09/11/2025
ගරු විදුහල්පතිතුමාගේ සුභාශිංසන පණිවිඩය!
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින දයාබර දරුවන්ට සෙනෙහසින්...
පුරා වසර 13ක අග්‍ර ඵලය නෙලාගන්නට උත්සහ දරන දයාබර දරුවනේ, ඔබගේ මේ වසර 13ක අධ්‍යයන කාල සීමාව තුළ ඔබ කළ කැපවීම විශිෂ්ටයි. ඔබගේ මව්පියන් කළ කැපවීම විශිෂ්ටයි. ඔබගේ ගුරුවරුන් කළ කැපවීම විශිෂ්ටයි. ඒ සියලු කැපවීම් වල අවසානයේ ඔබ හෙට දින විභාගයට අසුන් ගනුයේ සුවහසක් බලාපොරොත්තු පොදි බැදගෙනයි.
ඒ සියලු බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා! උසස් පෙල කඩයිම සාර්ථක වේවා! සරසවි වරම් ලබන්නට හැකි වේවා! නමුදු ජීවිතය යනු විභාගය පමණක් නොවන බව ද සිහි තබාගන්න. ඔබට ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි! රත්නමාලී සෑ රදුන්ගේ පිහිටයි! ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාවයි! විභාගයට හොදින් මුහුණ දෙන්න.
S.M.K.B.කුසුම් තිලක්
(විදුහල්පති-අ/නිවත්තකචේතිය මහා විද්‍යාලය)