PRASA 90

PRASA 90 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PRASA 90, Digital creator, Yongin.

06/04/2026

Travel කරන ඔයාලාත් Hotels Book කරනවා නේද?🥰 එහෙනම් කියවන්න👇 😍🌿

All rights reserved ©Fantastic Travelers
Don't Copy without permissions⭕

ඔන්න අද Fantastic Travelers අපි තීරණය කලා මේ hotel එකක් book කරද්දි මොනාද අපි දැනගන්න ඕනේ කරුණු කියලා ඔයාලට ටිකක් පැහැදිලි කරලා දෙන්න. ✌

Hotels නම් විවිද්ද විදිහට වර්ග කරන්න පුලුවන්, ඒ අතර Star Hotels, පිහිටීම අනුව, පහසුකම් අනුව ප්‍රදාන වේ.

ඒ අතරින් hotels ගැන කතා කරද්දි ප්‍රධාන වර්ග තුනක් ගැන කියන්න පුලුවන්. ඒ තමා,

01) Beach Hotels

මුහුදු වෙලරල ආශ්‍රිතව තියෙන ඒවා තමයි මේ. ලංකාවෙ නම් ප්‍රදාන වශයෙන් ගාල්ල, උනවටුන, හුක්කඩුව, මීගමුව උදාහරණ ලෙස ගන්න පුලුවන්.

02) City Hotels

මේ හොටෙල් තියෙන්නෙ යම් නගරයක් තුල ලංකාවෙනම් කොළඹ තමා. වෙන රටකනම් ලොකු ලොකු නගරවල මෙවා තියෙනවා.

03) Round Tour Hotels

රට තුල තියෙන ඒවා තමයි මේවා. මේවා විවිධ සංචාරක ආකර්ෂණ ස්ථාන කේන්ද්‍ර කරගෙන ගොඩනැගිලා තියෙනවා.

අනිත් එක තමයි අපි hotel කියලා කිව්වට මේ hotel industry එක තුල විවිධ category තියෙනවා. ඒ කියන්නෙ උදාහරණ විදිහට ඔයාලා අහලා තියෙනවා ඇති villas, resorts, apartments, cottage, guest house , hostels, etc වගේ. මේ ඔක්කොම Hotel industry එකේ විවිධ categories.

මගෙ pages, Groups වල ඉන්න ඔයාල නම් මේ hotels සම්බන්ද post නිතර දකිනවා. ඒ නිසා මේක ගොඩක් වැදගත් වෙයි.❤️

🔼 මුලින්ම අපි බලමු කොහොමද Hotels වල Rooms packages හැදෙන්නෙ කියල. ගොඩක් hotels වල double basis, triple basis කියලා තියෙනවා ඔයාලා දැකලා ඇති. දැන් අපි ඒ මොනවද කියලා බලමු.

ගොඩක් හොටෙල්ස් වල එක එක ජාතියේ rooms තියෙනවා. ගොඩක් ඒවා ඒවගේ view එකත් එක්ක වෙනස් වෙනවා. උදාහරණ විදිහට Deluxe rooms, complimentary rooms, super deluxe room වගේ කියන්න පුලුවන්. Room එක මොන වර්ගයේ උනත් ඒවගේ තියෙන ඇදවල් ගාන අනුව තමා ඒ room එකේ කීදෙනෙකුට ඉන්න පුලුවන්ද කියලා තීරණය වෙන්නෙ. ඒගැන මේ විදිහට මම විස්තර කරන්නම්.

➡️ Single room

මේකේ ඉන්න පුලුවන් එක්කෙනෙක්ට විතරයි. ගොඩක් වෙලාවට පොඩි ඇදක් තමයි මේකෙදි ඔයට හම්බෙන්නෙ.

➡️ Double room

මේකේ ඉන්න පුලුවන් දෙන්නෙක්ට විතරයි ඒ කියන්නෙ මේකේ තියෙන්නෙ double bed එකක්. (පොඩි බබෙක් ඉන්නවන්ම් ඒක Management එක එක්ක කතා කරලා වෙනස් කරගන්න පුලුවන්) ගොඩක් තැන් වල තියෙන්නෙ මේ Double rooms තමයි.

➡️ Tripple room

මේ room එකක ඉන්න පුලුවන් තුන්දෙනෙක්ට මේකේ King size bed එකක් හෝ double bed එකක් එක්ක single bed එකයි තියෙනවා. එහෙම නැත්තන් අවශ්‍ය විදිහට beds වෙන වෙනම උනත් arrange කරගන්න පුලුවන් hotels අනුව.

➡️ Family room

එක එක hotel එක අනුව මේ Room එකක ඉන්න පුලුවන් ගාන වෙනස් වෙනවා. ඒක ගොඩක් වෙලාවට 4,6,8 වෙනවා.

සාමන්‍යෙන් නියමිත ගානට වැඩිය ඉන්නවනම් ඒක hotel mangemnt එක දැනුවත් කරලා සුදුසු විදිහට arrangement එකක් කරගන්න පුලුවන්.

🔼 ඊලගට අපි බලමු මොනවද මේ (FB)full boards, (HB)half boards, (BB)bed & breakfast කියන්නෙ කියලා. ඔයාලගෙ නිවාඩුව දවසෙ කෑම බීම ගැන මෙකෙන් plan කරගන්න පුලුවන්.

