12/10/2025
වාහනයකට Engine Oil තෝරාගැනීමේදී වැරදි තේරීමක් වාහනයේ ඉන්ධන පරිභෝජනය, බලය, සහ එන්ජින් ආයුකාලය අඩු කරනු ඇත. එබැවින් නිවැරදි තේරීම ඉතාමත් වැදගත්ය.
සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු 👇
✅ 1. වාහන අත්පොත (Owner’s Manual) නිර්දේශය බලන්න
වාහන නිෂ්පාදකයා විසින් නිර්දේශ කරන oil grade (viscosity) සහ oil type අත්පොතේ සඳහන් වේ.
👉 උදාහරණයක්: SAE 5W-30 හෝ 10W-40 වැනි.
නිෂ්පාදකයාගේ පර්යේෂණ අනුව එය වාහනයට සුදුසුම තීරනයයි.
📌 2. Viscosity Grade (Oil thickness) පරීක්ෂා කරන්න.
මෙය SAE 5W-30 වැනි අගයයි.
පළමු අංකය (5W) = එන්ජිම සම්පුර්ණයෙන්ම නිවී ඇති තත්ත්වයන්හි (Cold start) දී තරල බව.
දෙවන අංකය (30) = උණුසුම වැඩි අවස්ථාවේදී තරලතාව.
👉 උදාහරණයක් ලෙස -
උණුසුම් වාතාවරණයක (ශ්‍රී ලංකාව වගේ) – 10W-30 හෝ 15W-40 සුදුසුයි.
සීත රටවල් වල – 5W-30 හෝ 0W-20 වඩා හොඳයි.
🛢️ 3. Oil Type තෝරන්න.
♠️ Mineral Oil: පැරණි එන්ජින් සඳහා – අඩු මිලක්, නමුත් විශාල වශයෙන් පරිභෝජනයන් සඳහා
♠️ Semi-Synthetic: මධ්‍යම පරාසයේ ධාරිතාව – වාහන බහුතරයට සුදුසු.
♠️ Fully Synthetic: නවීන එන්ජින් සඳහා – ඉන්ධන ආරක්ෂාව, උෂ්ණතාවයට ප්‍රතිරෝධය, දිගු සේවා කාලය.
🔩 4. API / ACEA / ILSAC මට්ටම සලකා බලන්න.
API (American Petroleum Institute) සලකුණ බලන්න — උදා -
API SN, SP → නව වාහන සඳහා
API CF, CH-4 → ඩීසල් එන්ජින් සඳහා
ඔබේ එන්ජින්ට අදාළ ශ්‍රේණිය තෝරා ගන්න.
🚗 5. Petrol ද Diesel ද කියා හඳුනාගන්න.
Petrol Engine සඳහා සහ Diesel Engine සඳහා වෙන්වූ තෙල් ඇත.
👉 Petrol = API SN/SP
👉 Diesel = API CI-4 / CJ-4 / CK-4
🌡️ 6. වාහන තත්ත්වය අනුව
පැරණි එන්ජින් එකක් නම් → තරලතාව වැඩි තෙල් (උදා: 15W-40)
නව එන්ජින් එකක් නම් → තරලතාව අඩු තෙල් (උදා: 5W-30)
⏱️ 7. Oil change interval එක මතක තබාගන්න.
Fully synthetic – 8,000–10,000 km
Semi synthetic – 5,000–7,000 km
Mineral – 3,000–5,000 km
⚠️ 8. නියමිත Brand එකක් භාවිතා කරන්න
Mobil, Castrol, Liqui Moly, Shell, Total, Valvoline, Caltex වැනි විශ්වාසනීය නාමයන් තෝරා ගන්න.
අලූත් තෙල් භාවිතා කරනවාද කියා විශ්වාසනීය ස්ථානයකින් මිලදී ගන්න.
ස්තුතියි 🚘
-------------------------------------------------------