Danu in Japan

Danu in Japan ✨ Daily moments - Japan life
🍁 Simple days, Small joys
📸 Photos & videos from my everyday journey
💛 Follow for calm vibes + real life moments

ඔයත් මේ වගේ ප්‍රාර්ථනාවක් ලියලා උන ගහක එල්ලලා ඒක ඉෂ්ට වෙනකන් බලන් ඉඳල තියෙනවද?🎋 තනබතා (Tanabata) –  ප්‍රාර්ථනාවන්ගේ උත්ස...
02/07/2026

ඔයත් මේ වගේ ප්‍රාර්ථනාවක් ලියලා උන ගහක එල්ලලා ඒක ඉෂ්ට වෙනකන් බලන් ඉඳල තියෙනවද?

🎋 තනබතා (Tanabata) – ප්‍රාර්ථනාවන්ගේ උත්සවය 🇯🇵

ජපානයේ සෑම වසරකම ජූලි 7 වන දින සමරන තනබතා උත්සවය, බලාපොරොත්තු, සිහින සහ ප්‍රාර්ථනා සමරන ඉතා ජනප්‍රිය ගිම්හාන සංස්කෘතික උත්සවයකි. මේ සඳහා මිනිසුන් තම හදවතේ ඇති ප්‍රාර්ථනා තන්සකු (Tanzaku) නමින් හැඳින්වෙන වර්ණවත් කඩදාසි පටි මත ලියා උන ගසක එල්ලයි.

මෙම උත්සවය, ඔරිහිමේ (Vega) සහ හිකොබෝෂි (Altair) නම් තරු දෙදෙනාගේ පුරාවෘත්තය මත පදනම් වී ඇත. කතාවට අනුව, ඔවුන් දෙදෙනා ක්ෂීරපථය මගින් වෙන් කර ඇති අතර, වසරකට එක් වරක් පමණක් එනම් ජූලි 7 දින එකිනෙකා හමුවීමට අවසර ලැබේ. එම ආදරණීය හමුව සිහිපත් කරමින් තනබතා උත්සවය සමරනු ලබයි.

උත්සවය අවසන් වූ පසු, ප්‍රදේශ අනුව, සමහර ස්ථානවල ප්‍රාර්ථනා ලියා ඇති උන අතු ගංගාවකට මුදාහරින අතර, තවත් ස්ථානවල ෂින්තෝ දේවාලවල හෝ උත්සව භූමියේදී ආගමික වතාවත් අනුව පුලුස්සා දමයි. එමගින් ප්‍රාර්ථනා අහසට ළඟා වී ඒවා ඉටුවේයැයි විෂ්වාස කරයි.

අදටත් ජපානය පුරා නගර, දේවාල සහ සාප්පු සංකීර්ණ වර්ණවත් තනබතා සැරසිලිවලින් අලංකාර වන අතර, දහස් ගණන් මිනිසුන් තම සිහින හා බලාපොරොත්තු උන අතු මත එල්ලා අනාගතයට සුබ පැතුම් එක් කරයි.

උදේම බැල්කනියෙන් ඔලුව දානකොට දැක්කේ මේ ලස්සනට හිම වලින් වැහුන රූපය...එළියට බැහැල හිමේ නටනකන් හදිස්සී...❄️❄️❄️
07/02/2026

උදේම බැල්කනියෙන් ඔලුව දානකොට දැක්කේ මේ ලස්සනට හිම වලින් වැහුන රූපය...එළියට බැහැල හිමේ නටනකන් හදිස්සී...❄️❄️❄️

🌸 උමේ (Japanese plum blossom)මෙය ජපානයේ වසන්ත සමයේ පැමිණීම සනිටුහන් කරන  මල් වර්ගයක්. උමේ මල් සාමාන්‍යයෙන් පිපෙන්නේ ජනවා...
03/02/2026

🌸 උමේ (Japanese plum blossom)

මෙය ජපානයේ වසන්ත සමයේ පැමිණීම සනිටුහන් කරන මල් වර්ගයක්. උමේ මල් සාමාන්‍යයෙන් පිපෙන්නේ ජනවාරි අග සිට පෙබරවාරි දක්වා, දේශගුණය සීතල කාලයේදී. ගසේ කොළ වැඩෙන්නට පෙර මේ මල් පිපෙන අතර, ඒවා ඉතාම මෘදු ප්‍රියජනක සුවඳ ඇති ඒවා වේ.

