Hinomaru

Hinomaru ජපානේ ගැන සිංහලෙන් දැන ගන්න

Can’t sleep? 😴 Listen to this soothing music from the bottom of your heart. It helps relax your mind, melt away stress, ...
26/06/2026

Can’t sleep? 😴 Listen to this soothing music from the bottom of your heart. It helps relax your mind, melt away stress, and lead you to a deep, peaceful sleep. Your journey to better rest starts here. 🌙✨🎶

10/04/2026

අපිට මේ ලොවෙන් මොන මොහොතේ දී සමුදෙන්න
වේවිද කියල අපි දන්නෙ නෑ.. ඒ වගේම තමයි
ජපානෙ ජීවත් වෙන අපේ සහෝදර සහෝදරියන්
වසරකට කිහිප දෙනෙක් මොනයම් හේතුවක් නිසා හෝ
අප අතරින් වෙන් වෙනව..

ඉතින් ඒ හැම වෙලාවකම ඒ අය ලග මුදල් නෑ..ඒ හැම වෙලාවකම
මුදල් එකතු කරල තමයි ලංකාවට දේහය යවන්න වෙන්නෙ..
ඒ වගෙම තමහි සල්ලි එකතු වෙනකම් ජපානෙ දේහය තියාගන්න එකත් ලේසි පහසු දෙයක නෙමේ.. ඒ නිසාම ලංකාවෙ අයත් ලොකු අපහසුතාවයකට පත් වෙනව.

මේ නිසාම ජපානෙ කෙනෙක් මිය ගියහොත් ඒ සම්බන්ධයෙන් සියලු වැඩ කරල දෙන ජපානෙ රක්ෂණයක් අද මම කියල දෙන්නම්..

🇯🇵 ජපානයේදී සිදුවන හදිසි මරණයකදී දේහය ලංකාවට යැවීමට ඇති මූල්‍ය සහන සහ රක්ෂණ ක්‍රම පිළිබඳ සම්පූර්ණ මෙන්වීම 🛡️✈️🇱🇰

ජපානයේදී කෙනෙක් මියගියහොත් දේහය ලංකාවට යැවීමට (Repatriation) සාමාන්‍යයෙන් යෙන් ලක්ෂ 10 සිට 15 දක්වා (රුපියල් ලක්ෂ 20-30ක් පමණ) විශාල මුදලක් වැය වේ. බොහෝ වෙලාවට අපේ ශ්‍රී ලාංකිකයන්ට සිදුවන්නේ අවසාන මොහොතේ මුදල් එකතු කිරීමටයි. නමුත් කලින් සූදානම් වීමෙන් මේ බර පවුලේ අයගෙන් නිදහස් කළ හැකියි.
මෙන්න ඒ සඳහා ඇති ප්‍රධානම විසඳුම්: 👇

🛡️ 01. විදේශිකයන් සඳහාම වූ රක්ෂණ (Repatriation Insurance)
ජපානයේ සිටින විදේශිකයන් වෙනුවෙන්ම සකස් කළ Viva Vida සහ Be-With You වැනි රක්ෂණ ක්‍රම මෙහිදී ඉතාමත් වැදගත් වේ.

• ප්‍රතිලාභ: මරණයකදී දේහය එම්බාම් කිරීම, මිනී පෙට්ටිය, ගුවන් තොටුපළට ප්‍රවාහනය සහ ලංකාවට යැවීමේ ගුවන් ගාස්තු ඇතුළු සියලු වියදම් (සාමාන්‍යයෙන් යෙන් ලක්ෂ 10-15 දක්වා) රක්ෂණයෙන් ආවරණය වේ.

• මුදල් ලැබෙන්නේ කාටද?: මරණය තහවුරු වූ පසු, රක්ෂණ සමාගම විසින් අදාළ අවමංගල්‍ය සේවා සපයන ආයතනයට (Funeral Home) සෘජුවම මුදල් ගෙවනු ලබයි. එවිට පවුලේ අයට මුදල් සෙවීමේ බරක් නැත.• ලියාපදිංචි වන්නේ කොහොමද?: මෙම සමාගම්වල වෙබ් අඩවි හරහා Online අයදුම් කළ හැකියි. (මසකට වැය වන්නේ යෙන් 1,500 - 3,000 වැනි සුළු මුදලකි).

