Sihina korea

Sihina korea documentary

25/09/2025

යාළුවගේ ගෙදරටම යවන්නත් පුළුවන් 😁

25/09/2025
22/09/2025

කරටි කැඩෙන්න ගෑ'නියි මි'නිහයි බොනකොට ඒක ජීවිතේ විදිනව කියල හිතන ගොබ්බයන්ට

කොල්ලෙක්ට සිගරට් එක පත්තු කරලා දෙන කෙල්ලෙක්ගේ ෆොටෝ දැකල සිගරට් බොන කුඩු ගහන ගන්ජා ගහන උන් ගැම්මට ශෙයාර් කරනවා රස්තියාදු ආදරේ පට්ටලු......

තව ටික දවසකින් ඊයම් කොලේ කෙල්ල අල්ලන් ඉන්නකොට කොල්ලා කුඩු ටික අදින ෆොටෝ වැටෙයි
"කුඩ්ඩන්ගේ ආදරේ පට්ට කියලා"

ෆොටෝ එකේ තියෙන ලස්සන බලලා උබලා උන්ගේ ජීවිතේ ලස්සන ආදර කතාවක් තියෙනවා කියලා
කුඩ්ඩොයි බේබද්දොයි මුරුංගා අත්තේ තියන්න එපා..

උඹත් උඹේ බේබදු පෙම්වතා ගැන ආඩම්බර වෙනවා නම්,

පලයන් එක දවසක් උසාවියට....
එතන ඉන්නවා කිරිසප්පයෝ උස්සගෙන මිනිහට වන්දි නඩු දාලා වන්දි ගන්න ආපු ගෑනු ..
අහපන් උන්ගෙන් මොකද්ද ඩිවෝස් වෙන්න හේතුව
බාගෙට බාගයක් උන් මිනිහගේ බේබදුකම නිසා අයින් වෙච්ච උන්...

කතා කරපන්
අරාබියේ දුක් විදින ගෑනු දහයක් එක්ක නවයක්ම මිනිහගේ බේබදුකම නිසා අසරණ වෙලා රට ආපු උන්...

කතා කරපන් ගණිකාවෝ දහයක් එක්ක නවයක්ම මිනිහට කුඩු බොන්න ඇග විකුණන උන්...

කතා කරපන්
පොලිසියේ පැමිණිලි ලියන නිලධාරියෙක් එක්ක
කුඩ්ඩෝ කුඩු ගහන්න හොරකම් කරපු නඩු පැමිණිලි පොත් පිරෙන්න.
සමහර පළාත් වල රෙද්දක් වැලට දාන්න බැහැ කුඩ්ඩෝ උස්සනවා විකුනන්න.
උන් මිනිස්සුන්ට කරදරයක්.

පලයන්
බඩු උකස් කරන කඩේකට ගෙදර තියෙන tv එක කැසට් එක විතරක් නෙවෙයි උකස් කරන්න පුලුවන් හැම දෙයක්ම තියලා කුඩ්ඩෝ සල්ලි අරන් යනවා කුඩු ගහන්න...

කතා කරපන් කුඩ්ඩෙක්ගේ අම්මා කෙනෙක් එක්ක,
ඒ මනුස්සයා ජීවත් වෙන්නෙ මැරි මැරී...

පලයන්
මහරගම පිළිකා රෝහලට ගොඩක් ඉන්නවා බීමත්කම නිසා පිළිකා හැදිච්ච උන්..

බලපන්
ලංකාවේ තියෙන පුනුරුත්ථාපන කදවුරු ගොඩ
ඒවගේ ඉන්නේ කුඩ්ඩෝ..

කුඩ්ඩො කිව්වට සමාවෙන්න..ඒ මිනිස්සු විනාශ වුණේ ලඟම හිතවතෙක් නිසා..අපි උපේක්ෂාවෙන් බලන්න ඕන ඔවුන් දෙස..

බිව්වට කෑවට කමක් නෑ.. ඒ ගැන අතිශයෝක්ති අලංකාර ලියලා මිනිස්සු පොළඹවන එක අවසානේ නොතෙරෙන උන් මේක ගන්නේ වැරදි විදියට..දන්නෙම නැතිව ජීවිතේ විනාශ වෙලා යනවා..



©

08/09/2025

නොඅඩුව වීසා වැදී අවසන් 🇰🇷 ✈️
"බර අවි" සජීවීව නරඹන්නට
මෙන්න සංදර්ශන පිලිවෙල 👇

October 04 - තේගු
05 - පාරාන්
06 - කිමේ
07 - ක්වාන්ජු

💢 චාමර වීරසිංහ .
💢 චාමර රණවක .
💢 සේනානායක වෙරලියද්ද .
💢 ඉඳුනිල් අන්දරමාන
💢 ජින්ජර් .
💢 ශිරාන් චන්දන .

