Tap Words

Tap Words ...මං සංපත්...
Sampath Weerarathne
අලුත් වීඩියෝ බලන්න
Tap Words යූ ටියුබ් චැනල් එකට එන්න

06/07/2025

ටැප් වර්ඩ්ස් 100ක් එක දිගට අහන්න...
❤️❤️❤️❤️❤️

අද, අපේ අම්මගෙ උපන්දිනේ... මේ තමයි මං ජීවිතේ වැඩිම වාර ගණනක් නැවත නැවත බලපු Photo එක... මේ Photo එක අරන් තිබුනෙ මගේ පළමු...
27/06/2025

අද, අපේ අම්මගෙ උපන්දිනේ...
මේ තමයි මං ජීවිතේ වැඩිම වාර ගණනක් නැවත නැවත බලපු Photo එක... මේ Photo එක අරන් තිබුනෙ මගේ පළමුවෙනි කවි පොත ‘ඉගිල්ලෙන හිතක්‘ දොරට වැඩුම දවසේ...
ඒ පොතේ පිදුම තමයි

‘‘මට මාව සම්පූර්ණයෙන් ම දුන් අම්මා ට‘‘

අම්මා කවදාවත් මගෙ එක තත්පරයක්වත් එයා වෙනුවෙන් ඉල්ලුවෙ නෑ... මගේ මුළු කාලය ම මගේ මුළු ජීවිතයම මට ම දීලා, ගෙවෙන උදාවෙන හැම මොහොතක් ම අපි වෙනුවෙන් ම කැපකරපු කැප කරන උත්තරීතර කාන්තාවක්.. මම අද තවම අම්මට කතා කරලා සුබ පැතුවෙ නෑ... මේ පෝස්ට් එකට වැටෙන කමෙන්ට් ටිකත් පෙන්නලා ම හවසට කතා කරනවා... ❤️❤️❤️

මට පොතක් ඕන.. 📖TapWords පොත ගන්නෙ කොහොමද? කියලා මැසේජ්, කමෙන්ට් හරහා මගෙන් නිතර අහන අයට මෙන්න පොත් ගෙනාවා.. කිසිඳු ප්‍රච...
12/06/2025

මට පොතක් ඕන.. 📖
TapWords පොත ගන්නෙ කොහොමද? කියලා මැසේජ්, කමෙන්ට් හරහා මගෙන් නිතර අහන අයට මෙන්න පොත් ගෙනාවා..

කිසිඳු ප්‍රචාරණයක් නොකර තියෙද්දිත් මේ දවස්වල පොතේ ඉල්ලුම ඉහළ ගිහිල්ලා තියෙන්නේ ඇයි කියලා දන්නෙ නෑ... කොහොම හරි ඔන්න ඉල්ලන අයට සුවිශේෂි අඩුකල මිලකටත් දැන් ටැප් වර්ඩ්ස් පොත මිලදී ගන්න පුළුවන්...

පොත සඳහා වූ විවිධ වියදම් කවර් කරගන්න මේ වනතුරු වැඩි මිලකට මිලදී ගත්තු අයට ගොඩක් ස්තූතියි... ආදරෙයි...🥰❤️❤️ එයලගෙ සහයෝගය නිසා දැන් මේ පොත, පොතේ සඳහන් වටිනාකමින් භාගයකටත් වඩා අඩු මුදලකට දෙන්න පුළුවන්...

ඒ කියන්නෙ දැන් ඔයාට තැපැල් ගාස්තුත් එක්කම රු. 950/-කට TapWords පොතක් මිලදී ගන්න පුළුවන්..

ඉතිං ටැප් වර්ඩ්ස් පොතක් ළඟ තියාගන්න කැමති අය සහ ආදරණීය කෙනෙක්ට තෑගි දෙන්න කැමති අයට මගේ ගිණුම් විස්තර පහතින් සඳහන් කරන්නම්.. ඒ ගිණුමට රු. 950/- තැන්පත් කරලා රිසිට් එක 071 77 61 250 අංකයට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න ඔයාගෙ එඩ්‍රස් එකත් එක්ක..
ස්තූතියි..

මං සංපත්.. ✍️

ගිණුම් විස්තර...
Sampath Weerarathna (RDSP Weerarathna)
107254758314,
Sampath Bank, Ambalangoda.

