01/01/2026
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
අපේ 2025 මුලදී හිතුවා වගේම සුභ අවුරුද්දක් වුනාට 2025 ට බොහෝම ස්තූතියි.
2007 ඉදන් 2025 වෙනකම් හැම අවුරුද්දකම අපි අපේ ගෙදර අලුත් අවුරුද්ද පටන් ගත්තා, 2026 අපි අපේ ගෙදර නැතත්, දෙවෙනියට මෙලොකේ වැඩිම සතුට දැනෙන තැන ඉදන් මේ අවුරුද්ද පටන් ගත්තා. ඇත්තටම වැදගත් වෙන්නෙ තැන නෙවෙයි සිතුවිලි විතරයි.
මටත්, අපි හැමෝටමත්,
ආර්ථීකව ශක්තිමත් වෙන්න අවස්ථා ගලාගෙන එන,
ඔලුවේ කැක්කුමක්වත් නොහැදී සෞඛ්‍ය සම්පන්න නීරෝගී ජීවිතයක් ලැබෙන,
හැම දවසක්ම සතුටින් පටන් අරගෙන සතුටින්ම අවසාන කරන්න ලැබෙන,
සතුටු මතක විතරක්ම ලැබෙන ,
සුභම සුභ අවුරුද්දක් වේවා...