Lahiru Gayashan

Lahiru Gayashan Owner and Founder Of LaGa Digital Lahiru Gayashan (born 30 September 1995) is a Sri Lankan Artist, YouTuber, Graphic Designer, Video Editor, and Film critic.
(1)

He is the founder and current owner of the Sri Lankan best multi-channel network service provider "Desawana Studios" (which he founded in 2020). He is also working at a well-known record label of "Desawana music" Pvt ltd. In "Desawana Studios", Lahiru manages the most popular Sri Lankan artists' YouTube channels. Lahiru is not only managing artists' YouTube channels but also managing well-known ma

in record labels' YouTube channels. In 2019 he started his YouTube career with HouseFull YouTube Channel. It is one of the best movie review YouTube channels in Sri Lanka. Lahiru has released a few songs on his own so far for the music industry of Sri Lanka. Lahiru's music is mainly Funky, Pop, Soul, R&B, and hip-hop. His music career started with the "Bar Polime" song. The song "Antige Rotia" by Lahiru Gayashan became very popular among the Sri Lankan young fans.

13/05/2026

YouTube එකේ Videos Upload කරන්න බැරි ප්‍රශ්නයක් ඇවිල්ලා තියනවා මේ වෙලාවේ...😬
Update: දැන් හරි

10/05/2026

අගෝස්තු 02 වෙනකොට YouTube එකේ AI Channels ලොකු ප්‍රමාණයක Monetize ගැලවෙයි. ඒ වගේම සමහර Channels නැති වෙලාම ඉඩ තියනවා. ජුලි මාසේ කියන්නේ ගොඩක් දුරට YouTube එකේ සුනාමියක් එන්න පුළුවන් මාසයක් 🙂

YouTube Studio එකේ Comment Search කරන්න අලුත් AI Tool එකක්!YouTube Studio පාවිච්චි කරන ඔයාලට වැදගත් වෙන අලුත් Update එකක...
30/04/2026

YouTube Studio එකේ Comment Search කරන්න අලුත් AI Tool එකක්!

YouTube Studio පාවිච්චි කරන ඔයාලට වැදගත් වෙන අලුත් Update එකක් ගැනයි අද මම කියන්න යන්නේ. අපි දන්නවා කලින් Comments පීරලා හොයන්න ගියාම අපිට තිබුණේ Keywords පාවිච්චි කරලා Search කරන එක විතරයි. හැබැයි දැන් YouTube ආයතනය AI තාක්ෂණය පාවිච්චි කරලා අලුත් Comment Search Tool එකක් අත්හදා බලමින් ඉන්නවා.

මේකෙන් වෙන්නේ ඔයාට ඕනම Comment එකක් ඒකේ තියෙන වචනවලට වඩා, ඒ Comment එකේ අදහස (Meaning) අනුව හොයාගන්න පුළුවන් වෙන එක. ඔයා මේ Experiment Group එකේ ඉන්නවා නම්, ඔයාගේ Comment Section එකේ "Keywords" වෙනුවට අලුත් "Search" filter එකක් බලාගන්න පුළුවන් වෙයි.

මේ අලුත් Tool එකෙන් ඔයාට මොනවද කරන්න පුළුවන්?

Topic එක අනුව Search කරන්න: ඔයාට පුළුවන් තමන්ගේම වචන පාවිච්චි කරලා ඕනම මාතෘකාවක් (Characters 100 දක්වා) Search කරන්න. උදාහරණයක් විදියට "මම පාවිච්චි කරන Gear ගැන අහලා තියෙන ප්‍රශ්න" එහෙමත් නැත්තම් "Part 2 එකක් ඉල්ලන අයගේ Comments" වගේ දේවල් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.

Suggested Topics පාවිච්චි කරන්න: YouTube එකෙන්ම Suggest කරන "Excitement and enthusiasm" හෝ "Hurtful remarks" වගේ Topics තෝරලා එක පාරින්ම අදාළ Comments ටික Filter කරගන්න පුළුවන්.

