08/06/2026
නාන කාමරය සඳහා සුභ දිශාව
කිහිප දෙනෙක්ම මට කිව්වා ඉඳලා හිටලා හරි කෙටියෙන් විස්තර කරන්න පුළුවන් කාරණා සම්දබන්ධවත් ලිපි දාන්න කියලා.
(කලින් ලිපි, දිග වැඩිද මන්දා?)
මේ අද කෙනෙක් අහපු ප්‍රශ්ණයක් නිසා මං ලියපු කෙටි එකක්.
නානකාමරය සඳහා වාස්තුවිද්‍යාවේ ශුභ දිශාව ලෙස දැක්වෙන්නේ නැගෙනහිර දිශාවයි.
අතීතයේ නිවාස වල නානකාමරය හා වැසිකිළිය වෙනම අංග ලෙස දෙතැනක ස්ථාපිතව පැවතියා.
උක්කුටික පෝච්චිය සහිත වැසිකිළිය වෙනම අංගයක්,
නාන කාමරය වෙනම අංගයක්.
ඉතින් මේ කතාවෙන්නේ ඔය නානකාමරේ ගැන විතරයි.
නාන කාමරය කියන්නේ නිතරම වතුර, තෙතමනය රැඳීපැවතීමට ඉඩ තිබෙන තැනක්. ඉතින් මේ වගේ තැනක දියසෙවල වගේම විශබීජ වර්ධනය වෙන්න තියන ඉඩකඩ වැඩියි.
උදෑසන හිරු එළියේ තියනවා විශබීජ නාශක ගුණයක්. නැගෙනහිර දිශාවෙන් තමයි අපිට උදෑසන හිරුඑළිය නිවසට එකතුකර ගන්න පුළුවන් වෙන්නෙ.
ඉතින් මේ නාන කාමරය නැගෙනහිරට ස්තානගත කිරීමෙන් හා නැගෙනහිරට කවුළුවක් යෙදීමෙන්,
ඒ නැගෙනහිරින් වැටෙන හිරු එළියේ පවතින විශබීජ නාශක ගුණය නිසා උඩකී දියසෙවල හා විශබීජ වර්ධනය වලකාගැනීමට හැකියාවක් ලැබෙන අතර එය නානකාමරය පිරිසිදුව, වියළිව පවත්වාගැනීමටත් රුකුළක් වේවි.
ඉතින් මා යෝජනා කරන්නේද නානකාමරය සඳහා වඩාත් සුදුසු දිශාව වන්නේ නැගෙනහිර දිශාවයි.
අදකාලේනම් ඔය වැසිකිළියයි නාන කාමරයයි දෙකම එකටනේ හදන්නේ.
හැබැයි ඉතින් දැන් තියන්නේ ජලමුද්‍රිත වැසිකිළි (water closet) නිසා ගොඩාක් දුරට මෙය නානකාමරයක් ලෙසටම සළකා සැලසුම් කරනවා.
ආදී.
ජයවේවා ✌ සැමට, ස්වාභාවධර්මයේ රිද්මය වටහා ගන්න හැකියාව ලැබේවා.
වැසිකිළිය හා වළ සම්බන්ධ ලිපියත් කියවන්න. https://www.facebook.com/100729892234364/posts/103293218644698/