• කාලය: රක්ෂණය සක්‍රීය වී සාමාන්‍යයෙන් මාසයකට පසුව ඕනෑම ස්වාභාවික මරණයක් හෝ අනතුරක් සඳහා හිමිකම් පෑ හැකියි. (සවිශේෂී කොන්දේසි තිබිය හැක).

🏛️ 02. සිටි ඔෆිස් එකෙන් ලැබෙන "අවමංගල්‍ය දීමනාව" (費 - Sosai-hi)

ඔබ ජපානයේ රජයේ සෞඛ්‍ය රක්ෂණය (National Health Insurance) හෝ සමාගම් රක්ෂණය (Shakai Hoken) ගෙවනවා නම් ඔබට මෙම සහනය හිමිවේ.
• මුදල: සාමාන්‍යයෙන් යෙන් 50,000 කි.

• ලබාගන්නේ කෙසේද?: මරණයෙන් පසු දින 14ක් ඇතුළත සිටි ඔෆිස් එකේ රක්ෂණ අංශයට (Hoken-ka) ගොස් අයදුම් කළ යුතුය. මෙය පවුලේ ළඟම ඥාතියාට හෝ අවමංගල්‍ය කටයුතු සිදුකළ පුද්ගලය ලබාගත හැක.

💼 03. රැකියා ස්ථානයේ "රොසායි හෝකෙන්" (Workers' Compensation)
මරණය සිදුවූයේ රැකියාව කරන අතරතුර හෝ රැකියාවට යන එන අතරතුර (Commuting accident) නම්:

• වන්දි මුදල: රජය මගින් පවුලේ යැපෙන්නන්ට විශාල වන්දි මුදලක් (Lump sum or Pension) සහ අවමංගල්‍ය වියදම් (Funeral expenses) ලබා දෙනු ලැබේ. මෙය ඉතා ඉහළ මුදලකි.

🏢 04. සමාගම් සහ වෘත්තීය සමිති සහන
ඔබ "සෙයිෂයින්" (Permanent staff) ලෙස වැඩ කරන්නේ නම්, බොහෝ සමාගම්වල "Kyosai" (Mutual Aid) ක්‍රම පවතී. එවිට මරණයකදී පවුලේ අයට "Condolence Money" (Kouden) ලෙස විශාල මුදලක් ලැබීමට ඉඩ ඇත.

⚠️ හදිසි මරණයකදී කළ යුතු පියවර:
1. පොලිසියට/ගිලන් රථයට දැනුම් දීම: මරණය සිදුවූ ස්ථානය අනුව මුලින්ම 110 හෝ 119 ඇමතිය යුතුය.

2. තානාපති කාර්යාලය දැනුවත් කිරීම: ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මරණ සහතිකය සහ දේහය යැවීමට අවශ්‍ය නීතිමය ලියකියවිලි සකසා ගැනීමට උදව් ලබාගක.

3. අවමංගල්‍ය ආයතනයක් තෝරා ගැනීම: දේහය තැන්පත් කිරීමට සහ එම්බාම් කිරීමට විශේෂිත ආයතනයක් (Repatriation Service Provider) තෝරාගත යුතුය.

💡 අවසාන උපදෙස:
ජපානයේ තනිවම හෝ පවුල සමඟ සිටින ඔබ, අනිවායයෙන්ම "Life/Repatriation Insurance" එකක් ලබාගන්න. එය ඔබට මෙන්ම ඔබේ පවුලේ අයටත් අවසාන මොහොතේ මහත් අස්වැසිල්ලක් වනු ඇත. මරණය කියන්නේ කාටත් පොදු දෙයක්, ඒ නිසා කලින් සූදානම් වීම බුද්ධිමත්කමකි.

ඔබ තෝරා ගන්නා රක්ෂණ ක්‍රම අනූව මාසිකව ගෙවීමට ඇති මුදල ඉහල පහල යා හැක..

දන්නා සැමට දැනගන්න මේ පෝස්ට් එක Share කරන්න! 👇🤝

Hinomaru
24/03/2026

Hinomaru

තනි මොළයකට පැරදුන ජපානය

ඔබ කවුරුත් දන්නවා 'නිසාන්' (Nissan) කාර් ගැන. ඒත් ඔබ දන්නවාද..!. ලෝකෙම පිළිගත්ත ඒ යෝධ රථ වාහන සමාගමේ හිටපු ලොක්කාට (CEO),දවසක් රෑ තමන් ජීවත් වූ රටෙන් පැනලා යන්න සිද්ධ වුණේ සංගීත භාණ්ඩ දාන කළු පාට පෙට්ටියක් ඇතුලේ හැංගිලා කියලා.

