Nihon Ro

Nihon Ro Sinhala Motivation | Global Community 🌎

17/08/2026

ගොඩක් අයට වටින Video එකක්...Very useful video Soory මල්ලි...👊💪
හැමෝම share කරන්න,
With Soori Digital
With soori Academy

Ashen Sri Lankaහොඳ දේ කරන මිනිස්සුන්ව අගය කරන්න අපි ඉගෙන ගමු ❤️අශේන් ශ්‍රී ලංකා කියන නම අද ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම...
17/08/2026

Ashen Sri Lanka

හොඳ දේ කරන මිනිස්සුන්ව අගය කරන්න අපි ඉගෙන ගමු ❤️

අශේන් ශ්‍රී ලංකා කියන නම අද ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්.

Facebook පිටුවෙන්, YouTube චැනලයෙන් සහ Social Media හරහා ඔහු කරන වැඩ ගැන අපි හැමෝම දකිනවා. විශේෂයෙන්ම දක්ෂතා තියෙන, නමුත් ඉදිරියට එන්න අවස්ථාවක් නැති දරුවන්ට, තරුණ තරුණියන්ට අවස්ථා ලබාදෙන අවස්ථා අපි දැකලා තියෙනවා.

මම ඇත්තටම මේ post එක ලියන්නේ කිසිම ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි.

අශේන් මල්ලි මගේ ළඟම ඉන්න කෙනෙක්වත්, මම නිතර කතා කරන කෙනෙක්වත් නෙවෙයි. ඒත් දුරින් ඉඳගෙන හරි කෙනෙක් කරන හොඳ දෙයක් දැක්කාම ඒක අගය කරන්න තරම්වත් අපි නිහතමානී වෙන්න ඕන කියලා මට හිතුණා.

කෙනෙක් කියන්න පුළුවන්,

“එයා මේ දේවල් කරන්නේ views ගන්න, followers වැඩි කරගන්න, monetize කරන්න.”

ඔව්. වෙන්න පුළුවන්.

ඒක එයාගේ වෘත්තිය. Social Media එක එයාගේ හැකියාව. තමන්ගේ හැකියාවෙන් තමන්ට ආදායමක් හදාගන්න එක වැරැද්දක් නෙවෙයි.

ඒත් ඒ ගමන අතරතුර තවත් මනුස්සයෙකුගේ ජීවිතයට අවස්ථාවක් ලැබෙනවා නම්, දරුවෙකුගේ හීනයක් ඉටු වෙනවා නම්, කෙනෙක්ට අතහිතක් ලැබෙනවා නම් ඒ හොඳ දේ අගය කරන්න අපිට බැරි ඇයි?

මිනිස්සුන්ගේ වැරදි හොයන්න ගොඩාක් අය බහුතරයක් හරිම හදිසි වෙනවා.

වචනයක් වැරදුණොත් කමෙන්ට් එකක්.
වැරදි දෙයක් කළොත් විවේචනයක්.
අපිට නොගැළපෙන දෙයක් කළොත් ගැරහීමක්.

හැබැයි කෙනෙක් හොඳ දෙයක් කළාම?

නිහඬ ඇයි?
(අගය කරන අය ඉන්නවා, නැතිවම නෙවේ)

අපේ සමාජයේ මේ පුරුද්ද ටිකක් වෙනස් වෙන්න ඕන කියලා මට හිතෙනවා.

හොඳ දේ දැක්කාම “හොඳයි” කියන්නත්,
හොඳ මනුස්සයෙක් දැක්කාම “ඔබට ස්තූතියි” කියන්නත් අපි ඉගෙන ගන්න ඕන. අපි කාටවත් කිසුම වියදමක් නැතිව දෙන්න පුලුවන් දේවල් මේවා.

අශේන් මල්ලි, ඔයා මෑතකදී කළ Podcast එකකට සහභාගී කරගත්තා Sports කරන දුවක්, එයාගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ලබාදුන්න උපකාර වගේ දේවල් මම දැක්කා. (ස්පොන්සර් කළ මහත්මයාට ස්තූතියි)

ඒ වගේ දේවල් වල වටිනාකම මුදලින් මනින්න බෑ.

අපි නොදන්නවා වුණාට, ඒ වගේ එක අවස්ථාවක් කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. ජීවිතයක් වෙනස් කරන Turning Point එකක් වෙනවා කියන්නේ, ඒක ලොකු පිංකමක් මල්ලී.

