22/05/2026
මෝටර් රථයක නඩත්තු කටයුතු සඳහා භාවිත කරන විවිධ අත්‍යවශ්‍ය ද්‍රව වර්ග ( Fluids)
📌 Oil (එන්ජින් ඔයිල්): එන්ජිමේ ක්‍රියාකාරීත්වය සුමට කිරීමට සහ කොටස් ගෙවී යාම වැළැක්වීමට යොදයි. (මෙහි 'Multi-grade' වර්ගය දක්වා ඇත).
📌 Fluid (ගියර් පෙට්ටි තෙල්): ගියර් පද්ධතියේ (විශේෂයෙන් Automatic) ක්‍රියාකාරීත්වය සඳහා යොදාගන්නා රතු පැහැති ද්‍රවයකි. (පැහැය වෙනස් විය හැක.)
📌 (ඩිෆරන්සල් ඔයිල්): වාහනයේ රෝද කරකැවීමට උපකාරී වන ඩිෆරන්සල් පද්ධතියේ ගියර් සඳහා යොදන ඝනකම් (Heavy-duty) තෙල් වර්ගයකි.
📌 Fluid (තිරිංග තෙල්): වාහනයේ තිරිංග (Brakes) ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය හයිඩ්‍රොලික් පීඩනය ලබා දීමට යොදාගනී. (මෙහි DOT 4 වර්ගය දක්වා ඇත).
📌 Engine (කූලන්ට් / සිසිලන ද්‍රවය): එන්ජිම අධික ලෙස රත් වීම වැළැක්වීම සඳහා රේඩියේටරයට (Radiator) දමනු ලබන ද්‍රවයකි.
📌 Windshield (වයිපර් වතුර): ඉදිරිපස වීදුරුව (Windshield) පිරිසිදු කිරීම සඳහා වයිපර් පද්ධතියට දමන ද්‍රවයකි.