Travel කරන ඔයාලා හැමෝම වගේ හොටෙල් එකකට යන්නෙ හොද රස කෑම වෙලක් ගන්න වගේම කාර්‍යබහුල ජීවිතෙන් පොඩ්ඩක් ඈත් වෙලා නිදහසේ නිවාඩුවක් ගත කරන්න. ඉතිම් මේ hotels ගොඩක් වෙලාවට අනුගමනය කරන්නෙ standard hotel policies. ඒ ඒ hotels වල පහසුවට එක එක දෙවල් මේ අතරින් වෙනස්කම් සිදුකරගන්නවා. ඉතින් සාමන්‍යෙන් hotels වල බෝහෝමයක් මේ full board, half board, bed & breakfast packages serve කරනව. තරු පන්තියේ හොටෙල්වල all inclusive කියල package එකක් වෙනම ලබා කරනව.

ඔන්න අපි හොටෙල් එකකට එක දවසක් ඉන්න (one day stay) යනවනම් බොහොමයක් හොටෙල්ස් වල check in time එක නැත්තන් හොටෙල් එකට එන්න පුලුවන් වෙලාව විදිහට පස්වරු 2ත්(2 p.m.), check out එක නැත්නම් පහුවදා අපි හොටෙල් එකෙන් යන්න ඕනේ වෙලාව විදිහට දහවල් 12ත්(12p.m.) නම් කරලා තියෙනවා. මේක ලංකාවේ ගොඩක් හොටෙල්ස් අනුගමනය කරනවා. ඒකෙන් කියන්නෙ මේ වෙලාව තුල එන්නම ඕනේ යන්නම ඕනේ කියලා නෙවෙයි ඒ වෙලාවන් අතර ඕනම වෙලාවක in & out එක කරන්න පුලුවන්. ඔයාට අවශ්‍ය නම් early check in, late checkout පහසුකමත් ඒ අදාල hotel management එක එක්ක කතා කරලා ගන්න පුලුවන් සමහර Hotels වලදී.

➡️ Bed & Breakfast (BB)

මේ පැකේජ් එකෙන් අපිට අපි හොටෙල් එකට ඇතුල් වන දවසට පහුවදා Breckfast එක සහ නවාතැන් පහසුකම් හම්බෙනවා. ඒ කියන්නෙ අපිට හම්බෙන්නෙ එක කෑම වෙලක් විතරයි. අවශ්‍යනම් වෙනම සල්ලි ගෙවලා අනිත් කෑම වේල් ඇරේන්ජ් කරගන්න පුලුවන්. BB එකේදී උදේ කෑම එක ලංකාවෙදි නම් Sri Lankan හෝ western විදිහට දෙවිදිහෙන් ඕන එකක් අපිට ඉල්ල ගන්න පුලුවන්. ගොඩක් වෙලාවට sri lankan එකේදී ආප්ප, ඉදිආප්ප ,කිරිබත්, පාන්, බත් වගේ කෑම හම්බෙනවා.

➡️ Half board (HB)

මේ package එකෙන් අපිට කෑම වේල් දෙකක් සහ නවාතැන් පහසුකම් හම්බ වෙනවා. ඒ dinner & breakfast එක තමා. ගොඩාක් අය අරගන්නෙ half board package එක තමා.

➡️ Full board (FB)

මේ package එකෙන් අපිට කෑම වේල් තුනක් එක්ක නවාතැන් පහසුකම් හම්බ වෙනව. ඒ Lunch, dinner, breakfast . මේකදි බොහොදුරට check in වෙලාවෙ lunch එක තමා ගන්න පුලුවන්. ඒ උනාට සමහර හොටෙල් management එක එක්ක කතා කරගෙන check out දවසෙ lunch එක උනත් ගන්න පුලුවන්.

➡️ All inclusive

මේක ගොඩක් වෙලාවට ලොකු තරු පහේ, හයේ star hotels වල තමා offer කරන්නෙ. ඒ නිසා මේකේ ගානනම් ටිකක් සැරයි.🙂මේකෙදි ප්‍රදාන කෑම වේල් 3 ට අමතරව අමතර කෑමබීම (sub meals) හම්බෙනවා. ඒකෙදි morning snack, evening snack & midnight snack එක හම්බෙනවා. සමහර hotel වල unlimited liquors පවා මේ package එකට ඇතුලත්. මේ package එක නම් ලංකාවෙනම් offer කරන්නෙ ඉතා අඩු hotels ප්‍රමානයක.

➡️ Room only- මේකෙදි අපිට හම්බෙන්නෙ room එක විතරයි. කෑම බීම order කරල ගන්න පුලුවන්.

⭕ තව කියන්න ඕනේ ඔයාලා ලොකු පිරිසක් එක්ක නිවාඩුවක් ගත කරන්න ගියොත් බුෆේ ක්‍රමයට එයාලා ඇරේන්ජ් කරල දෙනව, එහෙම නැතුව පොඩි පිරිසක් එක්ක ගියොත් set menu ක්‍රමයට තමා එයාලා ඔයාලට sarve කරන්නෙ.

⭕ තව දෙයක් තමා ගොඩක් හොටෙල්ස් වලට පිටින් කෑම ගෙනත් කන්න එයාලගෙ Resturant එකේ අවසර නෑ. නමුත් Room එකෙ ඉදන් කෑවට ප්‍රශ්නයක් නෑ.

