01/07/2026
චොකෝ ලන්තය කිව්වාම දැන් කවුරුවත් නොදන්න තැනක් නෙවෙයි. මීට වසර දෙකකට පෙර සිට චොකලට් ලංකාව පුරා බෙදා හරිමින් මිනිස්සු සතුටු කරමින් කාගෙත් ආදරේ දිනාගෙන මේ වන විට ජනප්‍රිය වෙමින් පවතින චොකෝ ලන්තය කාගෙත් කතාබහට ලක් වුන තැනක්.
එහි හිමිකාරිත්වය දරන රංගන ශිල්පී ගායක පේශාන් රවිදු මධුසංක මහතාගේ පෞද්ගලික Facebook හට අද (27) උදෑසන කෙටි පණිවිඩයකට ඔහු රිප්ලයි කර ඇත. එම පණිවිඩය ගිය මස මැයි (26) වන දින එවා ඇති පණිවිඩයක් විය.
උපුටා ගැනීම -
පුතා ඔයා කවුරු හරි සමග ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙනවද?
ඔයා ලොකු කරදරය ඉන්නවා කියලා මට පේනවා.
ඔයා මේ ටිකේ පරිස්සන් වෙලා ඉන්න.
මාව හොයාගෙන ඌරගහට දෙන්නෙක් මේ ලගදි ඇවිත් තියෙනවා.
මම ලංකාවෙ නෙවෙයි ඉන්නේ.
මම හොයල බලපු විදියට ඔයාගේ තාත්තා මගේ යහලුවෙක් ඒක නිසා මම මේ වැඩේ භාර ගත්තේ නැහැ.
ඒත් කවුරු හරි මේ දේ භාර ගනී.
පරිස්සමෙන් ඉන්න පුතා.
මම දන්න විදියට මේ වැඩේ පාතාලේ නම ගිය කෙනෙක්ගේ ගෝලයෙක් භාර ගෙන තියෙනවා.
ඔයාට ඇසිඩ් ගහන්න කියලා මම දන්නේ.
මම ඒ වැඩේට ලක්ෂයක් ඉල්ලුවා.
රුපියල් 5000ට වුනත් මිනීමරණ කාලයක් මේක.
ලග ඉන්න අය විශ්වාස කරන්න එපා.
ඔයා යන එන තැන් සේරම එයාලට යනවා.
- උපුටා ගැනීම අවසන් -
මෙන්න මේ වගේ ලොකූ පණිවිඩයක් රවිදු මධුසංක හට ලැබී ඇති බව සදහන්.
මේ වන විට රවිදු මධුසංක මහතාගේ ආරක්ෂාවට ඔහු විසින් නීතීමය ක්‍රීයා මාර්ගයට යොමු වී ඇති අතර, වැඩි දුර පරික්ෂණ පිටිගල පොලීසිය විසින් සිදුකරන බව සදහන් වේ.
තවමත් මීට අමතරව කිසිදු සදහනක් චොකෝ ලන්තේ අධ්‍යක්ෂක පේශාන් රවිදු මධුසංක විසින් සිදුකර නොමැත.
ලද සැනින් ඔබට වාර්තා කිරීමට අප සූදානම්.
චොකෝ ලන්තයට පැමිණෙන සියලු oder කිසිදු වෙනසකින් තොරව සිදු කරගෙන යන බව චොකෝ ලන්තේ අධ්‍යක්ෂක පේශාන් රවිදු මධුසංක විසින් වැඩි දුරටත් සදහන් වේ.