
23/04/2025
ඩෑන් ඝාතනයට සැකපිට තුනක් අල්ලයි
----------------------------------
කොළොන්නාව නගර සභා අපේක්ෂක සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා.
එසේම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට පොලිස් කණ්ඩායම් හයක් යොදවා ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන කන්ජිපානි ඉම්රාන්ගේ පාර්ශ්වය විසින් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවටයි පොලිසිය විශ්වාසය පළ කරන්නේ.
වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ සය වැනි මහලේ දී ඩෑන් ප්‍රියසාද් වෙඩි ප්‍රහාරයක් ලක්වූයේ ඊයේ රාත්‍රී කාලයේදීයි.
ඒ එම මහල් නිවාස සංකීර්ණයේ සය වැනි මහලේ පැවැති සාදයක් අතරතුරු යතුරු පැදියකින් පැමිණිල් පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවි යොදා ගනිමිනි.
වෙඩි ප්‍රහාරයට ලක්වූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු අතර ඔහුගේ උරහිසට වෙඩි ප්‍රහාර දෙකක්ද තවත් වෙඩි ප්‍රහාර දෙකක් පපුව ප්‍රදේශයටද එල්ල වී තිබූ බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.