⭕ ඔයාලට තේ කෝපි වගේ අවශ්‍යතාවය අනුව හදාගන්න ගොඩක් හොටෙල් වල Room එක ඇතුලේ වෙනම tea bags, සීනී වගෙම heater jug එකත් එක්ක අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා.

⭕ මේක අපේ බොන යාලුවන්ට වැදගත්😋 එයාලගෙම BAR එකක් තියෙනවනම් ඔයාලා පිටින් liquor ගේනවන්ම් corkage charge ගෙවන්න වෙනව. නැත්නම් corkage නෑ.

දැන් අපි බලමු කොහොමද මේ හොටෙල්ස් වල packages price කියවන්නෙ කියලා.

මුලින්ම කියන්න ඕනේ Hotels Rates වල PP හෝ per net දාලා තියෙනවනම් ඒකෙන් කියන්නේ. එක්කෙනෙකුට කියන එක. (Per person) . PP දාලා තියෙද්දිත් ගොඩක් අය අහනවා මේ ගනන් කී දෙනෙක්ටද කියලා. ඔන්න ඒක අද දැනගන්න.

තව දෙයක් තමා තමා Hotels වල Rates සාමාන්‍යයෙන් මාස ගනන් සති ගනන් දවස් ගනන් වලට කියන් නෑ. සාමාන්‍යයෙන් කියන්නේ එක දවසකට හෝ යම් පැය ප්‍රමානයකට. ඒ නිසා post එකක් දැක්ක ගමන් මේ දවස් කීයකටද අහන්න එපා. FB HB BB or short Time කියලා නැත්තන් එ ගනන් කියවවෙන්නෙ දවසකට. ඒක හෝටල් අනුව වෙනස් වෙනවා.

දැන් බලමු Rates කියවන විදිහ.

✅ (1) Full Board Double 20,000/=
✅ (2) Full Board PP 10,000/= Double Basis

මේ තියෙන්නෙ Rates දෙකක් වගේ පෙනුනට මේකෙන් කියවෙන්නෙ එකම තේරුම.

පලවෙනි(1) එකෙන් කියවෙන්නෙ full board දෙන්නෙක්ට Rs. 20,000/= ට ඉන්න පුලුවන් කියන එක.

ඒ වගේම දෙවෙනි (2) එකෙන් full bord pp (per person) Rs.10,000/= කියලා කියවෙනවා. ඒ කියන්නෙ එක්කෙනෙක්ට Rs. 10,000/= යි. හැබැයි Double Basis ඒ කියන්නෙ එක්කෙනෙක්ට Rs. 10,000/= ගානේ දෙන්නෙක්ට ඒ Room එකේ ඉන්න පුලුවන්. ඒක හදන්නෙ මෙහෙමයි,
Rs.10,000/= × 2 = 20,000/=.

ඒ වගේම ඔයාලා විශේෂ වැඩ වලට හෝ තනියම ඉන්න යන්න හිතන් ඉන්නවනම් ඒකෙදි ඔයා hotel එකත් එක්ක කතා කරලා වෙනම Rates ඉල්ල ගන්න පුලුවන්.

උඩ කියපු දේවල් වලට අමතරව මේවත් වැදගත්.

➡️ ඔයාලා මොකක් හරි විශේෂ වැඩකට නම් යන්නෙ ඒ බව අනිවාර්යයෙන් හොටෙල් එක කලින් දැන්වත් කරන්න. උදාහරණ විදිහට birthday, anniversary වගේ දෙයක් celebrate කරන්න යනවනම් අනිවාරෙන් දැනුවත් කරන්න. එහෙම කිව්වම සමහර වෙලාවට හොටෙල් එකත් ඔයාලව treat කරනවා.

➡️ කෑම වේල යම් වෙනස්කමක් වෙන්න ඕනේ නම්, උදාහරණයක් විදිහට ඔයා Vegetarian නම් ඒ බව හොටෙල් එක දැනුවත් කරන්න අමතක කරන්න එපා.

➡️ මේ හොටෙල්ස් වල standerd children policy එකක් තියෙනව.බොහො වෙලාවට කුඩා ළමයි ට අවුරුදු 6න් පහල free of charge. 6-12 half rate. තමයි තියෙන්නෙ. ඒත් මේක වෙනස් වෙන්නත් පුලුවන්.

➡️ ගොඩක් අය travel කරද්දි ඔයාලගෙ සුරතල් සතාවත් එක්කන් යනවා. ඒත් සමහර හොටෙල් වලට නම් සත්තු ගෙනියන්න බැහැ. ගෙනියන්න හිතන් ඉන්නවනම් ඒක අනිවාර්යයෙන් එයාලගෙන් අහලා අවසර ගන්න ඕනේ.

➡️ වර්තමානේ වනකොට හොටෙල් විසින් ව්ශේෂ honeymoon packges හදලා තියෙනවා. ඒවගෙ පහසුකම් හොටෙල් එකෙන් හොටෙල් එකට වෙනස් වෙන්න පුලුවන්. මේකෙදි ගොඩක් වෙලාවට bed decorations වගේ දෙවල් එයාලම කරල දෙනව.❤️😋

➡️ අනිත් එක තමා payment methods. Hotel බොහෝ දුරට ක්‍රම තුනක් යටතේ සිය payment එක ගන්නවා. ඒ තමයි online payment, Bank Transfer සහ on arrival payment. මේක හොටෙල් අනුව depend වෙනවා. ඔය සමහර site වල වගේ deposit එකක් දාලා booking එක දානවනම් අනිවාරෙන් Canceletion police ගැන දැන්වත් වෙලා ඉන්න.ඒ ගැන මම අන්තිමට කියන්නම්.

