Media Unit -NCP

Media Unit -NCP උතුරු මැද පළාත් සභාව - මාධ්‍ය ඒකකය

උතුරු මැද පළාතේ පළාත් රාජ්‍ය සේවය හා මධ්‍යම රජයේ සිවිල් ඉන්ජිනේරුවරුන් හා කාර්මික නිලධාරීන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සඳහ...
12/11/2025

උතුරු මැද පළාතේ පළාත් රාජ්‍ය සේවය හා මධ්‍යම රජයේ සිවිල් ඉන්ජිනේරුවරුන් හා කාර්මික නිලධාරීන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සඳහා ඔවුන්ට ක්ෂේත්‍රය පිළිබඳ පුහුණුවක් ලබා දීමට ඉන්සි සංස්ථා සිමෙන්ති ආයතන කටයුතු යොදා ඇත.
මේ පිළිබඳව ඉන්සී සංස්ථා සිමෙන්ති ආයතනය හා උතුරු මැද පළාත් සභාව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම (10) දා අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ හෝටල් පරිශ්‍රයේදී පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු) නීතා බටුගෙදර, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති දීමතී ප්‍රනාන්දු, ඉන්සී සිමෙන්ති ආයතනයේ සාමාන්‍යාධිකාරි ඇතුළු පිරිසක් එක් විය

ජපන් ජාත්‍යන්තර සහයෝගතාා ආයතනයේ (ජයිකා) අධ්‍යක්ෂ කෙන්ජි කැරෝනුමා මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් උතුරු මැද පළාත් ආණ්ඩුකාර...
11/11/2025

ජපන් ජාත්‍යන්තර සහයෝගතාා ආයතනයේ (ජයිකා) අධ්‍යක්ෂ කෙන්ජි කැරෝනුමා මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා සමග සාකච්ඡාවක් පසුගියදා පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විය.

දැනට උතුරු මැද පළාත තුළ ජයිකා ආයතනය ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ හා ආණ්ඩුකාරවරයා ඉදිරියට පළාත තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සංවර්ධන කටයුතුවල සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.

විශේෂයෙන් පළාත තුළ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී ආණ්ඩුකාරවරයා විසින් ජයකා ආයතනයේ නියෝජිත පිරිස දැනුවත් කළේය. දැනට ජයිකා ආධාර මත ක්‍රියාත්මක වන පානීය ජල ව්‍යාපෘතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡාා කෙරිණි

මෙම ජයිකා නියෝජිත පිරිසට මිනෝරිද මට්සුසිටා, එරිකෝ සටෝ, වයංගි වීරසිංහ යන මහත්ම මහත්මීන් හා ආණ්ඩුකාර සම්බන්ධ කරන ලේකම් ආනන්ද රත්නායක මහතා ද එක් විය

වැඩිම ස්වභාවික නොවන මරණ සිදුවන රිය අනතුරු වලට ප්‍රධාන හේතුව නීති විරෝධී ලෙස සහ ආක්‍රමවත්ව වාහන යෝග්‍යතා සහතික නිකුත් කිර...
11/11/2025

වැඩිම ස්වභාවික නොවන මරණ සිදුවන රිය අනතුරු වලට ප්‍රධාන හේතුව නීති විරෝධී ලෙස සහ ආක්‍රමවත්ව වාහන යෝග්‍යතා සහතික නිකුත් කිරීම බවත් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එය ක්‍රමවත් කිරීම නව රජයේ වැඩපිළිවෙළක් බවත් එය උතුරු මැද පළාතෙන් ආරම්භ කරන බවත් උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත මහතා පැවසීය

උතුරු මැද පළාතේ වාහන යෝග්‍යතා සහතික නිකුත් කරන ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා උතුරු මැද පළාත් ශ්‍රමණාගාරයේදී පැවැත්විණි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ
උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය විසින් මෙය සංවිධානය කල අතර උතුරු මැද මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති මුදිත් ප්‍රසන්න යන මහත්වරුන් මෙන්ම මෙම අවස්ථාවට උතුරු මැද පළාතේ වාහන යෝග්‍යතා සහතික නිකුත් කරන ආයතනවල හිමිකරුවන් හා නිලධාරීන් එක්ව සිටියහ..

