Diary Of Romance

Diary Of Romance ආදරයේ දිනපොත..

මේ පරාජය ගැන බොහෝ දෙනා විවිධමත පළ කරාවි. නමුත් සෑම මතයක් අවසානයේම ගතයුතු සංශිප්තයක් තියෙනවා. 🏆️ • තවම ශ්‍රී ලංකා කණ්ඩායම...
25/09/2025

මේ පරාජය ගැන බොහෝ දෙනා විවිධමත පළ කරාවි. නමුත් සෑම මතයක් අවසානයේම ගතයුතු සංශිප්තයක් තියෙනවා. 🏆️

• තවම ශ්‍රී ලංකා කණ්ඩායම අත්හදා බැලීම් විතරයි කරන්නේ.
හොඳම එකොළහ තවම හොයාගෙන නෑ.
• මේ ඉන්නා ක්‍රීඩකයන් අතරින් කිසිදු world class ක්‍රීඩකයෙකු නැහැ. (පැතුම් නිශ්ශංක තරමක් ඒ දෙ⁣සට යන ක්‍රීඩකයෙක් )
• චාමික කරුණාරත්න ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරනවා කියන්නේම තේරීම් සම්බන්ධව ලොකු ප්‍රශ්නයක්.
• නායකත්වය අනෙකුත් කණ්ඩායම් දෙස බලද්දී ඉතා දුර්වලයි.
• තරග දිනවන සහ පෞරුෂයක් ඇති නායකයෙක් පෙනෙන තෙක් මානයක නැහැ.
• අලුතින් කණ්ඩායමට එකතුවේ යැයි බලාපොරොත්තු තබාගත හැකි පන්දුවට පහරදීමේ හෝ පන්දු යැවීමේ ඉන්ඳ්‍රජාලිකයෙකු පෙනෙනතෙක් මානයකත් නැහැ.එවැනි ක්‍රීඩකයෙකු ගැන අසාද නැහැ.
• ලෝකයේ ක්‍රිකට් තාක්ෂණය සහ පිතිකරණ වේගය ඉහළට යද්දී අපි 1996 තාක්ෂණය සමග තවමත් ආරක්ෂාකාරී පහරවල් එල්ල කරමින් සිටිනවා.
• පවර් හිටර්ස්ලා ( දසුන් ශානක හැර - දසුන් ශානකත් මදි ) ශ්‍රී ලංකා කණ්ඩායමේ නැහැ.
• පාසල් ක්‍රිකට් තුළදීවත් වේගයෙන් පන්දුවට පහරදීම ( යාර හැටේ සීමාවට උඩින් පන්දුව එළියට යැවීම) පිළිබඳව නියමාකාරයෙන් කියාදීමක් නැහැ.
• පාසල් පුහුණුකරුවන්ගේ තත්ත්වය අන්තිම දුර්වලයි.ඩුබායි ගිහින් කෝචින් කෝස් කරලා සහතික ගත් අය ළමයින්ගේ අනාගතය හදනවා කියා විනාශ කර දමනවා.
• පාසල් පද්ධතිය තුළ බෝලින් කෝච්ලා ඇත්තේම නැහැ.ඔවුන් පිතිකරණය පමණක් තමන් දන්නා විදියට කියා දෙනවා.( ඒකත් රස්සාවක් වෙලා )
• ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් අන්තිම දුර්වලයි.
• ලෝකයේ දියුණු ක්‍රිකට් සංස්කෘතියක් නිර්මාණය වෙමින් තිබියදී world class ක්‍රිකට් දවසින් දවස අපේ රටින් ඈත් වෙමින් තිබෙනවා.

• මේ කියන කාරණාවලට පිළියම් නොයෙදුවොත් සමාජ මාධ්‍ය හරහා පමණක් ඉදිරියට අපිට ලස්සන ක්‍රිකට් වීඩියෝ ගේම් එකක් ගහලා සතුටු වෙන්න පුළුවන්. වීඩියෝ ක්‍රීඩාවෙන් පමණක් ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්නත් පුළුවන්.👌

Copied '''

23/09/2025
22/09/2025

සමහර යාලුවො ඉන්නවා උන් අපිට වරදිනවට සෑහෙන්න කැමතියි .! 🥴

ලෝක කාන්තා දින පලවූ ලිපියකි..තංගල්ලෙන් සුනාමියට හසු වූ පස් හැවිරිදි දියණිය වසර 18 කට පසුව දෙදරු මවකව සිටිය දී මැදිරිගිරි...
20/09/2025

ලෝක කාන්තා දින පලවූ ලිපියකි..

