Japan Diary 2.0

Japan Diary 2.0 ජපානයේ සුන්දරත්වයයි, ලංකාවේ ආතල් එකයි එකට.
(1)

17/05/2026

ජපානයේ කොහොමද baito (Part-time) එකක් හොයාගන්නෙ..? 🇯🇵

මට part-time ගැන අහලා page එකට ගොඩක් message එනවා, විශේෂයෙන් April intake එකට අලුතින් ජපානයට ආපු student අයගෙන්. ඔක්කොම message වලට reply කරන්න ටිකක් අමාරු නිසා, part-time හොයන ඔයාලට මේ post එක වැදගත් වෙයි කියලා හිතුවා ❤️

මුලින්ම කියන්න ඕනෙ දැන් ජපානයේ part time වලට විශේෂයෙන් භාශාව බලනවා.භාශාව පුලුවන්නම් ඔයාට part time එකක් හොයා ගන්න ගොඩක් අමාරු වෙන එකක් නෑ.ජපානයට ආපු ගමන් JLPT තියෙන අයට පවා භාශාව හැසිරවීමට අපහසු අය සිටිනවා ඉතින් උත්සාහය අතාරින්න එපා ඔයාට අවස්ථාවක් ලැබෙන හැමවෙලාවකම interview වලට සභාගි වෙලා ලබන අත්දැකීම උනත් ඔයාට ගොඩක් වැදගත් වෙන්න පුලුවන්.

මම student හිටපු අවුරුදු 4ම parttime හොයාගත්තෙ townwork app එක සහ seven eleven app එකෙන්. ඉතින් ජපානෙට අලුතින් ඇවිත් ඉන්න ඔයාලට පහතින් තියෙන method වැදගත් වෙයි.

1️⃣ Baito හොයන්න පුළුවන් Apps / Websites

ජපානයේ baito හොයන්න ගොඩක් අය use කරන apps ටිකක් තියෙනවා. මේ apps වලින් තමන් ඉන්න area එකට ළඟ jobs හොයාගන්න පුළුවන්.

📌 Townwork (タウンワーク)
Convenience store, restaurant, hotel, warehouse, cleaning, supermarket jobs වගේ ගොඩක් jobs තියෙන app එකක්. Area එකට අනුව search කරන්නත් පුළුවන්.

📌 Baitoru (バイトル)
Student අයට ලේසියෙන් apply කරන්න පුළුවන් app එකක්. Salary, work hours, transport allowance තියෙනවද, Japanese level එක ඕනෙද වගේ details clear එකට තියෙනවා.

📌 Seven Eleven App / Website
7-Eleven stores වල directly baito apply කරන්න පුළුවන්. Near your location jobs පෙන්නනවා.

📌 Indeed Japan / 求人ボックス (Kyujin Box)
Different companies වල jobs එකම තැනින් බලන්න පුළුවන්. Factory, restaurant jobs ගොඩක් තියෙනවා.

2️⃣ Restaurant / Shop ඉස්සරහ තියෙන boards බලන්න

ජපානයේ ගොඩක් restaurant, konbini, cafe, supermarket, ramen shops වල ඉස්සරහ 「アルバイト募集」(Arubaito Boshuu) කියලා board දාලා තියෙනවා. ගොඩක් වෙලාවට ඒ board එකේ

✅ Hourly salary
✅ Working hours
✅ Phone number
✅ QR code. දාලා තියෙනවා.

Japanese ටිකක් පුළුවන් නම් call කරලා අහන්නත් පුළුවන්.

Call කරනකොට මෙහෙම කියන්න පුළුවන්:(japanese ටිකක් අමාරු කෙනෙක් නම්)

アルバイトの募集広告見てお電話いたしました。まだ募集されていますか。
arubaito boshuu no kōkoku mite odenwa itashimash*ta. Mada boshuu sareteimasu ka?

Part-time job advertisement එක දැකලා මම call කලේ.තවම බඳවා ගැනීම් කරනවද?

Japanese අමාරු නම් friend කෙනෙක්ගෙන් help ගන්නත් පුළුවන්.

3️⃣ App එකෙන් apply කරන විදිහ

App එකෙන් apply කරනකොට:

✔️ තමන්ගේ area එක select කරන්න
✔️ Salary (時給 / Jikyuu) බලන්න
✔️ Shift hours check කරන්න
✔️ School schedule එක්ක match වෙනවද බලන්න
✔️ Foreigners OK ද කියලා check කරන්න
✔️ Apply button එක click කරලා details fill කරන්න

සමහර companies phone call එකක් දෙනවා. තවත් තැන් SMS හරි email එකෙන් contact කරනවා.

4️⃣ Interview (面接 / Mensetsu) එකට යනකොට
Important Tips ⚠️

interview එකට යනකොට first impression එක ගොඩක් බලනවා.

✔️ Clean & neat outfit එකක් අදින්න
✔️ Too flashy clothes avoid කරන්න
✔️ Time එකට කලින් 5–10 minutes යන්න
✔️ Respectful Japanese use කරන්න
✔️ Smile එකක් තියෙන්න 😊

Interview එකේ අහන common questions වලින් ඔයාට මේ විදිහෙ පිලිතුරු දුන්නොත් සමත් වෙන ඉඩකඩ වැඩියි.

🔹 ඔයාගෙන් ගොඩක් වෙලාවට weekend එකේ වැඩ කරන්න පුලුවන්ද කියලා අහනවා.
➡️ Weekend වැඩ කරන්න පුළුවන් නම් chance එක ටිකක් වැඩි.(මගේ අත්දැකීම් අනුව)

🔹 Japanese level එක
➡️ Honest answer දෙන්න. Over confidence දාන්න එපා.

🔹 වැඩ කල හැකි දින
➡️ School schedule එකට අනුව realistic answer එකක් දෙන්න.

ජපානයට අලුතින් ආපු student අය, මුලින් Japanese perfect නැති උනත් try කරන්න. Restaurant, konbini, factory, cleaning, hotel වගේ තැන් වලින් experience එක ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ඔයා interview face කරන විදිහ

මුලින් baito එක හොයන්න ටිකක් අමාරු වගේ හිතෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට බොහෝ තැන් වලින් ඔයාව reject වෙන්න පුළුවන්. ඒකෙන් අධෛර්යමත් වෙන්න එපා. එක තැනකින් නැත්නම් තවත් තැනකින් chance එකක් එනවා ඒ නිසා හැමදෙයක්ම අත්දැකීමක් කරගෙන උත්සාහ කරන්න

Part time හොයන ඔයාලට පොඩිම හරි උදව්වක් වෙයි. 🤍

✍Thashi タシュ

15/05/2026
10/05/2026
09/05/2026

සිංදුවක් අහගෙන යමුද මාත් එක්ක අද වැඩට.. 🙂

27/11/2025

ලංකාවෙන් පිට ඉන්න අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ මගේ රටටත් රටේ කිසිම කෙනෙක්ටවත් හානියක් වෙන්න එපා කියලයි,ගතින් නැතත් හිතින් අපි ලංකාවේ 🥺🙏

😁
21/10/2025

😁

09/10/2025

මේවනම් සිරාම සිද්දි 😁

06/10/2025

ජපානේ ඉන්න සේම්පයි අයියලා වගේ.. සේම්පයි අක්කලත් මල්ලිලාට උදව් කරානම් මිට වඩා ජපානේ සුන්දර වෙන්න තිබ්බා ... 🥰🇯🇵

住所

Nerima-ku, Tokyo

ウェブサイト

アラート

Japan Diary 2.0がニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する

カテゴリー