12/07/2026
අපරාධකාරයන්ට සහ
උන්ගේ හයියට හිටපු හෝටල්වලට
ඉන්දියාවෙන් ලැබුණු සුපිරි බැටේ!
නීතිය බල්ලට දාලා,
සල්ලි බලයෙන් සහ මැරකමෙන්
ඕනෑම සෙල්ලමක්
දාන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න
අපරාධකරුවන්ට වගේම
උන්ට උදව් කරන පාදඩයන්ටත්
ඉන්දියාවෙන් නියම පාඩමක්
උගන්වලා තියෙනවා.
බලධාරීන් ගත්තු මේ සැර තීරණය නිසා
මුළු ඉන්දියාවම විතරක් නෙවෙයි,
මුළු ලෝකයම මේ වෙනකොට
ඒ ගැන කතා වෙනවා.
සිද්ධිය වෙන්නේ ඉන්දියාවේ
රාජස්ථාන් ප්‍රාන්තයේ
ශ්‍රී ගංගානගර් (Sri Ganganagar)
කියන ප්‍රදේශයේ.
එහිදී වයස අවුරුදු 13ක
අහිංසක, බාලවයස්කාර දැරියක්
පැහැරගෙන ගොස්
අමානුෂික ලෙස
ලිංගික අපයෝජනයට ලක් කිරීමේ
අශිෂ්ට සිදුවීමක් වාර්තා වුණා.
හැබැයි මේ සැරේ ඉන්දියානු බලධාරීන්
සාමාන්‍ය විදිහට නඩු අහලා,
කාලයක් යනකන් බලාගෙන හිටියේ නැහැ.
උන්ගේ "සල්ලි සහ බලය"
කුඩුපට්ටම් කරලා දාන්න
ක්ෂණිකවම ක්‍රියාත්මක වුණා.
ජාවාරමට උඩගෙඩි දුන්
"සුඛෝපභෝගී නවාතැන්"
බිමටම සමතලා වෙයි!
ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ
මහා පරිමාණ ජාවාරම් සහ
අපරාධ සිද්ධ වෙන්නේ
තැන් තැන්වල තියෙන හෝටල් සහ ලැගුම්හල්වල රැකවරණය මැද්දේ.
මේ අපරාධයටත්
කෙලින්ම ඉඩකඩ සලසලා දීලා,
ජාවාරම්කරුවන්ට රතු පලස් එලලා තිබුණේ
ඒ නගරයේ තිබුණු ප්‍රධාන හෝටල් තුනක්.
ඩ්‍රීම් හොටෙල් (Dream Hotel)
ජෝයි ඉන් (Joy Inn)
සැෆයර් ඉන් (Sapphire Inn)
පසුගියදා අලුයම මුළු නගරයම
භීතියෙන් සහ කුතුහලයෙන් ඇහැරෙද්දී,
දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ
මහා පරිමාණ JCB සහ හයිඩ්‍රොලික් යන්ත්‍ර
පෙළගස්වන්න
දිස්ත්‍රික් බලධාරීන් කටයුතු කළා.
ඊටපස්සේ සිද්ධ වුණේ
හිතාගන්නවත් බැරි දෙයක්.
අහිංසක දැරියකගේ ජීවිතය විනාශ කරන්න
උදව් කරපු
ඒ සුපිරි හෝටල් තුනම,
බලධාරීන් විසින් පැය ගණනක් ඇතුළත
පොළොවටම සමතලා කරලා දැම්මා!
සල්ලි බලයෙන් ඕනෑම කුණු වැඩක් කරලා
බේරෙන්න පුළුවන් කියලා හිතන් හිටපු
අයිතිකාරයන්ට
නීතියෙන් රිදෙන්නම දීපු
"බුල්ඩෝසර් ප්‍රහාරයක්" තමයි ඒක.
