Sankalpa BooksLk

Sankalpa BooksLk Online Book Store

21/08/2025

පැය 8: ඇඟට විවේකයක්
හිතන්නකෝ, අපි කෑම අරන් පැය 8ක් විතර යනකොට, අපේ බඩ හිස් වෙනවා. දැන් ඉතින් ඇඟට අලුතින් වැඩක් නෑ. ඒ කියන්නේ අලුතින් ඉන්සියුලින් හදන්න ඕනෙත් නෑ. රුධිරයේ තියෙන සීනි ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. මේක හරිම හොඳයි, මොකද ඇඟට පොඩි විවේකයක් ලැබෙනවා.

පැය 12: අපේ ඇඟේ අලුත්වැඩියාව පටන් ගන්නවා
දැන් තියෙන්නේ නියම වැඩේ! පැය 12ක් වෙනකොට අපේ ඇඟේ ස්වයංක්‍රීයකරණ (Autophagy) කියන පුදුම ක්‍රියාවලිය පටන් ගන්නවා. මේක හරියටම අපේ ඇඟේ තියෙන පරණ දේවල් අයින් කරන, අලුත් කරන වැඩසටහනක් වගේ. අර අපි කාලා තිබ්බ කෑම දැන් ඉවරයි. දැන් ඇඟ පාවිච්චි කරන්නේ ගබඩා කරලා තියෙන මේදය. වර්ධන හෝමෝනත් වැඩි වෙනවා, ඒ කියන්නේ ඇඟට තුවාල, හානි වෙච්ච තැන් සුව කරන්න උදව් කරනවා.

පැය 14-18: මේදය දහනය වීම
දැන් ඇඟ ගබඩා කරපු මේදය ශක්තියට හරවන්න පටන් ගන්නවා. හිතන්නකෝ, අපේ ඇඟේ ඉන්ධන විදියට දැන් මේදය පාවිච්චි කරනවා. පැය 16ක් වෙනකොට මේදය දහනය වෙන එක තවත් වැඩි වෙනවා. පැය 18ක් වෙනකොට වර්ධන හෝමෝන තවත් ඉහළ යනවා. ඉතින් මේ කාලය ඇතුළත අපිට දැනෙන්නේ නැති වුණාට ඇඟ ඇතුළේ ලොකු වෙනසක් වෙනවා.

පැය 24: පරණ සෛල අයින් වෙනවා
දැන් පැය 24ක් නිරාහාරව ඉඳලා. දැන් ස්වයංක්‍රීයකරණය 100%ක්ම වැඩ කරනවා. ඇඟේ තියෙන පරණ, හානි වෙච්ච සෛල, අසාමාන්‍ය දේවල් දැන් ඉවත් වෙන්න පටන් ගන්නවා. මේක හරියටම අපේ ඇඟ ඇතුළේ හොඳට පිරිසිදු කරනවා වගේ වැඩක්.

පැය 36 සහ ඊට පසු: ප්‍රතිශක්තිය වැඩි වෙනවා
දැන් පැය 36ක් වෙනකොට ස්වයංක්‍රීයකරණය 300%ක්ම වැඩි වෙනවා. ඒක හරිම පුදුමයි! පැය 48-72ක් වගේ කාලයක් වෙනකොට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම අලුත් වෙනවා. ඉදිමුම් (inflammation) අඩු වෙනවා. ඇඟේ තියෙන හානි වෙච්ච දේවල් නැවත අලුත් වෙන්න පටන් ගන්නවා.

ස්වයංක්‍රීයකරණය (Autophagy) කියන්නේ මොකක්ද?
මේක හරියටම අපේ සෛල ඇතුළේ තියෙන ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් වගේ. පරණ, හානි වෙච්ච ප්‍රෝටීන, බැක්ටීරියා වගේ දේවල් අයින් කරලා, ඒවා නැවත පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට පත් කරනවා. මේකෙන් අපේ සෛල තරුණව, හොඳින් වැඩ කරන්න පටන් ගන්නවා.

මේකෙන් වෙන හොඳ දේවල් මොනවද?
ඇල්සයිමර් සහ පාකින්සන් වගේ රෝග එන්න තියෙන අවදානම අඩු වෙනවා.

අකලට වයසට යන එක නවතිනවා.

සෛල නැවත අලුත් වෙනවා.

ඇඟේ තියෙන විෂ දේවල් ඉවත් වෙලා, සෛල අලුත්වැඩියා වෙනවා.

ඉතින් නිරාහාරව ඉන්න එක කියන්නේ අපේ ඇඟට පොඩි විවේකයක් දීලා, ඇතුළෙන් අලුත් වෙන්න අවස්ථාවක් දෙන එක. හැබැයි මේක කරනවට කලින් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න එක ගොඩක් වැදගත්. මොකද හැම කෙනාටම මේක එක විදියට බලපාන්නේ නැති වෙන්න පුළුවන්.

22/07/2025
22/07/2025
15/07/2025

අකුරු කියවීමට වඩා වැදගත් වචන කියවීම ගැන අද මේ ලිපියෙන් කියා දෙනවා.

කොහොමද අපි දරුවන්ට වචන කියා දෙන්නෙ?

දරුවෙක් මව්කුස තුළ පිලිසිද ගත් දා පටන් අපි දරුවන්ට ඇහෙන්න කතා කරනවා,සිංදු කියනවා.

