කතෝලික පුංචි රෝමය

කතෝලික පුංචි රෝමය negombo
(1)

The Little Rome’, Negombo is sprinkled with decidedly ornate Roman Catholic churches that were built during the Portuguese-era
කතෝලික පුංචි රෝමය you tube channel
subscribe කරන්න https://youtube.com/?si=rt6jZApPOc4ovJ3j

24/10/2025

ඔක්තෝබර් 25 වනදාඋදෑසන 10 සිට 12 දක්වා ගරු ජූඩ් නෙවිල් පියතුමාගේ මෙහෙයවීමෙන්

24/10/2025

හෙට තමයි දවස
උදේ 10ට නාත්තන්ඩියේ ලුර්දු දේවමාතා සිද්ධස්තානයට එන්න අමතක කරන්න එපා ජේසු අම්මා
ඔයා එනකල් බලාගෙන ඉන්නවා.

ඔක්තෝම්බර් 25 වන දින සුබ අස්න – ශු. ලූක් 13: 1 – 91 ඒ අවස්ථාවෙහි එහි සිටි සමහරෙක් කතා කොට, පිලාත් විසින් ගලීලයන් මරා ඔවු...
24/10/2025

ඔක්තෝම්බර් 25 වන දින සුබ අස්න – ශු. ලූක් 13: 1 – 9

1 ඒ අවස්ථාවෙහි එහි සිටි සමහරෙක් කතා කොට, පිලාත් විසින් ගලීලයන් මරා ඔවුන්ගේ ලේ ඔවුන්ගේ ම යාග සමඟ මිශ්‍ර කළ අන්දම ගැන උන් වහන්සේට දැන්වූ හ. 2 උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ”ඒ ගලීලයන් එබඳු විපතක් වින්ද බැවින් ඔව්හු අන් හැමට ම වඩා පාපී වූ හ යි ඔබ සිතන්නහු ද? එසේ නොවේ ය යි මම ඔබට කියමි. 3 පසුතැවී සිත් හරවා නොගතහොත් ඔබ හැම ද එසේ ම විනාශ වන්නහු ය. 4 සිලෝවම් හී බලකොටුව වැටී ඊට යට වී මළ දසඅට දෙන ජෙරුසලමෙහි විසූ අන් හැමට ම වඩා දුෂ්ට වූ හ යි ඔබ සිතන්නාහු ද? ‍ 5 එසේ නොවේ ය යි ඔබට කියමි. පසුතැවී සිත් හරවා නොගතහොත් ඔබ හැමට වන්නේත් එම විපත්තිය ම ය”යි වදාළ සේක.

6 උන් වහන්සේ උපමාවක් වදාරමින්, ”එක් මිනිසකුගේ මිදි වත්තෙහි වැඩුණු අත්තික්කා ගසක් විය. ඔහු ඒ ගසේ ගෙඩි සොයා ආවේ ය. එහෙත් කිසිවක් සම්බ නො වී ය. 7 එවිට ඔහු උයන්ගොව්වාට කතා කරමින්, ‘බලන්න, දැන් අවුරුදු තුනක් ම මේ අත්තික්කා ගසේ ගෙඩි සොයා ආ නමුත් කිසිවක් සම්බ නො වී ය. ගස කපා දමන්න; එය පොළොවට බරක් ව තිබිය යුතු මන්දැ’යි කී ය. 8 ඔහු උත්තර දෙමින්, ‘ස්වාමීනි, එය වටකර හාරා පෝර දමන පිණිස මේ අවුරුද්දටත් තිබුණා වේ. 9 ඉන්පසු පල දැරුවොත් හොඳ ය; නැති නම් එය කපා දමන්නට පුළුවනැ’ ”යි කී බව වදාළ සේක.

ඔක්තෝම්බර් 24 වන දින සුබ අස්න – ශු. ලූක් 12: 54 – 5954 තවද උන් වහන්සේ සමූහයන්ට කතා කොට, ”අවර දිගින් වලාකුළක් නඟිනු ඔබ දක...
23/10/2025

ඔක්තෝම්බර් 24 වන දින සුබ අස්න – ශු. ලූක් 12: 54 – 59

54 තවද උන් වහන්සේ සමූහයන්ට කතා කොට, ”අවර දිගින් වලාකුළක් නඟිනු ඔබ දක්නා විට, ‘වර්ෂාවක් එන්නේ ය’යි ඔබ එවේලේ ම කියන්නහු ය; එසේ ම වහින්නේ ය. 55 දකුණු දිගින් සුළඟ හමන විට, ‘දැඩි ග්‍රීෂ්මයක් වන්නේ ය’යි ඔබ කියන්නහු ය; එසේ ම වන්නේ ය. 56 කෛරාටිකයෙනි, අහසේ ද පොළොවේ ද ලකුණු තෝරා දීමට ඔබ දන්නාහු ය; එහෙත් මේ නියමිත මොහොත ඔබ නොදන්නේ කෙසේ ද?”