ජපන් සංස්කෘතිය තුල "උමේ" ගස ඉවසීම හා වසන්තයේ පැමිණීම නියෝජනය කරයි. එයට හේතුව නම් උමේ මල් තද ශීත කාලයේදී පවා පිපෙන බැවිනි. චෙරි මල් හෙවත් "සකුරා" පිපෙන්නට පෙර, ඍතු වෙනස් වීමේ පළමු සලකුණ ලෙස මේ "උමේ" සලකනු ලැබේ.

"උමේ" ජපානයේ දෛනික ජීවිතයේ ද වැදගත් තැනක් ගනී. ජපානයේදී මිලදී ගන්නා බොහෝමයක් දවල් ආහාර පැකට් (ඔබෙන්තෝ) තුල අච්චාරු ලෙස සාදන ලද උමේ ගෙඩි (උමෙබෝෂි) දැකගත හැක. මෙයින් බත් එක නරක් වීම පාලනය කරනවා මෙන්ම කෑම එකට විශේෂ රසයකුත් ලබාදෙයි. තවද "උමෙෂු" ලෙස හැඳින්වෙන උමේ ගෙඩි වලින් සාදන ලද වයින්ද ජපන් ජාතිකයන් අතර ඉතා ප්‍රසිද්ධය. ජපානයේ බොහෝ ස්ථාන වල මෙම මල් පිපෙන ඍතුවේදී "උමේ උත්සව"ද පවත්වයි.

මත්සුනොයා තොන්කත්සු...මේක ජපානයේ හැමෝම කැමති සාම්ප්‍රදායික මෙන්ම ප්‍රසිද්ධම ආහාර වලින් එකක්. ගැඹුරු තෙලේ බැදපු, වට crisp...
28/01/2026

මත්සුනොයා තොන්කත්සු...

මේක ජපානයේ හැමෝම කැමති සාම්ප්‍රදායික මෙන්ම ප්‍රසිද්ධම ආහාර වලින් එකක්.

ගැඹුරු තෙලේ බැදපු, වට crispy ඌරු මස් වලට තමා "තොන්කත්සු" කියන්නේ.

මේ photos වල තියෙන්නේ සාමාන්‍ය menu එකක්. Grate කරපු ගෝවා තොන්කත්සු menu එකේ අනිවාර්ය කොටසක්. තව මේකට උණු සුදු බත් කෝප්පයක් එක්ක මිසෝ සුප් එකකුත් ලැබෙනවා. Table එකේ සෝස් සහ dressing වර්ග කීපයක්ම තියෙනවා තමන්ගේ රස පරිදි තෝරගන්න.

මත්සුනොයා restaurant එකේ තියෙන විශේෂත්වය වෙන්නේ මේ බත් එකයි, සුප් එකයි ඉවර උනාම තව කැමති වතාවක්, නොමිලේ ඉල්ලගන්න පුලුවන්. හිස් cup එක අරගෙන counter එකට ගිහින් නැවත වතාවක් ඉල්ලන්න විතරයි තියෙන්නේ.

ජපානයේ මේ ආහාරය මෙච්චර ජනප්‍රිය ඇයි දන්නවාද? මේක මෙයාලගේ කාර්‍යබහුල ජීවිතයට ගැලපෙන, පෝෂ්‍යදායී, ප්‍රණීත ආහාරයක් නිසා.

මත්සුනොයා වල මිල ගණන් හරිම සාධාරණයි. තත්ත්වයෙන් උසස්, සේවාව වේගවත් වගේම ආහාරත් රසවත්! 👌

ගාන බලනවා....මේ ගානට ගෙඩිය පොඩි වැඩී කියල හිත රවට්ටගන්නවා... තියල එනවා...🥹
27/01/2026

ගාන බලනවා....මේ ගානට ගෙඩිය පොඩි වැඩී කියල හිත රවට්ටගන්නවා... තියල එනවා...🥹

අලුත් අසල්වැසියන්ගෙන් නිහඬ "හෙලෝ" එකක්! 🏡අද හස්බන්ඩ් වැඩ ඉවර වෙලා ගෙදර එද්දී, දොරේ මේ තෑග්ග එල්ලලා තිබුනා කියලා අරන් ආවා...
23/01/2026

අලුත් අසල්වැසියන්ගෙන් නිහඬ "හෙලෝ" එකක්! 🏡

අද හස්බන්ඩ් වැඩ ඉවර වෙලා ගෙදර එද්දී, දොරේ මේ තෑග්ග එල්ලලා තිබුනා කියලා අරන් ආවා. උඩ තට්ටුවට අලුතින් ආපු ජපන් පවුල තමා මේක එල්ලලා ගිහින් තිබුනේ.