දරුවෙක් මෙලොව උපත ලැබුවාට පස්සේ අපි දරුවාට ඇහෙන්න නැළවිලි ගී කියනවා,පුංචි ලස්සන කතන්දර කියනවා,ලස්සන ගීත කියනවා.

ඉතින් ඔන්න දරුවෙක් එයාගේ මුල් ම වචන කියවීම ආරම්භ කරනවා.දරුවෙක්ගේ භාෂා කුසලතා වර්ධනය එහෙම නැත්නම් අපි සරලවම කියමු කතා කරන්න හැකියාව ලැබෙන්න නම් මේ වචන දරුවාට ඇහෙන්න අවශ්‍යමයි.

දරුවෝ ජීවිත කාලය පුරාම අවශ්‍ය භාෂා කුසලතා වන සවන්දීම,කතා කිරීම කියන මූලික භාෂා කුසලතා අත්පත් කරගන්නේ මව්කුසයේ සිටමයි.

ඉතින් දරුවන්ගේ මානසික,ආවේගික වගේම සමාජීයිය වර්ධනයට අත්‍යවශ්‍ය පදනම වන මේ වචන කියවීම ඇයි පහු කරන්නේ?

දරුවෙක්ගේ ජීව්තයේ ස්වර්ණමය අවධිය වන මුල් වසර තුන දි මොළය වේගයෙන් වර්ධනය වෙනවා.මේ කාලයේ දි යි ඔවුන්ගේ භාෂා කුසලතා සඳහා පදනම සකස් කළ යුත්තේ.

මේ නිසා දරුවෙක්ට නිතර වචන ඇසෙනවා නම්,

දරුවන්ගේ වාග් කෝෂය/වචන මාලාව දියුණු වෙනවා.
ශබ්ද හදුනා ගැනීමේ හැකියාව දියුණු වෙනවා.
භාෂා රටා අවබෝධ කරගන්නවා.
කථන කුසලතා සංවර්ධනය වෙනවා.
අවධානය යොමු කිරීමේ හැකියාව වර්ධනය වෙනවා.

කොහොමද අපි මේ දේවල් කරන්නේ?

1.කතන්දර කියා දෙන්න.

දරුවාට දවසට එක කතන්දරයක් හෝ කියා දෙන්න.

මේ තුළින් දරුවාගේ කල්පනා කිරිමේ ශක්තිය වර්ධනය
ගැටලු විසදීමේ කුසලතාව වර්ධනය
ආවේගික බුද්ධිය වර්ධනය
සදාචාරාත්මක වටිනාකම් හරහා චරිත ගොඩනැගීම සිදු වෙනවා.

2.නිතරම කවි ,ගීත කියන්න.

මේ තුළින්
ශබ්ද වෙන් කර හදුනා ගැනීම
මතක ශක්තිය දියුණුව
භාෂා රීති අවබෝධය
රිද්මය සහ තාලය හදුනා ගැනීමට උදව් වෙනවා.

මීට අමතරව,

නිතරම පොත් කියවිම තුළින්

දරුවන්ගේ වමේ සිට දකුණට ඇස හුරු වීම
වචන හදුනා ගැනීම
කතා කිරීම ඉක්මන් වීම
අකුරු හදුනා ගැනීමෙ පදනම සකස් වීම සිදු වෙනවා.

ඉතින් දරුවා එක්ක නිතර කතා කරන්න,ගීත ගායනා කරන්න,කතන්දර කියා දෙන්න.

උදා - දරුවා නාන වෙලාවට ඔබත් එකතු වී සිංදු කියන්න.හවසට මිදුලට වෙලා පොඩි පැදුරු සාජ්ජයක් දාන්න.

කන වෙලාවට ,නිදාගන්න කලින් කතන්දර කියා දෙන්න.

දරුවාගෙ ජීවිත කාලය පුරාවට ආයෝජනයක් වෙන මේ වචන කතා කිරීම,කියවීම සඳහා නිවසේ උදව් දරුවාට ලබා දෙන්න.

සියල්ල පෙර පාසලට හෝ පාසලට භාර දීම නොව නිවසෙන් දරුවාට ලබා දිය යුතු දේ ලබා දෙන්න.

ඔබ අකුරු කියවීම ගැන බොහෝ ඉහළින් සිතා සිටිනවා සේ ම වචන කියවීම ගැන ද සැලකිලිමත් වෙන්න.

දරුවෙක් ගෙ ජිවිතේ සන්දිස්ථානයක් වන කතා කිරීම ප්‍රමාද නොවෙන්න නම් නිවසෙන් මේ සියලු ආධාර දරුවාට ලබා දීම අනිවාර්‍යෙන් විය යුත්තක්.

ස්තූතියි.

-කෞශි ටීචර්-

🖊️ කෞශල්‍යා පෙරේරා
📚Advanced Certificate in Child and Education Psychology
🎓 Diploma in Childcare and Nutrition
🎓 Diploma in Early Childhood and Primary Education
🎓 B.Ed (Hons) Primary Education Undergraduate

10/07/2025

පින්බර ඇසල පොහොය දිනයක් වේවා 💐💐

Address

Ambalangodq
Ambalangoda

Telephone

+94704586076

Website

Alerts

Be the first to know and let us send you an email when Sankalpa BooksLk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share