20/09/2026
ආදරණීය නාපෝලියට ආදරයෙන් සමු දෙමි ❤️
ඉතාලිය ඇතුලේ මගේ ජීවිතේ ලස්සන කරගන්න උදව් වුණ ආදරණීය නගරය නාපෝලිය. අවුරුදු 5කට ආසන්න කාලයක් ජීවත් වුණේ මේ නගරයෙ. ආදරණීය හදවත් පිරුණු මිනිස්සු ගොඩ දෙනෙක් එක්ක "ගෙදර" කියන හැඟීම දැනුනේ මේ නගරයේ... කිසිම දෙයක් නොදැන අලුත් රටක අලුත් ජීවන රටාවකට හුරු වෙලා, අලුත් භාශාවක් කතා කරලා ජීවිතේ ස්ථාවරයකට එන්න අත දුන්නේ මේ නගරය...
ඒත් ජීවිතේ තව ඉදිරියට අලුත් පියවර තියන්න ඕනේ නිසා මම තීරණය කලා නාපෝලියට සමු දෙන්න. ඉතාලියේ තවත් ලස්සන නගරයක අලුත් ජීවිතේකට හුරු වෙන්න. ඒකත් අලුත්ම අභියෝගයක් නිසා ඒ අභියෝගයටත් සාර්ථකව මූණ දෙන්න හොඳ සූදානමක් එක්ක තමයි මේ තීරණය ගත්තේ.
නාපෝලිය කියන ලස්සන නගරයේ මට හම්බුණ හැම මනුස්සයෙක්ටම සෑහෙන්න කෘතගුණයක් මගේ හිතේ තියනවා. අම්මා තාත්තා වගේ ඉඳපු, සහෝදර සහෝදරියෝ වගේ මට සලකපු හැම ආදරණීය මනුස්සයෙක්ටම දස දහස් වාරයක් ස්තූතියි ! ඒ වගේම හිනා වෙලා පිටිපස්සෙන් කෙලවන්න හදපු අයටත් ස්තූතියි ! මොකද ඒ හැම මනුස්සයෙක්ගෙන්ම සෑහෙන්න අත්දැකීම් ගත්තා. මේ අවුරුදු කිහිපය ඇතුලේ පුලුවන් උපරිමයෙන් ශ්‍රී ලාංකික අපේ අය එක්ක සහයෝගයෙන් සාමාජයීය වැඩවලට මම සහභාගී වුණා. ඒ හරහා අඳුර ගත්ත හැම කෙනෙක්ටමත්, මට අලුත් අවස්ථා ලබා දුන්න හැම කෙනෙක්ටමත් ගොඩාක් ස්තූතියි 🙏❤️
නම් වශයෙන් මෙතන සඳහන් නොකලත්, ජීවිතේ තවත් ඉස්සරහට යන්න ශක්තියක් වෙමින් හැමදාමත් මගේ ළඟින් හිටපු හැම කෙනෙක්ටම නැවත නැවතත් ආදරණීය ස්තූතිය !
ආදරණීය නාපෝලියට ආදරෙයි හැමදාම ❤️🥂