Department of Provincial Cultural affairs - NCPProvincial Department Of Rural Development - NCP
30/10/2025

Department of Provincial Cultural affairs - NCPProvincial Department Of Rural Development - NCP

30/10/2025
පාසල් දරුවන්ගේ ආකල්ප හා පෞරුෂ සංවර්ධනය කිරීම ඇතුළු අරමුණු රාශියක් පෙරදැරුව "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනේ "නෙක්ස් ජෙන් ලීඩ...
29/10/2025

පාසල් දරුවන්ගේ ආකල්ප හා පෞරුෂ සංවර්ධනය කිරීම ඇතුළු අරමුණු රාශියක් පෙරදැරුව "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනේ "නෙක්ස් ජෙන් ලීඩ්ස්" ජාතික වැඩසටහනට සමගාමීව උතුරු මැද පළාත් සමාරම්භක වැඩසටහන (29) වනදා අනුරාධපුර පුසියන්කුලම මහා විද්‍යාලයේදී පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 10ක දරුවන් 100 දෙනෙකු මේ සඳහා සහභාගී වී සිටින අතර ඔවුන් සඳහා උදෑසන සිට රාත්‍රී 07.30 දක්වා වැඩසටහන් රාශියක් සූදානම් කර ඇත. ඒ අතර ශරීර සුවතා වැඩසටහන්, පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩසටහන්, ව්‍යාපෘතීන් හඳුන්වාදීම, නායකත්ව පුහුණු ක්‍රියාකාරකම්, දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන්, සංගීත වැඩසටහන් ආදී වැඩසටහන් රාශියකින් සමන්විතය.

මෙම වැඩසටහනින් අනතුරුව පුහුණුව ලැබූ දරුවන් තම පාසලට ගැලපෙන ව්‍යාපෘතියක් හඳුනාගෙන එය පාසල තුළ ක්‍රියාත්මක කළ යුතුය. එය සාරධර්ම ප්‍රවර්ධනය සඳහා යෝග්‍ය ව්‍යාපෘතියක් විය යුතුය. එය වසරක් පුරා අධීක්ෂණය කර හොඳම ව්‍යාපෘතිය එක් අධ්‍යාපන කලාපයකින් 10 බැගින් උතුරු මැද පළාතින් ව්‍යාපෘතීන් 80ක් තෝරාගෙන ජාතික මට්ටම සඳහා ඉදිරිපත් කරනු ලබයි . එයින් ජයග්‍රහණය කරනු ලබන පාසල් සඳහා විදෙස් සංචාර මගින් වැඩිදුර පුහුණුව ලබාදීමට නියමිතය.

මෙම වැඩසටහන සමාරම්භක අවස්ථාවට පළාත් අධ්‍යාපනා හා ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එච්එස්.කේ. ජයලත්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එස්.ඩබ්. සමරකෝන් පළාත් විභාග අධ්‍යක්ෂ ඒ.සී.කේ. ප්‍රියංකර, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ජයපද්ම බණ්ඩාර, සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් හේවාමානගේ, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් සමරකෝන් හේරත්, සම්බන්ධීකරන ලේකම් ආනන්ද රත්නායක, මහජන සම්බන්ධීකරණ නිලධාරි අසේල විජේසිංහ, විද්‍යාලයේ විදුහල්පති චමින්ද පේමසිරි ඇතුළු ගුරුවරුන්, දෙමාපියන්, පාසල් දරුවන් ඇතුළු පිරිසක් එක් විය

උතුරු  මැද පළාත්  පාලන දෙපාර්තමේන්තුවේ සේවක සුභසාධක සංගමය  මඟින්  සංවිධානය කළ ලේ  දන්දීමේ  වැඩසටහනක්  (22) වනදා  පළාත්  ...
22/10/2025

උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සේවක සුභසාධක සංගමය මඟින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් (22) වනදා පළාත් සභා සංකීර්ණ ශ්‍රවණාගාරයේ දී පළාත් පාලන කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලේ බැංකුවෙහි ලේ වර්ගවල පවතින විශාල හිඟයට පිළියමක් ලෙස මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කර ඇත. දිනකට විශාල සැත්කම් ප්‍රමාණයක් සිදු කරනු ලබයි.මෙවැනි ලේ වර්ගවල හිඟයක් පවතින අවස්ථාවක මෙවැනි සද්කාර්යක් සංවිධානය කිරීම ඉතා වටිනා ක්‍රියාවක් බව වැඩසටහනට සම්බන්ධ වු වෛද්‍යවරුන් පැවැසුහ.
මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ආරාධනයෙන් පලාත් සභාවට අයත් ආණ්ඩුකාර කාර්යාලය,සියළුම අමාත්‍යාංශය,දෙපාර්තමේන්තු,මණ්ඩලය,අධිකාරීන්,මහනගර සභාව,යුධ හමුදාව,නාවික හමුදාව,ගුවන් හමුදාව හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනය වල නිලධාරීන් සහභාගි විය.
මෙම ආරම්භක අවස්ථාවට ප්‍රධාන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ථ සහකාර ලේකම් අයෝමි පතිරණඅ, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ දුර්ගා ජයසිංහ,ප්‍රධාන අමාත්‍යාංශයේ ක්‍රම සම්පාදනය අධ්‍යක්ෂ බංඩාර බුලත්සිංහල,ප්‍රධාන ගණකාධිකාරී ඇතුළු පළාත් සභා විධායක නිලධාරීන් ඇතුළු පිරිසක් එක්විය.

"සන්ධාරා" 2025  චලන පෙලහරක ළමා දෘෂ්‍යකාව්‍ය කෙටි චිත්‍රපට උළෙලේ හොඳම  චිත්‍රපටිය ලෙස අනුරාධපුර  පෙරිමියන්කුලම  අශෝක මහා ...
22/10/2025

"සන්ධාරා" 2025 චලන පෙලහරක ළමා දෘෂ්‍යකාව්‍ය කෙටි චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටිය ලෙස අනුරාධපුර පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලය නිර්මාණය කර ඉදිරිපත් කළ කෝම්පිටු කෙටි චිත්‍ර පටය විසින් දිනා ගන්නා ලදි.
ළමා අපයෝජනය පිළිබඳ කෙටි චිත්‍රපට තරඟයේ ජයග්‍රහකයන් සඳහා සම්මාන සහ සහතික පත් ප්‍රධානය (21) වන දා උතුරු මැද පලාත් සභා ශ්‍රවණාගාරයේ දී පලාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් සිදු කෙරෙණී .
මෙය අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය මඟින් සංවිධානය කළේය.දරුවන්ට තමන්ගේ ආරක්ෂාව පිළිබඳ ඔවුන් දැනුවත් කිරිම හා වැඩිහිටියන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම අරමුණ කොටගෙන මෙය සංවිධානය කොට තිබිණී.
මේ සඳහා අනුරාධපුර අධ්‍යාපන කලපයේ පාසල් 15කින් කෙට් චිත්‍රපට 15ක් ඉදිරිපත් කර තිබු අතර කෙටි චිත්‍රපටයක්ම විනාඩි 05 කට සීමාවක් තුළ නිර්මාණ ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.ස්මාට් ජංගම දුරකථන භවිතයෙන් මෙම චිත්‍රපට සියල්ල රු ගත කර තිබීම තවත් විශේෂත්වයකි .මේ සඳහා කිසිදු විශේෂ පහසුකම් භාවිතා කර නොතිබුණි.
මෙහිදී හොඳම අධ්‍යක්ෂණය සඳහා පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලය මගින් ඉදිරිපත් කළ "කෝම්පිට්ටු " චිත්‍රපට අධ්‍යක්ෂණය කළ කැළුම් පුෂ්ප කුමාර විසින් දිනා ගන්නා ලදි .හොඳම නළුවාට හිමි සම්මානය හා සහතික පත්‍රය අනුරාධපුර විජයපුර ධම්ම තිලක විද්‍යාලය විසින් නිර්මාණය කළ ලොකු ඉස්කොලේ කෙටි චිත්‍රපයේ රඟපෑ ගජිදු තේජාන් දරුවා විසින් ලබා ගන්නා ලදි. මෙහිදී හොදම නිළියට හිමි සම්මාන හා සහතික පත්‍රය අනුරාධපුර කේ.බී.රත්නායක මහා විද්‍යාලය මගින් නිර්මාණය කර ඉදිරිපත් කළ "මඟුල් කරඳ" කෙටි චිත්‍රපටයේ අක්කාගේ චරිතය නිරුපණය කළ මීනා කුමරි ශිෂ්‍යාව විසින් දිනා ගන්නා ලදි.
මෙම තරඟාවලියේ හොඳම තිරපිටපත සඳහා සම්මානය අනුරාධපුර පානියන්කඩවල ගාමිණි මහා විද්‍යාලය මඟින් නිර්මාණය කර ඉදිරිපත් කළ "බ්‍රදර් හුඩ්" චිත්‍රපටයේ තිර පිටපත රචනා කළ ශිෂ්‍යා සෙව්වන්දි ඉද්දමල්ගොඩ විසින් දිනා ගන්නා ලදි.
මෙම අවස්ථාවට පලාත් ලේකම් රංජන ජයසිංහ පලාත් අධ්‍යාපන ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ.ජයලත් ප්‍රධාන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ථ සහකාර ලේකම් තිලිණි අයෝමි පතිරණ පලාත් අධ්‍යාපනය අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව් සමරකෝන්,අනුරාධපුර කලාප අධ්‍යක්ෂ මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි,ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් සමරතුංග හේරත්,සම්බන්ධීකාරක ලේකම් ආනන්ද රත්නායක මාධ්‍ය ලේකම් අතුල පිරිස්,විදුහල්පතිවරුන් ,ගුරුවරුන් ශීෂ්‍යාවක් ඇතුළු පිරිසක් එක්විය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාන්තාවන් සුරක්ෂිත කිරීම, ආර්ථික සහ සමාජයීය වශයෙන් සවිබ...
17/10/2025

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මඟින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාන්තාවන් සුරක්ෂිත කිරීම, ආර්ථික සහ සමාජයීය වශයෙන් සවිබල ගැන්වීම උදෙසා ක්‍රියාත්මක නව ව්‍යාපෘති පිළිබඳව සමාලෝචනය සහ අමාත්‍යාංශයේ ක්ෂේත්‍ර නිලධාරීන් සමඟ කරනු සාකච්ඡාවක් කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය හා උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදි (17) වන දා පැවැත්විය.
මෙම අවස්ථාවට නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටි.බි.සරත්,ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන පද්මසිරි බණ්ඩාර, සුනිල් රත්නසිරි පොළොන්නරුව මහ නගර සභාවේ නගරාධිපති,නාගරික මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මන්ත්‍රීවරුන්, පොළොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් නිරෝෂා හපුහින්න යන මහත්ම මහත්මීන් සහභාගි විය.

රාජ්‍ය  පරිපාලන  පලාත්  සභා  හා පලාත්  පාලන  අමාත්‍යාංශයේ  සහයෝගය ඇතිව  සංවිධානය  කල "සුපිලිපන් දේශයක්  කරා " පලාත් පාලන...
16/10/2025

රාජ්‍ය පරිපාලන පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව සංවිධානය කල "සුපිලිපන් දේශයක් කරා " පලාත් පාලන නියෝජිතයන් අතර දුෂන විරෝධි නීති පිළිබඳව දැනුවත්භාවය වැඩි දියුණු කිරිම හා සුපිලිපන්භාවය ප්‍රවර්ධන කිරිම පිළිබඳව ජාතික වැඩසටහනේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන උතුරු මැද පලාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පලාත් සභා ශ්‍රවණාගාරයේ දි 14 වන දා පැවැත්විය.
මෙහිදී අල්ලස් හෝ දුෂන චෝදනා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක එහි කොමසාරිස් ජනාධිපති නීතිඥ චේතිය ගුණසේකර සහකාර කොමසාරිස් තනුජා බංඩාර ඇතළු පිරිසක් දැනුවත් කිරිමේ දේශන පැවැත්විය. මෙහිදී විඩීයෝ දර්ශන හා කෙට් චිත්‍රපට උපයෝගි කරගනිමින්ද දැනුවත් කිරිමේ වැඩසටහන ක්‍රියාත්මක විය.
පලාත් පාලන ආයතන වලට අභිනවයෙන් තේරි පත් වු සභිකයින් දැනුවත් කරනුගේ ජනතාව සමඟ සෘජු සබඳකම් පවත්වන්නේ ජනතාවට සමීපව සිටීන්නේ ඔවුන් බැවින් ,ඔවුන් දැනුවත් කිරිම මෙහිදී වැදගත් වන බැවිනි.
උතුරු මැද පලාත් පාලන අමාත්‍යාංශය හා පලාත් පාලන දෙපාර්තමේන්තුව එක්ව මෙය සංවිධානය කොට ඇත මෙම අවස්ථාවට පලාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ.ජයලත්, පලාත් පාලන කොමසාරිස් රුවන් විජේසිංහ ඇතුළු පලාත් සභා නිලධාරීන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්,උපසභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් එක්විය.

අධ්‍යාපන ,උසස් අධ්‍යාපන  හා වෘත්තීය  අධ්‍යාපන  අමාත්‍යාංශය  මගීන් වාර්ෂිකව  පවත්වනු  ලබන " ගුරු ප්‍රතිභා  ප්‍රභා " විශිෂ...
11/10/2025

අධ්‍යාපන ,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගීන් වාර්ෂිකව පවත්වනු ලබන " ගුරු ප්‍රතිභා ප්‍රභා " විශිෂ්ට ව්‍යාපෘතිය සඳහා ලබා දෙන සම්මානයේ දිවයිනේ ප්‍රථම ස්ථානය අනුරාධපුර පුසියන්කුලම මහා විද්‍යාලයෙන් ඉදිරිපත් කල "වෙබ් බේස්ඩ් ස්කුල් මැනේජ්මන්ට් සිස්ටම් " වෙබ් අඩවිය මඟින් ජයග්‍රහණය කර ඇත.
මෙම වෙබ් අඩවියේ නිර්මාණය හා සංකල්පය පුසියන්කුලම මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ආචාර්ය රුවන් විජේරත්න මහතාගේ ය. ඔහුට සහාය ලබා දී ඇත්තේ එම විද්‍යාලයේ ම බුද්ධි දිසානායක ගුරු මහත්මිය විසිනි.මේ සඳහා තාක්ෂණික සහාය ලබා දී ඇත්තේ රාජාංගනය විදාතා තාක්ෂණ ආයතනයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරී ඒ.ජි.ආනන්ද අබේරත්න මහතා විසින් වන අතර මේ සඳහා මඟපෙන්වීම විද්‍යාලයේ විදුහල්පති චමින්ද සුදත් සේමසිංහ මහතා විසින් ලබා දී ඇත.
මෙය පාසල් ඩිජිටල්කරණ ව්‍යාපෘතියට සමගාමීව මෙම ඔන්ලයින් ස්කුල් මැනේජ්මන්ට් පාසල් කළමනාකරණ පද්ධතිය ඵළි දැක්වීම හා නොමිලේ රටට දායද කිරිමේ අවස්ථාව උතුරු මැද පලාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පලාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.
මෙම වෙබ් අඩවිය මඟින් පාසලේ දෛනික කළමනාකරණ කටයුතු සියල්ල ඉතා පහසුවෙන් කර ගැනීමේ හැකියාව පවතී.පාසල තුල සෑම පන්තියකම පන්තිභාර ගුරුවරයාට තම ජංගම දුරකථනයෙන් ශිෂ්‍යයන්ගේ පැමිණිම සටහන් කිරිමටත් නොපැමිණෙන සිසුන් සටහන් කිරිම තුලින් එම දරුවන්ගේ දෙමාපියන්ගේ ජංගම දුරකථනය වෙත (SMS) එකක් මඟින් ඔවුන්ගේ දරුවා එදින පාසලට නොපැමිණී බව දැනුවත් වෙයි. මිට අමතරව දීර්ඝකාලීනව සිසුන්ගේ නොපැමිණීම හදුනා ගැනීමටත් ,ගුරු පැමිණිම සටහන් කිරිමත් ගුරු නිවාඩු කළමනාකරණයත් එක් එක් කාලච්ඡේද වල ගුරුවරුන්ගේ ඉ⁣ගැන්වීම් කටයුතු නිරීක්ෂණයක් ඇතුළු පහසුකම් රැසක් මෙමගින් ලැබේ. මෙම වෙබ් අඩවිය දිවයිනේ ඕනෑම පාසලකට නොමිලේ ලබාදීමට මෙහි නිර්මාණයකරු වන රුවන් විජේරත්න මහතා සුදානමින් සිටි.. දිවයිනේ සියළුම පාසල් මෙමගින් ආවරණය වුවහොත් අධ්‍යාපන අමාත්‍යාංශයට ඔනෑම මොහොතක දිවයිනේ ඔනෑම පාසලක ගුරුවරයකු ,ශිෂ්‍යයකු පිළිබඳ ඕනෑම විස්තරයක් ඉතා කෙට් කාලයකින් ලබා ගැනිමේ හැකියාව මෙමඟින් ලැබේ.

මෙම අවස්ථාවට ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එස්.එච්. කේ. ජයලත් ,ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් සමරතුංග හේරත් ,සම්බන්ධිකරණ ලේකම් ආනන්ද රත්නායක, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තිළිණි අයෝමි පතිරණගේ , පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව් .සමරකෝන්, අනුරාධපුර කලාප අධ්‍යක්ෂ මහේෂී මංජරිකා ඇතුළු කලාප අධ්‍යක්ෂවරුන්,කොට්ඨාස අධ්‍යක්ෂවරුන් ,විදුහල්පතිවරුන් ,ගුරුවරුන් හා පාසල් දරු දැරියන් ඇතළු පිරිසක් එක්විය.

Address

North Central Provincial Council Anuradhapura
Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when Media Unit -NCP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media Unit -NCP:

Share