14/06/2026
ආදරේ නාමෙන් තිබුන හැම හැඟීමක්ම
මැරිලා ආදරේ කියන අකුරු හතරටත්
වෛර කරපු ආදරේ කියලා දෙයක් නෑ කියලා
කවුරු හරි ආදරෙයි කිව්වත් කට කොනින්
හිනා උනු මට දවසක් වචනේ පරිසමාප්තියෙන්ම
පිරිමි ආත්මයක් මුන ගැහුනා හරි අහම්බෙන්
එදා ඉදන් එක දවසක් වත් මට ඒ පිරිමි
හිතට ආදරේ නොකර ඉන්න බැරි උනා
මේ ලෝකේ මන් දැකපු ආදරණීයම පිරිමියා
මාව නැති කරගන්න බය පිරිමියෙක්
එක පාරක් මට ලැබෙන්න ඕනේ
දෙවියන්ගෙන් ඉල්ලුවට දෙවියෙක් වගේ
පිරිමියෙක් මගේ ඉස්සරහ ඉද්දී
කොහොමද මන් දරාගන්නේ
එක දෙයයි උබව මට දීපු දෙවියන් ගෙන් ඉල්ලන්නේ
කොච්චර දුරින් හරි මාත් එක්ක උබ ඉන්න ඕනේ
උබට විනාඩියකට හරි කලින් මගේ හුස්ම
නවතින්න ඕනේ ඊලග ආත්මෙක
උබ මගේම විතරක් වෙන්න ඕනේ