MHC online කොරියා

MHC online කොරියා ⚡In Your Media Partner South Korea⚡
🔺 Digital Marketing🔺
(News , Gossip ,entertainment.. etc)
(2)

⭕ STAND WITH SRI LANKA දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත්වූවන්ගේ සහන කටයුතු වෙනුවෙන් මූල්‍ය ආධාර පහසු කරවීමට "ස්ටෑන්ඩ් වි...
30/11/2025

⭕ STAND WITH SRI LANKA

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත්වූවන්ගේ සහන කටයුතු වෙනුවෙන් මූල්‍ය ආධාර පහසු කරවීමට "ස්ටෑන්ඩ් විත් ශ්‍රී ලංකා" නමින් නව නිල වෙබ් අඩවියක්.

අපේම මිනිස්සු වෙනුවෙන් අපිට පුළුවන් විදියට අත්වැලක් වෙමු! 🇱🇰❤️

​රටක් විදියට අපි අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින වෙලාවක්. මේ මොහොතේ අපේ රටේ විපතට පත් ජනතාව වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් අපිට හැකි පුංචිම හෝ දායකත්වයක් ලබා දීම මනුෂ්‍යකමක්.

​ඔබේ පරිත්‍යාගය ආරක්ෂිතව සහ සෘජුවම ලබා දීමට පහත රජයේ නිල වෙබ් අඩවිය භාවිතා කරන්න.

​👉 පරිත්‍යාග කිරීමට: https://donate.gov.lk/

​පුළුවන් හැමෝම එකතු වෙමු. අපි වෙනුවෙන් අපි! 🤝


MHC online කොරියා ✍️

30/11/2025

ලංකාවේ අපේ 🇰🇷 සල්ලි කඩාගත්ත පපු හිල් වෙච්ච අයයි ,කකුල් බලෙන් මැශින් වලට දාපු අය එහෙම සල්ලි තියේනම් ටිකක් ඇදපන් මේ වෙලාවෙ වත්,ටික කාලෙනෙ

30/11/2025

🚨 දකුණු කොරියාවේ Coupang (කුපෑන්ග්) පාරිභෝගිකයින්ගේ පෞද්ගලික තොරතුරු මිලියන 33ක් එළියට! 😱🇰🇷

​දකුණු කොරියාවේ ප්‍රධානතම ඔන්ලයින් වෙළඳ ආයතනයක් වන Coupang (කුපෑන්ග්) හි පාරිභෝගික දත්ත විශාල ප්‍රමාණයක් අනාරක්ෂිතව හෙළි වී ඇති බව වාර්තා වේ.

​📉 ඇත්තටම මොකද වුණේ?
මුලින් වාර්තා වුණේ ගිණුම් 4,500ක විස්තර පමණක් පිටතට ගියා කියලයි. ඒත් අලුත්ම විස්තර අනුව මිලියන 33.7ක (කෝටි 3.3ක) පාරිභෝගික තොරතුරු ප්‍රමාණයක් හැකර්වරුන් අතට පත්වෙලා! මෙය Coupang භාවිතා කරන පාරිභෝගිකයින්ගෙන් බහුතරයකට බලපාන බවයි කියවෙන්නේ.

​⚠️ එළියට ගිය විස්තර මොනවද?
​නම (Name) 👤
​ඊමේල් ලිපිනය (Email) 📧
​දුරකථන අංකය (Phone Number) 📱
​බඩු ගෙන්වන ලිපිනය (Delivery Address) 🏠
​🛡️ බය වෙන්න දෙයක් නැද්ද?
Coupang ආයතනය පවසන විදියට ක්‍රෙඩිට් කාඩ් විස්තර (Payment Info) සහ පාස්වර්ඩ් (Passwords) කිසිවක් පිටතට ගිහින් නෑ. ඒවා ආරක්ෂිතයි. 💳🔒

​🔴 අවධානයට:
ඔබේ නම, ලිපිනය සහ ෆෝන් නම්බර් එක පිටතට ගිහින් තියෙන නිසා, ඉදිරියේදී එන්න පුළුවන් Scam Calls (වංචනික ඇමතුම්) සහ Spam Messages ගැන ගොඩක් කල්පනාවෙන් ඉන්න. නාඳුනන ලින්ක් Click කරන්න එපා! 🚫
​මේ ගැන ඔයාලගේ යාලුවන්ටත් දැනුම් දෙන්න. 👇
​ #කුපෑන්ග්
#දන්නසිංහලෙන්කොරියන්විත්ති
MHC online කොරියා ✍️

🇰🇷 දකුණු කොරියාවේ සිදුවන වේගවත්ම ජනගහන පෙරළිය! 📉​🇰🇷තනිව ජීවත් වන්නන් සහ වැඩිහිටි ජනගහනය ඉහළට! 🏠📈​දකුණු කොරියාවේ ජනගහන ව්...
30/11/2025

🇰🇷 දකුණු කොරියාවේ සිදුවන වේගවත්ම ජනගහන පෙරළිය! 📉

​🇰🇷තනිව ජීවත් වන්නන් සහ වැඩිහිටි ජනගහනය ඉහළට! 🏠📈

​දකුණු කොරියාවේ ජනගහන ව්‍යුහය ඉතිහාසයේ නොවූ විරූ වේගයකින් වෙනස් වෙමින් පවතින බව සෞඛ්‍ය හා සුබසාධන අමාත්‍යාංශය නිකුත් කළ අලුත්ම සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දෙයි.
​🔴 ප්‍රධාන වෙනස්කම්:
​✅ තනි පුද්ගල නිවාස (Single-person households):

පසුගිය වසරේ මිලියන 8.05 ක වාර්තාගත අගයක් වාර්තා වී ඇත. මෙය 2015 දී පැවති මිලියන 5.2 ක අගයට වඩා විශාල වැඩි වීමකි. පළමු වතාවට රටේ මුළු නිවාසවලින් 36% ක්ම තනි පුද්ගල නිවාස බවට පත්වී ඇත.