57 ”හරි දෙය කුමක් දැ යි ඔබ ම විනිශ්චය නොකරන්නේ මන් ද? 58 ඔබේ පැමිණිලිකාරයා සමඟ උසාවියට යන විට, මඟ දී ම ඔහු සමඟ බේරුමක් කර ගැනීමට බොහෝ වෙහෙස මහන්සි ගන්න. එසේ නොකළොත් සමහරවිට ඔහු ඔබ නඩුකාරයා වෙත ඇදගෙන යන්නේ ය; නඩුකාරයා ද ඔබ උසාවියේ නිලධාරියාට භාර දෙන්නේ ය; උසාවියේ නිලධාරියා ඔබ හිරගෙට යවන්නේ ය. 59 අන්තිම සතයට ගෙවන තුරු ඔබ එතැනින් පිටතට නොඑන්නෙහි යයි ඔබට කියමි.”

ඔක්තෝම්බර් 23 වන දින සුබ අස්න – ශු. ලූක් 12: 49 – 5349 ”පොළොව මත ගිනි ලන්න ආවෙමි. ගින්න දැනට ම ඇවිළී තිබේ නම් කොපමණ හොඳ ...
22/10/2025

ඔක්තෝම්බර් 23 වන දින සුබ අස්න – ශු. ලූක් 12: 49 – 53

49 ”පොළොව මත ගිනි ලන්න ආවෙමි. ගින්න දැනට ම ඇවිළී තිබේ නම් කොපමණ හොඳ ද! 50 මට එක්තරා බව්තීස්ම-ස්නාපනයක් ලබන්න තිබේ; එය ඉටු වන තුරු මම දැඩි සිත් වේදනාවෙන් පසු වෙමි. 51 පොළොවෙහි සාමය දෙන පිණිස ආවෙමි යි ඔබ සිතන්නාහු ද? එසේ නොවේ. මා ආවේ භේද ඇති කරන පිණිස යයි මම ඔබට කියමි. 52 මෙ‍වක් පටන් එක ගෙදර වසන පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුට විරුද්ධ ව තිදෙනෙක් ද තිදෙනෙකුට විරුද්ධ ව දෙදෙනෙක් ද භේද වන්නෝ ය. 53 පියා පුතාටත්, පුතා පියාටත්, මව දුවටත්, දුව මවටත්, නැන්දම්මා ලේලිටත්, ලේලිය නැන්දම්මාටත් විරුද්ධ ව භේද වන්නෝ ය.”

22/10/2025

ඔබ සරනයි අම්මේ

ඔක්තෝම්බර් 22 වන දින සුබ අස්න – ශු. ලූක් 12: 39 – 4839 එහෙත්, සොරා කොයි පැයේ දී එන්නේ දැ යි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්...
21/10/2025

ඔක්තෝම්බර් 22 වන දින සුබ අස්න – ශු. ලූක් 12: 39 – 48

39 එහෙත්, සොරා කොයි පැයේ දී එන්නේ දැ යි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්, ඔහු නොනිදා හිඳ, තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න. 40 එබැවින් ඔබත් සූදානම් ව සිටින්න. මෙ‍සේ කියන්නේ, ඔබ බලාපොරොත්තු නොවන පැයක දී මනුෂ්‍ය-පුත්‍රයාණන් වඩින නිසා ය.”