➡️ හොටෙල් offer කරන තවත් ප්‍රධාන package එකක් වෙන්නෙ Dayout packages. මේකෙදි ගොඩාක් වෙලාවට group price තමා අඩුම package එක. ඒක ගන්න අඩුම 5ක්වත් අපේ කන්ඩායමේ ඉන්න ඕනි. උදාහරණයක් විදිහට Dayout per head 2500/= කියල හිතන්නකො. එහෙම උනාම දෙන්නෙක්,තුන්දෙනෙක් dayout එකකට එනවනම් ඒ price ගන්න අමාරුයි. ඒ නිසා හොටෙල්ස් වෙනම couple dayout packages හා වෙනත් විදිහ Packages හදලා තියෙනවා.

➡️ ගොඩක් අය කැමති මේ Villa type හොටෙල් වල ඉන්න. ඒ තැන් වල ගොඩාක් වෙලාවට whole villa එකම එයාලා දෙනව විශේෂ price එකකට. ගොඩාක් වෙලාවට මේ price එකේ chef charge include වෙනවා.

➡️ මේ සමහර hotels නම් BB,HB,FB විදිහට වෙනම offer කරන්නෙ නෑ. එහෙම උනාම room එක වෙනම අරගෙන foods වෙනම order කරන්න වෙනවා.

➡️ කොහොමද මේ Hotels book කරන්නෙ?Hotel එකක් book කිරීමේදි ඔයාලට direct hotel එක contact කරල book කරන්න පුලුවන්. නැත්නම් travel agent කෙනෙක් හරහා, ගොඩක් වෙලාවට website or agent group හරහා booking එක දාගන්න පුලුවන්. අපිත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාල දන්නවා අපි offer එකක් දාද්දි Hotel එකේ numbers or email එක්ක එයලගෙ Fb page link එක දානවා. එතකොට ඔයාලට පුලුවන් ඕනම ක්‍රමයක් හරහා එයාලව Contact කරගෙන ඔයාගෙ Booking එක දාගන්න.😍❤️

Fantastic Travelers

➡️ තවත් විශේෂ දෙයක් තමයි ඔයාට Hotel එකේ service ඕන වෙලාවක complain කරන්න පුලුවන් , ඒ වගේම ඔයාට complain කරන්න අයිතියක් තියෙනවා වගේම service එක හොදනම් තව කෙනෙක්ට reccommnd කරන්නත් අමතක කරන් එපා. මේක කරන්න එයාලගෙ Fb page හෝ ඔයා booking එක දාපු website හෝ google review බාවිතා කරන්න පුලුවන් වගේම. ඔයාගෙ profile එකේ එයාලගෙ page එක mention කරලා post එකක් උනත් දාන්න පුලුවන්.

✅✅හරි දැන් අපි බලමු මොනාද Hotel එකක් Book කරද්දි දැනන් ඉන්න ඕනේ කියලා. Fantastic Travelers

01) Location📍

ඔයාලා කොහෙහරි travel කරන්න හිතන් ඉන්නවනම් හොටෙල් එක book කරද්දි ඒ තැන් වලට ගොඩක්ම ලගද කියන එක විශේෂෙන් බලන්න ඕනේ. මොකද පොඩි ලමයි හෝ family type trip වලදි මෙක ගොඩක් වැදගත්. ඒ නිසා ඔයාගෙ trip එක plan කරද්දි ඔයා බලන්න හිතන් ඉන්න තැන් වලට ගොඩක් ලගද කියන එක දැනගන්න. මේකට google map එක use කරන්න පුලුවන්.

02) Budget💲

මේක ඉතා වැදගත්. අපි හොටෙල් එකක් book කරද්දි ඒක අපේ Budget එකට දැරිය හැකිද කියන එක බලන්න ඕනේ. නැත්තන් අපිමයි අමාරුවේ වැටෙන්නෙ.

03) Always Compare 🔄

Hotel එකක් book කරද්දි ඒ වගේම හෝ ඒ කිට්ටුව වෙනත් hotel එක්ක ඔයාට යම් සැසදීමක් කරන්න පුලුවන්. මේකෙදි price, packages, Facility, view එක වගේ කරුණු ඔස්සෙ කරන්න පුලුවන්. ප්‍රධාන වශයෙන් මිලට සරිලන තෘප්තියක් ලැබෙනවද බලන්න. මේකට ඔයාට Review, photos හෝ සුදුසු ඕනම එකක් භාවිතා කරන්න පුලුවන්.