Entertainer Susara yasas 🎤

මේ සියල්ල එක මිටට
මේ ප්‍රසංග හතරටම
මචානෝ සමඟ සජීවීව 👏

දකුණ කොරියා " අපේම "
ආදරණීය ශ්‍රී ලාංකිකයිනි
සූදානමින් ඉන්න 🫵

Machano Music Band - 0778 106 606

07/09/2025

කොරියාවෙ ඉන්න ඔයාටත් ලංකාවෙන් Life Partner කෙනෙක්😍
ළඟදීම...

04/09/2025

ශ්‍රී ලංකාව ෆේස්බුක් මොනටයිසේශන් එලජිබල් කන්ට්‍රි ලිස්ට් එකේ ඉන්නවා කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. එහෙනම් මේ ලිපිය බිගිනස්ලා වෙනුවෙන්... ( ඔස්තාර්ලා වෙනුවෙන් නෙවෙයි 🫢 )
මේ දවස් වල හැමෝම මේකට උනන්දුයි නේ. ඉතින් ඇත්තටම මේක හොඳ අමතර ආදායම් මාර්ගයක්. මේ ෆීල්ඩ් එකේ පරණ අය නම් දරාපු අය එක එක කින්ඩි දාලා තියෙනවා මම දැක්කා. නමුත්, මම කියන්නේ අස්වැසුම බැංකු පොතට වැටෙනකල් බලන් ඉන්න එකෙක්ට වඩා ෆේස්බුක් පේ අවුට් වැටෙනකල් බලන් ඉන්න එකාට මම ආදරෙයි. රටට බරක් නැති උන්ට උතුරන්න හරියන්න ඕනේ.
මොනටයිසේශන් වලට කෝස් තියෙනවා දැක්කා. මම කියන්නේ කැමති නම් කරන්න අකමැති නම් එපා. නමුත් තාක්ෂණේ මේ තරම් දියුණු මේ කාලේ ඔය හැම විස්තරයක්ම Google එකේ Youtube එකේ තියෙනවා. ඊට අමතරව දන්න කෙනෙක්ගෙන් අහලා බලලා දැනගන්නත් පුලුවන්.
ඒ වගේම මේ මොනටයිසේශන් වලට කෙල හලන් ඉන්න ලංකාවේ බහුතරේකටම තියෙන්නේ සල්ලි හොයන ආසාව මිස කන්ටෙන්ට් ක්‍රියේට් කරන ආසාව නෙවෙයි. ඔන්න ඔය ට්‍රැක් එක වෙනස් නොකලොත් මේ වැඩේ ඔයාලා හා ගන්නවා ශුවර්. සල්ලි එයි, කොලිටි යුනික් කන්ටෙන් දාන්න ඒ නිසා.
මෙන්න මේ ස්පෙශල් ටිප්ස් ටිකට අවධානය යොමු කරන්න... 🤗🤗

* FB Monetisation ලැබෙන එක නෙවෙයි ගේම. Stars, Subscription වගේ උන්ටත් වැඩක් නැති අපටත් වැඩක් නැති ඒවා නෙවෙයි ඔයාලා ටාගට් කරන්න ඕනේ. Content Monetisation කියන එක. ඒක තමයි මේ ෆොටෝ එකේ උඩ තියෙන්නෙත්. මොකද අපි දාන කන්ටෙන්ට් වලට ගෙවන්නේ ඕකෙන් විතරයි. ඒ නිසා ස්ටාර්ස්, සබ්ස් වැඩක් නෑ. ඒකෙන් එන්නේ අපට කවුරුහරි දුන්නොත් විතරයි. ඒ නිසා කන්ටෙන්ට් දාන්න. තමන්ගේ ඔරිජිනල් ඒවාම...