Find similar comments: ඔයාට යම් කිසි Comment එකකට සමාන තවත් Comments තියෙනවද කියලා බලන්න ඕන නම්, අදාළ Comment එකේ තියෙන තිත් තුනේ මෙනු (Three-dot menu) එකට ගිහින් "Find similar comments" කියන එක Select කරන්න විතරයි තියෙන්නේ.

වැදගත්ම දේ තමයි, මේ Tool එකෙන් ඔයාගේ Comments ඉබේම අයින් කරන්නේ හෝ Hide කරන්නේ නැහැ. මේකෙන් කරන්නේ ඔයාට අවශ්‍ය දේවල් ලේසියෙන් හොයලා දෙන එක විතරයි. අවසාන තීරණය තියෙන්නේ ඔයා අතේ.

මේ අලුත් පහසුකම දැනට ලැබෙන්නේ Studio Desktop පාවිච්චි කරන සීමිත පිරිසකට විතරයි. ඔයාටත් මේක ලැබිලා තියෙනවද කියලා චෙක් කරලා බලන්න.

මම හිතනවා මේ තොරතුරු ඔයාලට වැදගත් වෙයි කියලා. එහෙනම් හැමෝටම ජය වේවා! 😊

Lahiru Gayashan

Home feed එකේ Thumbnail සහ Video size වෙනස් වෙයි?මේ දවස්වල YouTube ආයතනය Mobile Devices පාවිච්චි කරන අයට අලුත් Experienc...
30/04/2026

Home feed එකේ Thumbnail සහ Video size වෙනස් වෙයි?

මේ දවස්වල YouTube ආයතනය Mobile Devices පාවිච්චි කරන අයට අලුත් Experience එකක් දෙන්න Experiment එකක් කරමින් ඉන්නවා. ඒ ගැන විස්තර ටිකක් තමයි අද මම ඔයාලට අරන් ආවේ.

මොකක්ද මේ වෙන්න යන්නේ?

ඔයාගේ Mobile screen එකේ වීඩියෝ වඩාත් කැපිලා පේන විදියට Thumbnail සහ Video sizes ස්වයංක්‍රීයව (Automatically) වෙනස් කරන්නයි ඔවුන් උත්සහ කරන්නේ. මේ Experiment එක නිසා ඉදිරියේදී ඔයාගේ Home feed එකේ තියන Thumbnail වල ප්‍රමාණයන් එකිනෙකට වෙනස් විදියට දකින්න ලැබෙන්න පුළුවන්.

Creators ලා විදියට ඔයාලා මේ ගැන ලොකු බයක් ඇති කරගන්න ඕන නෑ. ඒ ඇයි කියලා මම කරුණු විදියට පහලින් දාන්නම්:

ඔයාගේ Original Files වලට හානියක් වෙන්නේ නෑ: සමහර වෙලාවට Thumbnail එකක් Crop වෙලා වගේ පෙනුනත්, YouTube එකෙන් ඔයා Upload කරපු Original File එක Edit කරන්නේ හෝ වෙනස් කරන්නේ නෑ.

Engagement වැඩි කිරීමේ අරමුණ: මේ හැම දෙයක්ම කරන්නේ Thumbnail එකක් පෙන්වන විදිය අනුව වීඩියෝ එකකට ලැබෙන අවධානය (Impact) තේරුම් ගන්නයි.

වැඩිපුර Views ලබා දීම: අවසාන වශයෙන් YouTube එකේ බලාපොරොත්තුව මේ හරහා ඔයාලගේ වීඩියෝ වලට තියන Engagement එක තවත් වැඩි කරන එකයි.

මේක දැනට සීමිත පිරිසක් එක්ක කරන Experiment එකක් විතරයි. ඉතින් ඔයාගේ Channel එකේ Thumbnail පොඩ්ඩක් වෙනස් වෙලා වගේ පෙනුනොත් ඒ ගැන කලබල වෙන්න එපා.

