කතෝලික පුංචි රෝමය

කතෝලික පුංචි රෝමය negombo
(1)

The Little Rome’, Negombo is sprinkled with decidedly ornate Roman Catholic churches that were built during the Portuguese-era
කතෝලික පුංචි රෝමය you tube channel
subscribe කරන්න https://youtube.com/?si=rt6jZApPOc4ovJ3j

14/12/2025

බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා live carol performance by Old Mazenodian Choir.

14/12/2025

කම්මල ශු.ඔදිලියා මුනිශ්වරියගේ දේවස්ථානයේ 2025 වාර්ෂීක මංගල්‍ය මහා දිව්‍ය පූජා යාගය සජීවී විකාශය

Catholic Social Media admins of Srilanka සියළු සමාජික පිටු හරහා

CSMAS Official

14/12/2025
14/12/2025

කම්මල ශු.ඔදිලියා මුනිශ්වරියගේ දේවස්ථානයේ 2025 වාර්ෂීක මංගල්‍ය මහා දිව්‍ය පූජා යාගය සජීවී විකාශය

Catholic Social Media admins of Srilanka සියළු සමාජික පිටු හරහා

CSMAS Official🔴

දෙසැම්බර් 14 වන දින සුබ අස්න – ශු. මතෙව් 11 : 2 – 112 ක්‍රිස්තුන් වහන්සේගේ මෙහෙය ගැන හිරගෙයි දී ජොහන් හට ආරංචි වී, 3 ”එන...
13/12/2025

දෙසැම්බර් 14 වන දින සුබ අස්න – ශු. මතෙව් 11 : 2 – 11

2 ක්‍රිස්තුන් වහන්සේගේ මෙහෙය ගැන හිරගෙයි දී ජොහන් හට ආරංචි වී, 3 ”එන්න සිටින තැනැත්තේ ඔබ ද? නොහොත් අප වෙන කෙනෙකු ගැන බලා සිටිය යුතු දැ”යි ඇසීමට ඔහු සිය ගෝලයන් උන් වහන්සේ වෙත යැවී ය. 4 ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”ඔබ ගොස් අසන දකින දේ ජොහන් හට දන්වන්න. 5 අන්ධයෝ පෙනීම ලබති; කොරු ඇවිදිති; ලාදුරු රෝගීහු පවිත්‍ර කරනු ලබති; බිහිරන්ට ඇසෙයි; මළාහු නැඟිටුවනු ලබති; දිළිඳුන්ට සුබ අස්න ප්‍රකාශ කරනු ලැබේ. 6 මා කෙරෙහි විශ්වාසය නැති කර නොගන්න තැනැත්තේ භාග්‍යවන්තයෙකි”යි ඔවුන්ට වදාළ සේක. 7 ඔවුන් යද්දී ජේසුස් වහන්සේ ජොහන් ගැන සමූහයාට කතා කරන්න පටන්ගෙන, මෙසේ වදාළ සේක: ”ඔබ කුමක් බලන පිණිස පාළුකරයට ගියහු ද? සුළඟින් සැලෙන බට ගසක් ද? 8 නැතහොත් කුමක් බලන්න ගියහු ද? පට පිළියෙන් සැරසුණු මනුෂ්‍යයෙක් ද? බලන්න, පට පිළියෙන් සැරසුණු අය රජ මැදුරුවල සිටිති. 9 එහෙත්, කුමක් සඳහා පිටත් ව ගියහු ද? දිවැසිවරයෙකු බලන පිණිස ද? එසේය යි මම ඔබට කියමි. දිවැසිවරයෙකුටත් වඩා බොහෝ උතුම් කෙනෙකු බලන පිණිස ය. 10 මන්ද, කීවොත්:
‘මෙන්න, මාගේ දූතයා ඔබට පෙරටුව යවමි, හෙතෙම ඔබ වඩිනා මඟ ඔබ ඉදිරියෙහි පිළියෙළ කරන්නේ ය’යි
ලියා තිබෙන්නේ මොහු ගැන නිසා ය. 11 සැබැවින් ම මම ඔබට කියමි, මුළු මිනිස් සංහතිය තුළ ජොහන්ට වඩා උතුම් කෙනෙක් පහළ නො වී ය. එහෙත් ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු තැනැත්තේ වුව ද, ඔහුට වඩා උතුම් ය.

13/12/2025

කම්මල ශු ඔදිලියා මුනිශ්වරියගේ දෙව්මැදුරේ සිට සජිවීව 🔴🔴

දෙසැම්බර් 13 වන දින සුබ අස්න – ශු. මතෙව් 17 : 10 – 1210 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට, ”එසේ නම්, එලියා පළමුවෙන් එන්න යු...
12/12/2025

දෙසැම්බර් 13 වන දින සුබ අස්න – ශු. මතෙව් 17 : 10 – 12

10 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට, ”එසේ නම්, එලියා පළමුවෙන් එන්න යුතු ය යි විනයධරයන් කියන්නේ මන්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. 11 උන් වහන්සේ උත්තර දෙමින්, ”එලියා එන බව ඒකාන්ත ය. ඔහු අවුත් සියල්ල යළි පිහිටුවන්නේ ය. 12 එහෙත්, ඔබට කියමි: එලියා දැනට ම පැමිණ සිටී, ඔව්හු ඔහු නොහැඳින, තමන් රිසි දෙය ඔහුට කළහ. එලෙස ම ඔවුන් මනුෂ්‍ය-පුත්‍රයාණන්ට ද පීඩා කරනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක.

ශු.ගුවාඩලූපේ අප ස්වාමිදුවෙනි අප නිසා යාච්ඤා කළ මැනව 💓✝️🙏
11/12/2025

ශු.ගුවාඩලූපේ අප ස්වාමිදුවෙනි අප නිසා යාච්ඤා කළ මැනව 💓✝️🙏

දෙසැම්බර් 11 වන දින සුබ අස්න – ශු. මතෙව් 11 : 11 – 1511 සැබැවින් ම මම ඔබට කියමි, මුළු මිනිස් සංහතිය තුළ ජොහන්ට වඩා උතුම්...
10/12/2025

දෙසැම්බර් 11 වන දින සුබ අස්න – ශු. මතෙව් 11 : 11 – 15

11 සැබැවින් ම මම ඔබට කියමි, මුළු මිනිස් සංහතිය තුළ ජොහන්ට වඩා උතුම් කෙනෙක් පහළ නො වී ය. එහෙත් ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු තැනැත්තේ වුව ද, ඔහුට වඩා උතුම් ය. 12 ස්නාවක ජොහන්ගේ කාලයේ පටන් මේ දක්වා ස්වර්ග රාජ්‍යය බලහත්කාරකමට යට වී ඇත. බලහත්කාරකම් කරන්නෝ එය බලයෙන් අත්පත් කරගනිති. 13 මන්ද, දිවැසිවරු හා ව්‍යවස්ථාවලිය ජොහන් දක්වා දිවැස් වැකි කී හ. 14 ඔබ පිළිගන්න කැමැති නම්, එන්න සිටින එලියා මොහු ය. 15 සවන් ඇත්තෝ සවන් දෙත් වා!

Indirizzo

Corso Marianella
Piscinola
80145

Telefono

+393349943564

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando කතෝලික පුංචි රෝමය pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi