Ruu's diary

Ruu's diary ජිවීතේ හැම පුංචි දෙයක්ම සතුටක්!🌸

03/01/2026

ජපානෙ පන්සල් මෙච්චර ලස්සනයි කියලා ඔයා දැනගෙන හිටියද🙊🤍⛩️

Imagine you are married to someone who ⁠━⁠Understand your home situation‚ who’s not attracted by other girls‚ who suppor...
18/12/2025

Imagine you are married to someone who ⁠━⁠

Understand your home situation‚ who’s not attracted by other girls‚ who supported you to reach your goals‚ who makes your life happy and valuable and treats you like a queen and would do anything to prevent you from getting hurt 🤍

_Ruu' s Diary_

17/12/2025

ජීවිතේ එහෙමයි!❤️‍🩹

15/12/2025

මේක ටිකක් දිග කතාවක් වෙයි. අවුරුදු 10ක් 11ක් තිස්සේ හිතේ තිබුණ දෙයක්. ලියන්න ඕන කියලා හිතුණේ The girlfriend film එක බැලුවට පස්සේ. පිරිමි ළමයා Toxic වෙන relationship එකක් ගැන කියනවට වඩා ඒ වගේ relationship එකකින් breakup වුණ ගමන් ගැහැණු ළමයා කොච්චර තනි වෙනවද කියන කොටස මේ film එකේ පෙන්නලා තියෙන විදිය මට ටිකක් සංවේදී වැඩියි. එහෙම දැනෙන්නේ Toxic ද නැද්ද කියලා හොයාගන්නවත් බැරි relationship එකක ඉඳලා breakup වුණාට පස්සෙ මම මුහුණ දෙන්නෙත් the girlfriend film එකේ භූමා ට සමීප සිදුවීම් කිහිපයකට නිසයි.

ඒ breakup එකෙන් පස්සෙ මට වුණු නරකම දේ තමයි මගෙ වටේ හිටපු යාළුවො නැති වුණ එක. හැබැයි පස්සේ මට තේරුණා එක පාරට ඒ අය මට නැති වුණාට වඩා වෙලා තිබුණේ ඒ relationship එක පටන් ගත්ත කාලේ ඉඳන්ම ඒ අය මගෙන් ටික ටික ඈත් වෙලා කියලා. කොහොමහරි මම ඒ දවස් වල භූමා මේ තනි වෙන විදියටම තනි වෙනවා. ඒ කරකියාගන්න දේවල් ද නොමැතිව. හැබැයි එකම එක යාළුවෙක් මාව තනි කරන්නෙ නැතුව ඉන්නවා ඒ ළමයගෙ හොඳ කමට. මට මතකයි එක යාළුවෙක්ට ඕකෙන් පස්සේ හැමදාම එක දිගට උණ හැදිලා ඉස්කෝලේ එන්නත් බැරි වුණා. පස්සෙ පස්සෙ calls answer කලෙත් නැහැ.

ඒ තනිකමත් එක්ක ඊළඟට භූමාට දැනුණ බය මටත් ඒ දවස් වල ඒ විදියටම දැනුණා. ඒ breakup එකේ after effects විදියට ආව තාඩන පීඩන ගැරහුම් තර්ජන එක්ක මම ඊළඟ තත්පරේ මොනවා වෙයිද කියලා හිටියේ හරිම බයෙන්. මම ඉස්කෝලෙ යන එක කොටින්ම කිව්වොත් ගෙදරින් එලියට බහින එක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ඉතින් තැන තැන කට කියෙව්වට ඒ පරාණේ ට එච්චර දේවල් ඒ දවස් වල කරන්න බෑ කියලා මට පස්සෙ තේරුනා.

ඊළඟට මේ film එකේ relationship breakup එකෙන් පස්සේ වික්‍රම් ගේ යාළුවො ටික භූමා ඇතුළු ගැහැණු සංහතියටම එක එක දෑ male ego එකකින් කියවනවනේ. ඒ සිද්දිය මටත් වෙනවා. මගේ breakup එකෙන් පස්සෙ ඒ අදාළ පිරිමි ළමයගෙ එවකට වටේ හිටපු පොශ් යාළුවො ටික ඒ මනුස්සයව උසිගැන්නුවා හරි අපූරු පහත් වැඩ ටිකක් කරන්න. එතකොට මට දකින දකින තැන නොහොබිනා විහිළු කරන්නත් එයාලා අමතක කලේ නැහැ. දැන්නම් ඉතින් උන්දැලැත් ඉන්නවා සිල්වතුන් වගේ😏 මන් සාප නොකරපු නිසා හොඳයි ඉතින්!

ඊළඟට මේ film එකේ වික්‍රම් හරිම කැත විදියට භූමි ගෙ චරිතය ඝාතනය කරනවනේ Hostal room එකේ දොරේ අඳින දේවල් වලින්. ඒ වගේම දෙයක් මටත් වෙනවා. ඒ කාලේ මට කියලා phone number එකක් තිබුණේ නෑ. අම්මගෙයි තාත්තගෙයි phone එක තමයි මම පාවිච්චි කලේ අවශ්‍ය දේකට. මේ හාදයා ඒ numbers දෙක එහෙමත් එක එක කොල්ලන්ට දීලා තිබ්බා මාව හරි ලස්සන වචනෙකින් අමතලා.

ඔය විදියට තව බොහෝ දෑ ඒ කාල වකවානුවෙ සිද්ද වෙනවා. ඒ වෙනකොට මම එන්න එන්නම තනි වෙනවා. ගෙදරත් ටික කාලයක් යනකන් තාත්තා මාත් එක්ක කතා කරන්නෙ නෑ. මන් තාත්තාට සෑහෙන්න බය වෙනවා. අම්මා විතරයි මට හිත හැදෙන්න කියලා කතා කරන්න පුළුවන් කෙනෙක්ට හිටියෙ. ඉස්කොලෙ ටීචර්ස්ලා හිතුවෙ මම විභාග මුකුත් කරගන්නෙ නැති වෙයි කියලා. මුළු ජීවිතේම වුණු Media unit එකට මන් ඒ වෙනකොටත් යන එක නවත්තලා හිටියෙ. සරලවම කිව්වොත් මන් අසීමාන්තික ලෙස තනි වෙනවා. Breakup එකේ ඔය කියන after effects දරාගන්න බැරුව මන් හැමදාම රෑට අඬනවා. හැබැයි මම කොහොම හරි හිත හදාගන්නවා. මට කතා කියපු යාළුවන්ට, ටීචර්ස්ලට, සර්ලට, හාමුදුරුවරුන්ට මන් එයාලව ගනන් ගන්නෙ නැති එක අපරාදේ කියලා හිතෙන තැනට එනකන් මන් අන්තිමට වැඩ කරනවා.

After breakup කාල සීමාව ගැහැනු ළමයෙක්ට හිතන තරම් ලේසි කාලයක් නෙමෙයි. දෙන්නගෙන් කාගෙ පැත්තෙ වැරදි වැඩි වුණත් අන්තිමට සමාජෙන් අවලාද ටික අහන්නෙ ගැහැණු ළමයා. ඒක හරි දරාගන්න බැරි දෙයක්. The girlfriend බලලා ඉවර වුණාම මට ඇත්තටම හිතුනෙ මේ pressure එක මම කොහොමද ඒ දවස් වල දරාගත්තෙ කියලා. ඒ pain එකෙන් මන් ගොඩ ආපු දවස් වල ඉඳන්ම හිතුවෙ මේ වගේ වේදනාවක් කෙල්ලෙක්ට දැනෙන්න හොඳ නෑ කියලා. අදත් මම හිතන්නේ toxic වේවා healthy වේවා මොනයම් හෝ relationship එකක ඉඳලා breakup වුණාට පස්සේ දරාගන්න බැරි pain එකක් එක්ක ගැහැනු ළමයෙක් තත්පරයක්වත් තනිවෙන්න හොඳ නැහැ!

_R U U' S D I A R Y_

සමහර වෙලාවට මට හිතිලා තියෙනවා මන් නිහඬ වැඩිද කියලා. පුංචි කාලේ ඉඳලා මන් මට දැනෙන දේවල් අනිත් අයත් එක්ක බෙදාගත්තේ හරිම අඩ...
10/12/2025

සමහර වෙලාවට මට හිතිලා තියෙනවා මන් නිහඬ වැඩිද කියලා. පුංචි කාලේ ඉඳලා මන් මට දැනෙන දේවල් අනිත් අයත් එක්ක බෙදාගත්තේ හරිම අඩුවෙන්. මගේ දුකක් තවත් කෙනෙක්ට කියලා ඒ කෙනාට තව ප්‍රශ්නයක් ඔළුවට දෙන්න මට ඕන වුණේ නෑ.

මොකද හැම මනුස්සෙයෙක්ම ඉන්නේ තමන්ට වද දෙන එක පුංචිම ප්‍රශ්නයක හරි ගැටෙමින්. ඒ වගේම තමයි මිනිස්සු දිහා බලලා එයාලා මේ මොහොතෙ ගත කරන්නේ සතුටින්ද දුකින්ද කියලා අපිට විනිශ්චය කරන්න බැහැ. ඔන්න ඔය නිසා මට තාමත් හිතෙන්නේ නෑ මගේ ප්‍රශ්න වෙන කෙනෙක්ට කියලා හිත හදාගන්න.

අපි හිතුවට එයා අපි කියපු එක අහගෙන හිටියා විතරයි, එයා ඕවා ඔළුවෙ තියාගන්නේ නෑ කියලා කෝල් එකකින්, මැසේජ් එකකින් හෝ ළඟට ඇවිල්ලා හෝ අපිට මිනිස්සු කියන දේවල් එක පාරට එහෙම ඔළුවෙන් අයින් කරලා දාන්න පුළුවන්ද. මට නම් ඒක මගේ ප්‍රශ්න දරාගන්නවට වඩා අමාරුයි වෙලාවකට.

කාලයක් ඕකට මම මුහුණ දුන්නා. එයාගේ ප්‍රශ්න අහලා රටේ නැති කතා කියලා මන් එයාගේ හිත හදනවා. පහුවෙනිදට එයා කිසිම ප්‍රශ්නයක් නොවුණ ගානට හැසිරෙනවා. හැබැයි මම කොහෙවත් යන මට කිසිම අදාළත්වයක්වත් නැති ප්‍රශ්නයක් ගැන හිතනවා.

ඒ නිසාම මන් මගේ කිසිම ප්‍රශ්නයක් මට බාහිරින් මුණ ගැහෙන මිනිස්සු එක කියන්නෙ නෑ කියලා හිතාගන්නවා. හැබැයි මම ඒ ප්‍රශ්න වල එල්ලිලා ඉන්නෙත් නෑ.

අපිට ප්‍රශ්න එන්නේ ඉබේම නෙමෙයි, අපි කරන දේවල්, කියන දේවල්, හිතන දේවල් නිසා. ඉතින් ඒ ප්‍රශ්න ලිහාගන්න පුළුවන් වෙන්නෙත් අපිටම තමයි. ඒවා අපේ ජිවීතේ අපි තනියම නිහඬව ලබාගන්න ජයග්‍රහණ!❤️

_R U U' S D I A R Y_

10/12/2025

අඬන්න හිතෙන තැන් වලදිත් හිනා වෙලා ඉන්න පුළුවන් තරමට අපිව දරාගෙන ඉන්න පුළුවන් අපිටම විතරයි❤️‍🩹

_Ruu's diary_

මුහුදට මං ආදරේ කරන්න පටන් ගන්නේ අම්මා එක්ක කෝච්චියේ ගමේ (අපේ අම්මගෙ ගම මාතර) යන්න පටන් ගත්ත දවසේ ඉඳලා. කෝච්චියේ ජනේලේ ළඟ...
06/11/2025

මුහුදට මං ආදරේ කරන්න පටන් ගන්නේ අම්මා එක්ක කෝච්චියේ ගමේ (අපේ අම්මගෙ ගම මාතර) යන්න පටන් ගත්ත දවසේ ඉඳලා. කෝච්චියේ ජනේලේ ළඟ සීට් එකේ වාඩි වෙලා බෙල්ල එළියට දාගෙන මුහුදේ හුළඟ විඳින එක මගේ ගමන් චාරිකාවේ අනිවාර්‍ය අංගයක් වුණා. ඒ වෙලාවට අම්මා දන්නවා මට බඩගිනි වෙනවා කියලා ඒ නිසාම උණුම උණු බිත්තර රොටියක් එක්ක බෝල වඩේ කීපයක් ගෙනත් මගේ අතින් තියනවා. එතකොට මම සතුටු වෙන්නේ මට රටක් රාජ්‍යයක් ලැබුණා වගේ කියලා අම්මා මට ඉස්සර කියලා තියෙනවා. කාලයක් යද්දි ඒ දෙකමත් මගේ ගමන් චාරිකාව තවත් ලස්සන කරනවා.

ඔය විදියට මුහුදට ආදරේ කරන්න පටන් ගත්ත මම මහ දවල් මුහුද අයිනට වෙලා ඔහේ බලාගෙන ඉන්න, මුහුදේ ලුණු වතුරෙන් කකුල් දෙක තෙමාගන්න, කාටත් නොතේරෙන මහා සියුම් හඬකින් මුහුද කියන ලොකු කතාව තේරෙනවා වගේ අහගෙන ඉන්න ආසක්ත වෙනවා.

හැබැයි දහවලටත් වඩා රාත්‍රියට මුහුද හැඟුම්බර වෙනවා කියලා මට හිතෙනවා. කට්ට කළුවරට මුහුද නොපෙනුනත් ලුණු රසත් එක්ක ඇඟේ වදින සීතලයි, මුහුදු රළ බිඳෙන හඬයි මොහොතකට හරි විඳින්න පුළුවන් වෙනවා කියන්නේ ඔයා හරි වාසනාවන්තයි.

මීට අවුරුදු තුනකට විතර කලින් චාමරයි මමයි යාල ගියපු වෙලාවක රෑ යාල beach එකට යනවා. මුහුද හරියට පේන්නේ නැති වුණාට beach එකේ එහාට මෙහාට ඇවිදිමින් අපි දෙන්නා මෙතනින් එහාට අපි මොනාද කරන්නේ කියලා සෑහෙන්න දේවල් කතා කලා. පැත්තක තිබුණු ගලක් උඩ වෙලා වාඩි වෙලා ඉන්න වෙලාවක මන් එයාගෙන් ඇහුවා මොන දේ වුණත් මාව ඉස්සරහට ඔයා පරිස්සමින් බලාගන්නවා නේද කියලා. ටිකක් වෙලා මුහුද දිහාත් මං දිහාත් බලාගෙන ඉඳලා එයා කිව්වේ මන් ඔයාට ගොඩක් ආදරෙයි මැණික කියලා විතරයි. ඒ වචන ටිකෙන් මටවත් නොතේරෙන හිතේ හිරවෙලා තිබුණු දේවල් ටිකක් මන් මුහුදේ වාතලයට මුදාහැරලා හිත නිදහස් කරගත්තා.

මුහුද ඔච්චර විශාල වෙලා තියෙන්නෙත් මිනිස්සුන්ගේ සෝ සුසුම් දරාගන්න. මුහුද ළඟට ගිහින් අපි හිතේ තියෙන දේවල් ඔහේ කියෙව්වට මුහුද අපිව ප්‍රශ්න කරන්නේ නෑ; අපිව judge කරන්නෙත් නෑ. ඒ නිසාම මට අනේක වාරයක් හිතිලා තියෙනවා සමහර මිනිස්සු එක්ක කතා කරනවට වඩා මුහුද එක්ක තනියම කියනව එක හොඳයි කියලා.

මේ ලෝකේ අපි තනි වෙලා නැහැ. මුහුද, අහස වගේ තව ගොඩක් දේවල් තියෙන්නේ අපිව තනි නොකරන්න!

_R U U' S D I A R Y_

පුංචි කාලේ ඉඳලා මට එක එක හීන තිබුණා. ඒ හීන කාලෙන් කාලෙට මන් දැකපු අත්විඳපු දේවල් එක්ක වෙනස් වුණා. හරියටම කිව්වොත් මන් අඳ...
05/11/2025

පුංචි කාලේ ඉඳලා මට එක එක හීන තිබුණා. ඒ හීන කාලෙන් කාලෙට මන් දැකපු අත්විඳපු දේවල් එක්ක වෙනස් වුණා. හරියටම කිව්වොත් මන් අඳින චිත්‍රයක් එකිනෙකට ගැලපෙන්නෙ නැති දේවල් වලින් පුරවනවා වගේ. හැබැයි විවිධ වර්ණ නිසාම බලන්න ඉන්න ලස්සනයි. අදටත් මතක් කරනකොටත් ලස්සනයි.

ඊට පස්සෙ මට දේවල් තේරෙන්න පටන් ගන්න කාලෙ වෙනකොට, මන් ඇත්තටම දක්ෂ මොනවටද කියලා මම හොයාගන්නවා. ඔන්න එතකොට මන් අලුත් චිත්‍රයක් අඳින්න පටන් ගන්නවා. මගේ එක හීනයක් වටා මන් අනිත් හැමදේම ගොනු කරගන්නවා. ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා මහන්සි වෙනවා, පුළුවන් තරම් ඉගෙන ගන්නවා, අත්දැකීම් එකතු කරගන්නවා. ඔය අතරේ සිත් රිදීම්, ප්‍රතික්ෂේප වීම්, ජය පරාජය හැමදේම තනියම දරාගන්නවා. කළු දුමෙන් වැසුණු හිරොෂිමාව සකුරා මල් වලින් රෝස පාට වුණා වගේ ජිවීතේට වසන්තය උදා වෙලා මගේ හීන හැබෑ වෙනවා.

හැබැයි ඊට පස්සෙ ඔක්කොම ඉවර වෙන්නේ නෑ. ලැබුණු දේවල් රැකගන්න ආපහු මට අලුත් චිත්‍රයක් අඳින්න වෙනවා. සමහර දේවල් වැරෙන් අල්ලගෙන ඉඳලා මානසිකවත් ශාරීරිකවත් හෙම්බත් වෙනවා. සමහර කාල වලට බංකුවක් උඩ වාඩි වෙලා ඔහේ බලාගෙන ඉන්නවා. ඒ වෙලාවට මට මන් ගැනම දුක හිතෙනවා. ඇත්තටම මේකද මට ඕන වුණේ කියලා හිතෙන්න පටන් ගන්නවා. ඒක පාරට එහෙමයි කියලා හිතෙනවා වෙන්න පුළුවන්. හැබැයි මම තාමත් හරියටම දන්නේ නෑ දැන් මගේ ජිවීතේ තියෙන දෙවල්ම තමයි මට ඕන වුණේ කියලා.

අපේ ජීවිත ඇතුලේ අපි ඉන්නේ අපිට ඕන දේවල් හොයමින්. ඒකට ලිස්ට් එකක් හැදුවොත් දවසින් දවස ඒකට දේවල් එකතු වෙනවා මිසක් ඒකෙන් දේවල් අඩු වෙන්නේ නෑ. මම හිතනවා තව ටික කාලයක් ගිහින් මන් ඇත්තටම හොයන ජිවීතේ මට ලැබෙයි කියලා. හැබැයි සමහරක් විටෙක මුළු ජීවිත කාලෙ පුරාවටම මන් ඒක හොයමින් ඉන්නත් පුළුවන්.

ඒ කොහොම වුණත් මන් අන්තිමේදී හිතාගන්න එක දෙයක් තියෙනවා. මන් හොයන දේවල් මට හමුවෙනකන් යන ගමන ඇතුලේ මට ලැබිලා තියෙන හැමදේකටම grateful වෙලා සතුටින් ජීවත් වෙනවා.

_R U U' S D I A R Y_

22/09/2025

Slow living කියන එක ජිවීතේ හැම පැත්තකින්ම මාව සතුටින් තියනවා කියලා මට දැනිලා තියනවා. උදේ දවල් කඩිමුඩියේ වැඩ කරලා, එක එක අභියෝග වලට මුහුණ දීලා ගෙදර ආවට පස්සේ ඉස්සර ඉඳන්ම මන් උත්සහ කරනවා මගේ සන්ධ්‍යා සමය Slow evening එකක් කරගන්න.

ඒ ලොකු ලොකු දේවල් කරලා නෙමේ. හොඳ shower එකක් අරගෙන සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන අයිස් කොෆී එකක් මච්චා එකක් හදාගෙන වෙලාවකට මන් පොතක් කියවන්න පටන් ගන්නවා. එහෙමත් නැත්නම් හොට් චොකලට් එකක් බොන ගමන් කසුන් කල්හාරගේ මටත් කවියක් ලියන්න සිංදුවෙන් පටන් ගන්න මගේ Playlist එක හීනියට දාගෙන සෝෆා එකේ වැතිරිලා අහගෙන ඉන්නවා. එහෙමත් නැත්නම් මේ දවස් වල වගේ ප්‍රියතම Gimbap එකක් කන ගමන් ෆිල්ම් එකක් එහෙමත් නැත්නම් ඩ්‍රාමා එකක් බලනවා.

මේ වගේ වෙලාවට මම අමතක කරන්නෙ නැති දෙයක් තියෙනවා. ඒ තමයි මම ඉන්න පරිසරයේ ඒ වෙලාවට තියෙන ආලෝකය වගේම සුවඳ මට සුවදායක විදියට හදාගන්න එක. ඉර බැහැගෙන යන වෙලාවක නම් ඒ එළිය එන පැත්තෙ ජනේලයක් මන් ඇරගන්නවා. හීනියට එන හුළඟට ජනේලෙ ලඟ එල්ලලා තියෙන ජපන් වින්ඩ් චයිම් එකත් විටින් විට සනීප සංගීතයකින් මට සතුට ගේනවා. ‍රෝස, ලයිලැක්, ජස්මින්, වැනිලා සුවඳැති සෙන්ටඩ් කැන්ඩල්ස් වලින් එක එක දවසට මුළු ගෙදරම සුවඳ කරගන්නවා.

මේ හැමදේම සර්ව සම්පුර්ණ වුණාම ඉතින් මගේ සන්ධ්‍යාව හරිම සෙමින් ගෙවෙන සනීප හැන්දෑවක් බවට පරිවර්තනය වෙනවා. නිවසින් පිටත ගොඩක් වෙලාවට කාර්‍යබහුල නගර වල තරඟකාරී, පීඩාකාරී ජීවිත ගත කරන හැමෝටම නිවස තුළ Slow living තියෙන්න ඕන කියලා මට හිතෙනවා. මොකද ඒක ඒ තරමට සනීප හැඟීමක්🌸🥺

_R U U' S D I A R Y_

ඉස්සර ඉඳන්ම මම පුරුදු වෙලා ඉන්නවා කොච්චර busy දවසක් වුණත්, එපාම කරපු දවසක් වුණත් ගෙදරට ආවට පස්සෙ මං ආස විදියට, මට comfor...
14/09/2025

ඉස්සර ඉඳන්ම මම පුරුදු වෙලා ඉන්නවා කොච්චර busy දවසක් වුණත්, එපාම කරපු දවසක් වුණත් ගෙදරට ආවට පස්සෙ මං ආස විදියට, මට comfortable විදියට අවසන් කරන්න.

සමහර දවස් තියෙනවා කෙලින් හිටගෙන ඉන්නත් අමාරු තරමට මහන්සි. අන්න ඒ වගේ දවස් වලට හොට් වෝටර් Shower එකකින් පස්සේ මන් ඇඳට එන්නේ ඩාක් චොකලට් වලින් හදපු උඩින් විපින් ක්‍රීම් දාපු හොට් චොකලට් එකක් හදාගෙන.

සමහර දවසට ඇඳ උඩ දුන් දාන සැරම සැර රාමෙන් එකක් එක්ක කොකා කෝලා එකක්. ඒ වෙලාවට කොරියන් හෝ ජපන් ඩ්‍රාමා එකක් බලන්න මම අමතක කරන්නේ නෑ. වැඩි වෙලාවක් බලන්න නම් හම්බෙන්නෙ නෑ හැබැයි ඒවා. මොකද නින්ද යනවනේ;)

එපාම කරපු දවසක් වුණොත් දෙදාහේ මුල් කාලේ ආපු ඒ කාලේ CD තැටි හොයාගෙන බලපු හින්දි චිත්‍රපටයක් netflix එකෙන් හොයාගෙන ලැප් එකෙන් දාගන්නවා. ෆිල්ම් එක ඉවර වෙද්දි ආපහු මගෙ දවස සතුටින් ඉතින්!

Calm mood එකක් තියෙන දවසක නම් බාගෙට කියව කියව ඉන්න පොත් ටිකෙන් තඩි පොතක් අරගෙන තමයි ඇඳට එන්නේ. හැබැයි ඊළඟ දවසෙ ගෙදර නම් පොත කියවල ඉවර කරනකන් නින්ද මගෙ අහලකටවත් එන්නේ නෑ.

තවත් සමහර දවස් වලට උදේ දවල් එක එක කෝණ වලින් shoot කරපු videos මන් edit කරන්න පටන් ගන්නේ නිදාගන්න ඇඳට ඇවිල්ලා. Edit එක ඉවර වෙලා ලස්සන output එකක් ආවම මට සනීපෙට නින්ද යනවා.

එකී මෙකී කී නොකී මට comfortable සියලුම දේවල් වලින් මම එදා දවස මන් කැමති විදියකට ඉවර කරන්නේ ඊළඟ දවසට මට හොඳ energy එකක් ඕන නිසා. අනිත් එක තමයි දවස එපා වෙලා අවුලෙන් නිදාගන්න ගියාට ඒ කිසිම දවසක මට නින්ද යන්නෙත් නෑ.

ඔයාට comfortable විදියට, ඔයා ආස විදියට ඔයාගේ දවස අවසන් කරන්න හැමතිස්සෙම උත්සහ කරන්න. එතකොට ඊළඟ දවසෙත් ඔයා සතුටින්!

_R U U' S D I A R Y_

රතු රෝස පිරුණු ලෝකයක රතු වයින් පැහැති ලිලී මලක්!_R U U' S  D I A R Y_
13/09/2025

රතු රෝස පිරුණු ලෝකයක රතු වයින් පැහැති ලිලී මලක්!

_R U U' S D I A R Y_

මම හැමතිස්සෙම හිතනවා උදාවෙන අලුත් දවසක් කියන්නේ ජිවීතේ නිව් චැප්ටර් එකක් කියලා. හරියට පොතක අලුත් චැප්ටර් එකක් වගේ. ඒ අලු...
13/09/2025

මම හැමතිස්සෙම හිතනවා උදාවෙන අලුත් දවසක් කියන්නේ ජිවීතේ නිව් චැප්ටර් එකක් කියලා. හරියට පොතක අලුත් චැප්ටර් එකක් වගේ.

ඒ අලුත් චැප්ටර් එක ඇතුලෙ ඉන්නේ එකම මිනිස්සු සහ වටපිටාව එකම වෙන්න පුළුවන් හැබැයි ඒ අය එක්ක මම කරන ගනුදෙනු, හැඟීම් බෙදාහදා ගැනීම් හැමදේම අලුත්. ඔය අතර තුර මම හිතන්නෙවත් නැති දේවල් වෙන්නත් පුළුවන්. ඒවයින් හිත රිදෙන්නත් පුළුවන්. ඒ හා සමානවම හිත සතුටු වෙන්නත් පුළුවන්. අවුරුදු ගානක් එකට හිටපු මිනිස්සු වගේම අවුරුදු ගානක් මගේ ළඟ තිබුණු මට වටින දේවල් නැති වෙලා යන්නත් පුළුවන්. එහෙම නැති වෙන වෙලාවට තව දේවල් මගේ ජිවීතෙට එකතු වෙන්නත් පුළුවන්.

පොතක අලුත් චැප්ටර් එකක් පටන් ගත්තට පස්සේ ඒක කියවල ඉවර වෙනකන් අපි දන්නෙ නැහැ ඒ චැප්ටර් එක ඇතුලෙ මොකද වෙන්නේ, ඒක කොහොමද ඉවර වෙන්නේ කියලා. ඒ වගේ තමයි අපේ දවස ගෙවලා ඉවර වෙනකන් අපි දන්නෙ නැහැ අද දවස ඇතුලත් අපේ ජිවීත වලට අලුතින් මොන මොනව එකතු වෙයිද, අපිට මොනවා නැති වෙයිද, කවුරු අපේ හිත් රිද්දයිද කියලා.

ඒ නිසා අද දවසෙ ඇතුලත වෙන ඕනම දෙයක් සතුටු හිතින් බාරගන්න සූදානමින් හිත හදාගෙන තමයි මම දවස පටන් ගන්නේ. එතකොට මගේ අලුත් චැප්ටර් එක ඇතුලේ මොනවා සිද්ද වුණත් මන් සතුටින්!

_R U U' S D I A R Y_

゚viralシfypシ゚

住所

Kashiwa-shi, Chiba

電話番号

07093121056

ウェブサイト

アラート

Ruu's diaryがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する