මේක ෆිල්ම් එකක් නෙවෙයි.මේක තමයි ජපානයේ දැඩිම ආරක්ෂක වළල්ලක් මැද්දෙන් සිද්ධ වුණු ලෝකයේ දරුණුතම පැන යාම.

ඔහු නිකම්ම හොරෙක් නෙවෙයි.ඔහු ලෝකයේ දැවැන්තම මෝටර් රථ සමාගමක් වන 'නිසාන්' සමාගම බේරාගත්තු සුපිරි වීරයෙක්.නම කාර්ලෝස් ගෝන් (Carlos Ghosn).

කාර්ලෝස් කියන්නේ ජපානයේ දෙවියෙක් වගේ සලකපු මනුස්සයෙක්.බංකොලොත් වෙලා තිබුණු නිසාන් සමාගම ගොඩ දාලා, ලෝකේ අංක එකට ගෙනාවේ මෙයා.ජපානයේ කාටුන් වලත් මෙයා හිටියා.

නමුත් 2018 දී ඒ දෛවය කණපිට පෙරළුණා. හිටිහැටියේම ජපන් පොලීසිය මෙයාව වට කළා.චෝදනාව වුණේ සමාගමේ මුදල් වංචා කළා කියන එක.ජපානයේ නීතිය කොච්චර දරුණුද කියනවා නම්,'ඔයාට චෝදනාවක් එල්ල වුණොත්,ඔයා 99% ක්ම හිරේ.

කාර්ලෝස්ගේ නීතිඥයෝ ඩොලර් මිලියන ගාණක දැවැන්ත ඇපයක් තියලා ඔහුව එළියට ගත්තා.හැබැයි ඒක නිදහසක් නෙවෙයි.ඔහු හිටියේ නිවාස අඩස්සියේ (House Arrest).ගේ වටේම කැමරා.ඉන්ටර්නෙට් තහනම්.

ඔහුගේ පාස්පෝට් තුනම (බ්‍රසීල, ප්‍රංශ, ලෙබනන්)උසාවිය බාරේ.නීතිඥයෝ කිව්වේ "ඔයාට අවුරුදු 15ක හිර දඬුවමක් ෂුවර්" කියලා.අවුරුදු 65ක් වයසැති කාර්ලෝස් තීරණය කළා "මම මෙහේ මැරෙන්නේ නෑ.මම පැනලා යනවා" කියලා.

ඔහු තනියම මේ ගේම ගැහුවේ නෑ.ඔහු තෝරගත්තේ වැඩේට හරියනම මිනිහාව.
ඒ තමයි ඇමරිකානු විශේෂ බලකායේ හිටපු ප්‍රවීණ සොල්දාදුවෙක් වුණු මයිකල් ටේලර්.

මයිකල් මාස ගාණක් තිස්සේ ජපානයේ එයාර්පොට්වල ආරක්ෂාව ගැන රහසිගතව ඔත්තු බැලුවා.අන්තිමට ඔවුන් තීරණය කළා දවස.ඒ 2019 දෙසැම්බර් 29.

එදා කාර්ලෝස්ගේ ගෙදර පොඩි සාදයක් තිබුණා.ඒකට සංගීත කණ්ඩායමක් ආවා. ඇත්තටම ඒ ආවේ සංගීත කණ්ඩායමක් විදියට වෙස්වලාගත්ත මයිකල් ටේලර් සහ එයාගේ ටීම් එක.සාදය ඉවර වුණා.

සංගීත කණ්ඩායම ආපහු යන්න ලෑස්ති වුණා.ඔවුන් අරන් ආව බඩු පෙට්ටි අරගෙන හරිම සැහැල්ලුවෙන් එළියට බැස්සා.

නමුත් ඒ පොලිස් නිලධාරීන් දැනගෙන හිටියේ නෑ,ඒ ගෙනියන එක පෙට්ටියක් ඇතුලේ හුස්ම ගන්න පතුලේ විදපු පුංචි හිල් දෙකක් විතරක් තියාගෙන,දණහිස් දෙකත් පපුවට තද කරගෙන,මුළු ඇඟම ගුලි කරගෙන ලෝකේ ප්‍රසිද්ධම බිලියනපතියා හැංගිලා ඉන්නවා කියලා!