තංගල්ලෙන් සුනාමියට හසු වූ පස් හැවිරිදි දියණිය වසර 18 කට පසුව දෙදරු මවකව සිටිය දී මැදිරිගිරිය ප්‍රදේශයේ පාළු නිවෙසකින් හමුවීමේ පුවතක් ලෝක කාන්තා දිනය දා අපට වාර්තා විය.

මුළු ලෝකයම කාන්තාවන් පිළිබඳව අවධානය යොමු කරන ලෝක කාන්තා දිනයේ මෙම අරුම පුදුම සිදුවීම් සියැසින් අත්විඳි මෙම කාන්තාවගේ දුක්බර කතා පුවත මුළු මහත් ලෝක වාසී කාන්තාවන්ටම පුදුමය දනවන පුවතක් වනු නිසැකය.

වයස, නිසි නාමය, උප්පැන්න සහතිකයක් ආදී කිසිවක් නොමැතිව සමාජයේ අසාධාරණ කම් වලින් තවමත් බැට කන මෙම යුවතිය මේ වන විටත් ජීවත් වන්නේ අනේක දුක් කරදර මැද්දක වීම විශේෂත්වයකි.

වයස නිසි ලෙස නොදන්නා ඇය හඳුන්වනු ලබන්නේ කේ .ඒ. කමලා පෙරේරා යන නමිනි, ඇයගේ ලිපිනය අංක191, ජයගම්පුර මහ අඹගස්වැව, මැදිරිගිරිය වෙයි.

පෙර පාසල් වියේ පසුවන සහ මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් දෙදෙනකුගේ මවක වන ඇය කාගෙන් හෝ කුලී වැඩක් කරමින් සැමියා ද අහිමිව ජීවිතය ගැටගසා ගනු ලබන්නේ කුලී නිවෙසක වීම විශේෂ විශේෂත්වයකි.

තංගල්ල ප්‍රදේශයේ උපත ලැබූ ඇය පාසල් ගමන ආරම්භ කිරීමට ඔන්න මෙන්න තිබිය දී එනම් 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා උදම් රළ ගොඩ ගලා ගිය දිනයේ ඇයගේ මව, පියා, සහෝදරයන් දෙදෙනා සහ සහෝදරිය, ඇය ද සමගම සුනාමි උදම් රැලට හසුවී ඇති බව ඇය පැවසුවාය.

මුළු පවුලම දිය රකුසාගෙන් අතුරුදන් වෙද්දී කොහේ හෝ තිබුණු දෛවයේ සරදමකට ඇයගේ දිවි බේරාගෙන ගෙන ඇත්තේ කවුරුන්ද යන්න ඇය අදටත් නොදැන සිටීම තවත් පුදුම දනවන කරුණකි.

තංගල්ල ප්‍රදේශයේ සුනාමි රැඳවුම් කඳවුරක සිටිය දී තංගල්ල ප්‍රදේශයේම විදුහල්පතිනියකගේ නිවෙසට රැගෙන ගොස් ඇය හදා වඩා ගත් බව ද පැවසුවාය.

එම නිවසේ සිටි පිරිස ඇයගේ නම කේ.ඒ. කමලා පෙරේරා නම් කොට ඇති බව ඇය සඳහන් කළ අතර ඇයට වයස අවුරුදු දොළහක් පමණ වෙද්දී එම නිවෙසේ හිමිකාරිය පිළිකා රෝගයෙන් මෙලොව හැර ගිය බව ඇය සඳහන් කළාය.

නිවසේ මෙහෙකාර සේවයේ සිටි ඇය මියගිය විදුහල්පතිනියගේ නැගණියකගේ කොළඹ නිවෙසක වැඩකාරකමට රැගෙන ගිය බවත් නිවසේ ඇඳුම් පැළඳුම් සේදීම් දරුවන් බලා ගැනීම ආදී සියලු කටයුතු ඇයට පැවරී තිබූ බවත් ඇය සඳහන් කළාය.

