22/11/2023
2024 වසරේ රටවල් 16කින් ශ්‍රමිකයන් 165,000ක් ගෙන්වා ගැනීමට රජය තීරනය කර ඇත.EPS ක්‍රමය ආරම්භ කිරීමෙන් පසු එදා මෙදාතුර ඉතිහාසයේ කොරියාවට ගෙන්වන වැඩිම විදේශීය ශ්‍රමිකයින් සංඛ්‍යාව මෙයවේ. මෙය නිෂ්පාදන හා ඉදිකිරීම් කර්මාන්ත වැනි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන්ගේ මිනිස් බල හිඟය විසඳීම සඳහා ගන්නා ලද පියවරකි. එම ප්‍රමානය වසර තුනකට පෙර හා සසඳන විට තුන් ගුණයකින් වැඩි වී ඇත. ලබන සතියේ පැවැත්වීමට නියමිත රජයේ විදේශ ශ්‍රම බලකා ප්‍රතිපත්ති කමිටුවේදී මෙම සමාලෝචන සැලැස්ම අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
2004 වසරේ දී රැකියා බලපත්‍ර ක්‍රමය හඳුන්වා දීමෙන් පසු ශ්‍රමිකයන් 165,000ක් ගෙන්වා ගැනීමට කෝටාවක් නිකුත් කිරීමට තීරනය කල පලමු අවස්තාව මෙය වේ. වසර තුනකට පෙර 2021 හා සසඳන විට එය තුන් ගුණයකින් වැඩි වී ඇත. E-9 වීසා බලපත්‍රයක් තුලින් මෙරටට ඇතුළු වන වෘත්තීය නොවන විදේශීය ශ්‍රමිකයින් සංඛ්‍යාව
🔰2020 දී 56,000 ක්,
🔰2021 දී 52,000 ක්
🔰2022 දී 69,000 කි.
මේ වසරේ එම සංඛ්‍යාව පලමු කාර්තුවේ 110,000 ක් වූ නමුත් පසුගිය අගෝස්තු මාසයේදී 10,000 ක් එකතු කර ඇති අතර 2023 කෝටාවේ සම්පූර්න අගය 120,000 දක්වා වැඩි විය.
කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන්ගේ මිනිස් බල හිඟය හේතුවෙන් ශ්‍රමිකයන් සොයා ගත නොහැකි නිෂ්පාදන ක්ෂේත්‍රයේ'පුරප්පාඩු රැකියා' සංඛ්‍යාව
🔰2020 දී 31,000ක්,
🔰2021 දී 50,000ක්,
🔰2022 දී 66,000කි.
මේ වසරේ ජුනි මාසය වන විට 57,000ක් ඉක්ම විය.
විශේෂයෙන්ම ලබන වසරේ සිට, E-9 ශ්‍රමිකයින්ට සේවය කළ හැකි කර්මාන්ත ක්ශේස්ත්‍රයන් පුළුල් වනු ඇත. ශ්‍රම බල හිඟයෙන් පෙළෙන ආපනශාලා, හෝටල්, වන වගා සඳහා E-9 ශ්‍රමිකයන් ලබන වසරේ සිට හඳුන්වා දීමට රජය සැලසුම් කරයි. කෙසේ වෙතත් එය නියමු ව්‍යාපෘතියක් ලෙස ලබන වසරේ පළමුවෙන් හඳුන්වාදීමට සූදානම් වන බැවින් ප්‍රමානය විශාල වනු ඇතැයි අපේක්ෂා නොකෙරේ. ලබන වසරේ හඳුන්වා දීමට නියමිත E-9 ශ්‍රමිකයන් 100,000 කට වැඩි පිරිසක් නිෂ්පාදන කටයුතු සඳහා වෙන් කිරීමට නියමිතය.
තවත් කෙනෙක් දැනුවත් වෙන්න share කරන්න..
✍️අංජන රවිනාත්
©
2023.11.22