30/01/2024
🔰WONKA (2023)
🔰විලී වොන්කා
🔰FANTACY/MUSICAL
🔰ENGLISH
🔰7.2/10 IMDB
🔰SUBTITLE බුවනක නිර්මාණ (BAISCOPE.LK)
සුභ දවසක් හැමෝටම! ඔන්න මේ ලෑස්ති වෙන්නේ කෙල බේරෙන චිත්‍රපටියක් බලන්නයි. කෝකටත් කියලා මම චිත්‍රපටියේ පසුබිම ගැන පොඩි විස්තරයක් කරන්නම්.
විලී වොන්කගේ අරුම පුදුම චොක්ලට් කම්හල ගැන මුලින්ම චිත්‍රපටියක් නිකුත් වෙන්නේ 1971 වර්ශයෙදී. ඒ W***y Wonka And The Chocolate Factory නමින්. කතාවෙ ප්‍රධාන චරිතය විලී වොන්කා උනත් වැඩි අවදානයක් දීලා තිබුණේ චාලි බකට් කියන දරුවට. Mel Stuartගේ අධ්‍යක්ෂණයෙන් යුක්ත වෙච්ච ඒ චිත්‍රපටියේ Gene Wilder, Peter Ostrum, Paris Themmen කියන නළු නිලියෝ රංඟනයෙන් දායක වෙලා තියෙනවා. ඒවගේම ඩොලර් මිලියන 4ක BOX OFFICE ආදායමක් ලබාගෙන තියෙනවා. සම්මාන අතින් ගත්තොත් හොඳම සංගීතකරණය වෙනුවෙන් සහ හොඳම ප්‍රහසන, සංගීතමය නළුවාට හිමි සම්මානයත් මෙම චිත්‍රපටය ලබාගෙන තියෙනවා. ඒ නිසාම අතිශය ජනප්‍රියත්වයක් චිත්‍රපටියට හිමිවෙලා තියෙනවා.
ඉතින් අවුරුදු 35කට විතර පස්සේ charlie and the Chocolate Factory නමින් ජොනී ඩෙප් රංගනයෙන් දායක වෙන චිත්‍රපටියක් 2005දී නිකුත් වෙනවා. ඒක අපි හැමෝම බලලා තියෙන මතකයේ රැඳුණු සුන්දර චිත්‍රපටියක්. Helena Bonham, Freddie Highmore, AnnaSophia Robb වගේ තවත් නළු නිලියන් රංගනයෙන් දායක උන මේ චිත්‍රපටියත් BOX OFFICE ආදායම අතින් ඩොලර් මිලියන 475ක ලොකු ප්‍රමාණයක් ලබන්න සමත් වුණා. සම්මාන අතින් ගත්තොත් 25කට වැඩි ගාණක් ලබන්නත් සමත් වෙලා තියෙනවා.
මේ විදියට විලී වොන්කා සහ චොක්ලට් ෆැක්ටරියේ මතකය වියැකී යන්න නොදී බේරගැනීමේ උත්සාහයක් Paul King අධ්‍යක්ෂකවරයා විසින් අරගන්නවා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ වොන්කා චිත්‍රපටිය. විලී වොන්කගේ චරිතය පාදක කරගෙන නිර්මාණය උන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය Timothée Chalamet විසින් රඟදක්වනවා. ඒ වගේම අපි කවුරුත් ආදරය කරන මිස්ටර් බීන්ගේ චරිතයට පණ පොවපු Rowan Atkinson මේ චිත්‍රපටියට රංඟනයෙන් දායක වෙනවා. ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Fantasy/Musical ගණයටයි.
ඉහළ දකුණු පසේ ඉඳන් වමට පිළිවෙලින් 1971, 2005 සහ 2023 වර්ශයන් වල වොන්කා චරිතය දැක්වෙනවා. කාලයක් තිස්සේ විලී වොන්කා කියන මාතෘකාව ගැන හුඟක් ෆෑන් තියරීස් එහෙමත් නැත්නම් ප්‍රේක්ෂකයන්ගේ මත ඉදිරිපත් වෙලා තිබ්බා. ඒ අතරින් එක මතයක් වුණේ විලී වොන්කා කියන්නේ ළමා දාම ඝාතකයෙක් කියන කතන්දරය. හැබැයි ඒක අමූලික බොරුවක් බව මේ චිත්‍රපටයෙන් පෙන්නුම් කරලා තියෙනවා. චිත්‍රපටියේ කතාව ගත්තොත්: කතාව පටන් ගන්නේ වොන්කගේ චොක්ලට් කම්හල ආරම්භ වෙන්න කලින් සිද්ධ වෙන සිදුවීම් දාමයෙනුයි. විලී වොන්කා කියන තරුණයා තමන්ගේ පුංචි හීනය වෙන චොක්ලට් කඩයක් විවෘත කරගන්න ගැලරීස් ගෝමට් වලට පිය නගනවා. හැබැයි එහෙදි එයාට නොහිතපු විදියෙ සිදුවීම් සිද්ධ වෙනවා. එයාට ප්‍රතිවාදියෝ මුණගැහෙනවා. කතාව ගැන මෙතනින් එහාට මොකුත් කියන්නේ නැහැ.හැමෝම ෆිල්ම් එක රසවිදින්න ඒනම්!
🔰ඔබට SINHALA SUBTITLE සමග FILM නැරඹීමට නොහැකි නම් හෝ FILM නොපෙන්වන්නේ නම් ඔබ FILM UPLOAD GROUP එකට JOIN වී නොමැති බැවින් පහත LINK එකෙම් සමූහයට JOIN වී MODERATOR ලබා ගන්න
🔰GROUP LINK👇
https://www.facebook.com/groups/740247247977630/?ref=share_group_link
🔰MOVIE LINK👇
https://m.facebook.com/events/1313272252697145?view=permalink&id=1313281659362871&mibextid=v7YzmG