* කලින් ඉඳන් පේජ් කරන් ආව අයට මොනටයිසේශන් ආවා නම් සෙටප් කරන්න කලින් ලැප් එකකින් ලොග් වෙලා පරණ පෝස්ට් ඔක්කොම ඩිලීට් කරන්න, තමන්ගේ නොවන වීඩියෝ ෆොටෝ, ඔක්කොම. මොකද ඔයා අද ඉඳන් තමන්ගේ කන්ටෙන්ට් දාගෙන ගියත් පරණ ඒවා අනුන්ගේ නම් මොනටයිසේශන් ගැලවෙන්න ලොකු ඉඩක් තියෙනවා. මගේ එහෙම ගැලවිලා ගියා. පස්සේ ආයේ හදාගත්තා. පෝස්ට් මකන්න ලැප් එකෙන්ම ලොග් වෙන්න කීවේ ඒකෙන් එකපාර 50 ගානේ මකන්න පුලුවන්. ඔන්න ඔහොම මම පෝස්ට් 11,000ක් මකලා තියෙනවා එක පේජ් එකක විතරක්. උවමනාව තියෙනවා නම් කැපවීම තමන්ට භාරයි.

* මගේ පෞද්ගලික මතය ලංකාවට ආව පලියට දැන්ම සෙටප් කරන්න එපා. ඉන්න පොඩ්ඩක්, Content Monetisation වල ක්‍රයිටීරියා ටික මොනවද කියන එක මම තවම දන්නෙ නෑ. සබ් සහ ස්ටාර්ස් දන්නවා ඒත් ඒක වැඩක් නෑ. මම නම් හැරිලා වත් බලන්නෙ නැති දෙකක් ඒක. මම එපා කීවේ තමන්ගෙ පරිස්සමට. මාසයක් දෙකක් ඉවසන්න, මොකද මේ මාසේ හොයන සල්ලි අතට එන්නේ එන මාසේ 20-25 දවස් දිහාට. ඒ නිසා ලංකාවට පේ අවුට් සෙටප් කරපු අය ගන්නවද බලලා ඉන්න එක ඔයාලාගෙ ඇඟට හොඳයි. ඩිරෙක්ට් බෑන්ක් ලින්ක් කලොත් ටැක්ස් ගැන දැනුවත් වෙන්න. ටැක්ස් ගෙවන රටක නම් ඉන්නේ ඒක ගෙවන්නම වෙනවා, නොගෙව්වොත් කේස්.

* මම ආයෙ ආයෙත් කියනවා, මතක ඇතිව තමන්ගේම ක්‍රියේශන්ස් දාන්න. අනුන්ගෙ ඒවා උස්සලා දාන්න එපා. ඒක fb එකට පේනවා. ඒකෙන් ඔයාගේ මොනටයිසේශන් ගැලවෙනවා. ඒ වගේම දැන් තමන්ගේ කන්ටෙන්ට් වලට සල්ලි එන නිසා කවුරුත් කැමති නැති වෙයි තමන්ගේ දේවල් වලින් වෙන උන් හම්බකරගන්නවට. ඒ නිසාම ඔයාලට කොපිරයිට් කන්නත් වෙයි. එහෙම වුනොත් මොනටයිසේශන් නැති වෙන්න පුලුවන්. සමහර විට පේජ් එකත් නැති වෙන්න පුලුවන්.

* ඔයාලාට සල්ලි හොයන්න ඕනි නම්, ලංකාව අතෑරලා ෆොරින් ඕඩියන්ස් ටාගට් කරන්න වැඩ පටන් ගන්න. ලංකාවට ගෙවනවා හෙනම අඩුයි. නිකන් තේරෙන්න කීවොත් ඒක හරියට ලංකාවේ වන් මිලියන් රීච් පෝස්ට් එකකට රුපියල් 1000ක් ලැබුණොත් US,UK වගේ ඕඩියන්ස් එකක ඒ රීච් එකට ලක්ෂයක් හොයන්න පුලුවන් ඔයාට එක පොස්ට් එකෙන් ( මේ ඇත්තම අගයන් නෙවෙයි, දළ අදහසක් ගන්න කීවේ ) ඒ නිසා කාට හරි ලංකාවේ පේජ් එකකට CM ( Content Monetisation ) ආවොත්, ඒකත් කරන්න. අත්දැකීම් ගන්න. හැබැයි ලංකාවෙන් එලියට යන්න. සල්ලි තියෙන්නේ එහෙ.

