Her joy

Her joy Sri Lankan soul under Italian skies.
🇱🇰👨‍👩‍👦🇮🇹
Homey meals, warm bakes, and gentle days
Drawing joy from the quiet rhythm of everyday life ✨
(7)

May ​අලුත් මාසයක ඇරඹුමක් මැයි. හිතේ සැනසීමයි, අලුත් හීනයි විතරයි...ඉතින් අපි ඉස්සරහට යමු.ඔයාට සුභ පැතුම් මගෙන් 🫶🌸✍️ | He...
01/05/2026

May ​අලුත් මාසයක ඇරඹුමක් මැයි.
හිතේ සැනසීමයි,
අලුත් හීනයි විතරයි...
ඉතින් අපි ඉස්සරහට යමු.

ඔයාට සුභ පැතුම් මගෙන් 🫶🌸

✍️ | Her joy සමාධි






උදා වූ සිංහල දමිළ නව වසර ඔබ සැමට වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා. සියළු පැතුම් ඉටු වේවා!Her joy | ♡
14/04/2026

උදා වූ සිංහල දමිළ නව වසර ඔබ සැමට වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා.

සියළු පැතුම් ඉටු වේවා!

Her joy | ♡

දඩි බිඩියේ ගෙදර දුවන්න ඇවිත් හදිසියේ තමයි අද ඉවුවේ  සාලයා මාළු අඩු ගින්දරේ මිරිසට හිදෙන්න තියලා අනිත් ලිපේ ඉක්මනට අනිත් ...
13/04/2026

දඩි බිඩියේ ගෙදර දුවන්න ඇවිත් හදිසියේ තමයි අද ඉවුවේ

සාලයා මාළු අඩු ගින්දරේ මිරිසට හිදෙන්න තියලා අනිත් ලිපේ ඉක්මනට අනිත් දෙක හදා ගත්තා.

බෝංචි නම් වැඩි වෙලා ලිපේ තියන්නෙ නැහැ මම.
බෝංචි මාළු යි මදි වගේ හිතුන නිසා කම්මැලි ලුණූ තෙම්පරාදුවක් දැම්මා.

දන්නවද අපි කොයි කාගෙත් ජීවිත මෙහෙමයි.
එහෙන් මෙහෙන් අටවාගෙන දුව දුව ගෙවා ගන්න දවස්, ඔහේ පාවෙමින් පාර දෙපැත්තෙ මල් කඩ කඩ ඉර අව්වට මුණ පෙන්න ගෙන එන දවස්, උපන් දා ඉඳන් මතක් කරගෙන උණු කෝපි කෝප්පෙ නිවෙන කම් අහස දිහා බලන් ඉන්න දවස්.

එකී මෙකී නොකී දවස් ගෙවාගෙන අපි හැමෝම හරියට රොකට් එක හද වටේ ගිහින් එනකම් බලන් ඉන්නවා වගේ.

මං තේරුම් ගත්තෙ මෙහෙමයි.
ජීවිතේ එහෙමයි.

හැමෝම දවස් ගෙවනවා.

ඉතින් ඔයාගෙ අද කොහොම දවසක් ද?
දුවන දවසක් ද?
අහස දිහා බලන් කෝපි බීපු දවසක් ද?


| 📢
#අපේකෑම #ජීවිතේ #බලාපොරොත්තු

මම ඊයේ හදපු කිරි ටොෆි. Milkmaid නැතිව fresh milk වලින්මයි හැදුවේ. සිංහල අවුරුද්දට කියලා තනියම කැවිලි හදන්න ගත්තෙ මේ අවුර...
13/04/2026

මම ඊයේ හදපු කිරි ටොෆි. Milkmaid නැතිව fresh milk වලින්මයි හැදුවේ.

සිංහල අවුරුද්දට කියලා තනියම කැවිලි හදන්න ගත්තෙ මේ අවුරුද්දේ.
ඉතින් හා හා පුරා කියලා ඉස්සෙල්ලම හැදුවේ මේවා තමයි. හිතපු විදියට හරියටම හදා ගන්න පුළුවන් වුණා.

හරි පරිස්සමට ළඟම ඉඳන් හදාගත්ත මගෙ කිරි ටොෆි.