ඔවුන් ඔසාකා ගුවන්තොටුපලට(Kansai Airport) ගියා.එතැන තිබුණා පුද්ගලික ජෙට් යානා (Private Jets)යන විශේෂ පර්යන්තයක්.මුළු සැලැස්මේම භයානකම තත්පර කිහිපය තිබුණේ එතැන.එයාපෝට් එක ඇතුළට යන්න නම් ඕනෑම බඩුවක් X-ray මැෂින් එකෙන් ස්කෑන් කරන්න ඕන.

මේ පෙට්ටිය මැෂින් එකට දැම්මොත්,ඇතුලේ ඉන්න කාර්ලෝස්ව ස්ක්‍රීන් එකෙන් පෙන්නනවා.එතකොට ඔක්කොම ඉවරයි.නමුත් මයිකල් ටේලර් නිකම්ම සොල්දාදුවෙක් නෙවෙයි.

ඔහු කලින්ම හොයලා තිබුණා ඔසාකා එයාර්පොට් එකේ තියෙන ස්කෑන් මැෂින් එකේ ප්‍රමාණය ගැන.ඔවුන් ගෙනාපු "සවුන්ඩ් බොක්ස්" එක මැෂින් එකේ කටට වඩා අඟල් කිහිපයක් ලොකුයි.

අන්තිමේදී නිලධාරියා කිව්වා "කමක් නෑ ඕක නිකම්ම අරන් යන්න"කියලා.ලෝකේ දරුණුම ආරක්ෂක වළල්ල,එක ස්කෑන් මැෂින් එකක් නිසා පරාද වුණා.

පෙට්ටිය ජෙට් එකට පැටෙව්වා.ජෙට් එක ගුවන්ගත වුණා.පැය ගාණකට පස්සේ කාර්ලෝස් පෙට්ටියෙන් එළියට ආවා.

ජපානයෙන් තුර්කියට.එතනින් වෙන ජෙට් එකක නැගලා ලෙබනනයට.ලෙබනනය කියන්නේ ජපානය එක්ක අපරාධකරුවන් හුවමාරු කරගන්න ගිවිසුමක් නැති රටක්.ඒ කියන්නේ කාර්ලෝස් දැන් ආරක්ෂිතයි.

ජෙට් එක ලෙබනනයේ බේරූට් ගුවන්තොටුපලට (Beirut Airport) ගොඩ බැස්සා.කාර්ලෝස් ගෝන් එළියට බැස්සේ ජයග්‍රාහී වීරයෙක් වගේ.ලෙබනනය කියන්නේ තමන්ගේ රටේ පුරවැසියෙක්ව වෙන රටකට පාවා දෙන්නේ නැති රටක්.

පහුවදා උදේ ජපානයේ ටෝකියෝ නුවර ගිනි ගත්තා.කාර්ලෝස්ගේ ගෙදර ඉස්සරහ හිටපු පොලිස් නිලධාරීන් තාමත් හිතාගෙන හිටියේ ඔහු ගේ ඇතුලේ නිදාගෙන ඉන්නවා කියලයි.

ජපන් ආණ්ඩුවට මේක දරාගන්න බැරි වුණා.මේක නිකම්ම සිරකරුවෙක් පැනලා ගිය සිද්ධියක් නෙවෙයි,මේක "ජපානයේ ජාතික ආරක්ෂාවටම එල්ල වුණු මරු පහරක්".වටේම කැමරා තියෙද්දී,දොරකඩ පොලීසිය ඉද්දී,ඉන්ටර්නෙට් නැතුව,පොස්පෝට් නැතුව මනුස්සයෙක් කොහොමද රටින් පැන්නේ.!

ජපානයේ තිබුණු "නොබිඳිය හැකි ආරක්ෂාව" (Impenetrable Security) කියන ප්‍රතිරූපය එක රැයකින් බිඳ වැටුණා.එක මිනිහෙක්ගේ මොළයක්,මුළු රටකම ආරක්ෂක පද්ධතිය පරාජය කළා.අදටත් කාර්ලෝස් ගෝන් ලෙබනනයේ නිදහසේ ජීවත් වෙනවා.