41 එවිට පේදුරු කතා කරමින්, ”ස්වාමීනි, මේ උපමාව වදාරන්නේ අප උදෙසා ද, නැතහොත් සියල්ලන් උදෙසා දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. 42 එවිට සමිඳාණන් වහන්සේ මෙ‍සේ පිළිතුරු දුන් සේක: ”ඉදින් ස්වාමියා විසින් තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ඔවුන් කෙරේ පත් කරනු ලබන විශ්වාසී, සිහි නුවණ ඇති ගබඩාකාරයා කවරෙක් ද? 43 ස්වාමියා ආ කල යම් දාසයකු සිය සේවයෙහි සිටිනු ඔහු දුටුවොත් ඒ දාසයා භාග්‍යවන්තයෙක් ය. 44 ඒ ස්වාමියා තමා සන්තක සියල්ල භාර ව ඔහු පත් කරන්නේ යයි ඇත්තෙන් ම මම කියමි. 45 එහෙත් ඒ දාසයා, ‘මාගේ ස්වාමියාගේ ඊම පමාවනු ඇතැ’යි සිතමින් දැසිදසුන්ට පහර දෙන්නටත් කා බී මත් වන්නටත් පටන් ගතහොත්, 46 ඔහු බලාපොරොත්තු නොවන දිනක දී, නොදන්නා පැයක දී ඒ දාසයාගේ ස්වාමියා අවුත් ඔහුට දරුණු ලෙස දඬුවම් කොට, අවිශ්වාසීන්ට නියම ඉරණම ඔහුටත් නියම කරන්නේ ය. 47 සිය ස්වාමියාගේ අදහස දැනගෙනත්, ඒ අදහස පරිදි කටයුතු සංවිධානය නොකළාවූ ද ක්‍රියා නොකළාවූ ද දාසයා බොහෝ පහර ලබන්නේ ය. 48 එහෙත් ඒ අදහස නොදැන, පහර ලැබීමට නිසි දේ කළ අය ස්වල්ප වශයෙන් පහර ලබන්නෝ ය. යමෙකුට බොහෝ දේ දෙන ලද්දේ ද, ඔහුගෙන් බොහෝ දේ බලාපොරොත්තු වනු ලැබේ; යමෙකුට බොහෝ දේ පවරන ලද්දේ ද, ඔහුගෙන් ඊටත් වැඩියෙන් බලාපොරොත්තු වනු ලැබේ.”

21/10/2025

ඔක්තෝම්බර් 21 වන දින සුබ අස්න – ශු. ලූක් 12: 35 – 3835 ”ඔබගේ ඉඟ පටි බැඳගන්න, පහන් ද දල්වා තබාගන්න. 36 තම ස්වාමියා සරණ මං...
20/10/2025

ඔක්තෝම්බර් 21 වන දින සුබ අස්න – ශු. ලූක් 12: 35 – 38

35 ”ඔබගේ ඉඟ පටි බැඳගන්න, පහන් ද දල්වා තබාගන්න. 36 තම ස්වාමියා සරණ මංගල්‍යයෙන් පසු, පෙරළා අවුත් දොරට තට්ටු කළ වහා ම දොර හරිනු වස් ඔහුගේ ඊම බල බලා සිටින මනුෂ්‍යයන් හා සමාන ව සිටින්න. 37 ස්වාමියා එන කල දාසයන් අවදි ව සිටිනු ඔහු දුටුවොත් ඒ දාසයෝ භාග්‍යවන්තයෝ ය. ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔහු තමාගේ ඉඟ පටිය බැඳ ඔවුන් කෑමට හිඳුවා ඔවුන්ට උපස්ථාන කරන්නේ ය. 38 ඔහු දෙ වන යාමයේ දී හෝ තුන් වන යාමයේ දී හෝ අවුත් එලෙස ම දකින්නේ නම් ඒ දාසයෝ භාග්‍යවන්තයෝ ය. 39 එහෙත්, සොරා කොයි පැයේ දී එන්නේ දැ යි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්, ඔහු නොනිදා හිඳ, තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න. 40 එබැවින් ඔබත් සූදානම් ව සිටින්න. මෙ‍සේ කියන්නේ, ඔබ බලාපොරොත්තු නොවන පැයක දී මනුෂ්‍ය-පුත්‍රයාණන් වඩින නිසා ය.”