11/05/2025

‘‘නියත විවරණ එපා අම්මේ‘‘

අම්මා 03..
ඔන්න මාස හයකට විතර පස්සෙ තමයි ටැප් වර්ඩ්ස් වීඩියෝවක් අප්ලෝඩ් කරේ... ගොඩක් අය ටැප් වර්ඩ්ස් එක්ක එකතුවුනේ ‘අම්මා‘ වීඩියෝව නිසානෙ.. ඒ අතරින් බහුතරයක් තමන්ගේ අම්මා ගැන ආදරණීය මතක සටහන් තබද්දි සමහර අය තමන්ගේ අම්මා ගැන වේදනාවෙන් කමෙන්ට් කරලා තිබුණා.. මැසේජ් කරා.. අපිට අම්මා ගැන තියෙන ගෞරවනීය මතකය වෙනුවට ඒ අයට අම්මා ගැන තිබුනෙ දුක, කලකිරීම, කේන්තිය වගේ හැඟීම්... පොදුවේ දැඩි වේදනාවක්..
ඉතිං මේ මව්වරුන්ගේ දිනයේ ටැප් වර්ඩ්ස් එක ඒ මව් සෙනෙහස අහිමි වූ සහෘදයින් වෙනුවෙන්...

සියලු ම ඇත්ත අම්මාරුන් නිදුක් නීරෝගි දීර්ඝායු ලබත්වා !

'

01/04/2025

ටැප් වර්ඩ්ස් ඇතුලෙ දිග කතාවක් තියෙනවා..
ඒවා ගැන මට පැය ගණන් කතා කරන්න පුළුවන්..
මේ හැම කතාවක් ම කවියක් ම ලියැවෙන්නෙ කියැවෙන්නෙ ලස්සන සමාජයක් දැකීමේ අපේක්ෂාවෙන්..
ඉතිං අපි ආයෙත් පටන් ගමු...
ආයෙත් නැවතුනොත් ආයෙත් පටන් ගමු..
සමාජය ලස්සන වෙනකම් ම... නේද? 🥰😍 හා ද? 😆🥰😘
උණු උණු ටැප් වර්ඩ්ස් මග එනවා.. එතකම් මේක අහන්න..

පසුනු කාලයේ පැසුණු අදහස් පා හා රස ට පිස ඔබට පුදනු රිසි මෙතැන ට වී මි...
31/03/2025

පසුනු කාලයේ පැසුණු අදහස්
පා හා රස ට පිස ඔබට පුදනු රිසි මෙතැන ට වී මි...

06/02/2025

අම්මයි මායි අතර ලොකු දුරක් තියෙනවා...
ඒ ගැන අදටත් මං විඳවනවා...
Thank you Y FM විශේෂයෙන් ම මගේ ආදරණීය යෙහෙළිය Avani Bentharage ❤️

ආදරේ තමයි වැඩිවෙන්න ඕන...ගෞරව කරන්නයි පුරුදු වෙන්න ඕන...සැප සතුට සුව පැතිරෙන්නයි ඕන... ඉතිං ඔබටත් මටත් සුබ ම තමයි වෙන්...
01/01/2025

ආදරේ තමයි වැඩිවෙන්න ඕන...
ගෞරව කරන්නයි පුරුදු වෙන්න ඕන...
සැප සතුට සුව පැතිරෙන්නයි ඕන...
ඉතිං ඔබටත් මටත් සුබ ම තමයි වෙන්න ඕන...
❤️❤️❤️

ඒ අපුරු පිරුණු දියුණු සුන්දර මිනිසා සම්මුඛ විය...  ඉදිරි දින කිහිපයේදි අප නිතර නිතර හමුවෙද්දී තවත් බොහෝ රසවත් හරවත් වචන ...
22/12/2024

ඒ අපුරු පිරුණු දියුණු සුන්දර මිනිසා සම්මුඛ විය...
ඉදිරි දින කිහිපයේදි අප නිතර නිතර හමුවෙද්දී තවත් බොහෝ රසවත් හරවත් වචන අප අතර හුවමාරු වනු ඇත...
නිරෝගිමත් දීර්ඝායු වන්නිලැත්තෝ... ❤️❤️❤️

29/11/2024

අඩොහ්...

28/11/2024

හිනාවෙමු

27/11/2024

සැකය l Divorce

Address

321, Main Street
Ambalangoda
80300

Alerts

Be the first to know and let us send you an email when Tap Words posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tap Words:

Share