LaRa-ලාරා

LaRa-ලාරා Hey everyone!🙋🏻‍♀️🎮🫂! Fighting🥳

I'm LaRa, a passionate gamer since childhood, I'm here to make my mark in the Sri Lankan gaming scene as a female gamer🇱🇰! ✨ Let’s break barriers, hit milestones, and build an amazing gaming community together.

24/09/2025

මට නම් නෑ නුබේ අඩුපාඩූ🎮👾💗

22/09/2025

අද පාන්දර ආව ටික්ටොක් එකේ ලයිව් එක 🥹👾🎮💗

20/09/2025

වීඩීයෝ ගේම්ස් වලට වඩා නරක දේවල් මේ සමාජේ නැද්ද🤔🎮ඇත්තටම වැරදි කොතනද?
🎮👾

17/09/2025

👾🎮🙋‍♀️ගේම් වලින් ජීවිතේට ඉගෙනගත්ත දේවල් ගොඩයි👾

🔙

15/09/2025

🚢 1947 – Ourang Medan නෞකාවේ රහස💀

1947 දී, “Ourang Medan” කියන විශාල නෞකාවක් චීනයේ මුහුදින් ගමන් කරමින් සිටියා. නාවිකයෝ රැගත් මේ විශාල නැවේ “Manchurian Gold” කියන නමින් සඟවාගත් අමුතුම බර සහිත දෙයක් තිබුනා🤔.

ඇත්තටම එය රන් නෙවෙයි – යුද්ධය සඳහා සකස් කළ රහස් රසායනික ආයුධයක්. එක් දවසක් නෞකාවේ ගබඩාවකින්, මේ ද්‍රව්‍යය පිටවෙලා අමුතු මීදුමකින් නැව පිරිලා ගියා.
ඒ මීදුමෙන් නාවිකයින්ගේ මනස විකෘති කලා. ඔවුන්ට නොපෙනෙන දේවල් පෙනිලා, අත්භූත රූප පෙනෙන්න පටන් ගත්තා. බියෙන් හා විශ්වාසය නැතිවීමෙන් ඔවුන් එකිනෙකා මරාගන්න උත්සහ කලා, අවසානයේ නාවිකයෝ හැමෝම මියගියා💀.

නෞකාව මුහුදේ අතුරුදහන් උනා😵‍💫.

කාලය ගෙවීලා ගිහිල්ලා , එක දවසක්, පස් මිතුරු කල්ලියක් ,ඒ කිව්වේ Fliss සමග Alex, ඔහුගේ මල්ලී Brad, Alexගේ පෙම්වතිය Julia, සහ ඇයගේ සහෝදරයා Conrad කියන අය ,මුහුදේ ගිලුණු යුධ නැවක් හොයාගෙන යනවා. ගමන සතුටින් ආරම්භ වුණත්, නොහිතපු ආකාරයට මසුන් අල්ලන සොර කණ්ඩායමක් ඔවුන්ගේ යාත්‍රාවට ගොඩවැදිලා , බලෙන් ඔවුන්ව අඳුරු නෞකාවකට ගෙන අරන්යනවා.

ඒ නෞකාව තමයි… Ourang Medan.

නෞකාවේ අඳුරු මැදුරු හරහා ඔවුන් ගමන් කරන විට මළ සෙබලුන්ගේ ආත්ම, මරනයේ දුර්ගන්ධය, වියරු හඩවල් , ගිගුරුම්, හඬවල් ඔවුන්ට ඇහෙනවා ,ඔවුන්ට අමුතුම දේවල් පේන්න ගන්නවා
ඇත්තටම මේවා සැබෑවක් නොවෙයි. ඒ වෙද්දි අර සෙබලුන්ට උන දේ ම ඔවුන්ටත් වෙන්න පටන් ගන්නවා. ඔවුන්ගේ මනස විකෘති වෙලා මිතුරෝ එකිනෙකාට මරා ගන්න පෙලබෙනවා.

අඳුර මැද ඔවුන්ට ගන්න වෙන තීරණ ඔවුන්ගේ ජීවිතය තීරණය කරනවා.අවසානයේ කීදෙනෙක් බේරෙනවද කියන එක ඔවුන් ගන්න තීරන මත රදා පවතිනවා💀😵‍💫

*Play කරන්න ආස හිතෙන අමුතු ගේම් එකක් . share කරන්න අමතක කරන්න එපා!
©LaRastreaming

📸 ශාපලත් කැමරාව💀 Luca කියන්නෙ තරුණ කොල්ලෙක් . ඔහුගේ 16වෙනි උපන්දිනයේදී ඔහුට කැමරාවක්  ලැබෙනවා. නමුත් මේ කැමරාව සාමාන්‍ය ...
11/09/2025