අද සපත්තු දෙකක් ලැබුණු දරුවෙක් හෙට රට වෙනුවෙන් ක්‍රීඩා කරන කෙනෙක් වෙන්න පුළුවන්.

අද කැමරාවක් ඉදිරියට එන්න අවස්ථාවක් ලැබුණු කෙනෙක් හෙට තමන්ගේම ගමනක් හදාගන්න පුළුවන්.
අපි ඒ දේවල් මේ මිහිපිට දකිනවා, ඔයාගෙන් වෙනවා.
ස්තූතියි මල්ලි.

ඒ නිසා මම හිතන්නේ කෙනෙක්ට දෙන අවස්ථාවක් කියන්නේ ඔහුට දෙන තෑග්ගක් විතරක් නෙවෙයි. තවත් අනාගතයක් හදන්න දාන බීජයක්. ඔයා වපුරන බීජ හෙට අනාගතයේ මහා අස්වැන්නක් මේ දිවයිනට ලෝකෙටම.

අශේන් මල්ලි,

ඔයා කරන හැම දෙයක්ම හැමෝම අනුමත කරන එකක් නෑ. ඒක සාමාන්‍යයි.💪

මේ ලෝකේ හැමෝගෙන්ම අපිට එකම ආකාරයේ ප්‍රතිචාර ලැබෙන්නේ නෑ.👊

ඒත් හොඳ දෙයක් කරන ගමනේදී ලැබෙන විවේචනවලට වඩා, ඔයා නිසා කෙනෙක්ගේ ජීවිතයට ඇතිවෙන හොඳ ලොකු වෙනසක් ගොඩාක් වටිනවා.

මම මේක ලියන්නේ ඔයාව සම්පූර්ණයෙන් නිවැරදි මනුස්සයෙක් කියලා කියන්න නෙවෙයි. මේක දැකලා කවුරු හරි කියවලා කේන්තිටක් ආවොත් ජනිත කරපු අම්ම තාත්තව සිහිකරන්නවත් කේන්ති ගන්නවත් එපා.
ඒක ඉල්ලිමක්, අපි හැමෝම වෙනස් වෙමු! තගව කෙනෙක් දිහා ආදරෙන් නිහතමානීව දකින්න උත්සාහ කරමු.

අපි කවුරුත් 100% සම්පූර්ණ නෑ.

වැරදි වෙනවා. වචන වැරදෙනවා. තීරණ වැරදෙනවා. අපි හැමෝටම අඩුපාඩු තියෙනවා.

ඒත් ඒ අඩුපාඩු අතරින් හොඳ දෙයක් කරන්න උත්සාහ කරන මිනිස්සුන්ව අගය කරන්න අපිට පුළුවන් වෙන්න ඕන.

මට නම් ඔයා කරන දේවල්වලින් ලොකුම වටිනාකම පේන්නේ එතනයි.

අහිංසක සත්තුන්ට කෑම ටිකක් දෙන්න,
අවශ්‍ය කෙනෙක්ට උදව් කරන්න,
දක්ෂ කෙනෙක්ට අවස්ථාවක් දෙන්න,
තවත් මනුස්සයෙක්ට හොඳ වචනයක් කියන්න
මේ ලෝකය ටිකක් හොඳ තැනක් කරන්න ඒවා ඇති.

ඒ නිසා මම හදවතින්ම කියන්නේ,

අශේන් ශ්‍රී ලංකා, ඔයාට ස්තූතියි. ඔයාට ගොඩාක් පිං❤️

ඔයා කරන හැම දෙයක්ම හැමෝම දකින එකක් නැති වෙන්න පුළුවන්.

හැමෝම අගය කරන එකක් නැති වෙන්න පුළුවන්.

ඒත් කෙනෙක්ගේ ජීවිතයට ඔයාගෙන් ලැබුණු අවස්ථාවක්, උදව්වක්, හොඳ වචනයක් හෝ මතකයක් ඒ මනුස්සයාගේ හිතේ සදාකාලිකව තියෙන්න පුළුවන්.

ඒකම ලොකු ජයග්‍රහණයක්. මල්ලී

තමන්ට හැකි විදිහට තවත් මිනිස්සුන්ට අතහිත දෙන මේ ගමන තව තවත් සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

අපිට පුළුවන් නම් එකිනෙකාගේ වැරදි හොයනවාට වඩා එකිනෙකාගේ හොඳ දේ අගය කරමු.