මේක "අයිසත්සු මවරි" (aisatsu mawari) කියලා හඳුන්වන සාම්ප්‍රදායික ජපන් චාරිත්‍රයක්. අලුත් අසල්වැසියන් තමන්ව හඳුන්වා දෙන්න වගේම එයාලා ගෙදරට බඩු අදිනකොට ඇතිවෙන සද්ද, අපහසුතාවයට කනගාටුව දක්වන්න තමා මේ වගේ පොඩි, ප්‍රායෝජනවත් තෑග්ගක් දෙන්නේ.

මම ගෙදර හිටියත් එයාල බෙල් කරලා මේක මට දුන්නේ නෑ. සද්ද නැතිව දොරේ එල්ලලා ගිහින්. මේක ජපන් අයගේ විදිය. බෙල් කරලා කතා කරලා කරදර කරන්න, අපේ කාලය නාස්ති කරන්න කැමති නෑ. මේක සුහදතාවය සනිටුහන් කරන නිහඬ සංකේතයක් වගේ.

විශේෂ දෙයක් කියන්න තිබුනත් පොඩි ලියුමක් ලියලා දොරේ post box එකට දාලා යනවා. විශේෂයෙන් අපි වගේ පිටරට අසල්වැසියෝ ඉන්නවා නම් මෙයාලට ඉංග්‍රීසි කතා කරන්න බැරි නිසා හෝ ඉංග්‍රීසියෙන් කතා කරන්න ලැජ්ජ නිසාත් මෙහෙම කරනවා.

කොහොම වුනත් අලුත් අසල්වැසියන් අපි සාදරයෙන් පිළිගන්නවා..🙏

අද නම් පරක්කු වෙන්නෑ වෙලාවට ඇහැරෙනවා කියලා ගැම්මෙන් වෙලාව බැලුවම කාලගුණය....😬😬
22/01/2026

අද නම් පරක්කු වෙන්නෑ වෙලාවට ඇහැරෙනවා කියලා ගැම්මෙන් වෙලාව බැලුවම කාලගුණය....😬😬

හවස තේ එක energy booster එකක් වගේ. මේ සීතල කාලේ උදේ ඉඳන් මහන්සි වෙලා ගෙදර ඇවිල්ල, උණුවට මෙහෙම තේ එකක් බීවම ගෙදර ඉතුරු වැ...
03/01/2026

හවස තේ එක energy booster එකක් වගේ. මේ සීතල කාලේ උදේ ඉඳන් මහන්සි වෙලා ගෙදර ඇවිල්ල, උණුවට මෙහෙම තේ එකක් බීවම ගෙදර ඉතුරු වැඩ ටිකයි, පාඩම් වැඩ ටිකයි රෑ දොළහ එක වෙනකන් ඇදගෙන යන්න පුලුවන්.

Tokyo Banana Cake එක්ක හවස තේ එක රස කරාට Thank you Keiko-san.

දැන් හිම ටික ටික දිය වෙනවා..ඊයේ රෑ හදපු හිම බබා නම් තාම ඉන්නවා. Winter එකේ මේ පැත්තට හිම වැටෙන්නේ බොහෝ වෙලාවට එක පාරක් ද...
03/01/2026

දැන් හිම ටික ටික දිය වෙනවා..ඊයේ රෑ හදපු හිම බබා නම් තාම ඉන්නවා. Winter එකේ මේ පැත්තට හිම වැටෙන්නේ බොහෝ වෙලාවට එක පාරක් දෙපාරක් විතරයි. ඒක නිසා හිම වැටෙන පළවෙනි දවසෙම අපි එලියට බැහැල ඇති වෙන්න ඒක විඳිනවා..

-2026.01.03-

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Danu in Japan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Danu in Japan:

Shortcuts

Share