📸 ශාපලත් කැමරාව💀

Luca කියන්නෙ තරුණ කොල්ලෙක් . ඔහුගේ 16වෙනි උපන්දිනයේදී ඔහුට කැමරාවක් ලැබෙනවා. නමුත් මේ කැමරාව සාමාන්‍ය එකක් නම් නෙවෙයි.
🔪
මෙම කැමරාව අයිති වෙලා තිබිලා තියෙන්නෙ Madison Hale කියන ගෑනූ කෙනාට.ඇය වසර 30කට පෙර Madison පවුලේ අයව මරලා දාලා, අඳුරු චාරිත්‍රයක් සම්පුර්ණ කරන්න උත්සාහ කරනවා. නමුත් එදා ඒ දේ සම්පූර්ණ කරගන්න වෙන්නේ නෑ. එ දවසේ ඇයගේ ආත්මය තම කැමරාව තුල සිරවෙනවා. කැමරාව මගින් ඇය මිනිසුන්ව පාලනය කරලා තම අදුරු චාරිත්‍රය සම්පූර්ණ කරන්න උත්සාහ කරනවා.

Luca ගේ පියා ඒ වන විටත් ගොඩක් අසනීප තත්වයෙන් පෙලෙනවා. පවුලේ අතීතය පුරාම අඳුරු මන්ත්‍ර, ආත්ම ආචාරවිධි, තිබුනු බව ඔහු දැනගන්නවා. තම පවුලත් මේ ශාපයට සම්බන්ධ බව ඔහුට කෙමෙන් තේරුම් යනවා.

සඟවා ඇති මාවත්, අඳුරු කාමර, අදුරු ආත්මයන් සහ පවුලේ මරණ හා සම්බන්ධ රහස්,කැමරාවෙන් ගන්න ඡායාරූප මගින් Lucaට දකින්න පුලුවන් වෙනවා😵‍💫

ලුකා නිවසේ ඇවිද යද්දී ගෙදර ඇතුළේ නිරන්තරයෙන් දොරවල් , බිත්ති, මාවත් වෙනස් වෙනවා😵‍💫. අවසන Madisonගේ ආත්මය ඔහුගේ මනස පාලනය කරනවා😢.

Madisonට අවශ්‍යය වුනේ Lucaව භාවිතා කරගෙන අදුරු චාරිත්‍රය අවසන් කරන්නට.
ඒ චාරිත්‍රය සම්පූර්න වන්නේ මිනිස් ලේ සහ පවුල් උරුමය භාවිතා කලාම.

Luca, බියකරු පීඩාවන් සහ ආත්ම භය හරහා, අවසානයේ චාරිත්‍රය සම්පූර්ණ කරනවා. නමුත් එම මොහොතේදී Madisonගේ ආත්මය Lucaගේ ශරීරය තුළට පිවිසෙනවා.

ඉතින් ඔහු තමාව Madisonගේ නව “ හසුරුවන්නා ” බවට පත් වෙනවා.
ඔහුගේ මනස සහ ශරීරය Madisonගෙන් පාලනය වෙනවා.

*ශාපය පවුලෙන් පරම්පරාවෙන් පවතින විදියට තවත් දිගටම යනවා.🥹

ඉතින් මේ ගේම් එක ගහපු අය ඉන්නවනම් comment එකක් දාගෙන යන්නත් ඔයාගේ gaming යාලුවට මේ ගේම් එක try කරන්න mention කරන්නත් අමතක කරන්න එපා! දිගටම මෙහෙම ගේම් වල stories ඕනි නම් ශෙයාර් කරන්නෝ
💀🎮💗🫰🙋‍♀️
©LaRaStreaming

09/09/2025

Welcome all! 🎮💗🙇‍♀️

08/09/2025

මගේ පෙම් කතාව🥺🍀💗🎮

කාලෙකට කලින් fan කෙනෙක් ගෲප් එකේ දාපු එකක් 🥺ඊයේ පෙරේදා ආයම දැක්කහම🥺🎮💗!  💕
08/09/2025

කාලෙකට කලින් fan කෙනෙක් ගෲප් එකේ දාපු එකක් 🥺ඊයේ පෙරේදා ආයම දැක්කහම🥺🎮💗! 💕

භූත ලමා කදවුර🫣1958  රුසියාවේ "යුනොස්ට්" කියලා ගිම්හාන  කඳවුරක් තිබ්බා,  ගිම්හාන කාලය ගත කරන්න දෙමාපියන් දරුවන්ව ඒ  කදවුර...
06/09/2025

භූත ලමා කදවුර🫣

1958 රුසියාවේ "යුනොස්ට්" කියලා ගිම්හාන කඳවුරක් තිබ්බා, ගිම්හාන කාලය ගත කරන්න දෙමාපියන් දරුවන්ව ඒ කදවුරට යවන්න පුරුදුවෙලා හිටියා. නමුත්, ඒ වසරේ ගිම්හානේදී ඉතා අඳුරු සිදුවීමක් සිදු උනා😵‍💫. කඳවුරේ වාසීන් සහ උපදේශකයන් හදිසියේම මරණයට පත් උනා😢. ඒ භීතියෙන් කඳවුර තවදුරටත් සාමාන්‍ය සහ සන්සුන් කදවුරක් උනේ නෑ. නැවත කදවුරේ දොරවල් කිසිදාකවත් විවෘත උනේත් නෑ😢.