ජපානයට කරන්න පුළුවන් එකම දේ බලාගෙන ඉන්න එක විතරයි.සල්ලි වලට වඩා වටින්නේ "නිදහස" කියන එක ඔහු ඔප්පු කළා.

10/02/2026

I got over 100 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

ප්‍රභල ශ්‍රී ලංකාවට නොබියව මුහුණ දුන් " ජපන් " කොලු ගැටව්....ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හට ජනවාරි 17 දිනය සුවිශේෂී දවස...
19/01/2026

ප්‍රභල ශ්‍රී ලංකාවට නොබියව මුහුණ දුන් " ජපන් " කොලු ගැටව්....

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හට ජනවාරි 17 දිනය සුවිශේෂී දවසකි. ඊයේ දිනයේ පැවති ක්‍රිකට් තරඟය අපට මව හා පියා අතර තරඟයක් වැනිය..
අවුරුදු 19න් පහළ ICC ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ දිනයේ එනම් ජනවාරි 17වන දිනයේ පැවතියේ ජපාන කණ්ඩායම හා ශ්‍රී ලාංකික කණ්ඩායම අතර තරගයයි.
තරගයේ ජය ශ්‍රී ලංකාවට. තර්ක අනවශ්‍යයයි. ඔවුන් දක්ෂයි. නමුත් මේ කතාව ජපන් කණ්ඩායම ගැනයි..

බැලු බැල්මට ලොව විශාලතම ආර්ථිකයකට හිමිකම් කියන ධනවත් රටක හා කුඩා දිවයිනක අතර තරගයක් සේ කෙනෙකුට හොවා දැක්විය හැකිය. තවත් පසෙකින් බලන කල ක්‍රිකට් ලොවේ කිරුළු පැළඳි රටක් හා ක්‍රිකට් ක්‍රීඩාවට ආධුනික රටක් අතර තරඟයක් ලෙසද ක්‍රිකට් රසිකයින්ට පෙනෙනු ඇත.
සැබැවින්ම මෙය දුප්පත් හා පොහොසත් රටවල් දෙකක් අතර තරඟයක් යන මතය සත්‍යයක් වුවද මෙහි දුප්පත් රට ශ්‍රී ලංකාව නොව. ජපානයයි..
ජපානය යනු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉතා දුප්පත් රටක් බව මහපොළවේ යථාර්තයයි. මෙවර 19න් පහළ ICC ලෝක කුසලානය වෙනුවෙන් ලොකයේ රටවල අතරින් තේරිපත් වි තරග වදින රටවල 16 වන,,,,
ඇෆ්ගනිස්ථානය,ඔස්ට්‍රේලියාව,බංගලාදෙශය,එංගලන්තය,ඉන්දියාව,අයර්ලන්තය,නවසිලන්තය,පකිස්ථානය,ස්කොට්ලන්තය,දකුණු අප්‍රිකාව,ශ්‍රී ලංකාව,ටැන්සානියාව,ඇමරිකාව,බටහිර කොදෙව්(West Indies),සිම්බාබ්වේ සහ ජපානය යන රටවල්‍ ය,,,,
මෙම රටවල් 16 අතරින් ටැන්සානියාව, සිම්බාබ්වේ වැනි රටවල් පවා ආර්ථිකයෙන් කොතරම් දුප්පත් වුවද ක්‍රිකට් ක්‍රීඩාවෙන් පොහොසත් රටවල්ය.
ක්‍රීඩාව පොහොසත් වනුයේ මුදල් වලින් පමණක් නොවේ. මානව සම්පත, ක්‍රීඩාවට අවශ්‍යය යටිතල පහසුකම්, රජයෙන් ලැබෙන සහයෝගය, ප්‍රේක්ෂකයින්ගේ දිරිගැන්වීම, ක්‍රීඩකයින් පුහුණු වන කාලය, ක්‍රීඩාංගන, මුහුණ දෙන තරග ගණන යනාදී සියල්ල ඒ සඳහා බලපානු ඇත.