​✅ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් (Senior Citizens):
රටේ වැඩිහිටි ජනගහනය මිලියන 10 (කෝටිය) සීමාව පසු කර ඇත. 👵👴

​📉 ඉදිරි අනාවැකි:
මේ යන වේගය අනුව 2042 වන විට තනි පුද්ගල නිවාස ගණන මිලියන 10 කට ආසන්න වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව අනාගතයේ කොරියාවේ ප්‍රමුඛතම ජීවන මාදිලිය මෙය වනු ඇත.




MHC online කොරියා ✍️

30/11/2025

කෝ බං අර 2005 ඉදන් කියන් වැලලු නෑමල් ගෙන්නපු ඩයල් ටික?
උන් නිදිද මේ වෙලේ?
රටටත් නෑ උන්ටත් නෑ
කොරියාවටත් නැ

30/11/2025
සෑහ් වෑව්...   දැනුත් එහෙමලු වෙන්නෙ⚠️️
30/11/2025

සෑහ් වෑව්... දැනුත් එහෙමලු වෙන්නෙ⚠️️

🇰🇷කොරියාවේ දහඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි මේවා, හරිම දුකයි 😔මොකද සල්ලි හොයන්න විදින දුක් මහන්සිය කොරියාවේ කොල්ලො කෙල්ල...
30/11/2025

🇰🇷කොරියාවේ දහඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි මේවා, හරිම දුකයි 😔

මොකද සල්ලි හොයන්න විදින දුක් මහන්සිය කොරියාවේ කොල්ලො කෙල්ලො තරම් දන්නෙ වෙන කවුද⚠️️

ඉක්මනින්ම නැවත යථා තත්වයට පත්වේවා! බුදුසරණයි,

MHC online කොරියා ✍️

30/11/2025

🚨 කොරියාවේ නීතිවිරෝධී සූදු පොළක් වටලයි - බේරෙන්න වතුර ටැංකිය උඩත් හැංගිලා! 🇰🇷🚓

දකුණු කොරියාවේ ගියොන්ග්නාම් (Gyeongnam) හි නිවසක විදේශිකයන් පිරිසක් එකතු වී මුදලට සූදු ක්‍රීඩාවේ යෙදෙන බවට ලැබුණු ඔත්තුවක් මත කොරියානු පොලීසිය හදිසි වැටලීමක් සිදු කර තිබෙනවා.
​පොලීසිය එන විට නිවසේ සිට ඇත්තේ කිහිප දෙනෙක් පමණක් වුවත්, මුළු ගොඩනැගිල්ලම පරීක්ෂා කිරීමේදී වහලය උඩ සහ වතුර ටැංකි මත අන්තරායකර ලෙස සැඟවී සිටි තවත් පිරිසක් සොයාගෙන තිබෙනවා. 😱

🔸 මෙතැන සිටි මුළු පිරිස 24 දෙනෙක් (සියල්ලන්ම වියට්නාම ජාතිකයන්).
🔸 වතුර ටැංකිය උඩ ඉතාම අනතුරුදායක විදිහට ජෝඩුවක් හැංගිලා ඉඳලා තියෙනවා. බිමට පනියි කියලා පොලීසිය එයා මැට් (Air mat) පවා දාලා තමයි බස්සගෙන තියෙන්නේ.
🔸 අත්අඩංගුවට ගත් පිරිසෙන් 4 දෙනෙක් වීසා නොමැතිව නීතිවිරෝධීව රැඳී සිටි අය (Illegal) බව තහවුරු වී ඇති අතර ඔවුන්ව ආගමන විගමන කාර්යාලයට භාර දීලා.

🔸 කෙසේ වෙතත්, එම අවස්ථාවේ සූදු ක්‍රීඩා කළ බවට සාක්ෂි (මුදල් හෝ උපකරණ) හමු නොවුණු නිසා සූදු නීතිය යටතේ නඩු දමා නැහැ.

​කොරියාවේ ඉන්න අපේ අයත් මේ වගේ දේවල් වලට සම්බන්ධ නොවී පරිස්සමෙන් ඉන්න. පොලීසිය දැන් ගොඩක් සෝදිසියෙන් ඉන්නේ. 👀🚫
​ #දන්නසිංහලෙන්කොරියන්විත්ති
MHC online කොරියා ✍️

🇰🇷විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා නිකුත් කළ බැංකු ගිණුම් අංක යාවත්කාලීන කර ඇත⚠️️
29/11/2025

🇰🇷විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා නිකුත් කළ බැංකු ගිණුම් අංක යාවත්කාලීන කර ඇත⚠️️

Address

ULSAN
Ulsan

Website

Alerts

Be the first to know and let us send you an email when MHC online කොරියා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MHC online කොරියා:

Share