එහෙනම් හැමෝටම ජය වේවා! 😊

Lahiru Gayashan

YouTube එකේ අලුතින් එන "Ask YouTube" කියන්නේ මොකක්ද?
28/04/2026

YouTube එකේ අලුතින් එන "Ask YouTube" කියන්නේ මොකක්ද?

Post by Lahiru Gayashan

YouTube Ask Studio: ඔයාගේ චැනල් එක Analyze කරලා Channel එකේ තත්වේ කොහොමද කියලා දැනගන්න. ඔයාගේ ඊළඟ වීඩියෝ එකට ගැලපෙනම Tit...
20/04/2026

YouTube Ask Studio: ඔයාගේ චැනල් එක Analyze කරලා Channel එකේ තත්වේ කොහොමද කියලා දැනගන්න.

ඔයාගේ ඊළඟ වීඩියෝ එකට ගැලපෙනම Title එක, Description එක එහෙමත් නැත්තම් Keywords ටික හොයාගන්න බැරුව ඔයා හිත හිත ඉන්නවද? වීඩියෝ එකක් කරන්න ගියාම Content එක ගැන හිතනවා වගේම ඒක මිනිස්සු අතරට යවන්න ඕන කරන ටික හදාගන්න එකත් හරියටම කරන්න ඕන දෙයක්. ඒ වෙනුවෙන් ඔයාගේ වැඩ ටික එකම තැනකින් කරගන්න පුළුවන් විදියට හදපු AI-powered workspace එකක් තමයි YouTube Ask Studio කියන්නේ.

YouTube Ask Studio එකෙන් ඔයාට මොනවද කරන්න පුළුවන්?

High-ranking keywords: ඔයාගේ වීඩියෝ එකට වැඩි පිරිසක් ගෙන්න ගන්න උදව් වෙන Keywords හොයාගන්න පුළුවන්.
Click-worthy titles: මිනිස්සුන්ට ක්ලික් කරන්න හිතෙන විදියේ ආකර්ෂණීය Titles හදාගන්න පුළුවන්.
Video description templates: වැඩිය මහන්සි වෙන්නේ නැතුව ලේසියෙන්ම Description එක ලියාගන්න උදව් කරගන්න පුළුවන්.
Content brainstorming: ඔයාගේ niche එකට ගැලපෙන අලුත් වීඩියෝ ideas මෙතැනින් ගන්න පුළුවන්.

මේ වගේ වැඩ ගන්න YouTube Ask Studio එකට දෙන්න ඕන Prompts ටිකක් මම Comments Section එකේ දාලා තියනවා. අන්තිමට තව දෙයක් කියන්න ඕන. තනිකරම මේ AI වලින් දෙන Responds උඩ Depend වෙන්න නම් එපා. මේ මේ දෙන Responds අනිවාර්යෙන්ම Double Check කරන්න. ලොකු ප්‍රශ්නයක් තියනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ Creator Manager ගෙන් උදව් ඉල්ලන්න.

මේ වගේ දේවල් ගැන තවත් දැනගන්න මාව Follow කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම ජය වේවා! 😊

Lahiru Gayashan

YouTube Shorts සම්පූර්ණයෙන්ම Off කරන්න දැන් පුළුවන්!YouTube ආයතනය අලුතින්ම හඳුන්වා දීපු Setting එකක් හරහා ඔයාගේ Shorts F...
18/04/2026

YouTube Shorts සම්පූර්ණයෙන්ම Off කරන්න දැන් පුළුවන්!

YouTube ආයතනය අලුතින්ම හඳුන්වා දීපු Setting එකක් හරහා ඔයාගේ Shorts Feed එකේ Limit එක විනාඩි 0 දක්වා අඩු කරන්න දැන් අවස්ථාව දීලා තියෙනවා.

මේකෙන් ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා අපි බලමු:
Home Feed එකෙන් Shorts අයින් වෙනවා.
Shorts Tab එකට ගියාම "Limit Reached" කියලා තමයි පෙන්වන්නේ.
අර දිගටම ඇඟිල්ලෙන් උඩට කර කර යන "Infinite Scroll" එක නවතිනවා.

