Slei News

Slei News නවතම පුවත් එසැණින් දැනගන්න සමිබන්ධ ව?

අභිනව 2023 වර්ෂය ශ්‍රී ලාංකීය සහ ලෝක වාසි ඔබ සැමට සාමය , සතුට , සෞභාග්‍යය සහ තම ස්වෝත්සහයෙන් අතමිට සරුවන සුබම සුබ නව වසර...
31/12/2022

අභිනව 2023 වර්ෂය ශ්‍රී ලාංකීය සහ ලෝක වාසි ඔබ සැමට සාමය , සතුට , සෞභාග්‍යය සහ තම ස්වෝත්සහයෙන් අතමිට සරුවන සුබම සුබ නව වසරක් වේවා!

May 2023 be the year of peace, happiness, prosperity and prosperity to all Sri Lankans and the world!

2023 ஆம் ஆண்டு அனைத்து இலங்கையர்களுக்கும் உலக மக்களுக்கும் அமைதி, மகிழ்ச்சி, செழிப்பு மற்றும் செழுமையின் ஆண்டாக அமையட்டும்!

සුනාමි ව්‍යසනය සිදුව අදට (26) වසර 18ක් සපිරෙනවා.2004 වසරේ සිදු වූ සුනාමි ව්‍යසනයෙන් මෙරට මුහුදුබඩ දිස්ත්‍රික්ක 14කට බලපෑ...
26/12/2022

සුනාමි ව්‍යසනය සිදුව අදට (26) වසර 18ක් සපිරෙනවා.

2004 වසරේ සිදු වූ සුනාමි ව්‍යසනයෙන් මෙරට මුහුදුබඩ දිස්ත්‍රික්ක 14කට බලපෑම් සිදු වු අතර මියගිය සංඛ්‍යාව 35000ක් පමණ වනවා.

මේ අතර සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සඳහා අද (26) පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වුවා..

ඒ වෙනුවෙන් දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් විවිධ වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිත අතර ප්‍රධාන උත්සවය ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියස දී පැවැත්වෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

එමෙන්ම ජාතික සුරක්ෂිත දිනය අදට (26) යෙදී තිබෙනවා.

දිස්ත්‍රික් මට්ටමින් විවිධ ආපදා නිසා මෙරට මියගිය සියලු‍දෙනා සිහිපත් කරමින්, ජාතික සුරක්ෂිතා දින වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සඳහා හෙට (26) පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්...
25/12/2022

සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සඳහා හෙට (26) පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාව දැනුම්දෙනවා.

මේ අතර ,ජාතික සුරක්ෂිත දිනය, හෙටට (26) යෙදී තිබෙනවා

ඒ වෙනුවෙන් හෙට (26) දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් විවිධ වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිත අතර ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියස දී පැවැත්වෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

දිස්ත්‍රික් මට්ටමින් විවිධ ආපදා නිසා මෙරට මියගිය සියලුදෙනා සිහිපත් කරමින්, ජාතික සුරක්ෂිත, දින වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසනවා.එහි අධ්‍...
25/12/2022

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේ ගංවතුර තත්ත්වයන්ට මුහුණ දී ඇති ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි.

එමෙන්ම ගමනාගමනය බාධා එල්ල වූ මාර්ගවල පස් කඳු සහ ගල් ඉවත් කරමින් පවතින බව ද ඔහු සඳහන් කළා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තවත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා...
25/12/2022

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තවත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා.

ඒ අනුව අද(25) දින ධාවනය වීමට නියමිතව තිබු කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස අවලංගු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එසේම බදුල්ල දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 07.30ට කොළඹ කොටුව බලා ධාවනය වන විශේෂ දුම්රිය ද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවලංගු කර තිබෙනවා.

එසේම අයහපත් කාලගුණ තත්ත්වය නිසා ජලයෙන් යටව තිබූ මහනුවර දුම්රිය ස්ථානය මේ වනවිට පවිත්‍ර කරමින් සිටින බවයි එම දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මීට අමතරව මහනුවර සහ මහයියාව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය වෙත පස් කඩා වැටීම නිසා එම මාර්ගයේ දුම්රිය ධාවනයටද බාධා එල්ල වුණා.

ගෙලිඔය දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගය ද ජලයෙන් යටව තිබුණේ පවතී වැසි තත්ත්වය හේතුවෙන්.

පවතින අධික වර්ෂා සහිත කාලගුණික තත්ත්වයත් හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතරකට නායයෑම් අවද...
25/12/2022

පවතින අධික වර්ෂා සහිත කාලගුණික තත්ත්වයත් හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතරකට නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අදාලවයි.

මෙම නිවේදනය අද (25) පෙරවරු 7.30 සිට හෙට (26) පෙරවරු 7.30 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබෙනවා.

එම දිස්ත්‍රික්කවල ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසු විය යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළා.

නත්තල් උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා පිටව යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තම...
22/12/2022

නත්තල් උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා පිටව යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය දුර ගමන් සේවා දුම්රියට අමතරවයි මෙම දුම්රිය ධාවනය වන්නේ.