ඔක්තෝම්බර් 20 වන දින සුබ අස්න – ශු. ලූක් 12: 13 – 2113 සමූහයා අතරෙන් එක් තැනැත්තෙක් කතා කොට, ”ගුරුදේවයෙනි, මා සමඟ අපේ උර...
19/10/2025

ඔක්තෝම්බර් 20 වන දින සුබ අස්න – ශු. ලූක් 12: 13 – 21

13 සමූහයා අතරෙන් එක් තැනැත්තෙක් කතා කොට, ”ගුරුදේවයෙනි, මා සමඟ අපේ උරුමය බෙදාගන්න මාගේ සහෝදරයාට කිව මැනවැ”යි උන් වහන්සේට කී ය. 14 එහෙත් උන් වහන්සේ කතා කරමින්, ”මිත්‍රය, ඔබ කෙරෙහි නඩුකාරයෙකු, නොහොත් දේපළ බදෙන්නකු කොට මා පත් කෙළේ කවරෙක් දැ”යි ඔහුගෙන් ඇසූ සේක. 15 ”තවද, සියලු ආකාර තණ්හාවලින් පරෙස්සම් වෙන්නට බලාගන්න; මනුෂ්‍යයකුට කොතරම් දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය ඒ පිට රඳා නැතැ”යි ඔවුන්ට වදාළ සේක. උන් වහන්සේ උපමාවක් කියමින් මෙ‍සේ වදාළ සේක; 16 ”එක් ධනවතෙකුගේ වතුපිටිවල බොහෝ පලදාව ඇති විය. 17 එවිට ඔහු තම සිතින් කල්පනා කරමින්, මම කුමක් කරම් ද? මාගේ භවභෝග රැස් කර තබන්න ඉඩකඩ නැත. 18 මම මෙ‍සේ කරමි: මාගේ අටුකොටු කඩා දමා වඩා විශාල ඒවා ගොඩනඟා, ඒවායේ මාගේ සියලු ධනධාන්‍ය රැස් කොට තබා, 19 ‘අවුරුදු ගණනාවකට සෑහෙන තරම් අගනා වස්තු සම්භාරයක් මෙ‍හි රැස් කොට තිබේ. විවේක සුවයෙන් කා බී ප්‍රීති වන්නැ’යි මට ම කියාගනිමි. 20 එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතා කොට, ‘අඥානය, අද රාත්‍රියේ දී ඔබගේ ප්‍රාණය ඔබෙන් ගනු ලැබේ; එවිට ඔබ රැස් කොටගත් දෙය කවරෙකුට අයිති වන්නේ දැ’යි වදාළ සේක. 21 දෙවියන් වහන්සේ ඉදිරියෙහි පොහොසත් නොවී තමාට ම වස්තු රැස් කරගන්නා අය එවැනි ය.”

ඔබේ ජීවිතය තුල "ප්‍රාතිහාර්යයක්" සිදුවෙනවා දකින්නට, ජේසූගේ ආදරය, ආශිර්වාය ලබන්නට, ජේසූ අම්මාගේ ආදරය අත්දකින්නට ඔබටත් ආරා...
19/10/2025

ඔබේ ජීවිතය තුල "ප්‍රාතිහාර්යයක්" සිදුවෙනවා දකින්නට, ජේසූගේ ආදරය, ආශිර්වාය ලබන්නට, ජේසූ අම්මාගේ ආදරය අත්දකින්නට ඔබටත් ආරාධනා

ad amoram Mariae….
මරියාවන්ගේ සුපෙම්බර සළු සෙවනේ …
දෙවන දිගහැරුම

නාත්තන්ඩිය නිර්මල ලූර්දු දේවමාතා සිද්ධස්ථානයේදී..

ඔක්තෝබර් 25 වනදා ( සෙනසුරාදා ) උදෑසන 10 සිට 12 දක්වා ගරු ජූඩ් නෙවිල් පියතුමාගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වරප්‍රසාදජනක මෙහෙය මෙන්ම දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදයට සහභාගී වන්නට ඔබටත් ආරාධනා

දරු ඵල අපේක්ෂාවෙන් සිටින...
රෝග පීඩා ආදියෙන් පෙලෙන..
මානසීක පීඩාවන්ගෙන් පෙලෙන..

අය වෙනුවෙන් විශේෂයෙන් අපි යදිමු.

විමසීම් සදහා -
0777607617 / 0703635729 (whatsapp) අංකය හරහා

Location :
https://maps.app.goo.gl/kxTJMbud4B5ZpYUU7

සංවිධානය
ශ්‍රී ලංකා කතෝලික සමාජ මාධ්‍ය හසුරුවන්නන්ගේ සංසදය
Catholic Social Media Admins of Srilanka

Indirizzo

Corso Marianella
Piscinola
80145

Telefono

+393349943564

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando කතෝලික පුංචි රෝමය pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi