16/11/2025
ලංකාවේ මිනිස්සු විවාහ ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ Social Media Influencers ලා ගෙන්ද?
ඇත්තටම මේක ලංකාවේ විතරක් නෙවෙයි, ගොඩක් රටවල තියෙන බරපතල ප්‍රශ්නයක්. සමාජ මාධ්‍යවල මානසික සෞඛ්‍යයි, සම්බන්ධතා උපදෙසුයි ගැන කතා කරන අය නියාමනය කරන්න වගේම, මේ වෙලාවේ රටේ කතිකාවතක් ඇති කරන්නම ඕන. මේ දේවල් නියාමනය කරන්න ඕන. නැත්තම් අන්තිමට මේ ගොල්ලෝ එකතු වෙලා එයාලට හරියන විදියේ Toxic බැතිමත්තු ටිකක් හදාගනියි. එයාලා අනිත් අයගේ ජීවිත, හොඳට ගෙවෙන පවුල් ජීවිත පවා විනාශ කරලා දායි. තව මොන වගේ දේවල් වෙයිද?
1. ජීවිත හානි පවා වෙන්න පුළුවන්
* වැරදි බෙහෙත් වගේ: හිතන්න, ඩොක්ටර් කෙනෙක් නෙවෙයි, පාරේ යන කෙනෙක් බෙහෙත් දෙනවා වගේ වැඩක් මේක. මානසික අවුල් තියෙන කෙනෙක්ට, කිසිම සුදුසුකමක් නැති කෙනෙක් දෙන උපදෙස් අනුව වැඩ කළොත්, තත්ත්වය තවත් දරුණු වෙන්න පුළුවන්.
* වෛද්‍ය ප්‍රතිකාර මගහැරෙනවා: සමහර වෙලාවට මේ උපදෙස් අහලා "ආ... මේක පොඩි දෙයක්, මටම හදාගන්න පුළුවන්" කියලා හිතලා ඇත්ත ඩොක්ටර් කෙනෙක් නැත්නම් කවුන්සිලර් කෙනෙක් ගාවට යන එක ප්‍රමාද කරනවා. ඒකෙන් ලෙඩේ නරක අතට යනවා.
* සම්බන්ධතා කඩාකප්පල් වෙන්න පුළුවන්: විවාහ උපදෙස් දෙනකොට, දෙන්නෙක්ගේ ජීවිත තීරණය කරන උපදෙස් වැරදි වුණොත්, ඒකෙන් පවුලක් විනාශ වෙන්නත් බැරි නෑ.
2. සුදුසුකම්, ප්‍රමිතියක් නැති නිසා
* සැබෑ දැනුමක් නෑ: සත්‍ය මනෝවිද්‍යාඥයෙක් හෝ කවුන්සිලර් කෙනෙක් අවුරුදු ගණන් ඉගෙනගෙන, පුහුණු වෙලා, විභාග පාස් වෙලා එන්නේ. ඒත් සමාජ මාධ්‍යවල ඉන්න ගොඩක් අය කරන්නේ තමන්ගේ අත්දැකීම්වලට අනුව කතා කරන එක විතරයි. ඒ අත්දැකීම් හැමෝටම ගැලපෙන්නේ නෑ.
* ආචාර ධර්ම නෑ: ඇත්ත වෘත්තිකයෙක් රහස්‍යභාවය වගේ දේවල් ගැන හිතලා, ආචාර ධර්ම පද්ධතියකට අනුව වැඩ කරන්නේ. හැබැයි මේ සුදුසුකම් නැති අය එහෙම වගකීමක් ගන්නේ නෑ.
3. වගකීමක් නැති නිසා
* අවුලක් වුණොත් මොකද වෙන්නේ?: හිතන්න, සුදුසුකම් ලත් කවුන්සිලර් කෙනෙක්ගේ වැරදි උපදෙසක් නිසා ලොකු හානියක් වුණොත්, ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒත් මේ ෆේස්බුක්/යූටියුබ් එකේ ඉන්න අයට එහෙම කරන්න අමාරුයි. වගකීමක් නැති නිසා ඕන දෙයක් කියන්න පුළුවන්.
ලංකාවේ දැනට තියෙන නීතිවලින් මේ සමාජ මාධ්‍ය ඇතුළේ කරන වැඩේ සම්පූර්ණයෙන්ම කවර් වෙනවද කියන එක ගැන නම් ගැටළුවක් තියනවා. අපිට හොඳ මානසික සෞඛ්‍ය නීති තියෙනවා තමයි, ඒත් සයිබර් අවකාශයේ ඉන්න මේ අයව නවත්තන්න විශේෂ නීති රීති ඕනේ. මේ අයගෙන් උපදෙස් ගන්න යන අහිංසක මිනිස්සුන්ව බේරගන්න ඕනේ නිසා තමයි, නියාමනයක් ගැන කතා කරන්න ඕන.
ඔයත් මේ වගේ Social Media Influencers ලා ගෙන් උපදෙස් අරගෙන ඔයාගේ සම්බන්ධතා නැති කරගෙන, ඔයාගේ මානසික නිදහස නැති කරගෙන ඉන්න කෙනෙක්ද? ඔයාලා හිතන විදියට තව වෙන්න පුළුවන් දේවල් මොනවද මේ වගේ අය නිසා.