04) Room Facilities, Hygiene, & Safety 🚼

ඔයා පවුලේ අය එක්ක හෝ Couple විදිහට නම් මෙතන ඉන්න යන්නෙ මේක ඉතාමත් වැදගත්. විශේෂයෙන් ගැහැණු අය ඒහෙම යනවනම් ඒකේ පහසුකම් හා ආරක්ශාව බලන එක අනිවාර්යයි. ඊට අමතරව සනීපාරක්ශක පහසුකම් සීත පලාතක නම් hot water පහසුකම් තියෙනවද කියලත් බලන්න. තව එකක් තමයි ගොඩක් පැති වලට phone Connection නෑ. ඒ නිසා ඒ වගේ පැත්තකින් hotel බලද්දි free wifi පහසුකම් දෙනවද කියලත් බලලා යන්න.

05) Reviews ✍️

ඔයා hotel එකක් book කරන්නෙ website or fb page එකක් හරහනම් ඒකේ තියෙන review බලන්න පුලුවන්. ඊට අමතරව google review උනත් බලන්න පුලුවන්. ඒවා බලලා ඔයාට හොටෙල් එක ගැන දල අදහසක් ගන්න පුලුවන්. ඒ නිසයි හැම වෙලාවම ඔයාලට කියන්නෙත් ඔයාලා යන හෝටලේ ගැන review එකක් දෙන්න කියලා. ඒක පස්සෙ එන්න ඉන්න අයට ගොඩක්ම වැදගත් වෙයි.

06) Connectivity ✈️

ලංකාවේ නම් ඔයාලා පොදු ප්‍රවාහනය භාවිතා කරනවනම් අදාලා හොටෙල් එකට ලේසියෙන්ම යන්න පුලුවන්ද කියලා බලන එක ඉතා වැදගත්. වෙන රටකවගේ travel කරනවනම් මේකෙදි airport, bus station, train station වලට hotel එක ලගද බලන එක වැදගත්.

07) Cancellation Policy 🚫

මේක ගොඩක් අය අමතක කරන තැනක්. ඔයාලා හොටෙල් එකක් book කරද්දි අනිවාරෙන් මේක බලන්න ඕනේ. මොකද හොටෙල් එකක් book කරලා අපි ගමනක් යද්දි ගමන් මග වෙනස් වීම් හෝ ගමන් අවලංගුවීම් වෙන්න පුලුවන්. එහෙම උනාම booking එක Cancel කරද්දි සමහර hotel වලට ගානක් දෙන්න වෙන අවස්ථාත් තියෙනවා. ඒ නිසා අපිට වියදම් කරන්න ගොඩක් සල්ලි නැති නිසා මේක බලන එක ඉතා වැදගත්.

හරි දැනට ඔච්චර තමයි කියන්න තියෙන්නෙ. යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා😋

ප්‍රශ්න හා වැරදි තියෙනවනම්
හෝ
Hotel book කරද්දි හෝ hotel එකක ගත කරද්දි උඩ කියපුවා සම්බන්ධව ඔයාලා ලබපූ විවිධ අත්දැකීම් තියෙනවනම් Comment කරන්නත් අමතක කරන්න එපා. ඒක hotel එකක් book කරන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි.🤗

🛑මෙම ලිපියේ සම්පූර්ණ කතෲ අයිතිය ©Fantastic Travelers page Admin සතු වන අතර අනවසරයෙන් උපුටාගැනීම සපුරා තහනම්.🛑

All rights reserved ©Fantastic Travelers
Don't Copy without Permissions

🌿

Fantastic Travelers
Hotels Sri Lanka
Hotel offers & Travel Guide in Sri Lanka

✍️ Praveen Malshan

10/03/2026
14/02/2026

👮‍♂️🛑 "Airbnb එකේ දැම්ම පලියට විලා එකක් කරන්න බෑ!
සංචාරක පොලිසියෙන් ඇවිත් සීල් තියන්න කලින්...

ලංකාවේ නීතියට අනුව 'සුද්දෝ නවත්තන්න' අනිවාර්යයෙන්ම ඕන ලයිසන් එක ගත්තද? 📝✅"

ගොඩක් අය හිතන්නේ ලස්සනට කාමරයක් හදලා, බෝඩ් එකක් ගැහුවම වැඩේ ඉවරයි කියලා. හැබැයි ඔබ දන්නවද සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) ලියාපදිංචිය නැතුව විදේශිකයන් ලැගුම් ගන්වන එක දඬුවම් ලැබිය හැකි වරදක් බව?

ඔබේ සිහින ව්‍යාපාරය අතරමග නවතින්නේ නැති වෙන්න, අනුගමනය කළ යුතු නිවැරදි පියවර 4 මෙන්න: 👇

🏛️ 1. ප්‍රාදේශීය සභාවේ අනුමැතිය (Local Authority Approval):
මුලින්ම ඔබේ ගොඩනැගිැල්ලට "අනුමත සැලැස්මක්" (Approved Plan) තියෙන්න ඕන. ඊට පස්සේ සභාවෙන් "වෙළඳ බලපත්‍රයක්" (Trade License) ගන්න ඕන.

වැදගත්: නේවාසික (Residential) ගෙයක් ව්‍යාපාරික (Commercial) ස්ථානයක් ලෙස වෙනස් කරන්න මේ අවසරය අනිවාර්යයි.

🇱🇰 2. සංචාරක මණ්ඩලයේ ලියාපදිංචිය (SLTDA Registration):
මේක තමයි වැදගත්ම ලයිසන් එක. ඔබේ ආයතනය "Homestay Unit", "Guest House" හෝ "Bungalow" යන වර්ගීකරණය යටතේ ලියාපදිංචි වෙන්න ඕන.