ලබන සඳුදා එනම් දෙසැම්බර් 26 වැනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.ඒ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයු...
22/12/2022

ලබන සඳුදා එනම් දෙසැම්බර් 26 වැනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින්.

නත්තල් දිනය ඉරිදාට යෙදී තිබීම හේතුවෙන් ඊට අදාළ නිවාඩුව මෙලෙස සඳුදා දිනයේ ලබා දීමට කටයුතු කළ බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

නත්තල් දිනය දා (25) සුරාසැල් වසා තබන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරනවාහෝටල් සහ අවන්හල්වල මෙම දිනට මත්පැන් භාවිත කළ හැක...
21/12/2022

නත්තල් දිනය දා (25) සුරාසැල් වසා තබන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරනවා

හෝටල් සහ අවන්හල්වල මෙම දිනට මත්පැන් භාවිත කළ හැකි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Whatsapp සමාගම විසින් පරිශීලකයින් වෙත Whatsapp පණිවිඩ delete only me පහසුකම සඳහා යලි ආපසු හැරවීමේ(undo) කිරීමේ නව පහසුකම...
20/12/2022

Whatsapp සමාගම විසින් පරිශීලකයින් වෙත Whatsapp පණිවිඩ delete only me පහසුකම සඳහා යලි ආපසු හැරවීමේ(undo) කිරීමේ නව පහසුකමක් හඳුන්වා දී තිබෙනවා.

එමෙන්ම මෙම නව යාවත්කාලීන කිරීම මගින් Whatsapp සමූහවල admin වරුන්ට අනෙකුත් සාමාජිකයන් විසින් එවන ලද පණිවිඩ delete කිරීමේ පහසුකමද ලබාදී තිබෙනවා.

තවද disappearing messages පහසුකම යටතේ ඉවත්වූ පණිවිඩ නැවත ආපසු ලබාගැනීමේ පහසුකමක්ද මේ දිනවල අත්හදා බලමින් පවතින බවයි වාර්තා වන්නේ.

අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙ...
20/12/2022

අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 23 වනදායින් අවසන් කෙරෙනවා.

ශිෂ්‍යත්ව අපේක්ෂකයන් අදාළ අයදුම්පත්‍ර විදුහල්පති මගින් ලබාගෙන එය නිසි පරිදි සම්පූර්ණ කර ආදායම් තත්ත්වය පිළිබඳ ග්‍රාම නිලධාරී නිර්දේශය සහිතව 2022-12-23 වන දිනට පෙර විදුහල්පති වෙත භාරදීම විධිමත් ක්‍රමවේදය වන අතර එම අයදුම්පත්‍ර විදුහල්පතිවරු විසින් කලාප අධ්‍යාපන කාර්යාල හරහා ජනාධිපති කාර්යාලය වෙත භාර දීම සිදු කරනු ලබනවා.

නමුත් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් නොමැතිකම හේතුවෙන් අයදුම් පත් විශාල සංඛ්‍යාවක් සෘජුව ජනාධිපති අරමුදල වෙත ද යොමු කර තිබුනා.

එබැවින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ කටයුතු ප්‍රමාදයකින් තොරව විධිමත්ව ඉටුකර ගැනීම සඳහා එම අයදුම් පත් සෘජුව ජනාධිපති අරමුදල වෙත යොමු නොකොට, අදාළ විදුහල්පතිවරු වෙත භාරදෙන ලෙස සියලු ශිෂ්‍යත්ව අපේක්ෂකයින් වෙත දැනුම් දී සිටිනවා.

ශිෂ්‍යත්ව සුදුසුකම් ලැබීමට අයදුම්කරුවන්ගේ පවුලේ මාසික ආදායම රු. 75,000/- නොඉක්මවිය යුතු අතර රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක හෝ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් විය යුතුයි.

අයදුම්කරු 2021 (2022) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස(සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) හැදෑරීම සඳහා සම්පූර්ණ සුදුසුකම් ලැබ සිටිය යුතු වනවා.

එක් අධ්‍යාපන කලාපයකට හිමිවන ශිෂ්‍යත්ව ප්‍රමාණය 30ක් වන අතර, එලෙස තෝරා ගන්නා ශිෂ්‍යත්වලාභීන්ට අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටින තෙක් මසකට රු. 5,000.00 බැගින් මාස 24ක උපරිම කාලසීමාවක් සඳහා ශිෂ්‍යාධාරය පිරිනමනු ලැබෙනවා.

කන්කසන්තුරේ වරාය සහ ඉන්දියාවේ පොන්ඩිචෙරි අතර මගී යාත්‍රා සේවාවක් ලබන මාසයේ ආරම්භ කරන බව නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්...
18/12/2022

කන්කසන්තුරේ වරාය සහ ඉන්දියාවේ පොන්ඩිචෙරි අතර මගී යාත්‍රා සේවාවක් ලබන මාසයේ ආරම්භ කරන බව නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ ජනවාරි මස මැද භාගයේදී මෙම යාත්‍රා සේවාව ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Slei News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share