පලවෙනි පාරට තැටියට දැම්මාම තේරුනේ තව කිරි වල තියෙන වතුර ගතිය අඩු වෙන්න ඕන කියලා. පුතා ඇවිත් ලස්සන කලත් එක්ක ඒක. ඒත් කිරි ටොෆි ටික හයි වුණේ නැහැ. බුල්ටෝ තමයි ආවේ.

ආයි ඕන එකක් කියලා පෑන් එකට දාලා අඩු ගින්දරේ තව හැඳි ගෑවා. එතකොට තමයි නියම පදමට ආවේ. හරියට නිකන් වැලි ගතියක් වගේ එන්න ඕන. අන්තිම ටිකේ මන් කිරි ටොෆි මොන වගේද මතක කරන් තමයි හැඳි ගෑවේ.

කිරි ටොෆි පදමට ආවේ නැත්නම් බය නැතුව ආයිත් හැඳි ගාන්න අඩු ගින්දරේ.

ඔයා මොනවද සිංහල අවුරුද්දට හැදුවෙ.

"

අද බත් පිඟාන හරියට අවුරුද්දට අඳින මල් මල් චීත්තේ වගේ නේ.චිකන් ඩෙවල්, ඩෙවල් කිව්වට මොකද මේක හොරට හදපු ඩෙවල් එකක්. කොටින්ම...
12/04/2026

අද බත් පිඟාන හරියට අවුරුද්දට අඳින මල් මල් චීත්තේ වගේ නේ.
චිකන් ඩෙවල්, ඩෙවල් කිව්වට මොකද මේක හොරට හදපු ඩෙවල් එකක්. කොටින්ම කිව්වොත් හදපු විඳිය මටවත් මතක නැහැ. හැබැයි රහයි.

ගෝවා තෙල් දාලා. ඒක නම් අපේ අම්මගේ ක්‍රමේට.
කපපු ගෝවා ටිකටම කෑලි මිරිස්, කහ අතගාලා පැත්තකින් තියලා තෙම්පරාදුව හදාන ඒකට ගෝවා ටික එහෙම්මම දාලා තමයී හදන්නේ.

පරිප්පු සැරට හින්දල.
ඒකත් අම්මා මේ ළඟදි යූටියුබ් එකෙන් බලලා හදලා මටත් කිව්වා ගෙදර දැන් පරිප්පු හදන්නේම මෙහෙමලු.
ඉස්සෙල්ලාම හොඳ තෙම්පරාදුවක්
හදාගෙන ඒකටම පරිප්පු ටික දානවා. ඇත්තටම මුළු කුස්සියම සුවඳයි.

තනියට රතු ළූණු එක්ක පොඩි තක්කාලි ගෙඩි ටික තියා ගත්තෙ නම් පිඟාන ලස්සන කරගන්න.

පිඟාන ලස්සන වෙනකොට කන්න තියෙන ආසාවත් වැඩි වෙනවා නේද? 😍❤️
​ඔයාලටත් අම්මව මතක් වෙන විදිහේ රස කෑම ඇති නේද?

​Her joy ​| ♡
📢
#අපේකෑම #අම්මගේරස

හැමදාම උයන්න ඕනේ නෑනේ.. අද දවල්ට කඩෙන් ගෙනාපු රසම රස කෑම!​කහ බත් එක්ක රසම රස කරි වර්ග කිහිපයක්. ඇත්තටම මට අද ඒ ටික ලියන්...
10/04/2026

හැමදාම උයන්න ඕනේ නෑනේ.. අද දවල්ට කඩෙන් ගෙනාපු රසම රස කෑම!

​කහ බත් එක්ක රසම රස කරි වර්ග කිහිපයක්. ඇත්තටම මට අද ඒ ටික ලියන්නත් කම්මැලියි. වෙනසකටත් එක්ක ඔයාලා කියන්න බලන්න අද කෑම එකේ මොනවාද තියෙන්නේ...

සමහර දවස්වලට මේ වගේ විවේකයක් ගන්න එකත් හරිම වටිනවා. ඔයාලත් අද උයන එකට නිවාඩුවක් දීලා කඩෙන්ද කෑවේ? 🤭❤️

Her joy ​| ♡
| 📢
#අපේකෑම #කහබත්

අද දවල්ට හරිම ලේසියෙන් හදාගත්ත, රසම රස කෑම වේලක්!​කිරෙන් හින්දපු අල හාල්මැස්සන් කරියක් එක්ක පැත්තකින් නැවුම් පලා මැල්ලුම...
09/04/2026

අද දවල්ට හරිම ලේසියෙන් හදාගත්ත, රසම රස කෑම වේලක්!