මෙය නැතිව Booking.com හෝ Agoda වැනි වෙබ් අඩවිවල නීත්‍යානුකූලව පවත්වාගෙන යන්න අමාරුයි.

👮 3. පොලිස් වාර්තාව (Police Clearance):
ප්‍රදේශයේ පොලිසියෙන් නිශ්කාශන වාර්තාවක් ගන්න ඕන. විදේශිකයෙක් ඔබේ විලා එකේ නවතිනවා නම්, ඔවුන්ගේ පාස්පෝට් විස්තර අනිවාර්යයෙන්ම පොලිසියට දැනුම් දෙන්න ඕන (C-Form Registration).

🔥 4. ගිනි නිවන සහ රක්ෂණ (Fire & Insurance):
සංචාරකයන්ගේ ආරක්ෂාවට ගිනි නිවන උපකරණ (Fire Extinguishers) සවි කරලා, ගිනි නිවන ඒකකයෙන් සහතිකයක් ගන්න ඕන. ඒ වගේම "Public Liability Insurance" එකක් තියෙන්න ඕන.

⚖️ නීතිමය මූලාශ්‍ර (Legal References):

ඔබේ දැනුම්වත්භාවය සඳහා අදාළ පනත් මෙන්න:

2005 අංක 38 දරන සංචාරක පනත (Tourism Act No. 38 of 2005):

ශ්‍රී ලංකාව තුළ ඕනෑම සංචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා SLTDA ලියාපදිංචිය අනිවාර්ය බව මෙහි 48 වගන්තිය යටතේ සඳහන් වේ.

2016 අති විශේෂ ගැසට් පත්‍රය (Gazette Extraordinary No. 1963/28):

සංචාරක නිකේතන වර්ගීකරණය සහ අවම පහසුකම් (Minimum Requirements) පිළිබඳ නීති මාලාව මෙහි අඩංගුයි.

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත:

වෙළඳ බලපත්‍ර ලබාගැනීම පිළිබඳ ප්‍රතිපාදන.

💡 Sri Lands ආදරණීය උපදෙස:
"පස්සේ කරගන්නවා" කියලා හිතාගෙන අනවසරයෙන් පටන් ගන්න එපා. SLTDA ලියාපදිංචිය ගත්තම ඔබට මත්පැන් බලපත්‍රයක් (Liquor License) ගන්න වුණත් සුදුසුකම් ලැබෙනවා. ඒ වගේම විදුලි බිලට සහනයක් ලැබෙන අවස්ථාත් තියෙනවා. නීතියට වැඩ කරන එක හැම අතින්ම ලාභයි!

ඔයාගේ විලා එක දැනට රෙජිස්ටර් කරලද තියෙන්නේ? නැත්නම් කරන්න ඉන්නවද?
පහළින් කමෙන්ට් කරන්න. 👇

Sri Lands - නීතිගරුක ව්‍යාපාර, සාර්ථක හෙටක්. 🇱🇰



⚠️ වියාචනය (Disclaimer):
මෙම තොරතුරු ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) මූලික රෙගුලාසි මත පදනම් වූ සාමාන්‍ය දැනුම්වත් කිරීමකි. රෙගුලාසි කාලෙන් කාලයට වෙනස් විය හැකි බැවින්, ව්‍යාපාරයක් ඇරඹීමට පෙර SLTDA වෙබ් අඩවිය (sltda.gov.lk) පරීක්ෂා කිරීම හෝ නීති උපදෙස් ලබාගැනීම අනිවාර්ය වේ.

08/02/2026

පිරිමින්ට "Period" හැදෙන්නේ නෑ. හැබැයි එයාලටත් අපිට නොපෙනෙන "චක්‍රයක්" (Cycle) තියෙනවා! 🛑👨‍🦰

ගොඩක් වෙලාවට කාන්තාවන් අහන ප්‍රශ්නයක් තමයි, "ඇයි එයා එකපාරටම වෙනස් වෙන්නේ? ඇයි එයා මාව මග හරින්නේ?" කියන එක. ගොඩක් අය මේක දකින්නේ ආදරේ අඩු වීමක් විදිහට. නමුත් ඇත්තටම ඒක පිරිමි සිරුරේ සිදුවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් බව ඔබ දන්නවාද?

මේ ගැන කාන්තාවන් (සහ පිරිමින්ම වුවත්) අනිවාර්යයෙන් දැනගත යුතු කරුණු 5ක් මෙන්න:

1️⃣ මාසික චක්‍රයක් නෙවෙයි, දෛනික චක්‍රයක් (Daily Cycle) 🌞

කාන්තාවන්ට මාසිකව හෝමෝන වෙනස් වුණාට, පිරිමින්ගේ "ටෙස්ටොස්ටෙරෝන්" (Testosterone) හෝමෝනය දවස පුරාම ඉහළ පහළ යනවා.

උදේට (7 am - 9 am): හෝමෝන මට්ටම උපරිමයි. මේ වෙලාවට එයාලා හරිම Active, විශ්වාසයෙන් පිරිපුන් සහ ප්‍රබෝධමත්.

