වගේ දැනෙනවා සුදූ..." සහන් යතුර දෙස බලමින් මිමිණුවා.

"මේක... මේක මේ බිල්ඩිමේ තියෙන පුස්තකාලයේ යතුර වගේ."

"පුස්තකාලයක්?" මං පුදුමයෙන් ඇහුවා.

"සහන්, මේ අපාර්ට්මන්ට් එකේ පුස්තකාලයක් තියෙන්නේ කොහේද? මේක පොඩි තැනක් නේ!"

"මේක ඉස්සර... ගොඩක් ඉස්සර ලොකු මන්දිරයක් වෙලා තිබිලා තියෙනවා.
ඊට පස්සේ තමයි කොටස්වලට කඩලා අපාර්ට්මන්ට් හැදුවේ.
මං බිල්ඩින් එක ගැන ඩීල් එක අත්සන් කරනකොට ලියකියවිලිවල දැක්කා, පහළ මාලයේ භූගත කොටසක් ගැන සඳහනක් තිබුණා... ඒක බිල්ඩිං එකේ හැමෝටම වහලා තියෙන්නේ. ඒකේ තිබුණා 'නොපෙනෙන පුස්තකාලය' කියලා නමක්."

"ඒ කියන්නේ මේ යතුර ඒකටද?"

මං ඇහුවේ භීතියෙන්. අපි මේ සොයාගැනීමෙන් ඈත් වෙන්න ඕනේ කියලා මගේ හිත කිව්වත්, මට දැනුණේ පාලනය කළ නොහැකි කුතුහලයක්. අපිට මේකේ අවසානය දැනගන්න ඕනේ වුණා.

"බලමු..." සහන් දොර ඇරගෙන එළියට යන්නට හැදුවා.

"එපා! තනියම යන්න එපා!"
මං එයාගේ අත තදින් අල්ලා ගත්තා.

"අපි එකට යමු. මොන දේ තිබුණත්, අපි දෙන්නා එකට මුහුණ දෙමු."

මං හරි ආශාවෙන් එයාගෙ ඇඟට තුරුල් වුණේ මේ භීෂණය ටිකකට හෝ අමතක කර ගන්නටයි. එයාගේ උණුසුම මට ශක්තියක් වුණා.

"අපි මේක ඉවර කළොත්, මෙතනින් ගැලවුනොත්..මං පොරොන්දු වෙනවා, අපේ ජීවිතේ ලස්සනම දවස් ගත කරන්න අපි යං රෝම්!"
මං සහන්ගේ කනට කරලා මිමිණුවා. ඒ වදන් මේ බිහිසුණු මොහොතේත් ඔහුගේ ඇස්වලට දුෂ්ට ආශාවක දීප්තියක් ගෙනාවා.

අපි හිමින් හිමින් පඩිපෙළ බැහැගෙන ගියා. සෑම පියවරකදීම, පරණ ලී බිමෙන් අමුතු කෙඳිරිලි ඇසුණා. මේක හරිම නිහඬයි.
සාමාන්‍යයෙන් මේ වෙලාවට පහළ තට්ටුවල මිනිස්සු ඉන්නවා.
ඒත් දැන්... මරණයේ නිහැඬියාවක්!

තුන්වන තට්ටුවෙන් පහළට එද්දී, අපි දුටුවේ පැරණි, දිරාපත් වූ, යකඩ දොරක්. ඒක බිත්තියේ සැඟවී තිබුණා වගේ.

"මේක තමයි ඒක," සහන් මිමිණුවා.

මං එයාගේ අතේ තිබුණු යතුර අරගෙන, අගුලට දැම්මා. ඝෝර ශබ්දයක් නංවමින් අගුල ඇරුණා!

දොර ඇතුළේ තිබුණේ ගැඹුරු අඳුරක් සහ පිළුණු, පරණ ලේ ගඳක්!

අපි දෙන්නා ඇතුළට යන්නට සූදානම් වෙද්දී, පඩිපෙළේ උඩ කෙළවරින් කටහඬක් ඇහුණා.

"ආහ්... ඔයාලා... අවසානයේදී එතනට ගියා නේද?"

අපි භීතියෙන් ගැස්සිලා, හැරිලා බැලුවා.

එතන හිටියේ ලන්සා මහත්මිය අපේ ගොඩනැගිල්ලේ පරණම පදිංචිකාරිය.
අවුරුදු හැත්තෑවකට ආසන්න, නිහඬ, හැමදාම කළු ඇඳුම් අඳින අමුතු කාන්තාවක්. ඇගේ ඇස් දෙක විශාල වෙලා, ඒ දිහා බලාගෙන ඉන්නවා. ඇගේ මුහුණේ තිබුණේ නපුරු, වියරු සිනහවක්!

"නැවතීමක් නෑ... අවසානයටම යන්න ඕනේ... ඔයාට එයාගේ ආදරේ හොයාගන්න පුළුවන්" ඇය වියරු ලෙස කෑගැසුවා.