වසර දෙකක් පමණ කාලයක් නිවෙසේ මෙහෙකාර සේවය කරමින් සිටිය දී නිවසේ ඉදිකිරීම් කටයුත්තකට පැමිණි තරුණයකු එම නිවසේ ගෘහස්ත දුරකතනය හරහා සම්බන්ධ වී 14 හැවිරිදි වියේ පසුවෙද්දීම ඇය එම නිවසින් හොර රහසේ රැගෙන ගිය බවත් ඇය කියයි.

ඔහු දුටු පළමු දිනයේම මේ සිදුවීම වීම විශේෂත්වයකි,

වයස අවුරුදු දාහතරේදී ඇය එම නිවෙසෙන් රැගෙන යන්නේ හමුදාවෙන් පලා ආ සෙබළකු බව ද ඇය කියයි. මෙම සෙබළා ඇය කොළඹ සිට මැදිරිගිරිය ප්‍රදේශයේ නිවෙසකට රැගෙන ගොස් එහි කාලය ගත කරද්දි පළමු දරුවා එළිය දකිද්දි ඇයගේ හැඳුනුම්පත සකසා ඇත්තේ මෙම තරුණයාගේ උපන් දිනයට දිනක් ඉදිරියට දමා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් බව ඇය සඳහන් කළාය.

නිසි අවබෝධයක් අධ්‍යාපනයක් ලබා නැති ආදරයක් ලබා නැති මෙම දැරිය බාලවයස්කාර වියේම දෙදරු මවක වීමට ඔන්න මෙන්න සිටිය දී තමන් ජීවිතය පුරාවටම රැකබලා ගන්නා බවට පොරොන්දු වී රැගෙන ආ සැමියාගේ සුපුරුදු ක්‍රියාකාරකම් රැසක් ඇයට අතටම හසුවීම පුදුම දනවන කරුණකි.

තම සැමියා බාලවයස්කාර කුඩා දියණියන් රවටා ගන්නා අයෙකු බව දැනගත් බවත් මේ වනවිටත් තමන් වැනිම කුඩා දියණිය රැගෙන ප්‍රදේශයෙන් පලා ගොස් සිටින බව ද ඇය පැවසුවාය.

මේ පිළිබඳව ඇය ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට පැමිණිලි කළ ද ඇයට පැමිණිල්ල විභාග වීම වෙනුවට සිදුව ඇත්තේ ඔවුන්ගෙන් ලැබෙන වෙනත් උත්තර ප්‍රතිචාර බව ඇය හැඬූ කඳුළින් අප සමග සඳහන් කළාය.

අදට ද ඉන්න හිටින්නට තැනක් අහිමිව කුලී නිවසක පදිංචි වී සිටින ඇය ලෝක කාන්තා දිනයේ මුළු කාන්තා සමාජයෙන්ම ඉල්ලා සිටින්නේ කිසිදු හව්හරණක් නැති තමාට ආරක්ෂිතව ඉන්න හිටින්නට දරුවන් දෙදෙනාට මෙවැනි ඉරණමක් අත් නොවන්නට උදව් උපකාර කරන ලෙසය.

මෙවැනි උදව් කිරීම මුවාවෙන් තමන්ගේ ජීවිතයට නැවත පාපතර අය හමු නොවේවායි ඇය සමාජයෙන් ඉල්ලා සිටීම විශේෂත්වයකි.

ලංකාදීප –

කාංචන කුමාර ආරියදාස –

උපුටා ගැනීමකි ...

මේ බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයෙ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහත්මය..ඊයෙ ඇල්ල බස් අනතුර සිදුවෙලා විනාඩි කීපෙකි...
05/09/2025