මොකද,

හොඳ මිනිස්සු බිහිවෙන්නේ හොඳ දේවල් දැකලා ඒවා අගය කරන සමාජයක. ❤️

අශේන් මල්ලි,
ඔයාට බුදු සරණයි.
දළදා සමිඳු පිහිටයි. 🙏

ඔයාගේ ඉදිරි ගමන තව තවත් සාර්ථක වේවා.
තවත් දක්ෂ දරුවන්ට, තරුණයන්ට, අසරණ මිනිසුන්ට අතහිත දෙන්න ශක්තිය ලැබේවා.

ඔයාට සැමදා ජය! ✌️👊💪❤️🙏🔥

අවංකව සතුටු වන මම
නිරෝශ්

16/08/2026

හැම තර්කයක්ම දිනන්න ඕනේ නෑ… මේක මතක තියාගන්න. 🧠🔥

වාද කරන එක වැරදි නෑ.
හැබැයි තමන් හරි කියලා ඔප්පු කරන්න නෙවෙයි… නිවැරදි දේ හොයාගන්න උත්සාහ කරන මිනිස්සු එක්ක වාද කරන්න. 🤝🧠


- NihonRo-
🇱🇰🇯🇵

හැම වෙලාවෙම ශක්තිමත් වෙලා ඉන්න ඕනේ නෑ… ❤️
16/08/2026

හැම වෙලාවෙම ශක්තිමත් වෙලා ඉන්න ඕනේ නෑ… ❤️

ඔයාගේ හෙට තීරණය වෙන්නේ හෙට කරන දේවල්වලින් නෙවෙයි…අද කරන වැඩවලින්. 👊🔥අනාගතය ගැන හීන දකින එක ලස්සනයි.හැබැයි ඒ හීන සැබෑ කරග...
16/08/2026

ඔයාගේ හෙට තීරණය වෙන්නේ හෙට කරන දේවල්වලින් නෙවෙයි…
අද කරන වැඩවලින්. 👊🔥

අනාගතය ගැන හීන දකින එක ලස්සනයි.
හැබැයි ඒ හීන සැබෑ කරගන්න නම් අද දවසේ වැඩ කරන්න ඕනේ. 💯

හෙට කියලා කල් දාන්න එපා.
ඔයාගේ අනාගතය හදන්න පටන් ගන්න හොඳම දවස අද. ❤️🚀

හැබැයි අනිවාර්යයෙන්ම.” ✈️🔥සාර්ථකත්වයට හැමෝම එකම වේගයෙන් යන්නේ නෑ.කෙනෙක් අද දිනනවා, තවත් කෙනෙක්ට ඒ දවස එන්න ටිකක් කල් යනව...
16/08/2026

හැබැයි අනිවාර්යයෙන්ම.” ✈️🔥

සාර්ථකත්වයට හැමෝම එකම වේගයෙන් යන්නේ නෑ.
කෙනෙක් අද දිනනවා, තවත් කෙනෙක්ට ඒ දවස එන්න ටිකක් කල් යනවා. ❤️

කාලය ගත වුණාට කමක් නෑ…
බලාපොරොත්තුව අත්හරින්න එපා.
ඔයාගේ දවස අනිවාර්යයෙන්ම එනවා. 💯🚀

16/08/2026

ඊර්ෂ්‍යා කරන මිනිස්සුන්ට හොඳම උත්තරේ මේකයි 🔥

ඔයා ගේම පටන් ගත්තොත්, ඒ ගමනේ අවසානයක් නෑ. 🚀
ජීවිතේ හැමදාම ඉන්නේ ඔයාගේම ගේමේ. 💯

අද ඔයාට හිනා වෙන අයට, හෙට උත්තර දෙන්නෙ ඔයාගේ ප්‍රතිඵල. 🏆🔥


- NihonRo -
🇱🇰🇯🇵

හැමෝගෙම හිතේ හීනයක් තියෙනවා… 🏠🚗✈️
15/08/2026

හැමෝගෙම හිතේ හීනයක් තියෙනවා… 🏠🚗✈️

ඔබේ සිතුවිලි වෙනස් කරන්න… ඔබේ ජීවිතයත් වෙනස් වේවි. ✨හැම වෙලාවකම ධනාත්මකව සිතන්න. 🌱
15/08/2026

ඔබේ සිතුවිලි වෙනස් කරන්න… ඔබේ ජීවිතයත් වෙනස් වේවි. ✨

හැම වෙලාවකම ධනාත්මකව සිතන්න. 🌱

住所

Tokyo
Ota-ku, Tokyo
1430013

ウェブサイト

アラート

Nihon Roがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

  • 住所
  • アラート

共有する