ඊයේ දිනයේ පැවති තරගය පිළිබඳව අවදානය යොමු කලවිට,
ශ්‍රී ලාංකේය කණ්ඩායම සතුව සියළු අංශ වලින් වෙන් වෙන්ව පුහුණුකරුවන් ඇත. අවශ්‍යය තරමටත් වඩා වැඩියෙන් ක්‍රීඩාංගන පහසුකම්, ක්‍රීඩාවට අවශ්‍යය තාක්ෂණය ඇත. ලෝකපූජිත ක්‍රීඩකයින්ගේ අවවාද, අත්දැකීම් බෙදාගැනීම් මෙන්ම ඔවුන්ගේ ආශිර්වාදයද ඇත.
තරග දිනුවත් පැරැදුනත් අත් නොහරින රසිකාගාරයක් ඇත. ඉතා හොද පළපුරුදු තේරීම් කමිටුවක්, පාලක මණ්ඩලයක් ඇත.
ජපානයේ තත්වය ඊට හාත්පසින්ම වෙනස් ය. ජපාන ක්‍රීඩක සංචිතයේ අති දක්ෂ ක්‍රීඩකයින් සිටියද ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ලොව පුරා විහිදී ජීවත් වෙයි.
උදා :- එංගලන්තය, ඕස්ට්‍රේලියාව,නවසිලන්තය වැනි රටවල,,,,
මේ සියළු දෙනා එක තැනකට එක්ව එකට පුහුණු වීම ඉතා දුශ්කර ක්‍රියාවකි. එලෙස එක් වුවත් ඔවුන්ට පුහුණු වීමට ඇත්තේ ජපානයේ තණතිලි 02ක් පමණි. නැගී එන කණ්ඩායමක් ලෙස ජපාන ක්‍රිකට් කණ්ඩායමට ඇති පහසුකම් ඉතා අල්පය.
නමුත්,
එවන් දුශ්කරතා මැද වුවද ප්‍රභල ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඉයේ දිනයේ ජපන් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ශතකයක් රැස් කර තිබේ. තවත් ක්‍රීඩකයෙක් කඩුළු 03ක් දවාගෙන ඇත. දුර්වල කණ්ඩායමක් ලෙසින් කිසි සේත් නොපෙන්වා කරට කර තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දී ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳවද අපි හදවතින්ම සතුටු විය යුතු බව සත්‍යයක්.
නමුත් ප්‍රභල ශ්‍රී ලංකා කණ්ඩායමට අඩු පහසුකම් යටතේ මෙලෙස මුහුණ දුන් ජපාන ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව අප එයටත් වඩා සතුටු විය යුතුය.
ඔවුන්ට ලෝකයේ ප්‍රභල කණ්ඩායන් හා කරට කර තරග වැදීම පිණිස අප සවියක් විය යුතුය. එය කල හැක්කේ නහර වල ක්‍රිකට් ක්‍රීඩාව ලේ සමග මුසුව ඇති ශ්‍රී ලාංකික අපටය.
ශ්‍රී ලංකාවට මෙන්ම ජපානයටද එක සේ ආදරය කරන අපටය.
ඉදිරියේ ජපාන කණ්ඩායම සහභාගි වන තරගවල ඔවුන් හැකි උපරිමය ලබාදෙන බව විශ්වාසය. අපි ඔවුන් තනි නොකර හැකි උපරිම දිරි ගැන්වීම ඔවුනට ලබා දෙමු.... ඔවුන්ට සවියක් වෙමු
ඔවුන් සමග සිටගමු..!

  #
07/01/2026

#

おはよう🌞
1月8日の朝7:00似なりました。
まだベッドで今日の1日をどうなるかなと思っている皆様、
寒い大変な天気のなかで時間責任感守ることどんどん頭に入って来ますようね!
昨日あった悲しい心がいたいこと忘れすに
これから杉の将来的なことも考えなく
今日今からの時間だけ考えて
それぞれの仕事を200%まで頑張りましょう!
今日一日を終わったあと朝から最後までの時間をかけて自分の中で満足、やったと思える一日終わっていれば完璧だと思ってください。
そんな何日間終わって行くと自分が少し少しリラックスできて
なんでも楽しめる時期を作れる時間がそんな糖うくないと思います。
頑張りましょう!
なんでも楽しめる一日を….!!!!

住所

Shiroi-shi, Chiba

ウェブサイト

アラート

Hinomaruが新しいニュースやキャンペーンを投稿したら、いち早くメールでお知らせします。メールアドレスが他の目的に使われることはなく、いつでも配信を停止できます。

ショートカット

共有する

カテゴリー