මේ බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයෙ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහත්මය..ඊයෙ ඇල්ල බස් අනතුර සිදුවෙලා විනාඩි කීපෙකින් අපිට ඇමතුමක් ලැබෙනව රාවණා ඇල්ල පල්ලමෙන් බස් එකක් ගිහින් කියල...මුලින්ම මතක් වුනේ ඩොක්ටර් පාලිතව...ඩොක්ටර්ට කෝල් එකක් ගත්ත.ඇමතුම ගත්ත ගමන් ඇහුනෙ වාහන සද්දෙකුයි ,සයිරන් හඬයි,මැෂින් එකක සද්දෙයි..."ඩොක්ටර් ..රාවනා ඇල්ලෙන් බස් එකක් පෙරලිලා ආරංචිද ඔබතුමාට..ඔව් හාමුදුරුවනේ...දැන් අපි අපේ ටීම් එකත් එක්ක එතනට යනගමන් මේ" ඒ තමයි වෛද්‍ය පාලිතගෙ හැටි...බදුල්ල අවට අනතුරක් වුණාද තමන්ගෙ ටීම් එකත් එක්ක පුලුවන් ඉක්මනින් එතනට එනව..මම දන්න විදියට එතුමට දරුණු කොන්දෙ අමාරුවක් වගේම හදවත් රෝගියෙක්..ඔබතුමාගෙ හදවත භෞතිකව අසනීප වුනාට මනුස්සකමින් ඒ හදවත හරිම නිරෝගියි.. ඒ කැපකිරීම නිසාම බේරගත්ත ජීවිත ගොඩක් තියෙනව...මේ වෙනුවෙන් කැපවුන තවමත් කැපවෙන බදුල්ල ,බණ්ඩාරවෙල ,දියතලාව රෝහල්වල වෛද්‍ය කණ්ඩායම්,හෙද හෙදියන් , රෝහල් කාර්‍ය්මණ්ඩල සියලුදෙනාටමත් තෙරුවන් සරණින් දෙවි රැකවරණින් සියලු ආරක්ෂාව සැලසේවා 🪷🙏🪷🙏🪷

04/09/2025

ගෝලයෝ ටික පාස් උනාම ටීචර් ගේ සතුටු කදුලු ❤️🥹

31/08/2025

හරි පරිස්සමට කරපු නිර්මාණක් කිව්වොත් නිවැරදියි 😍😍
නව යොවුන්විය එක්ක හරි පරිස්සමට ගනුදෙනු කරන්න ඕන
නර්තනය වනාහි කායික සංචලන මගින්
කරනු ලබන අදහස් ප්‍රකාශනයයි
ඉතින් මේ නවයොවුන් විය දරුවන්ගේ දරුවන්ගේ හැඟීම් ප්‍රකාශනයයි

නර්තන නිර්මාණය - චංචලා අලහකෝන්

කොහොමද අද දවස.?මොනවද අද කලේ.?මට හරි මහන්සියි.එපා වෙලා. - මම කෝල් එකක් ගන්නද.?මම කියවන එක ඔයාට කරදරයක් ඇති නේද..? - මම ඔය...
30/08/2025

කොහොමද අද දවස.?
මොනවද අද කලේ.?

මට හරි මහන්සියි.එපා වෙලා.
- මම කෝල් එකක් ගන්නද.?

මම කියවන එක ඔයාට කරදරයක් ඇති නේද..?
- මම ඔයාව අහන් ඉන්නෙ.මම ආසයි ඒකට.

කෙනෙක් ආදරෙයි කියලා කෙලින්ම කියන්න ඕන නෑ. ඒ ආදරේ දැනෙන්න දුන්නම ඇති.

දවස අවසානයේ ඔයාට හොඳ සවන් දෙන්නෙක් ඉන්නවනම් කොයිතරම් වැඩ අස්සෙ වුනත් ඔයා ගැන හොයන්න කෙනෙක් ඉන්නවනම්..
ඔයාගෙ අමුතු කතා උමතුවෙන් අහන් ඉන්න හැකි.
ඔයා ලෝකය දකින විදිහට කැමති ඔයාගෙ ෆැන්ටසි ලෝකය රසවිදිය හැකි. අත්භූත දේවල් ගැන සාකච්ඡාවේ යෙදෙන නොදුටු තැන් සොයා ඔබ එක්ක පියමැනීම කැමති.

කෙටියෙන්ම ඔයා වෙනුවෙන්ම ඉන්න කෙනෙක් ලැබීම.
ආදරය යි. ♥️

හැමෝම හොයන ජීවිතය
ජීවත් කරවිය හැකි නිවහනයි..♥️🌻

24/08/2025

කොහොමද නංගිගේ වැඩ 😳🙏

23/08/2025

විශේෂ දක්ෂතා 😂

22/08/2025

කොරියාවෙ ජනාධිපතිවරු 7 දෙනෙක් හිරබත් කනකොට කොරියාවෙ මිනිස්සු නීතියට ගරු කරලා නීතියට හිස නැමුව මිසක්, වරදකරුවන් සුද්ද කරන්න පාරවල් ගානෙ නහයෙන් අඬන්න නම් ගියේ නෑ.. 🧠🧐

Address

Seoul

Telephone

+94760165911

Website

Alerts

Be the first to know and let us send you an email when Diary Of Romance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Diary Of Romance:

Share

Category