අවුරුදු විස්සකට පස්සෙ , එක පරීක්ෂකයෙක් මේ අතහැරලා දාලා තිබ්බ කඳවුර විමර්ශනය කරන්න එනවා. කඳවුරේ කැඩීලා බිදිලා තියෙන මාර්ග, හිස් කාමර සහ දුම්කවුලු ආවරන මඟින් ඔහු ගමන් කරනවා. පැරණි මේස, බාල ලාච්චු, වලින් නොයෙක් සටහන් පොත් සහ ලිපි සොයා 1958 දවසේ සිදු වූ අඳුරු සිදුවීම පිළිබඳ තොරතුරු ඔහුට සොයාගන්න පුලුවන් වෙනවා.

කඳවුරේ කුටීර, පාසල් කාමර, ආහාර ශාලා වැනි ස්ථාන වෙත ගිය විට,ඔහුට මූන දෙන්න වෙන්නේ ඉතා භියජනක ත්‍රාසජනක අත්දැකීම් වලට. දොරවල් හදිසියේ වැසීයනවා, බිත්ති මත සෙවනැලි ගමන් කරනවා. දරුවන්ගේ වියරු සිනා ,මිමිනිලි , හිස් හඬවල් ඇසෙනවා, සිසිල් සුළං සහ අදුරු සෙවනැලි ඔහුගේ භීතිය තවත් වැඩි කරනවා.

සිදුවීම් ගනනාවකට පස්සෙ ඔහුට තේරුම් යනවා : සමර් කෑම්ප් එකේ එම භයානක සිදුවීම ශාපලත් සහ අඳුරු චාරිත්‍ර නිසා සිදු වූ බව. හිර වූ, නිදහස් නොවු ආත්ම ගනනාවක් එහි සිටින බව ඔහුට දැනෙනවා. කඳවුරේ අධිකාරීන් සියලු දේ යටගැසීමට උත්සාහ කරඇති බව ඔහුට අවසානයේ තේරුම් යනවා.

අවසන් මොහොතේදීත් , නිදහස් නොවූ ආත්ම ඔහු පසුපසම ගමන් කරනවා. අදුරු සෙවනැලි,භූත ලමා රූප , මියගිය උපදේශකයන්ගේ රූප ඔහුට සජීවීව පෙනෙන්නට ගන්නවා. ඔහු ඒ සියල්ල පසු කරමින් සියලු සත්‍යය තමන්ගේ කැමරාවේ සටහන් කරනවා.
*අවසාන කුටීරේ සිට ඔහු පිටඋනත් , “යුනොස්ට්” කඳවුරේ අඳුරු භීතිය තවමත් එහි රැඳී තියෙනවා. ඉතින් මේ ගේම් එක ඉතාමත් රසවත්, කුතුහලය පිරුනු ගේම් එකක්.

මේ වගේ සිදුවීම් අදටත් ඇත්ත ජීවිතයෙත් තියෙනවා කියලා ඔයාලා හිතනවද🫣? එහෙනම් share කරගෙන යන්නත් අමතක කරන්න එපා !
©LaRaStreaming 🎮🙋‍♀️🍀

"ගේම් ඇතුලෙ තියෙන්නේ දිනුම පැරදුම විතරක් නෙවෙයි. ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. ඉගෙන ගන්න ගේම් ගහන්නෙ කොහොමද කියලා ලාර...
25/07/2024

"ගේම් ඇතුලෙ තියෙන්නේ දිනුම පැරදුම විතරක් නෙවෙයි. ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. ඉගෙන ගන්න ගේම් ගහන්නෙ කොහොමද කියලා ලාරා කියපු කතා ටිකක්...."
🤨💁‍♀️🎮 👇

📰: අරුණ පුවත්පත(ශිල්ප) 2024/07/24
කතෘ: ✒️කුමුදු විජේරත්න 🩷

🩷 07/15🩷
15/07/2024

🩷 07/15🩷

Address

Suwon

Telephone

+94710000000

Website

https://www.paypal.com/paypalme/LaRaStreamingYT, https://www.tiktok.com/@lara.off

Alerts

Be the first to know and let us send you an email when LaRa-ලාරා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LaRa-ලාරා:

Share