මමත් මේවා ගැන මහා ලොකු දෙයක් දන්නෙ නෑ. පොඩ්ඩ පොඩ්ඩ දැනගෙන හොයාගෙන තමයි කරන් යන්නේ. හැබැයි අර මම කලින් කීවා වගේ, කවුරු හරි ගේමක් ගහලා ගොඩ යන්න හදන එකෙක් ඉන්නවා නම් මම ඌට ආදරෙයි. රැකියා දියව් ගාන උපාධි ගත්ත කෙනෙක්ට වඩා, අස්වැසුම වැටෙනකල් උඩ බලන් ඉන්න එකෙක් ට වඩා මට ඌව වීරයෙක්. ඒ නිසා මහන්සි වෙන්න මේකෙන් ගොඩ යන්න පුලුවන්. හැබැයි එක පාර හඳ අල්ලන්න බෑ. ඒකත් මතක තියාගන්න. මම අද යම් තැනක ඉන්නවා නම් ඒ මගේ අවුරුදු 10ක අත්දැකීම්, දැණුම නිසායි. ඒ නිසා ඔයාලත් මහන්සි වෙන්න, මේවා ඉගෙනගන්න.
දන්න කියන උන් වගේම නොදන්න උන් පවා ලංකාවට සුපිරී කාර් එහෙම බස්සන, සැප ජීවිත ගෙවන ලස්සන අනාගතයක් වෙනුවෙන් අද කට්ට කන්න පටන් ගන්න. ඔයාලා දිනනවා මයි. මහන්සි වෙනවා නම් ඔයාලා දිනන්නත් ඕනේ මයි. සමාජෙට බම්බු ගහන්න කියලා හරි දේ කරන්න. තොපිට හරියන්නම ඕනේ. ආදරෙයි...
මම
ඉඳුවා

( ළඟකදි ඉඳන් වීඩීයෝ දාන්න අරන් මම අහන කතා දැකලා ඇති නේ 😂😂 මම පිට රටක ඉන්නෙ කියලා පෙන්නගන්න ලු ඒ රඟන්නේ, අනේ මට 🍑යෑ බැන්නත් සල්ලි නේ කියලා ඒ හැම විවේචනයක්ම සැහැල්ලුවෙන් අතෑරලා දානවා )

🛫
03/09/2025

🛫

"You can't control nobody actions, loyalty comes from the heart".
21/05/2025

"You can't control nobody actions, loyalty comes from the heart".

09/05/2025

"ශක්තිමත් වන්න....අත අරින්න"🌻 ❤️............................................................................................................

ජීවිතේ සටන් කරලා රැකගත යුතු නැති
බැඳීම් දෙකක් තියෙනවා...

1.ආදරය
2.යාලුකම

ඒ බැඳීම් අපේ ජීවිතේට කොයි තරම්
වටිනවා වුනත්,
අපි ඒ බැඳීම් වලට කොයි තරම් ආදරේ වුනත්,
කවදාවත් ඒවා බලෙන් හිර කරලා පරිස්සම් කරගන්න ඔට්ටු වෙන්න එපා...

කාලයත් එක්කම ඒක එයාලට වදයක්...
අපිට වේදනාවක් වෙනවා.

ඉන්න එකා මහ කුණාටු සුලි සුලං ආවත් ලගින්ම ඉන්නවා...
යන එකා ඇහි පිල්ලමක් වේගෙන් හෙලවුණොත්
ඒකම හරි හේතුවක් කරගෙන දාලා යනවා...

බැඳීම් එහෙමයි...

ඒ නිසා අගයක් නැති තැන්වල වදයක් වෙවී ඉන්නවට වඩා අමාරුවෙන් හරි අත අරින්න පුරුදු වෙන්න..

එයාලගේ පුංචි පුංචි වෙනස්කම් වලට පුලුවන් දිගු කාලයක් පුරාවට අපේ නින්ද වුණත්
අපෙන් අහිමි කරවන්න..

සංසාර ගත බැඳීමක් වුනත් සැනසීමක් නැත්නම් අත අරින්න...

එක පාරක් දෙපාරක් තේරුම් කරන්න..
ඒත් තේරුම් ගන්නේ නැත්නම් නිහඬවම පැත්තකට වෙන්න..
සමහර විට ඒ දේ ඔබ නිහඬ වූ විට ඔවුන් තේරුම් ගනීවී...

වරදක් නැතුව අත අරින හැමෝවම
තරහක් නැතුව අත අරින්න..

හිර කරලා රැකගන්න හදන් නැතුව
නිදහස දීලා අත අරින්න...

ඇත්තටම ආදරෙයි නම්
කවදාවත් මොන දේ වුනත් දාලා යන්නේ නෑ...
තනි කරන් නෑ...

ලං වෙන්න බැරි වුණත් පේන මානේ හරි ඉන්නවා...

බැඳීමක් රැකෙන්නේ
හිමි කරගත්තම නෙමෙයි,

"හිමි තැන දුන්නම".................ආදරේයි 🌹

Sanju Rajapaksha ✍

Address

Ulsan

Website

Alerts

Be the first to know and let us send you an email when Sihina korea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sihina korea:

Share

Category