​කිරෙන් හින්දපු අල හාල්මැස්සන් කරියක් එක්ක පැත්තකින් නැවුම් පලා මැල්ලුමකුයි, ක්‍රිස්පි ෆ්‍රයිඩ් එග් එකකුයි තිබ්බා.

​අද මම පලා මැල්ලුම හැදුවේ Coste කොළ වලින්. හීනියට ලියලා අරන්, පොල් සහ දෙහි ඉස්ම පදමට දාලා ගොටුකොළ සම්බෝලයක රසය එන විදිහටම අනාගත්තා.
බිත්තරය බැදගත්තේ කලින්ම හොඳට තෙම්පරාදු කරගත්තු ලූණු, සුදු ලූණු සහ කෑලිමිරිස් ටිකක් උඩට කඩලා දාලයි.

​හාල්මැස්සන් කරියටත් දෙහි ටිකක් දාලා, ක්‍රිස්පි ෆ්‍රයිඩ් එග් එකත් එක්ක කනකොට තියෙන රස වෙන කොහෙන්වත් හොයන්න බැහැ. 😍

​ඔයත් අද දවල්ට හාල්මැස්සන් කරියක් හැදුවාද? 🤭👇

​Her joy | ♡

​ fans 📢


#අපේකෑම

අද දවල්ට සැර ඌරු මස් කරියක් එක්ක හින්දපු පරිප්පුයි, ලීක්ස් තෙම්පරාදුවයි.​කෑම පිඟානක් පිළිවෙළට සහ ලස්සනට ගලපගන්න මම හරිම ...
08/04/2026

අද දවල්ට සැර ඌරු මස් කරියක් එක්ක හින්දපු පරිප්පුයි, ලීක්ස් තෙම්පරාදුවයි.

​කෑම පිඟානක් පිළිවෙළට සහ ලස්සනට ගලපගන්න මම හරිම ආසයි.
අද ප්ලේට් එකට එකතු කරගත්ත නැවුම් Valeriana සලාද කොළවල තද කොළ පැහැය, පෝක් කරි එකේ තද දුඹුරු පැහැයත් එක්ක හරිම ලස්සන "Contrast" එකක් පින්තූරයට එකතු කරනවා. ඒ වගේම ඒකෙන් කෑම වේලට ලැබෙන ගුණයත් වැඩියි.

​මම ලීක්ස් බැදුම හැදුවේ ගොඩක් තැම්බෙන්න ඇරලා මැලවෙන්න නොදී. ලිප වහලා පෑන් එකේ රස්නෙටම තියලා පිසගත්තම ඒ නැවුම් ගතිය වගේම ලස්සන කොළ පැහැය ඒ විදිහටම තියෙනවා.

​ඇත්තටම ඌරු මස් කරියක නියම රස එන්නේ මේ වගේ හින්දපු පරිප්පු කරියක් එක්ක කනකොටයි. සැරට වගේම ගුණට කන්න කැමති ඔයාලටත් මේ ප්ලේට් එක දැක්කම බඩගිනි වෙනවා නේද? 😋❤️

​ඔයාලගේ අද දවල් කෑම මොකක්ද? 👇 මටත් කියන්න.

Her joy | ♡
​ fans ​| ❤️📢

#අපේකෑම

අද දවල් කෑම වේල හරිම පාට පාටයි! 🍛✨​රහට හදපු බෝංචි කරියක්—බෝංචි ටික තෙම්පරාදු කරගත්තේ ගම්මිරිස් ටිකක් වැඩියෙන් දාලා. ඒ වග...
07/04/2026

අද දවල් කෑම වේල හරිම පාට පාටයි! 🍛✨

​රහට හදපු බෝංචි කරියක්—බෝංචි ටික තෙම්පරාදු කරගත්තේ ගම්මිරිස් ටිකක් වැඩියෙන් දාලා.