රෑ වෙද්දී: දවස පුරාම මහන්සි වෙලා රෑ වෙද්දී හෝමෝන මට්ටම බහිනවා. එතකොට එයාලා ඉක්මනින් කේන්ති යන, මහන්සි පාට සහ නිහඬ චරිත බවට පත් වෙනවා. මේක Mood එකක් නෙවෙයි, මේක Chemistry එකක්!

2️⃣ ස්ට්‍රෙස් (Stress) කියන්නේ ලොකුම හතුරෙක් 🤯

පිරිමි කෙනෙක්ට පීඩනය (Stress) වැඩි වුණාම, ඇඟ ඇතුලේ කෝටිසෝල් (Cortisol) වැඩි වෙලා ටෙස්ටොස්ටෙරෝන් මට්ටම බිමටම වැටෙනවා.

එතකොට එයාට කාත් එක්කවත් කතා කරන්න ඕන නෑ (Isolation), ලිංගික ආශාව අඩු වෙනවා, කේන්ති යනවා.

මේ වෙලාවට බිරිඳ/පෙම්වතිය හිතන්නේ "එයාට දැන් මාව එපා වෙලා" කියලා. නෑ! එයාගේ සිස්ටම් එක ඕවර්ලෝඩ් (Overload) වෙලා විතරයි.

3️⃣ දවස් 3-7 අතර පවතින "Down Cycles" 📉

නින්ද මදිකම හෝ රැකියාවේ ප්‍රශ්න නිසා පිරිමින්ට දවස් 3ක් හෝ 7ක් පවතින "කඩාවැටීම්" (Emotional Dips) එන්න පුළුවන්. මේ දවස් ටිකේ එයාලා හරිම නිහඬයි. මේ වෙලාවට කාන්තාවෝ කරන ලොකුම වැරැද්ද තමයි "ඇයි කතා නැත්තේ?" කියලා වද කර කර පස්සෙන් යන එක. එතකොට එයාලා තවත් ඈත් වෙනවා.

4️⃣ කාන්තාවෝ කතා කරලා විසඳගත්තට, පිරිමි නිහඬ වෙලා විසඳගන්නේ 🤫

කාන්තාවකට ප්‍රශ්නයක් ආවම යාලුවෙක් එක්ක කතා කළාම සැහැල්ලු වෙනවා. හැබැයි පිරිමි මොළය වැඩ කරන්නේ අනිත් පැත්තට.

එයාලට "Reset" වෙන්න නම් නිහඬ බව, විවේකය හෝ ව්‍යායාම ඕන කරනවා.

දවස් ගාණක් "Off" වෙලා හිටපු මනුස්සයා එකපාරටම උදේ නැගිටලා මුකුත් නොවුණා වගේ හොඳින් ඉන්න පුළුවන්. ඒ එයා Reset වුණු නිසා.

5️⃣ මේ චක්‍රය නොසලකා හැරියොත් මොකද වෙන්නේ? ⚠️

මේ විවේකය නොලැබුණොත්, දිගින් දිගටම පීඩනය වැඩි වුණොත් තමයි පුරුෂයන් "Burnout" තත්ත්වයට, විශාදයට (Depression) සහ ලිංගික බෙලහීනතා වලට පත් වෙන්නේ. මේක දුර්වලකමක් නෙවෙයි, ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක්.

✅ විසඳුම:

ඔබේ සැමියා හෝ පෙම්වතා මෙවැනි "Low Phase" එකක ඉන්නවා නම්, එයාව හදන්න යන්න එපා (Don't try to fix him).
එයාට අවශ්‍ය නිදහස (Space), ගෞරවය සහ කාලය දෙන්න. එයා ඉබේම යථා තත්ත්වයට පත් වේවි.

(මේ ගැන නොදන්න ගොඩක් අය ඉන්නවා. හැමෝටම දැනගන්න Share කරන්න!) 🔄

13/01/2026
10/01/2026
06/01/2026

රුපියල් 1500 ක පොඩි ගැජට් එකෙන් ජීවිත කාලෙම වතුර බිල 40% කින් අඩු කරගන්නා රහස

මාසය අවසානයේ ජල බිල අතට ගන්නා බොහෝ ගෘහ මූලිකයන්ට දැනෙන කම්පනය සුළුපටු නොවේ. නිවසේ සාමාජිකයන් අඩුවෙන් සිටියදීත්, වතුර මෝටරය අඩුවෙන් ක්‍රියාත්මක කරද්දීත්, පෙර මාසවලට වඩා කිහිප ගුණයකින් බිල ඉහළ ගොස් ඇති බව දකින විට ඇතිවන්නේ බලවත් විමතියකි. අප බොහෝ දෙනෙක් සිතන්නේ ජල මීටරය දෝෂ සහිත බව හෝ ජල කාන්දුවක් ඇති බවයි. නමුත් සැබෑ අපරාධකරු වන්නේ අපට ඇසෙන් නොපෙනෙන, එහෙත් මීටරය වේගයෙන් කරකවන "වාතය" බව ඔබ දැන සිටියාද? වර්තමාන ආර්ථික වටපිටාව තුළ මෙම අනවශ්‍ය වියදම කපා හැරීම සඳහා තාක්ෂණික වශයෙන් කළ හැකි සරල එහෙත් ප්‍රායෝගික මැදිහත්වීමක් ගැන සාකච්ඡා කිරීම කාලෝචිතය.

