10/12/2025
සමහර වෙලාවට මට හිතිලා තියෙනවා මන් නිහඬ වැඩිද කියලා. පුංචි කාලේ ඉඳලා මන් මට දැනෙන දේවල් අනිත් අයත් එක්ක බෙදාගත්තේ හරිම අඩුවෙන්. මගේ දුකක් තවත් කෙනෙක්ට කියලා ඒ කෙනාට තව ප්‍රශ්නයක් ඔළුවට දෙන්න මට ඕන වුණේ නෑ.
මොකද හැම මනුස්සෙයෙක්ම ඉන්නේ තමන්ට වද දෙන එක පුංචිම ප්‍රශ්නයක හරි ගැටෙමින්. ඒ වගේම තමයි මිනිස්සු දිහා බලලා එයාලා මේ මොහොතෙ ගත කරන්නේ සතුටින්ද දුකින්ද කියලා අපිට විනිශ්චය කරන්න බැහැ. ඔන්න ඔය නිසා මට තාමත් හිතෙන්නේ නෑ මගේ ප්‍රශ්න වෙන කෙනෙක්ට කියලා හිත හදාගන්න.
අපි හිතුවට එයා අපි කියපු එක අහගෙන හිටියා විතරයි, එයා ඕවා ඔළුවෙ තියාගන්නේ නෑ කියලා කෝල් එකකින්, මැසේජ් එකකින් හෝ ළඟට ඇවිල්ලා හෝ අපිට මිනිස්සු කියන දේවල් එක පාරට එහෙම ඔළුවෙන් අයින් කරලා දාන්න පුළුවන්ද. මට නම් ඒක මගේ ප්‍රශ්න දරාගන්නවට වඩා අමාරුයි වෙලාවකට.
කාලයක් ඕකට මම මුහුණ දුන්නා. එයාගේ ප්‍රශ්න අහලා රටේ නැති කතා කියලා මන් එයාගේ හිත හදනවා. පහුවෙනිදට එයා කිසිම ප්‍රශ්නයක් නොවුණ ගානට හැසිරෙනවා. හැබැයි මම කොහෙවත් යන මට කිසිම අදාළත්වයක්වත් නැති ප්‍රශ්නයක් ගැන හිතනවා.
ඒ නිසාම මන් මගේ කිසිම ප්‍රශ්නයක් මට බාහිරින් මුණ ගැහෙන මිනිස්සු එක කියන්නෙ නෑ කියලා හිතාගන්නවා. හැබැයි මම ඒ ප්‍රශ්න වල එල්ලිලා ඉන්නෙත් නෑ.
අපිට ප්‍රශ්න එන්නේ ඉබේම නෙමෙයි, අපි කරන දේවල්, කියන දේවල්, හිතන දේවල් නිසා. ඉතින් ඒ ප්‍රශ්න ලිහාගන්න පුළුවන් වෙන්නෙත් අපිටම තමයි. ඒවා අපේ ජිවීතේ අපි තනියම නිහඬව ලබාගන්න ජයග්‍රහණ!❤️
_R U U' S D I A R Y_