හැබැයි ඔයාට ඕනම නම් Search කිරීමෙන් හෝ Subscriptions හරහා Shorts බලන්න තාමත් පුළුවන්. මේ Update එක දැනට iOS සහ Android වලට නිකුත් කරලා තිබුනත්, Desktop එකට නම් තාම ඇවිත් නෑ.

මේකෙන් අදහස් වෙන්නේ YouTube Shorts ඉවරයි කියන එක නෙමෙයි. ගොඩක් අය තමන්ගේ Settings වෙනස් කරන්න යන්නේ නෑනේ.

හැබැයි මේකෙන් ලොකු පණිවිඩයක් දෙනවා. YouTube ආයතනය දැන් Viewers ලට තමන්ට අවශ්‍ය දේ පාලනය කරන්න වැඩි ඉඩක් ලබා දෙනවා. ඔයා Shorts වලින් Reach එක ගන්න බලාගෙන ඉන්න කෙනෙක් නම්, මේක ඔයාට ගොඩක් වැදගත්.

දැන් ඔයාගේ Audience එකේ ඉන්නේ ඇත්තටම ඒ දේවල් බලන්න කැමති අය විතරයි. නිකන් Screen එක උඩට කරන ගමන් දකින අයට වඩා, හිතාමතාම Content බලන අයගේ Quality එක ගොඩක් වැඩියි.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ,

Content එක තත්පර 30 ක් උනත්, විනාඩි 30 ක් උනත්, Quality Content කරනවා නම් ඔයාට හැමදාමත් තැනක් තියෙනවා.

මම හිතනවා මේ අලුත් Update එක ගැන ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙනගන්න ඇති කියලා. එහෙනම් හැමෝටම ජය වේවා! 😊

Source: vidIQ

Lahiru Gayashan

මම අද ඔයාලට කියන්න යන්නේ YouTube Posts පාවිච්චි කරලා ඔයාගේ Audience එකත් එක්ක අලුත් විදියකට සම්බන්ධ වෙන්න ලැබිලා තියෙන අ...
18/04/2026

මම අද ඔයාලට කියන්න යන්නේ YouTube Posts පාවිච්චි කරලා ඔයාගේ Audience එකත් එක්ක අලුත් විදියකට සම්බන්ධ වෙන්න ලැබිලා තියෙන අවස්ථාවක් ගැන. මේ Update එක ගැන විස්තර ආවේ අප්‍රේල් 14 🫠

දැන් YouTube ආයතනය Shorts Feed එක ඇතුළේ Image Posts සහ Carousels පෙන්වන අලුත් ක්‍රමයක් ගැන Test කරමින් ඉන්නවා. YouTube එක ටිකෙන් ටික TikTok සහ Facebook එකේ තියන Options YouTube එක ඇතුලට ගේන ගමන් වගේ ඉන්නේ. මේ විදියට ගියොත් ගොඩක් දුරට Community Post වලටත් සල්ලි එන්න පටන් ගනියි. 😍

මොනවද මේ අලුත් Update එකෙන් කරන්න පුළුවන්?

එක Carousel එකකට පින්තූර 10 ක් දක්වා ඇතුළත් කරන්න පුළුවන්.
ඔයාගේ පින්තූර වලට උඩින් ඕනෑම ලස්සන අකුරු පේළියක් එකතු කරන්න පුළුවන්.
YouTube Audio Library එකේ තියෙන Royalty-free සින්දු හරි, එහෙමත් නැත්තම් Dream Track (සුදුසුකම් ලබන රටවල් වලට පමණයි) හරහා අලුතින්ම හදපු Soundtrack එකක් මේ පෝස්ට් වලට ඇතුළත් කරලා පෝස්ට් එකේ Quality එක වැඩි කරගන්න පුළුවන්.