ඒ වගේම සැරට හදපු Salsiccia (ඉතාලි සොසේජස්) ඩෙවල් එකක්. 🍗🌶️
​ක්‍රිස්පි කට්ලට් එකක් එක්ක තම්බපු ගෝවා කොළයකුත්, රස වැඩි වෙන්න දෙහි ආනම් පොඩ්ඩකුත් එකතු කරගත්තා. 🥦🍋

​මේ වගේ වෙනස් රසවල් කිහිපයක් එකම ප්ලේට් එකක තියෙනකොට කන්න තියෙන ආසාව තවත් වැඩි වෙනවා නේද? 😋❤️
​ඔයාලා අද දවල්ට කෑවේ මොනවාද? 🤭👇

​Her joy | ♡
​ 📢
#අපේකෑම

ආරම්භය සැමවිටම සරලයි, නමුත් උත්සාහය අපව බොහෝ දුරක් රැගෙන යනවා.  එදා 2022, කිසිම දෙයක් නොදැන, ෆෝන් එකේ ඇඟිල්ලෙන් ඇඳපු මගේ...
07/04/2026

ආරම්භය සැමවිටම සරලයි, නමුත් උත්සාහය අපව බොහෝ දුරක් රැගෙන යනවා.

එදා 2022, කිසිම දෙයක් නොදැන, ෆෝන් එකේ ඇඟිල්ලෙන් ඇඳපු මගේ පළමු සිතුවම. එදා අතේ තිබුණු දෙයින් මම අඳින්න පටන් ගත්තේ ආසාවටමයි.

අද 2026 දී,මගේම ශෛලියක් තවමත් හොයන ගමන් අයිපෑඩ් එකකින් මම මේ සිතුවම නැවත ඇන්දා.

(iPad +Apple pencil + Procreate)
කොච්චර ආස වුණත් මේ හැම එකක්ම මම ගත්තෙ හරිම හෙමිහිට.

2024 උපන්දිනයට ipad එක ලැබුණා.

2025 මුල් කාලේ Procreate app එක මට වැඩ කරද්දි ලැබෙන tip සල්ලි එකතු කරලයි මම ගත්තෙ. ඇත්තටම හිතුන පලියට ගන්නේ නැතුව එහෙම මිලට ගන්නයි මට ඕන වුණේ.

2025 උපන්දිනයට Apple pencil එක ලැබුණා.

කිසිම කලබලයක් නැතුව ඒ දේවල් එකතු කරන ගමන් පුළුවන් හැම වෙලාවෙම මම ආසාවට චිත්‍ර ඇන්දා.

ඉතින්...

තවමත් මම ඉගෙන ගන්නවා, ඒත් මගේ මේ ගමන ගැන මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ✨

ඔයාට හීනයක් ඇත්නම් ඒ හීනය පාට කරන්නට පටන් ගන්න. ඔබ කරන දෙයට ආදරය කරන්නට පටන් ගන්න.

ඔබ ළඟ තියෙන දේ හොඳටම ඇති. භෞතික දේවල් වලට වඩා ඔබට තිබෙන්නට ඕනෑ කිසිවෙකුට ගන්නට බැරි ලස්සන හීනයක් විතරයි. ඔබට තරඟ කරන්නට ඇත්තේ පෙර සිටි ඔබ පමණයි. එවිට ඔබ නිතැතින්ම ඔබ ඔබ තුළම අසමසම කෙනෙකු බවට පත් වේවි.

Her joy | ♡


සැරට හදපු බැදපු චිකන් කරියක් (Fried Chicken Curry) එක්ක සැරට රසට අල තෙල්දාලා.  පෙනුම වගේම රසත් නියමයි! පැත්තකින් නැවුම් ...
06/04/2026

සැරට හදපු බැදපු චිකන් කරියක් (Fried Chicken Curry) එක්ක සැරට රසට අල තෙල්දාලා. පෙනුම වගේම රසත් නියමයි! පැත්තකින් නැවුම් සලාද ටිකකුත් තිබ්බා.
​ගෙදර හැදුවත් හරියට හෝටලයකින් කනවා වගේම රසයි.

සැර කෑමට ආස ඔයාලට මේ වගේ ප්ලේට් එකක් ලැබුණොත් මොකද හිතෙන්නේ? 🤭❤️

​Her joy | ♡

​ #අපේකෑම #සැරකෑම

Indirizzo

Milan

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Her joy pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Her joy:

Condividi