මෙම ගැටලුව වඩාත් තදින් බලපාන්නේ දවසේ පැය 24 පුරාම අඛණ්ඩ ජල සැපයුමක් නොලැබෙන ප්‍රදේශවල ජනතාවටයි. ජල සම්පාදන මණ්ඩලය මගින් ජලය සැපයීම නතර කරන සෑම වාරයක් පාසාම, ඔබේ නිවසට එන ජල නල පද්ධතියේ හිස් අවකාශයක් නිර්මාණය වී එය වාතයෙන් පිරී යයි. නැවත ජලය මුදා හරින මොහොතේදී අධික පීඩනයක් සහිතව එන ජල ධාරාව විසින් මෙම වාතය තමන්ට ඉදිරියෙන් තල්ලු කරගෙන පැමිණෙයි. ජල මීටරයට ජලය සහ වාතය වෙන් කර හඳුනා ගැනීමේ හැකියාවක් නොමැති බැවින්, එම වාත ධාරාව මීටරය හරහා ගමන් කරන විට මීටරයේ තලපැත්ත අධික වේගයෙන් කැරකෙයි. සරලවම කිව්වොත්, ඔබ කිසිදු ප්‍රයෝජනයක් නොගත් "හුළං" වෙනුවෙන් ඔබේ පසුම්බියෙන් මුදල් ගෙවීමට සිදුවී ඇත. ඇතැම් විට ඔබේ බිලෙන් 40% ක් පමණම වැය වී ඇත්තේ මෙම හුළං සඳහා විය හැකිය.

මෙම අදෘශ්‍යමාන මූල්‍ය හානිය වළක්වා ගැනීමට ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම වන්නේ Air Release Valve හෙවත් වාතය පිට කරන වෑල්වයක් සවිකර ගැනීමයි. මෙම කුඩා උපාංගය ක්‍රියා කරන්නේ බුද්ධිමත් මුරකරු අයුරිනි. ප්‍රධාන නල මාර්ගය දිගේ ජලයත් සමඟ හෝ ජලයට පෙර පැමිණෙන අධික පීඩන වාතය මීටරය වෙත ළඟා වීමට පෙර මෙම වෑල්වය මගින් හඳුනාගෙන එය පිටතට මුදා හරිනු ලබයි. එවිට මීටරය හරහා ගමන් කරන්නේ ද්‍රව ජලය පමණක් වන බැවින් මීටරය අනවශ්‍ය ලෙස කැරකීම නතර වී නිවැරදි කියවීම පමණක් සටහන් වේ. වෙළඳපොලේ සාමාන්‍යයෙන් රුපියල් එක්දහස් පන්සියයකට ආසන්න මුදලකට මෙම උපාංගය මිලදී ගත හැකි වුවත්, එය සවි කිරීමේදී සැලකිලිමත් විය යුතු නීතිමය පසුබිමක් තිබේ. එනම් මෙය සවි කළ යුත්තේ ජල මීටරයට පෙර බැවින් එම කොටස ජල සම්පාදන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පවතින්නක් වීමයි. එබැවින් මෙය සවි කිරීමට අවශ්‍ය වූ විට අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය ජල ඉංජිනේරු කාර්යාලය දැනුවත් කර ඔවුන්ගේ නිලධාරියෙකු ලවා එය සිදු කරවා ගත යුතුය.

මීට අමතරව ඔබේ නිවසේ ජල පද්ධතිය තවදුරටත් කාර්යක්ෂම කර ගැනීමට මීටරයෙන් පසුව ඔබේ පාලනයට නතුවේ ඇති කොටසේ Non-Return Valve (NRV) එකක් සවි කර ගැනීමද ඉතා නුවණක්කාර ක්‍රියාවකි. ජල සැපයුම ඇණහිටි අවස්ථාවකදී ඔබේ නිවසේ ටැංකිය හෝ බට පද්ධතිය තුළ ඉතිරිව ඇති ජලය ආපසු ප්‍රධාන මාර්ගයට ගලා යාම මෙමගින් වළක්වයි. එවිට නල පද්ධතිය තුළ සැමවිටම ජලය රැඳී පවතින නිසා නැවත ජලය එන විට නල තුළ වාතය පිරී තිබීමට ඇති ඉඩකඩ අහුරාලයි. මෙය මීටරයෙන් පසුව සවි කරන බැවින් ජල මණ්ඩලයේ අවසරයක් අවශ්‍ය නොවන අතර එය ඔබටම කරගත හැකිය.

කෙටියෙන් පවසන්නේ නම්, ඔබේ ජල පද්ධතියේ පෙළගැස්ම විය යුත්තේ ප්‍රධාන සැපයුම, මණ්ඩලයේ අගුල, Air Release Valve එක, ජල මීටරය, Gate Valve එක, Non-Return Valve එක සහ අවසානයට ගෘහස්ථ ජල ටැංකිය යන අනුපිළිවෙලටයි. දවසේ පැය 24 පුරාම ජලය ලැබෙන නිවසකට මෙය අත්‍යවශ්‍ය නොවුණත්, නිතර ජලය විසන්ධි වන ප්‍රදේශයක ජීවත් වන ඔබට මෙය මාසිකව සැලකිය යුතු ඉතිරියක් අත්කර දෙන ආයෝජනයක් වනු නොඅනුමානය.

Address

Yongin

Website

Alerts

Be the first to know and let us send you an email when PRASA 90 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share