දින කිහිපයකින් කොටු කරගත්
සැකකරුවන් 14 දෙනා
මේ සාපරාධී සිදුවීමේ සුලමුල හෙළි වෙන්නේ
පසුගිය ජූනි 18 වනදා
නිවසින් අතුරුදන් වුණු මේ පුංචි දැරිය ගැන පොලිසියට ලැබුණු පැමිණිල්ලත් එක්කයි.
දැරියව විවිධ හෝටල් කාමරවල
සඟවා තබමින්
සත්වයන් වගේ අපයෝජනය කර ඇති බව
වටහාගත් වහාම
ක්‍රියාත්මක වුණු විශේෂ විමර්ශන කණ්ඩායම (SIT)
ඉතාමත් දක්ෂ ලෙස මෙහෙයුම් දියත් කළා.
ප්‍රදේශයේ CCTV දර්ශන සහ
නවීන තාක්ෂණික සාක්ෂි
සියුම් ලෙස පරීක්ෂා කරපු පොලිසිය,
සිනමා පටයක වගේ
ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා
හෝටල් හිමියන්, කළමනාකරුවන් සහ
අපරාධයට සම්බන්ධ ප්‍රධාන සත්තු රැල ඇතුළු
සැකකරුවන් 14 දෙනෙකු
මේ වන විටත් කුදලාගෙන ගොස්
කූඩු කර තිබෙනවා.
සමාජ මාධ්‍ය කැළඹූ "බුල්ඩෝසර් යුක්තිය" (Bulldozer Justice)
අපරාධකාරයන්ට සහ උන්ට උදව් කරපු
නවාතැන්පොළවල්වලට එරෙහිව පාලනාධිකාරිය ක්ෂණිකව ගත්තු
මේ දැඩි, ආදර්ශමත් තීරණයට
මේ වෙනකොට ලෝකය පුරාම
ඉහළ ප්‍රසාදයක් ලැබෙමින් පවතිනවා. විශේෂයෙන්ම ෆේස්බුක්, එක්ස් (ට්විටර්) වගේ සෝෂල් මීඩියා ජාලාවල මිනිස්සු කියන්නේ,
"අපරාධකාරයන්ට දඬුවම් දිය යුත්තේ
නඩු අහ අහා
අවුරුදු ගණන් රස්තියාදු කරමින් නෙවෙයි, මෙන්න මෙහෙමයි!" කියලයි.
ලංකාවෙත් බාලවයස්කාර දැරියන්,
කාන්තාවන් අපයෝජනය වන සිදුවීම් සහ
මත්ද්‍රව්‍ය ජාවාරම් ඕනෑතරම් සිද්ධ වෙනවා.
ඒ හැම දේකටම පිටුපසින්
ලොකු ලොකු හෝටල්, සමාජ ශාලා සහ
සල්ලිකාරයන් ඉන්නවා.
අපේ රටෙත් නීතිය මෙන්න මේ වගේ
අකුරටම, තරාතිරම නොබලා
ක්‍රියාත්මක වෙලා,
අපරාධවලට උල්පන්දම් දෙන තැන්
කුඩුපට්ටම් කරලා දානවා නම්
අපේ දරුවන්ට කොච්චර නිදහසේ
පාරක බැහැලා යන්න පුළුවන්
සමාජයක් හැදෙයිද
අපරාධයක් වැළැක්වීමට නම්
දඬුවම දරුණු මෙන්ම
ක්ෂණික විය යුතුය යන්න
ඉන්දියාවේ රාජස්ථාන් බලධාරීන්
ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වා ඇත.
මෙවැනි තීරණ මඟින් සමාජයට ලැබෙන්නේ
ප්‍රබල පණිවිඩයකි.
එනම්, "තමන් සතු ධනය හෝ බලය
කුමන මට්ටමක තිබුණත්,
අහිංසක දරුවෙකුගේ ජීවිතයක් සමඟ
සෙල්ලම් කළහොත්
තමන් සතු සියල්ල අළුධූලි වී යන බව"යි.
මෙවැනි ආදර්ශමත් ක්‍රියාවන්
මුළු මහත් ලෝකයටම පූර්වාදර්ශයකි.
Ela gossip
😁😁😍😍🥰🥰