"ලන්සා මහත්මිය... මොනවද මේ කියන්නේ?" සහන් බියෙන් ඇහුවා.

"මගේ ආදරණීය පුතා... ඇන්ජෙලෝ... එයා... එයා තවමත් බලාගෙන ඉන්නවා... ඔයාගේ ආත්මය වෙනුවෙන්!" ලන්සා මහත්මිය සිනාසුණේ පිස්සුවෙන් වගේ.

ඒත් එක්කම, ඇය දෑත්වලින් මුහුණ වසාගෙන, දරදඬු ලෙස අඬන්නට පටන් ගත්තා!

"ඇන්ජෙලෝ... ඔයා... ඔයා ආයෙත් ඇවිත්... ඒත් ඇය එක්ක! මං ඔයාට එන්න කිව්වේ මං ළඟට..."

ඇය කෑගසමින්, ඇය ඉදිරිපිට තිබූ බිත්තියක් දිහාට දුවගෙන ගියා. ඇයගේ ශරීරය බිත්තියට වැදුණු සද්දයත් එක්කම...
ඇය බිත්තියටම කිඳා බැස්සා!

ඇය අතුරුදහන් වුණා!

අපි දෙන්නා බියෙන් වෙව්ලුවා. මං සහන්ගේ ඇඟට තුරුල් වුණේ මගේ ජීවිතේ බේරගන්නට.

"දෙවියනේ! මේක... මේක හොල්මන් ගෙයක්!"

සහන්ගේ දෑස්වල තිබුණේ දැඩි තීරණයක්. "අපි ආපහු හැරෙන්නේ නෑ සුදූ! මේ ඔක්කොම ඉවර කරන්න ඕනේ. එයා කවුරු වුණත්, ඇන්ජෙලෝ වුණත්, ලන්සා වුණත්... අපි මේකෙන් ගැලවෙන්න ඕනේ!"

අපි දෙන්නා අත්වැල් බැඳගෙන අඳුරු, බිහිසුණු පුස්තකාලයට ඇතුළු වුණා.

ඇතුළත තිබුණේ පුස් කෑපු ගදක්.
සහන්ගේ ෆ්ලෑෂ් ලයිට් එකේ එළියට පෙනුනේ සීතල, තෙතමනය සහිත පරණ පොත්පත් රාක්ක ගණනාවක්. කාමරේ මැද...
විශාල ලී මේසයක් සහ විවෘත කළු පොතක්!

ඒ කළු පොතේ පිටුවක, නැවුම්, තද රතු පාට ලේ බිඳිති වියළෙමින් තිබුණා.

මං ඒ පොතට ළං වුණා. එහි ලියැවී තිබුණේ අතීතයේ කතාවක්... මේ මන්දිරයේ ආදරයෙන් පිස්සු වැටුණු ගැහැනියක් සහ ඇගේ පුතා ගැන කතාවක්...

පිටුවේ පහළම තිබුණේ කුඩා, අතිශය පැරණි ඡායාරූපයක්! ඒකේ හිටියේ...

ලන්සා මහත්මිය සහ කළු ඇස් ඇති, කඩවසම් තරුණයෙක්! ඒ තරුණයාගේ ඇස්... සහන්ගේ ඇස් වගේ!

"නෑ... මේ... මේක වෙන්න බෑ!" මං කෑගැසුවා.

සහන් පොත දිහා බැලුවේ නැහැ. එයාගේ ඇස් තිබුණේ පුස්තකාලයේ ඈත කෙළවරේ තිබුණු අඳුරු කොරිඩෝරයක් දිහායි.

"එතන... එතන කවුරු හරි ඉන්නවා... සුදූ... මේක අගුළු දාලා තිබුණේ හේතුවක් ඇතුව! ඉක්මනට එන්න!"

අපි දෙන්නා ඉක්මනට ඒ අඳුරු කොරිඩෝරය දිහාට දුවන්නට ගත්තා. කොරිඩෝරය අවසානයේ තිබුණේ තවත් අගුළු දමා තිබූ දොරක්.
ඒක යකඩින් හදපු දොරක්.

ඒත්... සහන් යතුර දොරේ අගුලට දාන්නට උත්සාහ කරද්දී...

කොරිඩෝරයේ බිත්තියෙන්, අත් ගණනාවක් පිටතට ඇවිත්, අප දෙදෙනාම අල්ලා ගත්තා!

ඒවා සීතල, අස්ථිමය අත්!

"ආහ්! යන්න දෙන්න! යන්න දෙන්න අපිට!" මං කෑගැසුවා.

සහන්ගේ ශරීරය තදින් ඒ අත්වලින් ඇදිලා බිත්තියටම තද වුණා!

"උබ මගේ! මේ වතාවේ නම් කවදාවත් මෙහෙන් යන්න දෙන්නේ නෑ!" සෙවණැලිවලින් ආ ගැඹුරු කටහඬක්!

ඊගාව කොටසින්.
#සිංහලකතා 🇮🇹💀

06/12/2025

❤️🐭

Indirizzo

Bologna

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Fiona pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

In evidenza

Condividi