26/08/2026
මේ එදා නේපාලයේ රසුවා කියන දිස්ත්‍රික්කයේ ගමක් අද තියෙන විදිය. මේ වගේ අත්දැකීම මෑත කාලයේදිත් අපිටත් තිබුනා. අපේ රටේ නොවුනත් ඒත් මිනිස්සුන්ගෙ ගෙවල් දොරවල් , ජීවිත , වාහන අද මුකුත් නෑ😥. මියගිය අයට නිවන් සුව ලැබේවා 💐
Rasuwa දිස්ත්‍රික්කය හරහා ගලා යන Bhotekoshi ගඟේ හදිසි දැවැන්ත ගංවතුරක් ඇතිවී තිබෙනවා. මූලික විමර්ශන අනුව නේපාල–ටිබෙට් දේශසීමාව ආසන්නයේ ඇති වූ විශාල ගල්/පස් කඩා වැටීමක් (rock avalanche/landslide) නිසා ගඟට විශාල පස් හා ගල් ප්‍රමාණයක් එකවර එකතු වී මෙම හදිසි ගංවතුර ඇති වූ බවට බලධාරීන් සැක කරනවා.
වැඩිම බලපෑම එල්ල වූ ප්‍රදේශ අතර:
Timure
Syaphrubesi
Rasuwagadhi අවට ප්‍රදේශ
Bhotekoshi ගඟ ආශ්‍රිත ගම්මාන
ගෙවල්, මාර්ග, පාලම්, වෙළඳසැල් සහ ජල විදුලි ව්‍යාපෘති විශාල ලෙස හානි වී තිබෙනවා.නවතම වාර්තා අනුව නේපාලයේ මරණ 95ක් පමණ වාර්තා වී ඇති අතර පුද්ගලයන් 403ක් අතුරුදන් බවට වාර්තා වී තිබෙනවා. අතුරුදන්වූ පිරිස අතර විදේශිකයන් විශාල සංඛ්‍යාවක් සිටින බවත් වාර්තා වෙනවා.