මේක දැනට ලෝකය පුරාම YouTube Mobile App එක පාවිච්චි කරන පිරිසකට පරීක්ෂණ මට්ටමෙන් නිකුත් කරලා තියෙන්නේ. ඉදිරියේදී Posts වලට එන්න තියෙන ලොකු Update වල ආරම්භය තමයි මේ.

ඔයත් මේ experiment group ඉන්නවා නම්, අනිවාර්යයෙන්ම මේක පාවිච්චි කරලා බලලා ඔයාගේ අදහස් මට කියන්න අමතක කරන්න එපා. මම හිතනවා ඔයාලා මොනවා හරි දෙයක් මේ ගැන ඉගෙනගන්න ඇති කියලා.

එහෙනම් හැමෝටම ජය වේවා! 😊 මාව Follow කරන්න අමතක කරන්නත් එපා.
Lahiru Gayashan

අද මම අරන් ආවේ YouTube ආයතනය අලුතින්ම අත්හදා බලන විශේෂ පහසුකමක් ගැන විස්තරයක්. මේ ගැන දැනුම් දුන්නේ නම් මාර්තු 19 වෙනිදා...
18/04/2026

අද මම අරන් ආවේ YouTube ආයතනය අලුතින්ම අත්හදා බලන විශේෂ පහසුකමක් ගැන විස්තරයක්. මේ ගැන දැනුම් දුන්නේ නම් මාර්තු 19 වෙනිදා 🫠

මොකක්ද මේ “Discover videos with Previews” කියන්නේ?

YouTube එක දැන් experiment එකක් විදියට අලුත් feature එකක් හඳුන්වා දීලා තියනවා. මේකෙන් වෙන්නේ ඔයාගේ homepage එකේ තියන entry card එකක් click කරාම, ඔයාට ගැලපෙනවා කියලා YouTube එකෙන් recommend කරන වීඩියෝ 5-10 ක විතර පොඩි preview කෑලි බලාගන්න පුළුවන් වෙන එක. ඔයාගේ Interests අනුව AI වලින් තමයි මේ Selection එක කරන්නේ.

YouTube එකෙන් කියන විදියට misleading thumbnails වලින් ප්‍රේක්ෂකයින්ව බේරගන්න තමයි මේ Feature එකේ හඳුන්වලා දෙන්න හදන්නේ.

මෙතැනදී ඔයාට පෙන්නන්නේ මුළු වීඩියෝ එකම නෙමෙයි, ඒ වීඩියෝ එකේ තියන ගොඩක්ම ආකර්ෂණීය පොඩි කොටස් කිහිපයක් විතරයි. ඒ preview එක බැලුවට පස්සේ ඔයාට ඕන නම් සම්පූර්ණ වීඩියෝ එක බලන්න හරි, පස්සේ බලන්න "Watch Later" ලිස්ට් එකට දාගන්න හරි පුළුවන්.

මේක දැනට ලබා දීලා තියෙන්නේ Android App එක පාවිච්චි කරන ඉතාම සීමිත පිරිසකට විතරයි. මේ feature එක හැමෝටම ලැබෙන විදියට expand කරනවාද නැද්ද කියලා ඉදිරියේදී YouTube එකෙන් දැනුම් දෙයි. ඒ ගැන අලුත් තොරතුරු ආපු ගමන් මම ඔයාලව දැනුවත් කරන්නම්.

මේ වගේ අලුත් දේවල් ගැන දිගටම දැනගන්න මාව Follow කරන්න අමතක කරන්න එපා. හැමෝටම ජය වේවා! 😊

Lahiru Gayashan

රැල්ලට AI වලින් YouTube Channel හදන අය, මහන්සිය අපතේ යන්න කලින් කියවන්න 😌 Link එක පලවෙනි Comment එකේ ඇති.
17/04/2026

රැල්ලට AI වලින් YouTube Channel හදන අය, මහන්සිය අපතේ යන්න කලින් කියවන්න 😌 Link එක පලවෙනි Comment එකේ ඇති.

Address

Anamaduwa

Alerts

Be the first to know and let us send you an email when Lahiru Gayashan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lahiru Gayashan:

Share